ජනතා අරගල වැළැක්වීමේ පනත අහෝසි කරනු!

මේ දිනවල සාකච්ඡුාවට භාජනය වී තිබෙන නීති, අණපනත් අතරින් ප‍්‍රමුඛස්ථානයක් ලැබෙන්නේ ත‍්‍රස්තවාදය වැළැක්වීමේ පනතට. ත‍්‍රස්තවාදය වැළැක්වීමේ පනත ඇතුළු මර්දන නීති වහාම අහෝසි කරන්න කියලා පසුගිය දා සම අයිතිය ව්‍යාපාරය විසින්  පෝස්ටරයක් අලවා තිබුණා. තවත් පැත්තකින් අධිකරණ ඇමැති විජේදාස රාජපක්ෂ මේ පනත අහෝසි කරන්න කියලා ජිනීවාවලිනුත් යෝජනාවක් ඇවිත් තිබෙන නිසා එය අහෝසි කරන බව කියනවා. අනෙක් පැත්තෙන් ත‍්‍රස්තවාදය වැළැක්වීමේ පනත අහෝසි කිරීම අධිරාජ්‍යවාදී කුමන්ත‍්‍රණයක කොටසක් නිසා එය අහෝසි නොකර තබාගත යුතු බව විමල් වීරවංශ ඇතුළු ‘විපක්ෂය’ කියනවා. පාර්ලිමේන්තුවේ නිල විපක්ෂය ආණ්ඩුවේම සහායක බල ඇණියක් වූ තත්වයක් තුළ, ගස් නැති රටේ තුත්තිරි ගසත් ගහක් වෙනවා වගේ වීරවංශලා විපක්ෂයක් නැති රටේ විපක්ෂයක් වෙන්න හදනවා. ඔවුන් කියන්නේ මේ පනත අහෝසි නොකළ යුතු බව. අපි අද කතුවැකිය වෙන් කරන්නේ ඒ ගැන කතා කරන්න.

ඇත්තටම ත‍්‍රස්තවාදය වැළැක්වීමේ පනත කියන්නේ මොකක්ද? කෙටියෙන්ම කිව්වොත් ඒක මර්දන පනතක්. ඒකෙන් අදහස් වෙන්නේ අනෙක් නීති මර්දන නීති නෙවෙයි කියලාද? නෑ. රටේ සාමාන්‍ය නීතිය ලෙස සැලකෙන අපරාධ නඩු විධාන සංග‍්‍රහයත් මර්දන නීතියක් තමයි. නමුත් ඒ නීති අඩුම ගානේ කාලයක් තිස්සේ සාකච්ඡුාවට භාජනය වූ ප‍්‍රජාතන්ත‍්‍රවාදී අයිතීන්ගේ ප‍්‍රමිතීන්ට අනුව සීමා වී තිබෙනවා. ත‍්‍රස්තවාදය වැළැක්වීමේ පනත වගේ එකක් ඒ කිසිම සීමාවකට අදාළ නැති ඍජු සහ විවෘත මර්දනයක්. ඒ බව තහවුරු කරන්න මේ නීතියේ තිබෙන මූලික කරුණු දෙකක් තුනක් වුණත් සැලකීම ප‍්‍රමාණවත්.

සාමාන්‍ය නීතියේ සැකකරුවෙක් අත්අඩංගුවට ගත්තාම නිශ්චිත කාලයක් තුළ අධිකරණයකට, මහෙස්ත‍්‍රාත්වරයකු ඉදිරියට ඉදිරිපත් කරන්න  ඕන. මුලින් ලංකාවේ මේ කාලය ලෙස තිබුණේ පැය 24. දැන් මහින්දලා, මෛත‍්‍රීලා, රනිල්ලා ඔක්කොම එකතු වෙලා ඒක පැය 48 තෙක් වැඩි කළා. ඒත් නිශ්චිත පැය ගණනක් තුළ අධිකරණයට ඉදිරිපත් කරන්න  ඕන. නමුත් ත‍්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගන්නා සැකකරුවෙක් අධිකරණයකට ඉදිරිපත් නොකර, ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම්ගේ අත්සන සහිත රැුඳවුම් නියෝගයකින් දින 90ක් රඳවා ගන්න පුළුවන්. ශ‍්‍රී ලංකා මානව හිමිකම් කේන්ද්‍රයට අනුව මේ වන විට මෙම පනත යටතේ 180කට අධික පිරිසක් රඳවාගෙන සිටිනවා. ඒ අතරින් සිව් දෙනෙක් රැුඳවුම් නියෝග දින 90න් 90ට දිගු කරමින් වසර 17කට වැඩි කාලයක් රඳවාගෙන තිබෙනවා. මේ නීතියේ ඇති මර්දනීය ස්වභාවය වටහා ගන්න ඒ කරුණ පමණක් වුවත් ප‍්‍රමාණවත්.

ඒ වගේම මේ නීතිය යටතේ අත්අඩංගුවට ගත් තැනැත්තන් පොලිසියේදී දෙන කට උත්තරය ඔවුන්ට එරෙහිව සාක්ෂියක් ලෙස භාවිත කරන්න පුළුවන්. සාමාන්‍ය නීතිය අනුව තමන් පොලිසියට ලබා දුන් ප‍්‍රකාශය ලබා ගත්තේ බලහත්කාරයෙන් කියලා දිවුරුම් ප‍්‍රකාශයක් දුන්නොත් ඒක සාක්ෂියක් ලෙස පිළිගන්නේ නෑ. නමුත් ත‍්‍රස්තවාදය වැළැක්වීමේ පනතට අනුව ඒ ප‍්‍රකාශය ලබා ගත්තේ බලහත්කාරයෙන් කියලා උසාවියේදී ඔප්පු කළ යුත්තේ චුදිතයා. ඒක ඔප්පු කරන්න නම් බලහත්කාරයෙන් ප‍්‍රකාශය ගන්න සම්බන්ධ වූ කෙනෙක්ම උසාවියට ඇවිත් ඒ බව කියන්න වෙනවා. එහෙම දෙයක් වෙන්නේ නැති නිසා පොලිසියේදී පහර දීලා, වද දීලා ගන්න ප‍්‍රකාශ චුදිතයාට එරෙහිව පාවිච්චි වෙනවා. පොලිසියේදී ප‍්‍රකාශ ලබා ගන්න විදිය ගැන හොඳම නිදසුන් පසුගිය කාලයේ සේයා ඝාතනයට අදාළ පරීක්ෂණවලදී අපට දැක ගන්න  ලැබුණා. සේයා ලිංගික හිංසනයට භාජනය කරලා මරා දැමූ බවට පිළිගත්තා යැයි පොලිසියම කියූ අය නිවැරදිකරුවන් බව පසුව හෙළි වුණා. ඒ පාපොච්චාරණ ලබාගෙන තිබෙන්නේ පහර දී බලහත්කාරෙන්. පහර දෙන විට තමන් නොකළ දේවලූත් කළ බව පිළිගත්තා යැයි පසුව චුදිතයන් කියා තිබුණා. ඒ නිසා පොලිස් කට උත්තරය සාක්ෂියක් ලෙස පිළිගන්නා නීතියක් මොන තරම් ප‍්‍රජාතන්ත‍්‍ර විරෝධීද කියලා අමුතුවෙන් කිව යුතු නෑ. ත‍්‍රස්තවාදය වැළැක්වීමේ පනත එවැනි ප‍්‍රජාතන්ත‍්‍ර විරෝධී නීතියක්.

මේ පනතේ තිබෙන තවත් ප‍්‍රධාන ප‍්‍රශ්නයක් වෙන්නේ වැල් පොලී ගණනය කරන ක‍්‍රමවේදයට අනුව පුද්ගලයන් අත්අඩංගුවට ගන්න සහ ඔවුන්ට දඬුවම් දෙන්න තිබෙන ඉඩකඩ. යම් අයෙක් මේ පනතට අනුව වැරැුද්දක් කර තිබෙනවා කියා දන්නා කෙනෙක් වගේම, ඔහු හෝ ඇය එය දැනගෙන සඟවාගෙන සිටියා කියා දන්නා වෙනත් අයෙක් පවා පනතේ පස්වැනි වගන්තියට අනුව දඬුවමට ලක්වෙනවා. මේ විදියට පවුල් පිටින් අත්අඩංගුවට ගන්න පුළුවන්. මේ සියලූ කරුණු සලකා බැලූවාම මේ නීතිය මොන තරම් මර්දනකාරීද කියලා තේරෙනවා. ඒ නිසා මේක අහෝසි කිරීම අධිරාජ්‍යවාදී සැලැස්මක් කියලා ජාතිවාදීන් නගන තර්කය පිළිගන්න පුළුවන්ද? අනෙක මේ පනත සම්මත වූ 1979 සිට වසර 36ක් අපේ රටේ ජනතාව ත‍්‍රස්තවාදය වැළැක්වීමේ පනත අහෝසි කරන්න කියලා ඉල්ලීම් කළා. දැන් එයම අධිරාජ්‍යවාදීනුත් කියනවාද, නැද්ද යන්න අදාළ නෑ. මේක දිගුකාලීන සමාජ ඉල්ලීමක්. ඒ නිසා ත‍්‍රස්තවාදය වැළැක්වීමේ පනත වහාම අහෝසි කළ යුතුයි. ජාතිවාදීන් උත්සාහ කරන්නේ මේ මර්දනය තමිල් ජනතාවට පමණක් එල්ල වන බව අඟවමින් සිංහල පීඩිතයා ජාතිවාදී පදනමින් මුළා කරන්න. නමුත් 1980 දශකය පුරා ත‍්‍රස්තවාදය වැළැක්වීමේ පනත භාවිත වුණේ දකුණේ කම්කරු-ශිෂ්‍ය අරගල මර්දනය කරන්න බව අපි අමතක කළයුතු නෑ. මේ පනතේ නම ත‍්‍රස්තවාදය වැළැක්වීමේ පනත උනාට ඇත්තටම වැඩි අවස්ථා ගණනකදී මේ පනත භාවිත කරලා තියෙන්නේ ජනතා අරගල මර්දනය කරන්න. 2012දී මේ පනත භාවිත කරලා යාපනය විශ්වවිද්‍යාලයේ ශිෂ්‍ය නායකයන් අත්අඩංගුවට ගත් ආකාරය අපට අමතක නෑ.

ආණ්ඩුව මේ පනත අහෝසි කරනවා නම් ඒක ධනාත්මක දෙයක්. ඒත් දශක තුනහමාරක් පුරා අපේ රටේ ජනතාව මේක අහෝසි කරන්න කියන විට නොඇසූ කන් ඇතිව සිටි විජේදාස රාජපක්ෂලා කලබල වෙන්නේ ඒක ජිනීවාවලින් කීවම. ඇත්තටම මේ අය ජනතා නියෝජිතයෝද, අධිරාජ්‍යවාදී නියෝජිතයෝද කියලා විචාර බුද්ධියක් තියෙන කෙනකුට පෙනෙනවා. කොහොම උනත් ත‍්‍රස්තවාදය වැළැක්වීමේ පනත වැනි මර්දන නීති තවත් තත්පරයක්වත් තිබිය යුතු නෑ. ඒ නිසා එය වහාම අහෝසි කරන්න, ත‍්‍රස්තවාදය වැළැක්වීමේ පනත පමණක් නෙවෙයි, මහජන ආරක්ෂක පනත වැනි මර්දන නීතිත් අහෝසි කරන්න කියලා එක්ව හඬ නගමු. ප‍්‍රජාතන්ත‍්‍රවාදී අයිතීන් රිදී බන්දේසියක තබා ත්‍යාගයක් වශයෙන් ලැබෙන්නේ නෑ, එය සටන් කර දිනා ගත යුතුයි.

Advertisements