ඇවිලෙන විරෝධය ගැන සිවිල් සංවිධාන නියෝජිතයෝ කියති

v

ජනවාරි 8 ජනාධිපතිවරණය පිළිබඳව ජනතාව තුළ මෙන්ම සිවිල් සංවිධානවල වෙනසක් සඳහා අලූත් බලාපොරොත්තුවක් ඇතිවිය. එය එලෙස ඉටුවී ඇද්ද යන්න විමසන විට අප වෙත අදහස් දක්වන සිවිල් සංවිධානවල ප‍්‍රතිචාරය මෙසේය.


ජනවාරි 8න් පසුව කිසිම පැහැරගැනීමක් සිදුවෙලා නැහැ

– ගාමිණි වියන්ගොඩ – පුරවැසි බලය

  • පසුගිය ජනාධිපතිවරණයට පෙර තිබුණු ඔබේ අපේක්ෂාව කුමක්ද?

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ රෙජිමය අවසානයක් කරන එක තමයි පළමු කාරණය. ඒ අවශ්‍යතාව මතුවුණේ එය අවසන් නොකර මේරටේ ප‍්‍රජාතන්ත‍්‍රවාදය සඳහා වන කිසි ප‍්‍රතිසංස්කරණයක් කර ගැනීමේ ඉඩක් නොතිබීම. කාරණා දෙකක් අපේක්ෂා කළා.

එකක් තමයි ප‍්‍රජාතන්ත‍්‍රවාදී ප‍්‍රතිසංස්කරණ ඇති කර ගැනීම. ඒ සඳහා මහින්ද රාජපක්ම රෙජීමය පරාජය කිරීම.

  • දැන් මේ ආණ්ඩුව ගැන ජනතාව තුළ නොසන්සුන්කාරී තත්වයක් ඇතිවෙලා තියෙනවා නේද?

මොකක්ද ඔබ අහන නොසන්සුන්කාරී තත්වය උදාහරණයක් මට කියන්න.

  • එකක් තමයි රුපියල් 10,000ක් මූලික වැටුපට එකතු කරනවා කිව්වා…….

10,000 ප‍්‍රශ්නේ නෙවෙයි, වෛiවරු වාහන පර්මිට් එක ඉල්ලලා අද උද්ඝෝෂණය කරනවා.  ඕකද නොසන්සුන්තාවය කියන්නේ. අයවැයක් ආවාම කොහොමත් නොසන්සුන්තාවක් තිබෙනවා. නිදහසෙන් පස්සේ විවේචනයට ලක් නොවිච්ච බජට් එකක් නැහැ. ඒක තීරණය වන්නේ ඒ සමාජ කොටස්වලට ඒක බලපාන විදිහට විවේචන ඉදිරිපත් කරනවා. සමහර සමාජ කොටසකට හොඳවිදියට බලපාන්න පුළුවන්. සමහරුන්ට නරක විදිහට බලපාන්න පුළුවන්. ඒකට හොඳම උදාහරණය තමයි කාර් පර්මිට් එක නැතිවීම පිළිබඳ දොස්තරලා ස්ට‍්‍රයික් කරන එක. මම සලකන්නෙ නැහැ  ඕවා නොසන්සුන්තාවන් කියලා. මම කියන්නෙ කාර් පර්මිට් ඔක්කොටෝම දෙන එකක නවත්වන්න  ඕන. අපි හරිදේට පෙනී සිටිනවා. මම කියනනේ කාර් පර්මිට් දෙනව නම් ඒ දෙන එක නියාමනය කරන්න  ඕන. උදාහරණයක් විදිහට කියනවා නම් අවුරුදු 5කට පර්මිට් එකක් දෙනවා නම් ඒ දෙන අවුරුදු 5 දී මොන විදිහකටවත් අන්සතු කරන්න බැරිවෙන්න  ඕන. ඒවට නීති අපි ගෙන්න  ඕන. එහෙම කරනවානම් වංචාවක් ලෙස සලකලා එයාලා හිරේ දාන්න නීති හදන්න  ඕන.

අපේ රටේ හාමුදුරුවරු මිලියන ගාණකට කාර් පර්මිට් එක බ්ලැක් මාකට් එකේ වික්කා. කාර් පර්මිට් එක සියයට සියයක් පාවිච්චියට ගන්නෙ මුලින් දොස්තරවරු විතරයි. ඊට පස්සේ එන  කීදෙනෙක්  ඕක විකුණලා තියෙනවාද? හොයලා බලන්න. සේවයට එන අය ඊට පස්සේ විකුණ ගන්නවා.  ඕවගේ දූෂණවලට ඉඩ තියලා වැඩක් නැහැ. මන්තී‍්‍රවරුන් ගැන කතාකරලම වැඩක් නැහැ. එයාලා එන්නේ මහජන සේවය කරන්න. ඒකට දෙනවනම් එයාලට ඒක විකුණන්න බැරිවෙන්න  ඕන. ඇයි? මහජන සේවය කරන්න ඒක  ඕනනේ.  නමුත් ඒක විකුණනවා. මේවගේ පැහැදිලි තත්වයක් තියෙද්දි ඒක සමාජ නොසන්සුන්තායක් කියලා කියනවා නම් ඒක වැරදියි මම කියන විදිහට.

  • අයවැය ගැන ඔබගේ අදහස මොකක්ද?

දුම් පරික්ෂාවට රුපියල් 5000ක් අයකරනවා. ඉන්දියාවෙන් ගෙන්න පුංචි වාහනයටත් රුපියල් 5000යි. මේ රටේ ධනපතියන්ට ගෙන්වන වාහනයටත් රුපියල් 5000යි. වැරදි වැඩක් ඒක. අපේ රටේ ආනයනික වාහනවල  තීරුබදු වෙනස් වෙනවානම් ඒකේ සයිස් එකේ සහ මිලේහැටියට දුම් පරික්ෂාවටත් ඒ කැටගරි එක එහෙමම තියෙන්න එපැයි. එහෙම කරනවානම් අන්තිම මන්ද බුද්ධික වැඩක්. ඊලඟට ඒ දුම් පරික්ෂාවෙන් ආණ්ඩුවට මම දන්න විදිහට 10% එන්නේ. 1500දී 150ක් ආණ්ඩුවට ආවා. එක රුපියල් 5000ක් උනාට පස්සේ රුපියල් 500ක් ආණ්ඩුවට එනවා. 1500න් 15% ආණ්ඩුවට එනකොට 10%ක් යනවා කොම්පැනි කාරයන්ට.

එතකොට ඒ මිනිහගේ ආදායම් නග්ගන්න බජට් එකෙන් වැඩ කරලා තියෙන්නේ. ඒ මිනිහනේ මේකෙන් හම්බ කරන්නෙ ඊළඟට. අපි එකඟ නොවෙන දෙවල් තියෙනවා. හැබැයි සාධාරණ වෙන්න  ඕන. අපිට විරෝධතා දැක්වීම සඳහා, ස්ට‍්‍රයික් කිරීම සඳහා, බලය පෙන්වීම සඳහා සාධාරණත්වයකින් තොරව ප‍්‍රශ්න මතුකරන්න නෙවෙයි තියෙන්නේ. ඔය ස්ට‍්‍රයික් කරන මිනිස්සු මම දකින්නෙ මහින්ද රාජපක්ෂ බලයට ගෙන ඒමට වක‍්‍රාකාරයෙන් උදවුකරන අය.

මම බජට් එකට එකඟ නොවන තව උදාහරණයක් කියන්නම්  මේ රටේ බදු සිස්ටම්  එක තියෙන්නේ දැන්  15%ක්  ඍජු බදු. 85% වක‍්‍රබදු. මේක වෙනස්විය යුතුව තිබුණා මේ බජට් එකෙන්. ඍජු බදු කියන්නේ  ආදායම් බදු ගන්න ඒවා. මිනිස්සු හම්බකරන කොට වැඩියෙන් ලාභ උපදවන තැන්වලින් කෙලින්ම ගන්නවා. ඒවා තමයි ඍජු බදු කියන්නේ එවා 15%යි. වක‍්‍ර බදු කියන්නේ සීනි කිලෝ එකෙන්, පරිප්පු රාත්තලෙන් ගන්න එවා. ඒ කියන්නෙ අපෙන් ගන්න ඒවා.  අපේ රටේ හැටියට මේ ඍජු බදු කියන ඒවා මීට වැඩිය වැඩිවෙන්න  ඕන. මම කියන්නෙ නැහැ ධනපතියන්ගේ රත්තරන් බිත්තර දාන කිකිලිව මරාගෙන කන්න කියන එක නෙවෙයි මම මේ කියන්නේ.

හැබැයි මේ 15% සීමා තව එහාට ගෙන යන්න තිබුණා. අඩුගාණේ 25% දක්වාවත් ගෙනියන්න තිබුණා.  එහෙම නැතුව අර තිබිච්ච විදිහට බදු පවත්වාගෙන යාමට මම එකඟ වෙන්නේ නැහැ. මේවා අපේ තියෙන විවේචන හැබයි අපේ තියෙන විවේචන අරගෙන ආණ්ඩුවට විරුද්ධව ස්ට‍්‍රයික් කරන්න යනවා නම් ඒක මම දකින්නේ අමනෝඥකමක් විදිහට විතරක් නෙවෙයි. මහින්ද රාජපක්ෂව නැවත ගෙන ඒමට කරන උත්සාහයක් විදිහට. අනිත් ඒක දොස්තරලාට කාර් පොමිට් එකක් සම්බන්ධයෙන් මේ විදියේ රුදාවක් ඇතිවෙන එක මට තේරුම් ගන්න බෑ. ඒක නිසා ඔය කියන දේවල් සම්බන්ධව යථාර්ථවාදීව බලන්න  ඕන.

ඊළඟට රුපියල් 10,000 මූලික වැටුපට එකතු කරනවාද නැද්ද කියන එක පිළිබඳව අපට සංවාද කරන්න පුළුවනි. කතා කරන්න පුළුවන්. ආපු ගමන් මේවා අල්ලගෙන ස්ට‍්‍රයික් කරන්න යනවා කියන්නෙ මම දකින්නේ ප‍්‍රතිගාමි වැඩක් විදිහට.

  • කම්කරු නීති සංශෝධනය ගැන ඔබේ අදහස මොකක්ද?

කම්කරු නීති සංශෝධනය මොන පරමාර්ථයකින්ද කරලා තියෙන්නෙ කියලා බලන්න  ඕන. ඒවා කම්කරු පන්තිවලට බලපාන්නෙ කොහොමද කියලා බලන්න  ඕන. නැත්තම් උඩින් පල්ලෙන් අරගෙන කතාකරන්න පුළුවන් කමක් නැහැ.

  • පැහැර ගැනීම් මර්දනයන් අවසන් වෙලා නැහැ. ඒ සම්බන්ධයෙන් ඔබේ අදහස?

පැහැර ගැනීම් කොහෙද? සිද්ධ වෙලා තියෙන්නේ?

  • ශිෂ්‍ය උද්ඝෝෂණයට පහර දෙන එක?

නෑ නෑ ගහන ඒවා නෙවෙයි පැහැර ගැනීම් ගැනනේ ඔයා කිව්වේ. පැහැරගැනීම් කොහේද? වාර්තාවෙලා තියෙන්නේ? ඔයා දන්න ඒවා මට කියන්න කෝ?

  • පත්තරවලත් වාර්තාවෙලා තියෙනවා නේද?

නෑ නෑ මට කියන්න ඔයාල කියවන පත්තර මමත් කියවනවානේ. කොහෙද? කාවද කවද්ද පැහැර ගත්තේ. බොරුනේ  ඕවා. මම මේ කියන ඒවා ඔය පත්තරේ දාන්න. මේවා කපලා ඔයාට  ඕන ඒවා විතරක් දාන්න එපා. එහෙම කළොත් මම ඉන්ටර්විව් දෙන්නෙත් නැහැ.  එහෙම වෙලා නෑ ජනවාරි 8න් පස්සේ.  ඒකයි තත්වය. මෙහෙම තියෙද්දි ඇයි ඔයාලා විකෘති කරන්නේ.

——————

රාජපක්ෂ ආණ්ඩුව පෙරලූවේ හොඳ අයවැයක් ගන්න නෙවෙයි.

නිර්මාල් රංජිත් දෙවසිරි

එක එක්කෙනාගේ එක එක අපේක්ෂාවන් තිබුණා. මම කියන්නම් මගේ අපේක්ෂාව ගැන. මගේ අපේක්ෂාව වුණේ රාජපක්ෂ පාලනය බිඳ දැමීම. ඒකට තමයි මූලික වශයෙන්ම මම වැඩ කළේ.

දැන් තියෙන ආණ්ඩුවට තියෙන විවේචන ගැන  වෙනම කතා කරන්න  ඕන. රාජපක්ෂ ආණ්ඩුව පෙරලූවේ හොඳ අයවැයක් ගන්න නෙවෙයි.

අයවැයෙ තියෙන එක එක අංශ ගැන විවේචනය කළා. අධ්‍යාපනය ගැන තියෙන ඒවා ගැන විවේචනය කළා. ඒකේ විශේෂ අය වැයක් නැහැ. කලිනුත් තිබුණ විදියක් තියෙනවානේ. 77න් පස්සේ ලංකාවේ ආර්ථිකය ගමන් කරන්නේ එක දිසාවකට. ඒකම තමයි මේකෙත් තියෙන්නේ.

කම්කරු නීති ගැන ලොකු ප‍්‍රශ්නයක් තියෙනවා. දැන් සාමාන්‍යයෙන් ආණ්ඩු දිගටම උත්සාහ කරනවා. ලංකාවේ තියෙන්නෙ කම්කරු නීති කම්කරු ව්‍යාපාර බලවත් කාළේ හැදිච්ච ඒවා තියෙන්නෙ. ඒවා ලංකවේ ආර්ථික වර්ධනයට බාධාකාරි නැත්නම ශ‍්‍රම වෙළඳපොළ ලිබරල්කරණය සඳහා බාධාකාරියි කියලා හිතනවා. මේ ගොල්ලො සෑහෙන්ට උත්සාහ කරනවා ඒවා වෙනස් කරන්න. 1990 ගණන්වලා ඉඳලාත් ඊට කළිනුත්  උත්සාහ කරලා තියෙනවා. 77පස්සෙම ආණ්ඩුවල උත්සාහයක් තමයි ශ‍්‍රම වෙළඳපොළ ලිබරල්කරණය කිරීම. ඒක දිගටම කරයි.

ආණ්ඩු හිතන විදියතමයි තමන්ට විරුද්ධව යම් ප‍්‍රවණතා එනකොට ඒවා මර්දනය කරන එක. ඒ  නිසා තමන්ගෙ පැවැත්මට හානියක් වෙනවානම්  ඒවා මර්දනය කරනවා.

—————–

රාජපක්ෂ පාලනය විසින්  ජාතිවාදය ආගම්වාදය දේශපාලන ක‍්‍රමයක් ලෙස යොදාගත්තා

කෞශල්‍ය කුමාරසිංහ – අලූත් පරපුර

රාජපක්ෂ රෙජීම් එක විසින් යම් ආකාරයක ඒකාධිපති පාලනයක් අරන් ගියා. තවත් පාරකින් පාලනය ගෙනිච්චා. ජාතිවාදය, ආගම්වාදය දේශපාලන ක‍්‍රමය විදිහට පාවිච්චි කළා. ඒ නිසා පිරිහිමකට ලක් වුණා. එම පාලනය වෙනස්කිරීමට  අදාළ මඟ හැර යා නොහැකි තත්වයක් උදාවෙලා තිබුණා.

අයවැය සම්බන්ධයෙන් මිශ‍්‍ර එකක් තමයි කියන්න තියෙන්නේ. විප්ලවකාරි දේවල් ගොඩක් තියෙනවා. යම් ජනතාවාදි නැඹුරුවකුත් තියෙනවා. යම් විදිහකට විවෘත අරගලයකට ඉඩක් තියෙනවා.

ශිෂ්‍ය අරගලවට පහරදීම් සිද්ධවෙන කොට මම දන්න තරමින් හැමෝගෙම විරුද්ධත්වය ප‍්‍රකාශ කළා. කොටදෙනියාවෙදි වගේ පැහැරගැනිම්වලට විරෝධයක් ආවා. ආණ්ඩුවේ දෘෂ්ටිවාදි උපකරණ තියෙනවා මර්දන උපකරණ තියෙනවා. අපි හැම විටම පුරවැසියන් විදිහට යම් බලයක් තියාගන්න  ඕන. එවැනි මර්දනකාරිත්වයකට හිස ඔසවන්න නොදි මැඩපවත්වා ගන්න  ඕන.