ශිෂ්‍යයන් දෙවරක් හමගසන SLIIT පාලකයන්ගේ හපන්කම්

SLIIT_MLB_1‘උසස් අධ්‍යාපනය’ මේ දිනවල බොහෝ දෙනා කතා කරන මාතෘකාවක්. වාර්ෂිකව උසස් පෙළ සමත් වන සිසුන්ගෙන් නිදහස් අධ්‍යාපන අයිතිය සහිතව උපාධි හැදෑරීමට අවස්ථාව ලැබෙන්නේ 24,000ක පමණ පිරිසකටයි. උසස් පෙළ සඳහා ඉදිරිපත් වන සිසුන්ගෙන් 1,50,000කට (2013 අවුරුද්දේ – 144816ක්

අවම සුදුසුකම් සහිතව උසස්පෙළ සමත් විය* ආසන්න පිරිසක් වාර්ෂිකව අවම සුදුසුකම් සහිතව ලංකාවේ උසස් අධ්‍යාපනය සඳහා සුදුසුකම් ලබනවා. ඒ අනුව රජය මැදිහත් වී උසස් අධ්‍යාපන අවස්ථා සාදන්නේ 16%කට ආසන්න පිරිසකටයි. ඒ නිසා වාර්ෂිකව 1,25,000ක පමණ සිසුන් පිරිසකට සිදු වන්නේ මුදල් ගෙවා එම අවස්ථා සලසා ගැනීමටයි. පවතින සමාජ ආර්ථික කොන්දේසි තුළ මේ අනුව බොහෝ විට සිදු වන්නේ මෙකී සිසුන් උපාධි වෙළෙන්දන්ගේ සූරාකෑමට වඩා පහසු ගොදුරක් වීමයි. ඒ අනුව මව්පියන්ද තමන්ගෙන් ඉල්ලන  ඕනෑම මුදලක් වියදම් කර තම දරුවාගේ අනාගතය වෙනුවෙන් සිය යුතුකම් ඉටු කිරීමට මැදිහත් වෙනවා.

මෙකී මුදල් ගෙවා අධ්‍යාපනය ලබන ආයතන තුළ සිසුන්ට විඳින්නට සිදු වන දුක් කරදර ගැන  ඕනෑතරම් අත්දැකීම් ඇතත් ඒවා කතාකිරීමට ඉදිරිපත් වන්නේ ඉතා සුළු පිරිසක්. මේ දිනවල සති අන්ත පුවත්පතක් ගත්තද, රූපවාහිනිය දෙස බලා සිටියද  ඕනෑ තරම් මෙකී ආයතන ම`ගින් පළකර ඇති වෙළඳ දැන්වීම් අපට දැක ගන්න පුළුවන්. ඒවා සමන්විත වන්නේ ඉතා පිරිපුන් මුහුණැති තාරුණ්‍යයේ පොපියන චමත්කාරයෙන්. නමුත් ඒ පෙනෙන චමත්කාරය යටින් රිදුම්දෙන එකී ආයතනවල අධ්‍යාපනය ලබන සිසුන්ගේ සැබෑ ජීවිතය ඊට හාත්පසින්  වෙනස්ය. මේ හෙළිදරව්ව ඒ සඳහා අප ගන්නා ආරම්භයකි.

මෙහිදී ලංකාවේ පෞද්ගලික උපාධි ලබා දෙන ආයතනයක් වන ශ‍්‍රී ලංකා තොරතුරු තාක්ෂණ අධ්‍යයන ආයතනයේ (SLIIT) සිසුන්ගේ අත්දැකීම ඔබට ගෙන එමු. මෙම ආයතනය ආරම්භ කෙරුණේ මීට අවුරුදු 15කටත් පෙරය. හිටපු ඇමැතිවරයෙක් වූ කිංස්ලි ටී. වික‍්‍රමරත්නගේ කාලයේදී මේ සඳහා අනුමැතිය ලබා දී ඇත. ීඛෂෂඔ ආයතනයට අයත් ඉඩම කලින් අයිති වී තිබුණේ ‘මහපොළ’ භාරකාර අරමුදලටය. සිසුන් පවසන ආකාරයට මෙය ආරම්භ කිරීමට අදාළ මූලික ආයෝජනය සිදු වන්නේ රාජ්‍ය දේපළෙනි. මෙසේ ආරම්භ කරන ලද මෙම ආයතනය අද වන විට ඉතා සැලසුම්සහගතව සහ සූක්ෂමව සිසුන් සූරාකන්නේ ඔවුන්ට අවැසි මූලික අයිතීන්වත් ලබා නොදෙමින් බවයි සිසුන් පවසන්නේ.

ීඛෂෂඔ ඉංජිනේරු පීඨයේ අධ්‍යාපනය ලබන සිසුවෙක් අප හා පැවසුවේ වාර්ෂිකව මෙහි ගාස්තු වැඩිවීම සිදු වන්නේ රොකට් වේගයෙන් බවයි. එහිදී සිය උපාධිය සඳහා වාර්ෂික ගාස්තු 2013 වසරේදී අය කළ රුපියල් 1,50,000 සිට ලබන 2016 වසර වන විට රුපියල් 2,00,000 දක්වා වැඩි කර ඇති බවයි. ඊට අමතරව පාඨමාලාව තුළ නැවත ලියන විභාග සඳහා අය කරන ගාස්තුද රුපියල් 1000 සිට රුපියල් 5000 දක්වා වැඩි කර ඇත්තේ කුමන්ත‍්‍රණකාරී ලෙසයි. තවද මෙහි සිසුන් බඳවා ගැනීමේදී ඉතා රැුවටිලිකාරී ලෙස සිසුන්ව ආයතනයේ වෙළඳ ප‍්‍රචාරණයට යොදා ගන්නා අන්දම ඔහු මෙසේ අප හා ප‍්‍රකාශ කළේය.

”අපේ ආයතනයේ වාර්ෂිකව පවත්වනවා SLIIT WALK කියා සැණකෙළියක්. මේක කිසියම් ආකාරයක විනෝදජනක කටයුත්තක් නිසා තමයි සිසුන් මේකට එකතු වෙන්නේ. මේකට අපිට අඳින්න දෙන ටී ෂර්ට් එක වෙනුවෙන් අපෙන් රුපියල් 1100ක් අය කරනවා. හැබැයි මේ ටීෂර්ට් එක ගත්තම ඒකේ එක්තරා පෞද්ගලික විදුලි බුබුළු නිපදවන ආයතනයක දැන්වීමක් තියෙනවා. ඒකෙන් කියන්නේ ඒ ආයතනයෙනුත් මේකට මුදල් අරගෙන තියෙනවා කියන එකනේ. මේකෙන් පැහැදිලියි මෙතන වංචාවක් වෙන බව. මේ වැඩසටහන තියෙන්නේ සැප්තැම්බරයේ, ඉතින් අගෝස්තු උසස්පෙළ විභාගය ලියපු ශිෂ්‍යයෝ හා මව්පියෝ වෙනුවෙන් කරන ප‍්‍රචාරක වැඩසටහනක් තමයි මේ විදියට ආයතනයේ සිසුන්ගෙන් මුදලූත් අයකරගෙන කරන්නේ.

අපි කියන්නේ ශිෂ්‍යයන් වෙළෙඳ භාණ්ඩ නෙවෙයි. පරිගණක විද්‍යාව හදාරන සිසුන්ව ඇගට නොදැනෙන විදියට ගසා කන ක‍්‍රමයක් මෙහෙ තියෙනවා. සාමාන්‍යයෙන් පරිගණක විද්‍යාව උපාධියට හදාරන්නට ප‍්‍රමාණවත් ගණිත දැනුමක්  ඕන. නමුත් මෙහි මුදල් ගැරීමේ අවශ්‍යතාව නිසා උසස් පෙළ කලා අංශයෙන් අධ්‍යාපනය ලද සිසුන්වත් මෙම අංශයට බඳවා ගන්නවා.

නමුත් බොහෝ සිසුන් පාඨමාලාව මගදී ගණිතය පිළිබඳ දැනුමේ දුර්වලතා නිසා උපාධිය අතහරිනවා. නමුත් ඒ වෙනකොට ඔවුන් විශාල මුදලක් ආයතනයට ගෙවලා ඉවරයි. අපි කියන්නේ මේක රැුවටීමක්. ඉංජිනේරු පීඨයට සාමාන්‍යයෙන් ඇතුළත් කරගන්න පුළුවන් 200ක් පමණයි. නමුත් ඊට එහා ගිහින් ගිය අවුරුද්දේ සිසුන් 500ක් අරගෙන තියෙනවා. ලබන අවුරුද්දටත් 500ක් ගන්න යනවා.

අපි හොඳටම දන්නවා මෙතන ලොකු පහසුකම් පිළිබඳ ප‍්‍රශ්න තියෙනවා. තව උදාහරණයක් කියනවා නම්, සිවිල් ඉංජිනේරු පීඨය ම`ගින් අනිවාර්යෙන් සිසුන්ට ක්ෂේත‍්‍ර චාරිකා යන්න අවස්ථා හදන්න  ඕන. නමුත් මේ වගේ දේවල්වලට ඒ සිසුන්ගෙන් නැවත නැවතත් මුදල් අය කරනවා. කොච්චර මුදල් ගත්තත් අඩුම තරමේ මේකෙ කැන්ටිමක්වත් හරියකට නෑ. මීට දවස් කිහිපයකට කලින් සිසුන්ට කැන්ටිමේ කෑම එකක කැරපොත්තෙක් හමුවුණා. මේකට පාලන අධිකාරියයි කැන්ටිමයි කතා කරලා කියල තිබුණේ මේක සිසුන් විසින් කරපු වැඩක් කියලයි. සල්ලි ගන්න එක විතරයි මේ ආයතනයේ එකම වැඬේ වෙලා තියෙන්නේ”

සාමාන්‍යයෙන් විශ්වවිiාලවල මේ වගේ ප‍්‍රශ්න කතා කරන්නේ ශිෂ්‍ය සංගම්. නමුත් එහෙම දේවල් මේ ආයතනවල හදන්න දෙන්නේ නෑ. ඒ වෙනුවට සිසුන් රවටන්න SIS (STUDENT INTREACTIVE SOCIETY) නමින් ව්‍යුහයක් අටවලා තියෙනවා. සිසුන් පවසන පරිදි මෙහි තනතුරු හතක් ඇති අතර ඔවුන් තෝරා ගන්නේ විශ්වවිද්‍යාල බලධාරීන් විසින්. ඒ අනුව එහි නිලයන් දරන්නන්ගෙන් සභාපතිට පාඨමාලාව නොමිලේ ලබා ගැනීමට අවස්ථාව දෙනවා. අනිත් අයටත් සහන මිල ක‍්‍රමයක් දෙනවා. ඉතින් කවදාවත් සිසුන්ගේ ඇත්ත ප‍්‍රශ්න ඔවුන් කතා කරන්නේ නෑ. කරන එකම දේ වෙලා තියෙන්නේ පරිපාලකයන්ට  ඕන විදියට සාමාන්‍ය ශිෂ්‍යයන් කඬේ යවන එක.

රාජ්‍ය විශ්වවිද්‍යාලවල වගේම මෙම ආයතනයේත් එදිනෙදා මෑන්පවර් සේවයේ යෙදෙමින් මුදල් සපයාගෙන අධ්‍යාපනය ලබන සිසුන් විශාල පිරිසක් ඉන්නවා. මව්පියන් බොහෝ සෙයින් ණය වෙලා තමයි සිසුන් මේවගෙ ඉගෙනගන්න එවන්නේ. නමුත් ආයතන පැත්තෙන් දිගින් දිගටම වැඩිපුර ඔවුන්ගෙන් මුදල් අය කරන්නේ කොහොමද කියලා ප්ලෑන් හැදුවට සිසුන්ට අවශ්‍ය පහසුකම් දෙන්නේ නෑ.

මුලදී සඳහන් කළ ලෙසට මෙහි දැක්වෙන්නේ එක පෞද්ගලික උපාධි ආයතනයක තත්වය විතරයි. තවත් මේ වගේ උදාහරණ  ඕනෑ තරම් අපට ඉදිරිපත් කරන්න පුළුවන්. පාලකයන්ගේ පැත්තෙන් මොන දේ කීවත් මේ ආයතනවල සෑබෑ අරමුණ සිසුන් හා මව්පියන් කොල්ලකෑම. ඒක පැහැදිලියි. ඒ නිසා අනාගතයේදී මෙම ආයතනවල ඉගෙනගන්නා සිසුන්ට අනිවාර්යයක් ලෙස තම අයිතිවාසිකම් වෙනුවෙන් එළියට එන්න වෙනවා. එසේ නොවී තමන්ගේ අයිතීන් දිනාගන්න ලැබෙන්නේ නෑ. ඒ සඳහා විකල්ප ශිෂ්‍ය ක‍්‍රියාකාරීත්වයක් වගේම මව්පිය මැදිහත්වීමක් මේ ආයතන තුළ ඇති විය යුතු වෙනවා.

නිශාන්ත බණ්ඩාර