මාලඹේ උපාධි කඬේට ආණ්ඩුව දණ නමයි

SAITMශ‍්‍රී ලංකා වෛද්‍ය සභාව මාලඹේ පිහිටි ී්ෂඔඵ ආයතනය මඟින් බිහිකරන වෛද්‍ය සිසුන් පිළිනොගන්නා බව පැහැදිලිවම දන්වා ඇති අතර, එය දස දෙනකුගෙන් යුත් නිරීක්ෂණ කණ්ඩායමක අත්සන් 10කින් ඒකමතිකව තීරණය වූවකි. මෙම තීරණය වෛද්‍ය සභාව මඟින් ජනාධිපතිවරයාට, අගමැතිවරයාට මෙන්ම සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම්වරයාටද ලිඛිතව දැනුම් දී ඇත. අවශ්‍ය පහසුකම් නොමැති වීම, සියලූම අංශ සඳහා  සායනික පුහුණුව නිසි ආකාරයෙන් නොමැති වීම යන කරුණු මත එම උපාධිය පිළිනොගැනීමේ තීරණයට එළඹ තිබේ.

ී්ෂඔඵ ආයතනය වෙනුවෙන් රජයේ ආයතනයකින් මෙවැනි තීරණයක් ගත් දෙවැනි අවස්ථාව මෙය වේ. මෙම වෛද්‍ය විද්‍යාලයේ අර්බුදය ගැන සොයා බැලීමට 2011දී පත්කළ පංච පුද්ගල කමිටු වාර්තාවද මෙයට දෙවැනි නොවේ. එහිදී පංච පුද්ගල කමිටුව පත් කළේ එවකට සෞඛ්‍ය ඇමැතිව සිටි වර්තමාන ජනාධිපතිවරයාය. එම කමිටුවේ ප‍්‍රධානියා වූ හිටපු සෞඛ්‍ය ලේකම් වෛද්‍ය රවීන්ද්‍ර රුබේරු, හිටපු නියෝජ්‍ය සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය එච්. ආර්. එම්. ඉන්ද්‍රසිරි, පශ්චාත් උපාධි ආයතනයේ අධ්‍යක්ෂ මහාචාර්ය ජයන්ත ජයවර්ධන, ලෝක සෞඛ්‍ය සංවිධානයේ හිටපු අධ්‍යක්ෂ හා වර්තමානයේ ශ‍්‍රී ලංකා වෛද්‍ය සංගමයේ සභාපති පාලිත අබේකෝන් සහ නීති නිලධාරිනී ඒ ආර් අහමඞ් යන සෞඛ්‍ය ක්ෂේත‍්‍රයේ ක‍්‍රියාකාරිකයන් පස්දෙනකු විසින් මෙම වාර්තාව ඉදිරිපත් කර තිබුණි.

2011 අගෝස්තු මාසයේ මෙම ආයතනයට උපාධි ප‍්‍රධානය කිරීමේ බලය පැවරීමේ ගැසට් පත‍්‍රයට  විරුද්ධව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය කළ බලපෑම මත ඉහත සඳහන් පංච පුද්ගල කමිටු වාර්තාව එළිදැක්වුණි. ඒ අනුව එවකට කුමන ආකාරයේවත් රෝහලක් නොමැතිව මෙම වෛද්‍ය විද්‍යාලයට උපාධි පිරිනැමීමේ සුදුසුකම ලබාදීමට එස්. බී. දිසානායක ඇමැතිවරයා නිකුත් කළ ගැසට් පත‍්‍රය අපරිණත හා නිරීක්ෂණ කණ්ඩායමේ නිර්දේශවලට පටහැණි බව මෙම පංච පුද්ගල කමිටු වාර්තාවෙන් ප‍්‍රකාශ කිරීමට පසුබට නොවිණි.

මෙහිදී ඇමැතිවරයා විශ්වවිද්‍යාල ප‍්‍රතිපාදන කොමිෂන් සභාවේ නිරීක්ෂණයන්ටද පිටුපා තිබුණි. එනම් මෙම ආයතනය නිරීක්ෂණය කිරීමට විශ්වවිද්‍යාල ප‍්‍රතිපාදන කොමිෂන් සභාවේ සාමාජිකයන් සහභාගී වූ අතර එවකට තිබූ නුසුදුසුකම් හා අඩුපාඩු මඟහරවා මෙම විශ්වවිද්‍යාලයට උපාධි පිරිනැමීමේ අයිතිය ලබාදීම ගැන සලකා බැලීම මාස 6ක කාලයක් ගත වූ පසුව කළ යුතු බව ප‍්‍රතිපාදන කොමිසම උසස් අධ්‍යාපන අමාත්‍යාංශයට වාර්තා කළේය. ඒ 2011 ජූලි මාසයේය. නමුත් එම නිර්දේශ පවා තුට්ටුවකට මායිම් නොකළ ඇමැතිවරයා 2011 අගෝස්තුවේදී ඉහත ගැසට් පත‍්‍රය නිකුත් කරන ලදී. ඒ, එස්.බී. ඇමැතිවරයාට පෞද්ගලික විශ්වවිද්‍යාල කෙසේ හෝ නීතිගත කිරීමට තිබූ ආශාව නිසාය. සැබැවින්ම ඒ එස්.බී.ගේ පමණක් නොව ලංකාවේ මෙතෙක් සිටි පාලකයන්ගේ ප‍්‍රතිපත්තියයි.

කෙසේ නමුත් වෛද්‍ය සභාවේ නිර්දේශය ගැනීමට මෙම ආයතනයට හැකි වූයේ නැත. නමුත් මෙම වංචාවට විරුද්ධ වූවන්ට සාප කරමින් ඔවුන් අපායේ ගිනිගෙන දැවී යා යුතු බව ප‍්‍රසිද්ධ පුවත්පත් හරහා මෙහි ප‍්‍රධානියා පවසන්නේ වෙන විකල්පයක් නොමැති බැවිනි. නමුත් ඒ සැබෑ වෛද්‍යවරුන්ගේ ක‍්‍රමය නොවේ. තව නොබෝ දිනකින් ඔහු වෛද්‍ය ආඥාපනතේ නිර්මාතෘවරයාටද සාප කිරීමට පෙලඹුන හොත් එහි පුදුමයක් නැත. බොරුවෙන් උපන් බොරුවෙන් පස්ස බිම ඇනගත් අවස්ථාවන් ඇත්නම් ී්ෂඔඵ ආයතනයත් ඊට හොඳ නිදසුනකි.

2009 මැයි මස 10 වැනි දින පුවත්පත් දැන්වීමක් පළ කරන්නේ මෙම ආයතනයට ශ‍්‍රී ලංකා වෛද්‍ය සභාවේ අනුමැතිය ඇති බව පවසමිනි. එම බොරුව තවත් ආටෝප කිරීමට එක්සත් රාජධානියේ වෛද්‍ය සභවේ අනුමැතියද ඇති බව සඳහන් කළේය. එයින් නොනැවතුණු මෙම බලධාරීන් ‘නොබෝ දිනකින්’ වෛද්‍ය සභාව මෙම ආයතනය නිරීක්ෂණය කිරීමට පැමිණෙන බව පොල්ගෙඩි අකුරින් සඳහන් කරමින් දෙවැනි පුවත්පත් දැන්වීම 2009-08-28 වැනි දින ඉරිදා ඔබ්සර්වර් පුවත්පතේ පළ කරන ලදී. එහෙත් වෛද්‍ය සභාව හාපුරා කියා ී්ෂඔඵ ආයතනයේ පස්පෑගුවේ අවුරුදු 6කට පසුවය. මොවුන් ‘නොබෝ දිනකින්’ යැයි පවසා ඇත්තේ මෙවැනි දීර්ඝ කාලයකටය. රෝගීන්ට අදාළව මෙය ඉතා භයානක තත්වයකි. මන්දයත් මෙම ආයතනයේ රෝහල් බලධාරීන්ගේ වරදින් මිය ගිය ඩෙංගු රෝගියකු වූ කවීශගේ මවටද මොවුන් පවසා ඇත්තේ ‘නොබෝ දිනකින්’ ඔහු සුවපත් වී නිවසට රැුගෙන යා හැකි බවකි.

මෙසේ අසත්‍ය දැන්වීම් පළකරමින් ජනතාව මුළා කළ මෙම බලධාරීන් විසින් ආයෝජන මණ්ඩලය (ඊධෂ* රවටන ලද ආකාරය පංච පුද්ගල කමිටුව හොඳින් නිරීක්ෂණය කර තිබුණි. එපමණක්ද? නැත. ශ‍්‍රී ලංකා වෛද්‍ය සභාවේ  නම පාවා දී සිසුන් ගොනාට ඇන්ද වූ  මොවුන් ලංකාවෙන් ඔබ්බට ගොස් රුසියාවටද කොකා පෙන්වා ‘නිෂ්නි’ ආයතනයේ නමද පාවා දී ඇත. මෙම ආයතනනයට කවුරුන් හෝ මුළා නොකොට කිසිම දෙයක් කළ නොහැකිය. ‘නෙවිල් ප‍්‍රනාන්දු ශික්ෂණ රෝහල’ ආරම්භය පසක් කරවූයේ එයයි. පෙර දිනක මේ ගැන විමසා බැලූ වාර්තාකරුවකුට නෙවිල් ප‍්‍රනාන්දු දොස්තර පවසා සිටියේ ‘වෛද්‍ය සිසුන්ට උගන්වන නිසා මේක ශික්ෂණ රෝහලක් තමයි’ යනුවෙනි. මේ අනුව රජයේ සේවකයෙක් මෙම රෝහලෙන් ප‍්‍රතිකාර ගතහොත් අනාගතයේ මෙම රෝහලේ නම ‘රජයේ රෝහලක්’ ලෙස වෙනස් වනු ඇතැයිද යමකුට කිව හැක.

වෛද්‍ය සිසුන් 846කට මේ මේ පහසුකම් තිබේයැයි කියාගෙන යන අතර වාර්තාවේ තවත් තැනක සියලූම පීඨවල සිසුන් 2000කට අධික සංඛ්‍යාවක් ඇති බව පවසා ඇත. ඒ අනුව මේ වෛද්‍ය සිසුන් 846ට පෙන්වා ඇති පහසුකම් මෙම ආයතනයේ ඉගෙනුම ලබන සිසුන් 2000 අතරේ බෙදී යන බවත් එම නිසා සිසුන් සඳහා ආසන පහසුකම්වත් නොමැති බව මනාව ඔප්පු වී ඇත.

දේශන ශාලාවල ඇති ආසන පහසුකම්වලට වඩා සිසුන් වැඩි බව වසන් කිරීමට කොහෙත්ම බැරි වූ තැන මෙම වංචනිකයන් පෙන්වා ඇත්තේ ශ‍්‍රවණාගාරයද දේශන සඳහා යොදා ගන්නා බවකි. 2010දී ඉදිකරන ලද ආසන 542ක් ඇති මෙම ශ‍්‍රවණාගාරය කිසිදු දේශන කටයුත්තක් සඳහා මෙතෙක් යොදාගෙන නොමැත. මෙම ආයතනය සතුව අංග සම්පූර්ණ යමක් ඇත්නම් ඒ මෙම ශ‍්‍රවණාගාරය පමණි. ඒ සිසුන්ගේ සුභසිද්ධිය සඳහා නම් නොවේ. වායුසමීකරණය කරන ලද සුඛෝපභෝගී මෙම ශ‍්‍රවණාගාරයේ දොර විවෘත වන්නේ පැයකට රුපියල් 25,000ක මුදලක් අයකරන මීටරයේ බොත්තම ක‍්‍රියාත්මක වීමත් සමඟය. ී්ෂඔඵ ආයතනය අවට ඇති අනෙකුත් සියලූම ආයතන සඳහා පැය ගණනට හෝ දින ගණනට මෙම ශ‍්‍රවණාගාරය බද්දට ගත හැකිය. කරුණු මෙසේ තිබියදී දේශන සඳහා ආසන පහසුකම් යටතේ මෙම ශ‍්‍රවණාගාරය ඇතුළත් කර ඇත්තේ අත්වැරදීමකින් විය හැකිද?

2013-09-26 වැනි දින නිකුත් කළ දෙවැනි ගැසට් පත‍්‍රය සඳහා මෙම ආයතනය විසින් විශ්වවිද්‍යාල ප‍්‍රතිපාදන කොමිසමට යවා ඇති වාර්තාවට අනුව 2012 වන විට මෙම ආයතනයේ වෛද්‍ය සිසුන් 938ක් සිට ඇති අතර ඉන් 183ක් මෙම ආයතනය

හැරගිය බව සඳහන් කර ඇති අතර ඉන්පසු සිටින සිසුන් සංඛ්‍යාව 775ක් බව පෙන්වා දෙයි. නමුත් 2015දී ඉදිරිපත් වූ වාර්තාව අනුව වෛද්‍ය සිසුන් 846ක් සිටින බව වාර්තා විය. එවිට වසර 3කට වැඩි වී ඇත්තේ සිසුන් 91 දෙනෙකි. සැබැවින්ම මෙහි සිටින මුළු සිසුන් ගණන පවා දන්නා කෙනෙක් නැත.

2011දී එවකට සෞඛ්‍ය ඇමැති වත්මන් ජනාධිපතිවරයා පත් කළ පංච පුද්ගල කමිටු වාර්තාව පිට වූවත් ී්ෂඔඵ ආයනයේ වැඩ නතර වූයේ නැත. කිසිදු චකිතයකින් තොරව පුවත්පත් දැන්වීම් දමමින් සිසුන් ගොඩගසා ගත්තේය. ඒ අයුරින් පසුගිය දා වෛද්‍ය සභාවේ අනුමැතිය නොදෙන බව පවසා නිල ප‍්‍රකාශය නිකුත් වී තිබියදීත් ඊට දින කිහිපයට පසු එනම් සැප්තැම්බර් 14 වැනි දින සිසුන් 42ක් බඳවා ගත් අතර මේ මස 12 වැනි දින වන විට තවත් සිසුන් 60ක් බඳවාගැනීමට සියලූ කටයුතු සූදානම් කරමින් පවතී. එවිට 13 වැනි කණ්ඩායම සිසුන් 100කට ආසන්න ප‍්‍රමාණයක් වනු ඇත.

මෙලෙස මෙම ආයතනයෙන් කරන ලද වංචාව නිසාම මෙම ආයතනයේම සිසුන් විසින් දමන ලද ආයතනය තමන් රැුවටූ බවට වන නඩු හතරක් මේ වන විට කඩුවෙල උසාවියේ විභාගවෙමින් පවතී.

නමුත් ආයතනය දිගින් දිගටම තම බොරුව නවතන්නේ නැත. ඒ අනුව හිටපු සෞඛ්‍ය ඇමැති මෛත‍්‍රීපාල සිරිසේන මීට අනුමැතිය දී ඇති බව ප‍්‍රකාශ කළත් තමන් ලිඛිතව හෝ වාචිකව එවැනි ප‍්‍රකාශයක් නිකුත්කර නැති බවට ඔහු විසින් කඩුවෙල උසාවියට පිළිතුරු ලිපියක්ද ලබා දී ඇත.

කරුණු මෙසේ තිබියදී ී්ෂඔඵ බලධාරීන් සහ සමහර මව්පියන් නීතියේ සිදුරු සොයමින් දහස් ගණනින් මුදල් වියදම් කරමින් පත්තර පිටු පුරවමින්ද රූපවාහිනී නාළිකා තුළ බොරු වපුරමින්ද සිටී. හිටපු සෞඛ්‍ය ඇමැති රාජිත සේනාරත්න මෙම ආයතනය සම්බන්ධව තීරණයක් ගත්තේ නැත. මේ අතර ඔහු ආයතනයේ හිමිකරුගේ හිතවතකුද වන බව කියැවේ.

සැබැවින්ම මෙහිදී අසාධාරණයට පත්වූ සිසුන්ට මෙම ආයතනය කෙදිනකවත් වග කියන්නේ නැත. නමුත් ඒ වෙනුවෙන් වගවීමක් තිබිය යුතු බව කාටත් පැහැදිලිය. එය බලාපොරොත්තු විය යුත්තේ රජයෙනි. රජය ඒ සඳහා විකල්පයක් සෙවීමට මැදිහත් විය යුතුය. අවැසි නම් ඒ සඳහා උදාහරණ උතුරු කොළඹ පෞද්ගලික වෛද්‍ය විද්‍යලයේ අත්දැකීමෙන්ද ගත හැක. අවශ්‍යතාව ඇත්නම් තවත් එවැනි විකල්ප කොතෙකුත් සාදා ගැනීමට ආණ්ඩුවකට පිළිවන. ඒ වෙනුවට මේ සිසුන් පිට දමා මෙකී වංචාව තවදුරටත් කරගෙන යාමටත් ඒ හරහා මුදල් ගැරීමටත් අවස්ථාව සලසා දේ නම් එය විශාල වැරැද්දකි.

නිශාන්ත බණ්ඩාර