පුහුණුකරු අද තෝරා හෙට ගෙදර යවන ‘ජාතික ක‍්‍රීඩාව’

Volleyballback ඕනෑම ක‍්‍රීඩාවක පුහුණුකරුවකු සතුව විශේෂ කාර්යභාරයක් පවතී. විශේෂයෙන් පුහුණුකරුවා සිතන මතන ආකාරයත් ඉදිරියේදී නිර්මාණාත්මකව ක‍්‍රියාත්මක වන ආකාරයත් ඒ වෙනුවෙන් ගනු ලබන ප‍්‍රායෝගික ක‍්‍රියාකාරකම්වල හැඩ තලයත් නිශ්චිත කාර්යභාරයකට මාවත සකස් කරයි. පුහුණුකරුවා විසින්  ඕනෑම තලයක ක‍්‍රීඩාවක් වෙනුවෙන් කරනු ලබන මැදිහත්වීම තීරණාත්මක කාර්යභාරයකි. ඒ සඳහා සුදුසු වටපිටාවක් සහ නිදහසක් ඔහු වෙත තිබිය යුතුය.

ඉදිරියේදී පැවැත්වීමට නියමිත දකුණු ආසියානු ක‍්‍රීඩා උළෙලේ වොලිබෝල් ඉසව්ව සඳහා ඉදිරිපත් කරනු ලබන පිරිමි වොලිබෝල් කණ්ඩායම සඳහා පුහුණුකරුවකු පසුගිය දිනක පත් කර ගැනුණි. කෙසේවෙතත් එම සිදුවීම අතිශයින්ම විවාදයන්ට තුඩු දී තිබුණි. මේ පිළිබඳ ක‍්‍රීඩා ඇමැතිවරයාද මැදිහත්ව ඇති බව මාධ්‍ය වාර්තා ම`ගින් හෙළි කෙරිණි. මෙම තනතුර සඳහා යම් තේරීමේ ක‍්‍රමවේදයක් අනුගමනය කර තිබුණත් එයින් තෝරා ඇත්තේ අදාළ  තනතුර ලැබිය යුත්තා නොවන බව පසුව තීරණය විය.

වොලිබෝල් පුහුණුකරු තේරීමේ ලකුණු ක‍්‍රමයක් අනුගමනය කර ඇති බවත් අදාළ ලකුණු ක‍්‍රමය ඔස්සේ ජාතික අවශ්‍යතාවක වගකීමක සාධාරණත්වයක් වෙනුවට විකාරයන් සිදු වන බවක් අදාළ  සිද්ධිය දෙස බැලීමේදී තේරුම් ගත හැකිය. මේ ලංකාවේ ඇති සමාජමය වශයෙන් වූ අගතිගාමී ස්වභාවයේම තවත් එක් සිද්ධියකි. ලංකාවේ  ඕනෑම ක‍්‍රීඩාවක නිලධාරී මට්ටමේ සිදුවන සෑම සියලූ කාරණයක්ම අවසන් වන්නේ ගැටලූවකිනි. එය වොලිබෝල්වලට පමණක් සීමා වූවක් නොවේ. ලංකාවේ ජාතික ක‍්‍රීඩාව නමට හෝ වොලිබෝල් වීම නිසා එම  ක‍්‍රීඩාවේ අනාගතය පිළිබඳ යම් නිශ්චිත බවක් ස්ථාපිත කිරීමට උවමනාය, ක‍්‍රිකට් ක‍්‍රීඩාව මේ වන විට පාසල් මට්ටමින් සහ වෙනත් කලාපයන් තුළ ඉස්මතු වීමත් ජනප‍්‍රිය වීමත් වැඩි දෙනෙකුගේ සහභාගීත්වයක් සහිත වීමත් දැකිය හැකිය.

නමුත් ලංකාවේ ජාතික ක‍්‍රීඩාව නොවන ක‍්‍රිකට් ආර්ථිකයට දක්වන සම්බන්ධය නිසා අර්බුද මැද වුවත් වෙනත් මාවතක ගමන් කරයි. ලංකාවේ වොලිබෝල් ක‍්‍රීඩාවට මීට බොහෝ කලකට පෙර සමාජයේ තිබුණු ස්ථානයත් මේ වන විට ගිලිහෙමින් ඇත. ඊට අදාළ  සමාජ ආර්ථික කාරණා බොහෝ ඇතත් ලංකාවේදී වොලිබෝල් ක‍්‍රීඩාවට ජනප‍්‍රියත්වයක් සහ ආකර්ෂණයක් තිබේ. වෙනත් වචනවලින් කියන්නේ නම් සමාජයේ වොලිබෝල් ක‍්‍රීඩාව සඳහා පදනමක් සකස් කිරීමට තරම් හේතු ඵෙතිහාසිකව ගොඩ නංවා තිබේ. මෙවන් තත්වයක් තුළ පසුගිය කාලයේ ලංකාවේ වොලිබෝල් කණ්ඩායම ලෝක ශ්‍රේණිගත කිරීම් වලදී 20 වැනි ස්ථානයේ රැුඳවීමට යම් කාර්යභාරයක් දැකිය හැකි විය. එසේම ආසියානු වොලිබෝල් තරගාවලියේදී ලංකාව පස් වැනි ස්ථානය කරා රැුගෙන ඒමට හැකියාවක් පෙන්නුම් කර තිබිණි. ලංකාවේ ජාතික ක‍්‍රීඩාව ලෙස ජාත්‍යන්තර මට්ටමේ තරගවලදී අරගලකර ඉදිරියට ඒමටත් පදක්කම් දිනා ගැනීමටත් වොලිබෝල් ක‍්‍රීඩකයන්ට හැකියාවක් ඇත.

නමුත් පසුගිය දා වොලිබෝල්  පුහුණුකරු තනතුර සඳහා තෝරාගැනීමේ පරීක්ෂණයෙන් පුහුණුකරුවන් වූ  සිසිර කුමාර වැන්ඩකෝන්, චාල්ස් තිලකරත්න, යන දෙදෙනාම ඉවත් කෙරිණි, සිසිර කුමාර වැන්ඩකෝන් වැඩි ලකුණුලාභියා විය. පසුව ඇති වූ තත්වයන් මත ඔහු අපේක්ෂකත්වයෙන් ඉල්ලා අස්වී තිබේ. ක‍්‍රීඩා බලධාරින් තමන්ගේ අගය තේරුම් ගෙන කටයුතු කරන තාක් කල් තමන් ඉවත්ව සිටින බව ඔහු ජනමාධ්‍ය වෙත පවසා තිබිණි.  පුහුණුකරු තේරීමේ  පරීක්ෂණය පටු අරමුණු මුදුන්පත් කර ගැනීමට යොදා ගෙන ඇති බවත් වැන්ඩකෝන් චෝදනා කර තිබිණි. ඉදිරියේදී තමන් සතු දැනුම දියුණු කරගැනීමට උනන්දු වන බව පැවසූ ඔහු ඉදිරියේ අදාළ  තනතුරේ කටයුතු කරන අයකුට සහයෝගය ලබා දෙන බවත් මාධ්‍ය වෙත ප‍්‍රකාශ කර තිබුණි. කෙසේ නමුත් චාල්ස් තිලකරත්න ද හලා දමා තිබිණි.

අවසානයේ ජාතික පුහුණුකරු ලෙස නැවත පරීක්ෂණයක් කැඳවා ලලිත් පේ‍්‍රමලාල් වැඩි ලකුණුලාභියා ලෙස පුහුණුකරු තනතුරේ පිහිටුවන ලදී. ඉන්පසුව මේ පිළිබඳ ජනමාධ්‍ය, ක‍්‍රීඩා අමාත්‍යංශයේ අධ්‍යක්ෂ ජනරාල් සහ ක‍්‍රීඩා ඇමැතිවරයා මැදිහත් වූහ. ක‍්‍රීඩා අමාත්‍යාංශය මැදිහත්වීමෙන් අදාළ  ක‍්‍රියාවලිය නිදොස් කිරීමට බලපෑම් සිදුකර තිබේ. ඉන් අනතුරුව පවත්වන ලද පරීක්ෂණයේදී චාල්ස් තිලකරත්න වැඩි ලකුණු 4කින් ඉදිරියෙන් සිටීම නිසා ඔහු නැවත ප‍්‍රධාන පුහුණුකරු තනතුරට පත් කිරීමට තීරණය විය. දැන් සියළු දේ සිදුවී අවසන්ය. කවර හෝ ආකාරයෙන් තෝරාගෙන තිබුණු ප‍්‍රධාන පුහුණුකරුවා දින කිහිපයක ඇවෑමෙන් ගෙදර යවා ඇත. සුදුසුකම් තිබුණු තවත් අයකු තමන්ගේ වටිනාකම තේරුම් ගන්නා තුරු ඉවත්ව සිටී. පරීක්ෂණයේ ලකුණු ක‍්‍රමයේදී හලා දමා සිටි අයකු අදාළ  ලකුණු නැවත ලැබී ලකුණු 4 කින් ඉදිරියට විත් නැවත ප‍්‍රධාන පුහුණුකරුවා වී තිබේ. ලංකාවේ ජනාධිපතිවරයා තෝරාගැනීමේ, තමන්ගේ මන්ත‍්‍රීවරයා හෝ ඇමැතිවරයා තෝරා ගැනීමේ, පාසලට ළමුන් ඇතුළත් කරගැනීමේ, ක‍්‍රීඩාවේ නිලධාරීන් හෝ පුහුණුකරුවන් තෝරා ගැනීම දක්වා සියලූ දේම පවතින්නේ මෙවන් තත්වයකය.

ක‍්‍රීඩාව යනු පුද්ගලයන්, රට හෝ අනාගත සමාජ වගකීම වෙනුවෙන් කටයුතු කිරීම ලෙස වටහාගත නොහැකිය. ක‍්‍රීඩාවේ අරමුණු වෙනුවට පුද්ගල උවමනාවන් සහ හිතවත්කම් වලට කටයුතු කිරීමත් සිදුව තිබේ. ක‍්‍රීඩාව වෙළෙඳපොළ අවශ්‍යතා වෙනුවෙන් යොදනු ලැබ තිබේ. සිය පටු වුවමනාවන්ට අනුව ක‍්‍රීඩා ක්ෂේත‍්‍රය මෙහෙයවීමටත් බොහෝ අය වෙහෙස ගනිමින් සිටී. කළ යුත්තේ කුමක්ද යන්න වෙනස් විදිහකින් තේරුම් ගත යුතු කාලයක් පැමිණ තිබේ.

කුමාර ජයවීර