හෝකන්දර මවුන් හැඩවූ සංහාරයක මතකය

DSC00160මා සිටියේ කොට්ටාව – මාලඹේ බස් රියේ ජනේලයක් අසල අසුනකය. කොට්ටාවේ සිට නානාප‍්‍රකාර කල්පනාවන්ගේ කිමිදෙමින් සිටි මා හෝකන්දර ප‍්‍රදේශයේ මාර්ගය අසල එක්තරා වයස්ගත මවක් බිත්තියක වූ පෝස්ටරයක් අත
ගාමින් අඬනු දුටුවෙමි. නිසැකවම එය අනුවේදනීය කතාවක හෝඩුවාවක් බව මට තේරුම්ගත හැකි විය. එවෙලේ බස් රියෙන් බැස ඇගේ කතාව අසන්නට  ඕනෑකමක් මතු වුවද මා යන්නට ආ ගමන යන්නට මට සිදු විය. එහෙත්  ඕනෑම සිදුවීමක ප‍්‍රවෘත්තිමය වටිනාකමක් දැකීමේ පත්තරකාරයන් සතු ඉතා නරකම පුරුද්ද නිසා එකී සිදුවීම දුටු ස්ථානයට පසුවදාම අප ගියෙමු.

‘තාප්පයක් ළඟ වැලපුණු අම්මෙක් හොයන්න යාමේ මහා මෙහෙයුම’ කොච්චර මෝඩ වැඩක්දැයි ඔබට සිතෙන්නට පිළිවන. කෙසේවෙතත් තවත් පත්තර සගයෙක් සමඟ හෝකන්දර ප‍්‍රදේශයේ මා මතකයේ රැුඳි එකී තාප්පය අසල කඩවලින් මිනිසුන්ගෙන් එදා සිදුවීම පිළිබඳ විස්තර විමසා සිටියෙමු. අපට අවශ්‍ය වූ තාප්පය ළඟ ඇඬූ අම්මා අපට මුණ නොගැසිනි.

එහෙත් එහිදී හමුවූ බොහෝ මිනිසුන් තම මතකයන්ගේ අඳුරු අහුමුළු අතපත ගාමින් පැවසූ බොහෝ කරුණු කාරණා එක ලිපියක් නොව ලිපි ගණනාවකට ප‍්‍රස්තූත සපයා දුනි.

26 වැනි ඉල් මහ විර සමරුව උදෙසා නානාප‍්‍රකාර පෝස්ටර් කටවුට් සැරසිලි මුළු රට පුරාම තාප්ප, බිත්ති, පාරවල් පුරා විසිරී තිබෙන අයුරු මේ දිනවල සුලබ දසුනකි. ඒ අතර 88-89 කාලයේ අරගලයේදී මිය ගිය දේශපාලන ක‍්‍රියාකාරීන්ගේ රූප සහිතව අලවා තිබූ පෝස්ටර් විශේෂ ස්ථානයක් ගෙන තිබුණි. මා බස් රථයේ ගමන් ගනිද්දී දැක තිබුණේ පෙරටුගාමී සමාජවාදී පක්ෂයෙන් අලවා තිබුණු එම පෝස්ටරයක වූ සිය පුතුගේ රූපය අතගාමින් හඬා වැටෙමින් සිටි මවකිි.

”ඒ පින්තූර දැක්කම ආයේ පරණ මතක ඇවිස්සෙනවා. අපේ ගෙදර කෙනෙක් නොවුණත් අපේ නෑයෙක් හරි, ගමේ අහල පහළ කෙනෙක් හරි වෙනවානේ. අනික ඔය පිංතූරවල නැති කීදෙනෙක් නම් ගෙනිච්චද? අදටවත් වෙච්චි දෙයක් තියෙනවද? නිරපරාදේ ජීවිත”

”අර අම්ම ගැන දන්නේ නැත්නම් ඒ අතුරුදන් වෙච්චි අයගේ ගෙවල් ගැනවත් අපට විස්තරයක් කියනවද?” අපි අපේ උවමනාව වෙනුවෙන් පෙනී හිටියා.

” ඕව කතා කරන්නවත් හොඳ දේවල් නෙමෙයි මිස්. අනෙක දැන් ආයේ තියෙන්නෙත් යූ.එන්.පී ආණ්ඩුවක්. ඉතිං අපි  ඕව කියලා කියන අයටත් ආයේ ප‍්‍රශ්න වේවි. මේ හෝකන්දරම කී දෙනෙක් මරලා දැම්මද? අර සමූහ මිනීවලේම මිනී 18ක් නේ.” අයෙක් අපේ පැනයට දුන්නේ එවන් පිළිතුරකි.

කෙසේ වෙතත් එම පිංතූර සහිත පෝස්ටර්වල සිටි නන්දාවතී සහෝදරියගේ නිවස සොයා ගැනීමට අපට හැකි විය. එම නිවසේ සිටියේ මැදිවියේ පිරිමියෙක් හා ගැහැනියකි.

”නන්දාවතී කියන්නේ මගේ කලින් විවාහයේ බිරිඳ. එයාව 89දී අරන් ගියා. එදා අපි ගෙදර හිටියේ. ? නවයට විතර තමයි අරන් ගියේ. එයාට සනීපත් නැතිව හිටියේ. එයාවත් මංවත් දේශපාලනේ කළේ නෑ. ඒත් එයාලගේ නෑදෑ මල්ලී කෙනෙක් නිතර අපේ දිහා ආවා ගියා. ඒ මලයා දේශපාලනේට සම්බන්ධයිලූ. අපි හිතන්නේ ඒ හින්දා මෙයාව ගෙනිච්චා කියලා. දන්න හැමතැනම හෙව්වා. කියන කියන හැමතැනම ගියා. තවම තොරතුරක් දන්නේ නැහැ. මීට කලිනුත් කවුදෝ ඇවිත් අපෙන් මේ විස්තර අරන් ගියා. අපි මේව කතා කරන්නවත් කැමති නැහැ. කතා කරලා තේරුමක් නැහැනේ.”

එහෙත් එහි තේරුමක් ඇති බව මා ඔහුට පැහැදිලි කළෙමි.

”මේ මතකයන් අවුස්සන එක වේදනාවක් තමයි. ඒක අපටත් එහෙමයි ඔයාලටත් එහෙමයි. නමුත් මිනිස්සු මේව දැනගන්න  ඕන. අපි මේව ආයෙ හොයන්නෙ, පත්තරේ ලියන්නෙ ඒකයි.”

අපි ඔවුන්ගෙන් සමුගෙන පැමිණියෙමු.

ඊළඟට අප ගියේ හෝකන්දර ප‍්‍රදේශයේම තවත් නිවසකට. එහිදී අපට හමු වූ පුද්ගලයා විමලේ නමින් තමාව හඳුන්වා දුන්නේය.

”මේ පැත්තේ ජනතා විමුක්ති පෙරමුණට සම්බන්ධ අය කිහිප දෙනෙක් හිටියා. ඒත් පැහැරගෙන ගිහින් අතුරුදන් කරපු හුඟක් අය කිසිම දේශපාලනයකට සම්බන්ධ නැති අය. මේ හැමතැනම පාරවල්වල මිනී තිබුණා. අර සමූහ මිනීවල බලන්න මේ පැත්තේ අය ගියා. මං නම් ඒක බලන්නවත් ගියේ නැහැ. ඒවා බලන්න පුළුවන් දේවල්ද?”

ඔහුගේ පුතා පැවසුවේ මෙවැන්නකි

”එතකොට මං පොඩියි. ඒත් හොඳට මතකයි කොස්කඳවිල සමූපකාරේ වහලේ උඩ මරපු කෙනෙක්ගේ ඔළුව තියලා තිබුණා. එයාගේ ඔළුව නැති ඇඟ තිබ්බේ කන්දඋඩ පාරේ. මට අසනීප වෙලා බේත් ගන්න යද්දි අම්ම එක්ක ඒක දැක්කේ. ඒ වගේ කොච්චරවත් කට්ටිය මැරුවා. ඔය හෝකන්දර වෙලේ ජවිපෙ දේශපාලන මණ්ඩලේ හිටපු කෙනෙක් මරලා දාලා තිබුණා. කබරයෝ ඇදන් කෑවා, සෑහෙන දවසක්. ඒ කෙනාගේ නෝනා සෑහෙන්න දුක් වින්දා, දරුවෝ දෙන්නා හදා ගන්න. මේ උඩ පාරේ විජිතගෙ අයියා, ටේලර් ෂොප් එකේ වැඩ කරපු උපුල් අයිය, වීරක්කොඩි ගෙදර අයිය, ජපන් අයිය ඔය වගේ කොච්චර කට්ටිය අරන් ගියාද?”

විමලේ මාමා ගේ මඟ පෙන්වීම යටතේ ඔවුන්ගේ නිවස ආසන්නයේ කඩයකට අපි ගියෙමු. කඬේ මුදලාලි හා ඔහුගේ බිරිඳ අප සමඟ දොඩමළු වූයේ කඳුළු පිරි දෙනෙතිනි. උපුල් අරුණ ශාන්ත මගේ් මල්ලි. මුදලාලි අපි සමඟ කතාබහ ඇරඹීය. ඒ අතර නිවසට දිව ගිය ඔහුගේ බිරිඳ මකුළු දැල් බැඳි රාමු කරන ලද තරුණයෙක් ගේ පිංතූරයක් රැුගෙන ආවාය.

”89 අවුරුද්දේ ඔක්තෝබර් 10 වැනිදා ? නවයට විතර අපිට සද්දයක් ඇහුණා. අපේ අම්මයි, තාත්තයි කඬේ හිටියේ. අපි පහළ ගෙදර හිටියේ. මායි, බිරිඳයි, අවුරුද්දක් විතර මගේ දරුවයි, මගේ ලොකු මල්ලියි, පොඩි මල්ලියි. අපි ජනේලේ උඩ කවුළුවෙන් සද්දෙ ආපු දිහා බලද්දි මේ උඩ ගෙදර ජපන් මල්ලිව ඇදගෙන ඇවිත් ජීප් එකකට දාගන්නවා අපි දැක්කා. ඊට ටික වෙලාවකට පස්සේ අපේ ගෙට ආවා. අපි තුන්දෙනාගේ නම් අහලා ලොකු මල්ලිව ගත්තා. අපි ඇහුවා  ඕගොල්ලො කවුද කියලා. ‘පොලිසියෙන්’ කිව්වා. ඒත් එයාලා යන්න හදද්දි කවුද එක්කෙනෙක් ”විත්ඩ්‍රෝ… විත්ඩ්‍රෝ” කියලා කිව්වා. ‘විත්ඩ්‍රෝ’ කියන්නේ ආමි එකේ වචනයක්නේ. එදා මේ අහල පහළ 7 දෙනෙක් අරන් ගියා.”

මේ අතර ඔහුගේ බිරිඳ අඬමින් තම මතකයන් කිව්වා.

”අපි පස්සේ පොලිසි ගියා. දන්න හැමෝටම කිව්වා. දිනේෂ් ගුණවර්ධන මහත්තයාට කිව්වා. ඒත් මල්ලි ගැන තවමත් දන්නේ නැහැ. පස්සේ පන්සල් ගානේ, සාත්තර පොළවල් ගානේ ගියා. මේ දුකටම වැඩි දවසක් යන්නේ නැතිව තාත්තා මැරුණා. අම්ම තාම ඉන්නවා. ඒත් එයා ලෙඩින්. අම්ම තාම හිතනවා මල්ලි එයි කියලා. මේ පින්තූරෙ අපි හංගලා තියන්නේ. ඒක දැක්කම අම්මට ගොඩක් දුකයි. අඬනවා. මේ ඊයේ පෙරේදා මල්ලිගේ පින්තූරෙ පෝස්ටර් ගහලා කියලා කඬේට ආපු කෙනෙක් කියලා. ගිහිල්ලා ඒක බලලා හොඳටෝම ඇඬුවා. මල්ලි අරන් යද්දි ඒ ජීප් එකේ බස්සෙක් ඉදලා තියෙනවා.”

”බස්සෙක් කියන්නේ” මගේ නොදන්නාකම කට ඉස්සර කළා.

”ඒ කියන්නේ ගෝනි බිල්ලෙක්. එයා ඔළුවෙ ඉඳන් වහගෙන ඉන්නේ. එයා සාක්කිකාරයෙක්. එයා කවුරුහරි ගමේම කෙනෙක්. හමුදාවෙන් ගෙවල්වලින් අරන් එන අයව ගෝනි බිල්ලට පෙන්නුවම එයා ඔළුව වැනුවොත් ඒ අරන් ඉන්න කෙනා ජේවීපී කරපු කෙනෙක් කියලා කියන්නේ. ඒත් අපේ මල්ලි ටේලර් ෂොප් එකක වැඩ කර කර උන්නේ. එයා ජේවීපී කළා නම් මේ  උඩ ගෙදර ජපන් මල්ලි ගනිද්දි එයාත් හැංගෙනවානේ බයේ. එයා ගෙදරම හිටියේ එහෙම බය වෙන්න දෙයක් තිබුණේ නැති හින්දයි.”

අපි ඔවුන්ගෙනුත් සමුගත්තෙමු. විමලේ මාමා කියන පරිදි හෝකන්දර සමූහ මිනීවලේ කතාව මේ සෑම කතාවකටම වඩා ඛේදනීය එකකි. එහි පාසල් යන වයසේ දරුවකුද පුළුස්සා මරා දමා ඇත. ඒ බව තහවුරු වී ඇත්තේ පාසල් අඳින නිල්පාට කොට කලිසමක් සහිත කකුල් දෙකක්ද ඒ මළ කඳන් අතර තිබීමෙනි.

එම මිනීවලේ කතාව සොයන්නට යැයි අප හෝකන්දර ප‍්‍රදේශයේ තවත් ඉසව්වකට ගියේ විමලේ මාමාගේ මඟ පෙන්වීම අනුවය. ඒ අනුව එක්තරා නිවසක කාන්තාවක් සිය අනන්‍යතා හෙළි නොකරමින් මෙසේ පැවසීය.

DSC00163”ඔය මිනීවලේ දාලා තියෙනවා පවුලක්ම. 88 දේශපාලනය කරපු ශිෂ්‍යයෙක් හොයාගෙන ගිහින් එයා ගෙදර නැති නිසා අම්ම, තාත්තා, නංගි, මල්ලි සේරම ගෙනල්ල පිච්චුවා කියනවා. ඒ ගෑණු ළමයට බලහත්කාරකම් කරලා. තව මනුස්සයෙක් කඬේට ඇවිත් ? ටෝච් එකකුත් අරන්. මිනිස්සූ කෑ ගහන සද්දෙට ඒ පැත්තට බලන්න යද්දි කඬේ අය කියලා යන්න එපා කියලාත්. මේ මනුස්සයා ගිහින්. එයාවත් අල්ලලා අමුවෙන් පුච්චලා කියනවා. එයාගේ ටෝච් එකත් මිනීවලේ තිබිලා. සුමිත් එදිරිසිංහ කියලා පොලිස්කාරයෙක් මේ පැත්තේ ඉන්නවා.

මිනිහා දැන් නියෝජ්‍ය පොලිස්පති කෙනෙක්. එයා ගැනත් කට්ටිය එක එක කතා කියනවා. එයාගේ තාත්තගේ මළ ගෙදරට එද්දි ඒ එන පාරෙ බිම් බෝම්බයක් අටවලා තමයි ජේවීපී අය මෙයාව මරන්න හදලා තියෙන්නේ. බිම් බෝම්බේ පිපිරුණාට මේ මිනිහා අහුවුණේ නෑ. එතන හැදුනු වලට එදා ? වටේම හිටපු අය අරන් ඇවිත් ටයර් දාලා අමුවෙන් පුච්චලා තියෙනවා. එතන මිනී 18ක් තිබ්බා. සමහරු පොලිසියේ හිටපු අපරාධකාරයො කියලත් කියනවා.”

මීළඟට අපට හමුවුණේ මේ මිනී වළේ පිළිස්සුණු කෙනෙක්ගේ බිරිඳක්.

”දැන්  ඕව කතා කරන්නවත් මං කැමති නැහැ. මගේ මහත්තයා පේ‍්‍රමරත්න හතමුනගේ. එයා මුලින් ධර්මපාල කණිෂ්ටේ ඉගැන්නුවේ. ඒ කාලේ ආහාර ඇමැති කිංස්ලි ටී. වික‍්‍රමරත්න මහත්තයාගේ ලේකම් කෙනෙක් විදිහට අන්තිම කාලේ වැඩ කළා. ඒ අතර දිනේෂ් ගුණවර්ධන මහත්තයලා එක්කත් සම්බන්ධකම් තිබ්බා. එහෙව් මනුස්සයවත් මැරුවා. මොන හේතුවකට කළාද දන්නේ නැහැ. ඊට පස්සේ දරුවො ලොකු මහත් කරන් ජීවත් වෙන්න මං නොවිඳිනා දුක් වින්දා. නඩු කිව්වා. වැඩක් වුණේ නැහැ. කවුරුත් අපි ගැන බැලූවේ නැහැ.”

මීළඟට අපට හමුවුණේ ඒ මිනීවලේ පිළිස්සුණු කෙනෙක්ගේ දියණියක්. ඔවුන්ගේ නිවස තවමත් කපරාදු නොකරන ලද පුංචි කාමර දෙකක්.

”මගේ තාත්තා සුනිල් සිල්වා. එයා වෙස් මූණු කැටයම්කාරයෙක්. ඒ කාලේ අපේ ගෙදර එක කාමරයක් කුලියට දීලා තිබ්බේ. ඒකේ ගෑණු කෙනෙකුයි, පිරිමි කෙනෙකුයි හිටියා. ඒ අය හම්බවෙන්න නිතර කට්ටිය ආව ගියා. මට එතකොට අවුරුදු 13යි. අපේ අම්මට මේ දෙන්න ගැන සැක හිතිලා අම්ම ඇහුවා ඔයාලා කවුද කියලා. එයාලා ජේවීපී කරපු අය. අම්ම එයාලට යන්න කිව්වා. මේ පැත්තේ කට්ටියව හමුදාවෙන් අරන් යන හින්දා අම්ම බයේ තාත්තව ගෙදරින් යැව්වා. අපේ නෑ කෙනෙක්ගේ ගෙදර. එක දවසක්, එදා 89 අගෝස්තු 21. තාත්තා ගෙදර ආවා අපිව බලන්න. හරියටම ? ප‍්‍රවෘත්ති යන වෙලාව. අපේ ගේ වටකරලා හමුදාවෙන් ඇවිත් තාත්තාව අරන් ගියා. ඊට කලින් දවසේ බිම් බෝම්බෙ පිපිරුවේ. ඒ වලේ එදා ? අපේ තාත්තලාව පුච්චලා. අපේ අම්ම තාත්තගේ සරමෙන් අඳුනගත්තා. පස්සේ චන්ද්‍රිකා ආණ්ඩුව කාලේ අම්මලා නඩු කිව්වා. ඒත් මුකුත් වුණේ නෑ. වුණේ අපිට තාත්ත නැති වුණ එක විතරයි.”

මේ කතාබහ අවසාන වෙද්දි රාත‍්‍රී අඳුර වැටිලා. ආපසු යා යුතු හෙයින් අපි ඇගෙන් සමුගත්තා. එහෙත් සමාජයත් සමඟ මේ ඛේදවාචකය පිළිබඳ කතා බහ නව වටයකින් ආරම්භ කරන්න හිතන් අපි එන්න පිටත් වුණා. දකුණේ අම්මලාගේ, තාත්තලගේ, දරුවන්ගේ, ස්වාමිපුරුෂයන්ගේ, බිරින්දෑවරුන්ගේ අවුරුදු 26ක කඳුළුවල වේදනාවම උතුරේ මිනිස්සුන්ටත්, අධ්‍යාපන පෞද්ගලිකකරණයට එරෙහි සටනෙදි 2012දී අපට අහිමි වුණ ජනකගේ, සිසිතගේ ළැබැදියන්ටත් ඒ වගේ තව අපි නොදන්න ගොඩක් මිනිස්සු වෙනුවෙන් ඒ අයගේ සමීපතමයන්ටත් මේ දුක මේ විදිහටම දැනෙනවා ඇති. ඔවුන් හැමෝගෙම ඇස්වලින් ගලන කඳුළු එකයි කියලා මට හිතුනා.

ඔවුන් වෙනුවෙන් ඇ`ඞීමට වඩා යමක් කළ යුතුයි. ඇත්තෙන්ම ඔවුන්ව ජීවත් කළ යුතුයි. එය කළ හැක්කේ ජීවත්වන අපටයි.

ශ්‍යාමලී ලියනආරච්චි