ශිෂ්‍යයකුගේ හිතුවක්කාරකමකින් බිහි වූ රග්බි

5මේ දිනවල එංගලන්තයේදී පැවැත්වෙන රග්බි ලෝක කුසලානය කෙරෙහි කී‍්‍රඩා ලෝලී කාගේත් අවධානය යොමුව පවතී. ලංකාවේ බොහෝ දෙනෙක්ට එතරම්ම අවබෝධයක් නොමැති රග්බි කී‍්‍රඩාව ඇතැමුන් හඳුන්වන්නේ ‘තාජුඞීන්’ නමැති මහමඟ මරාදැමුණු කී‍්‍රඩකයා නිරත වුණු කී‍්‍රඩාව ලෙසයි. එසේ නොමැති නම් ජනාධිපති පුතුන්ගේ කී‍්‍රඩාව ලෙසය. ලංකාවේ පාසල්වලද රග්බි කී‍්‍රඩාව දක්නට ලැබෙන්නේ අගනුවර සහ මහනුවරට සීමා වූ පාසල් කිහිපයක කී‍්‍රඩාවක් ලෙසය.

රග්බි කී‍්‍රඩාව බිහිවීමටත් පෙර එංගලන්තයේ වර්වික්ෂයර්හි රග්බි පාසල නමින් පාසලක් පැවැතුණි. 1823දී මෙම පාසලේ පැවැති පාපන්දු තරගයකදී විලියම් වෙබ් එලීස් නමැති පූජකවරය සඳහා ඉගෙනුම ලබමින් සිටි ශිෂ්‍යයෙක් පන්දුව අතින් රැුගෙන ප‍්‍රතිවාදී සීමාව කරා දිවයමින් හිතුවක්කාරකමක නිරත විය. එම සිදුවීමෙන් පසු මෙම පාසල තුළ පන්දුව අතින් රැුගෙන දුව යන කී‍්‍රඩාව ජනපි‍්‍රය විය. පාසලේ නම රග්බි නිසා එම පාසලෙන් බිහි වූ මෙම කී‍්‍රඩාව රග්බි පාපන්දු ලෙස ප‍්‍රසිද්ධ විය. ලෝක ඉතිහාසයේ ගී‍්‍රක හා රෝම යුගවලදීද පන්දුව භාවිත කරමින් නිරත වුණු කී‍්‍රඩා පැවැති බව කියැවේ.

1871දී උතුරු රග්බි පාපන්දු සමාජය එංගලන්තය තුළ ඇරඹිණි. මෙම කී‍්‍රඩා සමාජය පසුකාලයේදී රග්බි ලීගය හා රග්බි සංගමය ලෙස කොටස් දෙකකට බෙදුණු අතර ඊට සමගාමීව මෙම ආයතන දෙක විසින් පැවැත්වූ රග්බි කී‍්‍රඩාවේද ප‍්‍රභේද දෙකක් බිහිවිය. රග්බි ලීග් තරග සඳහා කී‍්‍රඩකයන් 13 දෙනකු කී‍්‍රඩා කරන අතර රග්බි සංගම් තරග සඳහා කී‍්‍රඩකයන් 15 දෙනකු කී‍්‍රඩා කරයි. රග්බි ලීග් තරගවලදී ප‍්‍රතිවාදී කී‍්‍රඩකයන්ව වැළැක්වීමේදී සාපේක්ෂ සීමාකම් අඩුය. එහෙත් රග්බි සංගම් තරගවලදී ප‍්‍රතිවාදී කී‍්‍රඩකයකු වැළැක්වීමේදී ආරක්ෂාකාරීත්වය වැඩිය. 1871දී එංගලන්තය හා ස්කොට්ලන්තය අතර පළමු ජාත්‍යන්තර රග්බි තරගය පැවැත්විණි. 1883දී එංගලන්තය, ස්කොට්ලන්තය හා වේල්සය අතර දේශීය තරගාවලියක් ඇරඹිණි.

යටත්විජිතකරණයත්  බි‍්‍රතාන්‍යයන්ගේ ආගමනයත් සමඟ  ඕස්ටේ‍්‍රලියාව, නවසීලන්තය, පැසිෆික් ¥පත්, අමෙරිකානු මහාද්වීපය, අපි‍්‍රකාව හා ආසියාවටද රග්බි පැමිණියේය. 1954දී පළමු රග්බි ලීග් ලෝක කුසලානය පැරිස් නුවරදී පැවැති අතර එහිදී ප‍්‍රංශය පරදා එංගලන්තය ජයග‍්‍රාහකයන් විය.  ඕස්ටේ‍්‍රලියාව හා නවසීලන්තයද මෙම තරගාවලියට සහභාගී විය. 1987දී පළමු රග්බි සංගම් ලෝක කුසලානය  ඕස්ටේ‍්‍රලියාවේ හා නවසීලන්තයේ සත්කාරකත්වයෙන් පැවැත්විණි. ජාත්‍යන්තර රග්බි පාපන්දු සංගමයේ ප‍්‍රමුඛ සාමාජික රටවල් හතක් මේ සඳහා සුදුසුකම් ලැබූ අතර අමතරව ආරාධිත රටවල් නවයක්ද සමඟ රටවල් 16ක් තරග වැදුණි. සෝවියට් සංගමයටද ආරාධනා කළ නමුත් දකුණු අපි‍්‍රකාව ලෝක රග්බි සංගමයේ සාමාජිකයකු ලෙස තබාගැනීමට විරෝධය පළකරමින් ඔවුන් ආරාධනය ප‍්‍රතික්ෂේප කරන ලදී.  දකුණු අපි‍්‍රකාව ලෝක රග්බි සංගමයේ සාමාජික රටක් වුවද එහි පැවැති වර්ණභේදවාදී ප‍්‍රතිපත්තිය නිසා අවසානයේදී ඔවුන්ව තරගාවලියට සහභාගී කර නොගැනුණි. නවසීලන්තය අවසන් තරගය 29-9ක් ලෙස ප‍්‍රංශය පරදා ලෝක ශූරයන් විය.

රග්බි කී‍්‍රඩාව හඳුන්වා දුන් විලියම් වෙබ් එලීස් කුසලානය නමින් මේ දිනවල පැවැත් වෙන්නේ 87 ඇරඹි රග්බි සංගම් ලෝක කුසලානයයි. වසර 4කට වරක් පැවැත්වෙන මෙම තරගාවලිය 91දී  ඕස්ටේ‍්‍රලියාවද 95දී දකුණු අපි‍්‍රකාවද 99දී  ඕස්ටේ‍්‍රලියාවද 2003දී එංගලන්තයද 2007දී දකුණු අපි‍්‍රකාවද 2011දී නවසීලන්තයද ජයගනු ලැබීය. මෙතෙක් පැවැති තරගාවලි හතේදී වැඩිම ලකුණු රැුස් කළ කී‍්‍රඩකයා වන්නේ එංගලන්තයේ හිටපු නායක ජොනී විල්කින්සන්ය. ලකුණු 277ක් රැුස් කළ විල්කින්සන් 2013 අවසන් තරගයේදී අතිරේක කාලය වන විටත් දෙපිලම සම ලකුණු ලබාසිටියදී ලබාගත් ඩ්‍රොප් ගෝලය මඟින්  ඕස්ටේ‍්‍රලියාව පරදා එංගලන්තය දිනවමින් අමරණීය මතක සටහනක් තැබීය. මෙතෙක් පැවැති තරගාවලිවලදී වැඩිම උත්සාහක දිනුම් ලබාගෙන ඇත්තේ නවසීලන්තයේ හිටපු ජවසම්පන්න වින්ගර් කී‍්‍රඩක ජෝනා ලෝමු විසිනි. ඔහු ලබාගත් උත්සාහක දිනුම් 15 පසුකර යාමට මෙවර දකුණු අපි‍්‍රකාවේ ෆ‍්‍රෑන්ක් හබානාට තවත් උත්සාහක දිනුම් තුනක් අවශ්‍යව ඇත.

1987දී කණ්ඩායම් 16ක් සහභාගී වුවද පසුව කණ්ඩායම් 20ක් ලෝක කුසලානය සඳහා තෝරා ගැනුණි. මෙම කණ්ඩායම් 20 කාණ්ඩ හතරකට බෙදා පළමු වටයේ තරග පැවැත්වේ. පළමු වටයේ මුල් ස්ථාන තුන දිනාගත් කණ්ඩායම් ඊළඟ ලෝක කුසලානයට එක එල්ලේ සුදුසුකම් ලබයි. එසේ තේරෙන කණ්ඩායම් 12ට අමතරව ඉතිරි කණ්ඩායම් 8 තෝරාගනු ලබන්නේ රටවල් 83ක මහාද්වීප අනුව පැවැත්වෙන සුදුසුකම් ලැබීමේ තරගවලින් ඉදිරියට එන කණ්ඩායම් අතුරිනි. ආසියාවෙන් බොහෝ විට සුදුසුකම් ලබන එකම කණ්ඩායම වන ජපානය 2019 මීළඟ ලෝක කුසලානයේ සත්කාරකත්වයද හිමිකර ගෙන තිබේ. ලෝක ශ්‍රේණිගත කිරීම්වලදී ලංකාව ඉන්දියාවට වඩා ඉදිරියෙන් සිටියද ආසියානු මට්ටමේදී ජපානය, දකුණු කොරියාව, හොංකොං වැනි රටවලට වඩා පසුපසින් සිටී.

මෙවර ලෝක කුසලානයේ මුළු වියදම ඩොලර් මිලියන 400කට වඩා වැඩිය. සත්කාරක එංගලන්තය මෙවර පළමු වටයෙන්ම තරගාවලියෙන් ඉවත්වීමත් සමඟ එරට ආර්ථිකයට හිමිවීමට තිබූ ඩොලර් බිලියන 8ක් අහිමිවන බව එරට මාධ්‍ය පසුගිය දා වාර්තා කර තිබුණි. ඔවුන් අපේක්ෂා කර සිටි ආර්ථික ප‍්‍රතිලාභය කෙතරම් දැයි මෙමඟින් හෙළිදරව් වේ. බ‍්‍රසීලයේ පැවැති පාපන්දු ලෝක කුසලානයේ ටිකට් පතක සාමාන්‍ය මිලට වඩා එංගලන්තය මෙවර අයකරන මිල 10%කින් පමණ වැඩිය. ටිකට් පතක සාමාන්‍ය මිල ඩොලර් 104කි. අවසන් තරගයේ අඩුම ටිකට් පතක මිල ඩොලර් 1195කි. මිලියන 2.2ක පේ‍්‍රක්ෂකයන් මෙවර තරග නැරඹීමට පැමිණෙතැයි අපේක්ෂා කෙරේ. එංගලන්තයට පැමිණෙතැයි අපේක්ෂිත විදෙස් පේ්‍්‍රක්ෂකයන් ගණන ලක්ෂ 4.5කි. ලොව පුරා බිලියන හතරකට වඩා ජනතාව රූපවාහිනියෙන් තරග නරඹති.

ගියවර ප‍්‍රංශය පරදා 2011 ලෝක කුසලානය දිනූ නවසීලන්තය  කී‍්‍රඩකයකුට ඩොලර් ලක්ෂය බැගින් ගෙවීය. මෙවරද ඉදිරිපෙළ කණ්ඩායම් කිහිපයකම කී‍්‍රඩකයන්ට ලංසු තබා ඇත. තරගාවලිය ජයගතහොත් කී‍්‍රඩකයෙක්ට ඩොලර් ලක්ෂ 3.5 බැගින් එංගලන්තයද ඩොලර් ලක්ෂ 2.5 බැගින්  ඕස්ටේ‍්‍රලියාව හා නවසීලන්තයද ඩොලර් ලක්ෂ 1.5 බැගින් දකුණු අපි‍්‍රකාවද ලබාදෙන බවට ලංසු තබා තිබේ. මෙම දත්ත අනුව බලද්දී රග්බි යනු කී‍්‍රඩකයන් දෙපිලක් පන්දුවකට කරන පොරකෑමක් පමණක් නොවන බව ප‍්‍රත්‍යක්ෂ වේ.

සොහාන් ප‍්‍රනාන්දු