මහින්ද පැරදී මහින්ද ජය ගැනීම

mahinda maithreeයුද්ධයේදී මානව හිමිකම් කඩවීම සහ යුද අපරාධ සිදු වීම ගැන පරීක්ෂණ කිරීමට රජය විසින් පත් කළ පරණගම කොමිසමේත් උදලාගම කොමිසමේත් වාර්තා දෙක සහ ජිනීවා මානව හිමිකම් කොමිසමේ වාර්තාව පිළිබඳ පාර්ලිමේන්තු විවාදය 22 සහ 23 පැවැත්විනි. මැක්ස්වල් පී. පරණගමගේ සභාපතීත්වයෙන් යුත් පරණගම කොමිසමට සාමාජිකයන් ලෙස සුරන්ජන් විද්‍යාරත්න, මනෝ රාමනාදන්, ඩබ්ලිව්.ඒ.ටී. රත්නායක, එච්. සුමනපාල ඇතුළත් විය. එන්.කේ. උදලාගමගේ සභාපතීත්වය යටතේ උපවංශ යාපා, ආචාර්ය දේවනේෂන් නේසයියා, කේ.සී. ලෝගේස්වරන්, මනෝරි මුත්තෙට්ටුවගම, ජසීමා ඉස්මයිල්, එස්. විජේරත්න, ජාවිස යුසුෆු, ඩග්ලස් පේ‍්‍රමරත්න, ෆයිසාල් රසීන් සහ ඩෙන්සිල් ෙඡ්. ගුණරත්න යන සාමාජිකයන් උදලාගම කොමිසමේ කටයුතු කළහ. එම වාර්තා දෙකම ඔක්තෝබර් 20 වැනිදා පාර්ලිමේන්තුවේ සභාගත කරන ලදී. යුද්ධයේ අවසාන පැය දොළහ තුළදී සිවිල් ජනතාව මරා දැමුවේ එල්.ටී.ටී.ඊ. සංවිධානයෙන් බවට සාක්ෂි ඔස්සේ තහවුරු වී ඇතැයි පවසන පරණගම කොමිසම් වාර්තාව රජයේ හමුදාවන්ට සමූල ඝාතන චෝදනා එල්ල කිරීම ප‍්‍රතික්ෂේප කර, දරුස්මාන් වාර්තාවද වැරදි සහගත බව ප‍්‍රකාශ කරයි. අන්තර් ජාතික යුද අපරාධවලට රජය ලක් කිරීමේ අදහසින් දරුස්මාන් වාර්තාව සකසා ඇතැයි පවසන පරණගම කොමිසම සිවිල් ජනතාව හතළිස් දහසක් මිය ගිය බවට දරුස්මාන් වාර්තාව සඳහන් කර ඇතත් එවැන්නක් පිළිගත නොහැකි බවද පවසයි. උදලාගම කොමිසමද යුද අපරාධ චෝදනාවන්ගෙන්

රජයේ හමුදා නිදහස් කර ඇති බව ආරංචිමාර්ග පවසයි. මේ සතිය ආරම්භ වන්නේ පාර්ලිමේන්තුවේ විවාදයට ලක්වන මෙම වාර්තා තමිල් ජන සමාජය කෙලෙස පිළිගනීද යන පැනයත් සමඟය.

  • දෙවැනි මහින්දගේ ආගමනය

ආණ්ඩුව ජාතිවාදයට එරෙහිව සැලකිය යුතු කාර්යභාරයක් ඉටු කරනු ඇතැයි පසුගිය ජනාධිපතිවරණයේදී මෛත‍්‍රීපාල සිරිසේනට සහය දුන් බොහෝ දෙනා විශ්වාස කළහ. ඇතැම් අය කීවේ ප‍්‍රජාතන්ත‍්‍රවාදය සහ ආර්ථිකය යන ක්ෂේත‍්‍රවල මෛත‍්‍රී හෝ රනිල් ගැන විශ්වාස කළ නොහැකි වුවත් ඔවුන් නිසැක වශයෙන්ම රජයේ සිංහල ජාතිවාදී මුහුණුවර වෙනස් කරනු ඇති බවය. තමිල් ජනතාවගේ ප‍්‍රශ්න සඳහා මෛත‍්‍රී-රනිල් ආණ්ඩුවකින් යම් හෝ සහනයක් ලැබෙන බව ඒ අයගේ විශ්වාසය විය. නමුත් ගතවන සෑම මොහොතක් පාසාම ආණ්ඩුවේ දෙබිඩි ස්වභාවය සහ දේශපාලන උපාමාරු ලෙස ජාතිවාදී මානසිකත්වයන් සමඟ කළමනාකරණයක යෙදෙන ස්වභාවය හෙළිදරව් වෙමින් තිබේ. මහින්දගේ ආණ්ඩුව මෙන් ජාතිවාදය ප‍්‍රධානතම දෘෂ්ටිවාදී අවිය ලෙස උපයෝගී කර නොගත්තද ජාතිවාදය සමඟ සටන් කිරීමක්ද සිදු වන්නේ නැත. ඒ වෙනුවට සිදු වන්නේ අවස්ථාවේ වාසිය වෙනුවෙන් එම මනෝභාවයන් සමඟ සම්මුතිවලට යාමයි. රනිල්ගේ මෙම ස්වභාවය ‘ප‍්‍රායෝගික ක‍්‍රියාමාර්ග’ ලෙස සාධාරණිකකරණය කිරීමද සිදු වේ. මෛත‍්‍රීගේ ප‍්‍රවේශය මෙම කරුණට අදාළව ගත් කළ මහින්දගෙන් වෙනස් නොවේ. මේ දිනවල හමුදාව ආරක්ෂා කරමින් කරන ප‍්‍රකාශ දෙස බලන විට පෙනී යන්නේ ඒ ගැන මහින්දටවත් පැවැසීමට කිසිවක් ඉතිරි නොකිරීමේ අරමුණකින් මෛත‍්‍රී අදහස් ප‍්‍රකාශ කරන බවය. ඉතාම කෙටියෙන් කියන්නේ නම් මෛත‍්‍රී දෙවැනි මහින්ද බවට රූපාන්තරණය වෙමින් සිටී. මහින්දට පදනම් වූ බලවේගය වෙනස්  නොකර, එහි දේශපාලන සහ මතවාදී ආධිපත්‍යය බිඳ නොදමා මහින්ද ගෙදර යැවීම පමණක් මත පදනම් වන දේශපාලන ව්‍යාපෘතියක් අවසන් විය හැක්කේ දෙවැනි මහින්ද කෙනකු සිංහාසනාරූඪ කිරීමෙන් බව අපි දැනට වසරක පමණ කාලයක සිට අඛණ්ඩව පවසන බව පමණක් සටහන් කර තබමු.

මේ කොමිෂන් වාර්තා සහ ඒවාට රනිල්ගෙන් ලැබෙන අනුමැතිය සහ නිල පිළිගැනීම දෙස බලන විට වඩ වඩාත් තහවුරු වන්නේ මහින්දගේ දේශපාලනය කෙතරම් ගැඹුරින් රාජ්‍ය මතවාදය තුළ තහවුරු වී තිබේද යන්නය. මේ කොමිෂන් මෙන්ම ආණ්ඩුවේ වෙනත් ක‍්‍රියාමාර්ගද කරන්නේ සිංහල-තමිල් ජන සමාජයන් අතර පරතරය අඩු කිරීම හෝ ප‍්‍රතිසන්ධානයක් සඳහා අවශ්‍ය සමථයක් ඇති කිරීම වෙනුවට යුද්ධය කාලයේ තිබූ අධිපතිවාදී දේශපාලන ප‍්‍රවේශයම ඉදිරියට ගෙන යාමයි. මෛත‍්‍රී ඍජුවම එම දේශපාලනයේ ප‍්‍රකාශකයා වී සිටින අතර රනිල් කරන්නේ මේ සියලූ දේශපාලන ධාරාවන්ට ගැටෙන්නට සහ අනාගන්නට ඉඩදී ඒ සියලූ දේශපාලන චලනයන් සිය වාසිය වෙනුවෙන් කළමනාකරණය කිරීමයි. මේ කොමිෂන් සභාද රාජ්‍යයේ මිලිටරි-දෘෂ්ටිවාදී මෙහෙයුමේ දිගුවක් වන අතර ඒවායෙන් කරන්නේත් යුද්ධය කාලයේදී පාලකයන් කළ දේශපාලනයම ඉදිරියට ගෙන යාමයි.  කිසිසේත්ම ප‍්‍රතිසන්ධානයකට පාර නොකපන අතර එය කරනු ඇත්තේ එහි ප‍්‍රතිවිරුද්ධ පැත්තේ ක‍්‍රියාකාරීත්වයයි. ඒ නිසා පසුගිය සතියේ වාර්තා වූ ඇතැම් සිදුවීම් පෙන්වා දෙන්නේ මහින්දගේ දේශපාලන (මහින්ද නමැති පුද්ගලයාගේ දේශපාලන බල ව්‍යාපෘතිය නොවේ* ශක්තිමත් වීමයි.

  • මහින්දට එරෙහිව එස්.බී.

මේ අතර ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය තුළ මෙන්ම එක්සත් ජාතික පක්ෂය හරහාත් මහින්ද රාජපක්ෂ විරෝධී මෙහෙයුම පෙරට එමින් තිබේ. මෛත‍්‍රී පක්ෂය තුළ තිබෙන කණ්ඩායම් තරගයේදී සිය කණ්ඩායම ජයග‍්‍රහණය කරවීම සඳහාත් ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ බලය අත්පත් කරගැනීම සඳහාත් වන ව්‍යාපෘතිය වේගවත් කර ඇති ආකාරය පසුගිය සතියේ ‘ජනරළ’ මුල් පුවතින්ද හෙළිකෙරිණි. එකී ව්‍යාපෘතියේදී මෛත‍්‍රීගේ අංක එකේ ජෙනරාල් වී සිටින්නේ කුප‍්‍රකට චරිතයක් වන එස්.බී. දිසානායකය. මෛත‍්‍රී ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය ප‍්‍රතිසංවිධානය කිරීම එස්.බී.ට පැවරු බව පසුගිය සතියේ මාධ්‍ය වාර්තා කළේය. එස්.බී. රට පුරා යමින් ඒ සඳහා වේගවත් මැදිහත්වීමක් සිදු කරන බවද මහින්ද පිලේ ප‍්‍රබලයකු වන ප‍්‍රසන්න රණතුංග හමුවී සම්මුතියකට ඒමට උත්සාහ කළ බවද වැඩි දුරටත් වාර්තා විය. මහින්දගේ පාදඩ දේශපාලන භාවිතය පරාද කිරීමට මෛත‍්‍රී ජයග‍්‍රහණය කරවූ යහපාලන බලවේගවලට අවසානයේදී මහින්ද තරමටම හෝ සමහර විට ඊටත් වඩා පාදඩකරණය වූ දේශපාලන සංකේතයක් ලෙස දෛවෝපගතව එස්.බී. මුණ ගැසී තිබේ. මෛත‍්‍රීද ප‍්‍රසන්න රණතුංග වැනි මහින්ද පාර්ශ්වයේ යම් ජන පදනමක් සහිත චරිත මුණගැසෙමින්

අලූත් මෙහෙයුමකට අත ගසා ඇති බව  පෙනේ. මෛත‍්‍රී ප‍්‍රසන්නව හමුවීමත් මීළඟ අගමැතිවරයා ප‍්‍රසන්න රණතුංග බවට ජ්‍යෝතිෂවේදීන් අනාවැකි පළ කිරීමත් එකටම සිදුවීම නිසා යම් සංයුක්ත සැලැස්මක් ක‍්‍රියාත්මක වන බව වටහා ගැනීම අසීරු නොවේ.

මේ අතර රනිල් රාජ්‍ය ව්‍යුහයන් තුළ ඇති මහින්දකරණය ඉවත් කිරීමට මෛත‍්‍රී සමඟ එක්ව වැඩකරන අතරම දේශපාලන වේදිකාවෙන් අතුගෑවෙන තරමට මහින්ද දුර්වල කිරීමටද එරෙහිව ක‍්‍රියාත්මක වෙමින් සිටී. මෙහි පළමු කොටස සඳහා පසුගිය සතියේ ලැබුණු උදාහරණය වන්නේ විදේශ කටයුතු අමාත්‍යාංශයේ මහින්දවාදීන්ට එරෙහි මෙහෙයුමයි. ඒ අනුව එම අමාත්‍යාංශයේ ඉහළම නිලතල දරන 08 දෙනකු ඇතුළු 13 දෙනකුගේ මෙතෙක් දැරූ තනතුරු වෙනස් කිරීමට නියමිතය. මෙම පිරිස අතර නිශ්චිත රාජකාරියක් ඉටු නොකොට ඉහළ වැටුප්, නිල රථ, දුරකථන සහ ඉන්ධන දීමනා ආදී වරප‍්‍රසාද ලබන කිහිපදෙනකුද සිටින බව විදේශ අමාත්‍යාංශය පවසයි. එසේ වුවත් මේ සිදු වන්නේ විදේශ කටයුතු අමාත්‍යාංශයේ මහින්දවාදී පිරිස් ඉවත් කර එය ශුද්ධ කිරීම බව වටහා ගැනීමට තියුණු දේශපාලන දැනුමක් අත්‍යවශ්‍ය නැත.

ජිනීවාහිදී රවිනාථ ආරියසිංහ ජිනීවාහි ලංකාවේ රජයේ නියෝජිතයා ලෙස කළ කතාවට රනිල්ගේ සහ මංගලගේ අනුමැතියක් නොතිබිණි. විශේෂයෙන් නිලධාරී ක්ෂේත‍්‍රයේ මහින්දගේ අවතාර පිස නොදමා තමන්ට පැවැත්මක් නැති බව ඔවුන් දනී. විදේශ අමාත්‍යාංශයට අදාළව මෙම තීරණය ගෙන ඇත්තේ ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන, අගමැති රනිල් වික‍්‍රමසිංහ හා විදේශ කටයුතු ඇමැති මංගල සමරවීර අතර පැවැති සාකච්ඡුාවලින් පසුව බව වාර්තා වී ඇත. එවැනි මෙහෙයුම්වලදී මෛත‍්‍රී සහ රනිල් එකඟතාවක සිටී. නමුත් රනිල් කැමති මෛත‍්‍රී ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ බලය සම්පූර්ණයෙන් තමන් අතට ගන්නවාට නොවේ.

  • මහින්ද – රනිල් සහවාසය

ශ‍්‍රීලනිපය තුළ මෛත‍්‍රී සහ මහින්ද යන කල්ලි දෙකක් ප‍්‍රවණතා දෙකක් පැවැතීම රනිල්ට වාසිදායකය. එනිසා මහින්ද  ඕනෑවටත් වඩා දුර්වල කිරීමට රනිල් මෛත‍්‍රීට සහය දෙන්නේද නැත. ඩුබායි බැංකුවල රාජපක්ෂ පවුලට අයත් ගිණුම්වල ඩොලර් මිලියන සහ බිලියන ගණන් මුදල් තිබීම සම්බන්ධ කරුණේදී රනිල් සිටින්නේ එය ජනතාවට විවෘත නොකිරීමේ ස්ථාවරයක බව පැහැදිලිය. කොමිසමක් පත්කර ඇති බව කියමින් ඒ කිසිදු තොරතුරක් රටට අනාවරණය කරන්නේද නැත. ජනතාවගෙන් වසන්කර

ඉහළ මට්ටමකට මෙවැනි තොරතුරු සීමා කර තැබූ විට පසුව විවිධ ඞීල් හරහා මේවා සමථයකට පත් කරගත හැක.

ඩුබායි ගිණුම් මෙන්ම ඇවන්ගාඞ් චෝදනා සම්බන්ධයෙන්ද රනිල්ගේ හැසිරීම මහින්දව ආරක්ෂා කරන ප‍්‍රවේශයක් සහිතය. රනිල් මහින්දට එල්ල කරන්නේ මැතිවරණයේදී ස්වාධීන රූපවාහිනියේ ප‍්‍රචාරක දැන්වීම්වල මුදල් නොගෙවීම වැනි තාර්කික වශයෙන් ඉතාම දුර්වල, මහින්දට පහසුවෙන් ගැලවී යා හැකි, මහින්දව සුද්ද කරන චෝදනාය. ප‍්‍රචාරක දැන්වීම්වල මුදල් ගෙවීමේ වගකීම ඇත්තේ පක්ෂයට මිස අපේක්ෂකයාට නොවන නිසා අවසානයේදී මේවා ගෙවීමට සිදුවනු ඇත්තේ මෛත‍්‍රීටය.

රනිල් මහින්දව දේශපාලන වශයෙන් සක‍්‍රියව තබා ගනිමින් රාජ්‍ය ව්‍යුහයන්ගේ මහින්දකරණය වීම ආපසු හැරවීමට තැත් කරයි. මෛත‍්‍රී පක්ෂය තුළ බල අරගලයේදී මහින්දව අතුගා දමන අතරම සමාජය තුළ මහින්දගේ දේශපාලනය ප‍්‍රති නිෂ්පාදනය කරමින්, මහින්දට ආදේශකයක් වෙමින්, දෙවැනි මහින්ද වීමට තැත් කරයි. මේ අතර මහින්ද සෝභිත හිමිගේ ලෙඩ බලන්නට යමින්, වීරවංශලා – ගම්මන්පිලලා – දිනේශ්ලා සමඟ නව පෙරමුණු හදමින් යළිත් දේශපාලන බලයක් බවට පත්වීමට උත්සාහ දරමින් සිටී. ජනතාව සිරවී සිටින්නේ මේ එකිනෙකාගේ එකිනෙකට ප‍්‍රති විරුද්ධ බල ව්‍යාපෘති සහ ගෝලීය දේශපාලනයේ අන්තර් -අධිරාජ්‍ය යුද්ධයක් මැදය. එබැවින් ජනවාරි 8 වැනිදා මේ සංකීර්ණත්වය සහ පටලැවිල්ල සහ ව්‍යාකූලත්වය ලිහා ගන්නවා කීවාට එය ලිහාගෙන නැත. ජනතාවගේ පැත්තෙන් ගත්කල උගුලෙන් ගැලවීම සිදු වූ හෝ වෙමින් පවතින දෙයක් නොව සිදු කළ යුතු, ආරම්භ කළ යුතු  දෙයකි. එය ආරම්භ කළ යුත්තේ මේ සියලූ බල කෙන්ද්‍රයන්ට එරෙහි අරගලයකිනි. වහාම කළ යුතු හදිසි සමාජ කර්තව්‍යය එයයි.