ගුණරත්නම් පැහැර ගැනීමේ මෙහෙයුම : ගෝඨා කියන්නේ ඇත්තද?

Kumarr2012 වසරේදී කුමාර් ගුණරත්නම් පැහැරගැනීම සම්බන්ධව සතිඅන්ත පුවත්පතකට ජනමාධ්‍යවේදී ශාන්ත විජේසූරිය විසින් කර ඇති විශේෂ හෙළිදරව්වෙන් මතු කළ කරුණු අවධානයට ලක් කළ යුතුව ඇත. ඔහු එහි පවසන ආකාරයට 2011 සැප්තැම්බරයේ කුමාර් ලංකාවට පැමිණීමෙන් පසු අත්අඩංගුවට ගැනීම සඳහා ආරක්ෂක අංශයේ විශේෂ කණ්ඩායම් කිහිපයක් යොදවා තිබිණි. ඒ අතර යතුරුපැදි කණ්ඩායමක්ද විය. දෙහිවල හා පිළියන්දළ ප‍්‍රදේශයේ ස්ථාන කිහිපයකදී කුමාර් අත්අඩංගුවට ගන්නට උත්සාහ ගෙන තිබූ බව මාධ්‍යවේදී ශාන්ත සිය මූලාශ‍්‍ර ඇසුරින් හෙළිකරයි.

එය, තනි පුද්ගලයකු ඉලක්ක කළද උතුරේ යුද මෙහෙයුම් අවසන් කළ පසුව ආරක්ෂක අංශ ඒකාබද්ධව සිදුකළ ප‍්‍රබලම මෙහෙයුමක් විය. නිසැකවම එයට ත‍්‍රිවිධ හමුදාවේ සාමාජිකයන් මෙන්ම පොලිසියේ ඒකාබද්ධ ක‍්‍රියාකාරිත්වයක් විය. කිරිබත්ගොඩ ප‍්‍රදේශයේ කෙරුණු මෙහෙයුම සම්බන්ධව සුවිශේෂි තොරතුරක් මාධ්‍යවේදී ශාන්ත විසින් හෙළිදරව් කරයි. එනම් 2012 අපේ‍්‍රල් 06 දින පස්වරුවේ පොලිස් ඔත්තුකරුවකු හෝඩුවාවක් ඔස්සේ කළු පාට යතුරුපැදියක් ලූහුබැඳ යමින් කිරිබත්ගොඩ නිවසකට ගමන්කර ඇත. අඩක් ඉදිකර ඇති එම නිවස පෙරටුගාමී සමාජවාදී පක්ෂයට සම්බන්ධ නිවසක් බවට සැකකරමින් රාජ්‍ය බුද්ධි සේවාව (SIS) වෙත තොරතුරක් ලබාදී ඇත.  රාජ්‍ය බුද්ධි සේවයේ එවකට අධ්‍යක්ෂ නියෝජ්‍ය පොලිස්පති චන්ද්‍ර වාකිෂ්ට විසින් මේ පිළිබඳව හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය දැනුවත් කර ලබාගත්් උපදෙස් මත මෙහෙයුමක් සැලසුම් කර තිබේ.

පෙරටුගාමී සමාජවාදී පක්ෂය මේ වනවිට සිටියේ සිය ප‍්‍රථම පක්ෂ සමුළුව සඳහා සූදානම් වෙමිනි. එම පක්ෂයේ පළමු පෙළේ ක‍්‍රියාකාරිකයන් රැුසක් අපේ‍්‍රල් 6වැනි දින කිරිබත්ගොඩ ප‍්‍රදේශයේ ස්ථානයක සාකච්ඡාවකට පැමිණියහ. දින දෙකකට පසුව පැවැත්වීමට නියමිත සමුලූවට අදාළ සැලසුම් අවසන් වශයෙන් සමාලෝචනය කරමින් ඔවුන් සාකච්ඡුාව අවසන් කරන විට රාත‍්‍රිය එළඹ තිබිණි.

පසුදා වෙනත් දේශපාලන සාකච්ඡුාවක් සඳහා දුරබැහැරක පිටත්ව යාමට කුමාර් පක්ෂයෙන් ලබාදුන් මෝටර් රථයක නැගී පිටත් විය. එහෙත් එම වාහනයේ යාන්ත‍්‍රික දෝෂයක් නිසා ගමන නවතා ආසන්න ස්ථානයක රාත‍්‍රී නවාතැන් ගන්නට ඔහු තීරණය කළේය. ඒ සඳහා ඔහු තෝරාගත්තේ

කිරිබත්ගොඩ සිය හිතවතකුගේ ඉදිවෙමින් තිබුණු නිවසය. ඔත්තුකරුවා විසින් දුන් තොරතුරු මත බුද්ධි අංශයේ අවධානයට ලක්ව තිබුණේ මෙම නිවසය. කුමාර් එම නිවසට යනවිටත් එහි ආරක්ෂක අංශ විසින් නිවසට යාබද නිවසේ සිටියවුන් බියවද්දා යටත් කරගෙන ඔවුන්ගේ නිවස යොදාගෙන මෙහෙයුම ආරම්භ කර තිබිණ. එම නිවසට එන හා නිවසින් පිටවන අය පිළිබඳව නිරික්ෂණය කිරීම සඳහා එදින සවස් කාලයේ සිට නිලධාරින් යොදවා තිබුණි.

ගෝඨාභය විසින් හෙළිකර ඇති ආකාරයට නිවස අසළ නිවසක පුද්ගලයකු බුද්ධි අංශ වෙත තොරතුරු සැපයීමක් සිදු කර ඇත. අවට ප‍්‍රදේශයේ සතුරන් වාඩි ලා සිටින අතර කුමාර් එහි රාත‍්‍රී නවාතැන් ගත්තේය. කෙසේවෙතත්, ගුණරත්නම් පැහැරගැනීමේ මෙහෙයුමට සහභාගි වන නිලධාරීන් සිවිල් ඇඳුමෙන් සැරසී කිරිබත්ගොඩ නිවස ආසන්නයට පැමිණ ඇත්තේ රාත‍්‍රී 9 පමණ වන විට බව ශාන්ත විජේසූරිය හෙළිකරයි.

පසුදින කාර්යයන් සඳහා යාමට මෝටර් රථය භාවිත කළ නොහැකි නිසා සගයකු පසුදින උදයේ ගෙන්වා ගන්නට ඔහු විසින් කටයුතු සූදානම් කරගෙන තිබිණි. රාත‍්‍රී 10ට පමණ ගුණරත්නම් විසින් නිවසේ  සියලූ‍ විදුලිපහන් නිවා දමන ලදී. පළමුවෙන්ම, ආරක්ෂක අංශ සාමාජිකයන් ඔහු සිටි නිවසේ වත්තට ඇතුළු වූහ. ඒ අතුරින් විශේෂ හැකියාවන් සහිත අයෙක් නිහ`ඩව නිවසේ උඩුමහලේ දොරක් විවරකර ගැනීමට කටයුතු කළහ. නිවසේ සිටි කුමාර්ට නොඇසෙන පරිදි එසේ කරන්නට ඔවුන් පරික්ෂාකාරී වන්නට ඇත. මෙම කාර්යයන් සිදුවෙද්දී පසුදින අලූයම් කාලය එළඹිණ. ඉන්පසුව, නිවස උඩුමහලට කඩාවැදුණු සන්නද්ධ පිරිස විසින් කුමාර් ගුණරත්නම් පැහැරගෙන යන ලදී.

අපේ‍්‍රල් 7 වැනි දින කුමාර් සමග යාමට එහි ළඟා වූ සගයාට අමුත්තක් දැණුනේ නිවස අවට දක්නට ලැබුනු තත්වය දුටු විටය. ඔහු වහාම නිවසට ඇතුළු වී ඇත. එහිදී ඔහු දැක්කේ කිසිවකු නිවසේ දොරගුලූ කඩා ඇති බවය. වහාම නිවස තුළට ගිය ඔහු, කුමාර් එහි නැති බව දැනගත් විගස තම පක්ෂයේ වගකිවයුතු සගයන්ට දුරකතනයෙන් අමතා සිදුව ඇති දෙය දැනුම් දුන්නේය. ඉන්පසුව, පක්ෂයේ වගකිවයුතු නායකත්වයට මෙම අනතුර දැනුම් දෙන ලදී. එහිදී ඔවුන්ට දැනගන්නට ලැබුණේ දිමුතු ආටිගලගේ දුරකථනයට පිළිතුරු නැති බවයි.  ඔවුන් විසින් පළමුව කළේ දිමුතුගේ නිවසේ ඥාතින් සම්බන්ධ කරගැනීමය. ඇය රාත‍්‍රියේ නිවසට පැමිණ තිබුණේ නැත. පසුව කළ විමසුමකදී හෙළි වූයේ එම දුරකථනය අතුරුගිරිය ප‍්‍රදේශයේදී අක‍්‍රිය කරනු ලැබ ඇති බවයි.

පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ සෙසු ඉදිරි ක‍්‍රියාකාරින් රැස්ව ඇතිව තිබෙන හදිසි තත්වය පිළිබඳ සාකච්ඡුා කළහ. මේ අනුව, සිය පක්ෂයේ ජ්‍යෙෂ්ඨයන් දෙදෙනකු අතුරුදන්ව ඇති බව ඔවුන් විසින් පක්ෂ සාමාජිකයන්ටත්, ජනමාධ්‍ය වෙතටත්, දේශපාලන පක්ෂ හා සිවිල් සංවිධානවලටත් දන්වන ලදී. අතුරුදන් වූ සාමාජිකයන් ගලවාගැනීම පිණිස ක්ෂණිකවත් පුළුල්වත් ගතහැකි පියවර ගැනීමට පෙරටුගාමී සමාජවාදී පක්ෂ සාමාජිකයෝ උත්සුක වූහ.

10මාධ්‍යවේදී ශාන්ත විසින් හෙළිකරන ආකාරයට බුද්ධි අංශ නිලධාරින් විසින් ගුණරත්නම්ගේ ඇස් බැඳ නිවසෙන් පිටතට ගෙන වාහනයක නංවා ගත්හ. ඉන්පසුව, වත්තල හේකිත්ත මුහුදට අසන්නයේ පොල්වත්තක් මැද පිහිටි ගෙයකට ඔහු රැුගෙන ගියහ. එම ස්ථානය රාජපක්ෂ පාලනය යටතේ ආරක්ෂක අංශ විසින් පවත්වාගෙන ගිය වධකාගාරයක් ලෙස හඳුන්වා දී තිබේ. මාධ්‍යවේදී විජේසූරියට අනුව, ගුණරත්නම්ගෙන් ප‍්‍රශ්න කරන්නට අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ වාකිෂ්ට හා හමුදා බුද්ධි අංශයේ හිටපු ප‍්‍රධානි හෙන්දාවිතාරන එම ස්ථානයට පැමිණ ඇත.

දිමුතු ආටිගල 10 වැනිදා මුදාහැරීමෙන් පසුව, තමන් මුහුණදුන් බිහිසුණු අත්දැකීම ගැන ජනමාධ්‍ය හමුවේ ප‍්‍රකාශයක් කළාය. ඇය කී ආකාරයට සාකච්ඡුාවෙන් පසුව ඇය පිටත් වූයේ ගොඩගම සිය නිවස බලා යාමටය. දුමින්ද නාගමුව යතුරු පැදියකින් කොට්ටාව ප‍්‍රදේශයට යාමට නියමිත වූ නිසා දිමුතු ඔහු සමග යතුරුපැදියේ පිටත් වූවාය. දුමින්ද පක්ෂයේ යම් කටයුත්තක් සඳහා පන්නිපිටිය පොල්වත්ත ප‍්‍රදේශයේ නැවතුනි. ඔහු නැවත පිටත්වීමට ප‍්‍රමාදවන නිසා දිමුතු කොට්ටාව බලා යන බස්රථයකට ගොඩවූවාය. ගොඩගම පිහිටි නිවස ආසන්නයේ හයිලෙවල් පාරේ ඇය බැසගන්නා විට රාත‍්‍රී 8 පසුවී ඇත. නිවස දක්වා යන පටු මාර්ගයේ රැුක සිටි නාඳුනන සන්නද්ධ පිරිසක් ඇය පැහැරගත්හ. ඔවුන් විසින් ඇයට කෑගැසීමටවත් අවස්ථාවක් නොදී, දෑස් වසා, බලහත්කාරයෙන් වාහනයකට නංවා ගෙන තිබිණි. දීර්ඝ ගමනකින් පසුව, ඈව ගෙන ගොස් ඇත්තේ එක්තරා ගොඩනැගිල්ලක උඩුමහලටය.

පැහැරගැනීමට පැමිණියවුන් අතර නිල් පැහැ නිලඇඳුම් හැඳ සිටි පිරිසක් සිටි බවත් නවීන ගිනි අවි තිබුණු බවත් ඇය දැක ඇත. පොලිස් නිලධාරින් භාවිත කරන භාෂාවට සමාන ආකාරයෙන් ඔවුන් කතා කළ බවද ඇය නිරීක්ෂණය කර තිබිණි. තම දේශපාලන ව්‍යාපාරය සන්නද්ධ ව්‍යාපාරයක් ගොඩනගන්නට ගන්නා උත්සාහයක් ගැනත්, එය විදේශගත තමිල් ජනයා සමඟ සබඳතා පැවැත්වීම ගැනත්, පක්ෂයේ අරමුදල්වලට මුදල් ලැබෙන ආකාරය ගැනත් ඔවුහු පළමු දිනයේදී ඇයගෙන් ප‍්‍රශ්න කර තිබිණි. පසුව කුමාර් ද සිටින ස්ථානයකදී ඔහුගෙන් හා ඇයගෙන් මාරුවෙන් මාරුවට ප‍්‍රශ්න කරමින් ඉහත කරුණුම නැවත වරක් විමසා තිබිණි.

කුමාර් පැහැර ගත්තේ ආරක්ෂක අංශ විසින් බවත් එය තමන්ගේ අනුදැනුමෙන් සිදුවූ බවත් පසුගිය දිනවල ගෝඨාභය රාජපක්ෂ විසින් පිලිගෙන තිබිණි. 2005 වසරේ රාජපක්ෂ ජනාධිපතිවරයා පත් වූ පසු ආරක්ෂක ලේකම් ධුරයට පත් කළ ගෝඨාභය විසින් පළමුවරට මේ සිදු කළේ තමන්ගේ අණසක යටතේ සිටි ආරක්ෂක අංශ සාමාජිකයන්ගේ පැහැරගැනීමක් පිළිබඳව පාපෝච්චාරණයකි. 2005 නොවැම්බරයේ සිට 2015 ජනවාරි 8 වැනිදා දක්වා ආරක්ෂක ලේකම් ඔහුය. ඒ කාලය තුළ මාධ්‍යවේදීන් විශාල පිරිසක් ඝාතනය කෙරිණි. උතුරේ මෙන්ම දකුණේ සිදුකළ පැහැරගෙන යාම් සිය ගණනකි. අතුරුදන් කිරීම් දහස් ගණනකි. මේවා සම්බන්ධව ගෝඨාභය රාජපක්ෂගේ වගකීම දැන් හෙළිදරව් වී ඇත.

2012 අපේ‍්‍රල් 7 වැනිදා ආරක්ෂක අංශ කිරිබත්ගොඩදී කළ මෙහෙයුමට සම්බන්ධ වූ පොලිස් නිලධාරින් විසින් කළ සේවය ඇගයීම පිණිස ඔවුන්ට මුදලින් ත්‍යාග පිරිනමා ඇති බව මාධ්‍යවේදී ශාන්ත විජේසූරිය විසින් සාක්ෂ්‍ය සහිතව හෙළි කර තිබේ. ’රජයට එරෙහිව ක‍්‍රියාත්මක වන රාජ්‍ය විරෝධී කණ්ඩායමක ක‍්‍රියාකාරිත්වය අඩපණ කිරීම’ යන මාතෘකාවෙන් පොලිස් අපරාධ අධ්‍යක්ෂ විසින් නිකුත්කර ඇති ලිපියක් මෙහි ගෙන හැර දක්වමු.

e

2014 ජනවාරි 14 දා එම ත්‍යාග පිරිනැමීමේ උත්සවයට සහභාගි වන ලෙස පහත නිලධාරීන්ට දන්වා යවන ලද ලිපියට අනුව, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී එල්. ජේ. පී. එස්. පීරිස්, ප‍්‍රධාන පොලිස් පරික්ෂක ඊ.ඒ.එස්. කුමාරසිංහ, පොලිස් පරික්ෂක ඩබ්.සී.එන්. විජයසේකර, උප පොලිස් පරික්ෂක සී. වැදිසිංහ, පොලිස් සැරයන් 26861 ආර්.එස්. ගොඩමුණේ,  පොලිස්  කොස්තාපල් 34775 බී.එම්.එම්.එස්. කුමාර, පොලිස් කොස්තාපල් 34736 පී.ඒ.එම්. පුෂ්ප කුමාර, පොලිස් කොස්තාපල් 16416 ආර්.එම්. එස්.ඊ.රත්නායක, පොලිස් කොස්තාපල් 56803 එම්.එස්.පුෂ්ප කුමාර, පොලිස් කොස්තාපල් 51504 ටී.එස්.අත්තනායක, පොලිස් කොස්තාපල් 78036 ඩබ්.එස්. ශාන්ත, පොලිස් පරික්ෂක ඩබි.සී.එන්.විජයසේකරගේ පුද්ගලික ඔත්තුකරු යන අයට මුදලින් ත්‍යාග පිරිනමා ඇත. මෙසේ මුදලින් ත්‍යාග ලබා ඇත්තේ පොලිස්පතිවරයාගේ ප‍්‍රධානත්වයෙන් පැවැති උත්සවයකදීය.

පොලිස්පතිවරයා රජයේ වගකිවයුතු නිලයක් උසුලන්නෙකි. ඔහුගේ රාජකාරි පිළිබඳ වගකීම ඇත්තේ ආරක්ෂක ලේකම්වරයාටය. ඒ කාලයේ එම වගකීම දැරුවේ ගෝඨාභය රාජපක්ෂය. මේ හෙළිව ඇති තොරතුරු අනුව, 2012 අපේ‍්‍රල් මස 6 වැනි දින රාත‍්‍රි 8ට පමණ දිමුතු ආටිගල පැහැරගැනීමත් එදිනම මැදියමේ කුමාර් ගුණරත්නම් පැහැරගැනීමත් සිදු කර ඇත්තේ ආරක්ෂක අංශ සාමාජිකයන් විසිනි. ගෝඨාභය විසින්ම කළ හෙළිදරව් කිරීමෙන් පසුව ගෝඨාභය විසින් එම පැහැරගැනීමට අණ දුන් බවට සැකයක් තිබිය නොහැකිය.

දැන් සාක්ෂ්‍ය සහිතව ඔප්පු වන්නේ නාඳුනන කල්ලි විසින් පැහැරගැනීමේ අවස්ථා මෙන්ම අංක තහඩු නැති සහ ව්‍යාජ අංක යෙදූ වාහන භාවිත කරමින් භීෂණයේ යෙදුණේ කවුද යන්නයි.  මේ වනවිටත් පොලිසිය ඇතුළු ආරක්ෂක අංශවල සම්බන්ධය ඒ වෙත තිබුණා නම් එය පැහැදිලි ලෙසම හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ එවකට ආරක්ෂක ඇමැති වශයෙන්ද හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය ද මෙම පැහැර ගැනීම් හා අතුරුදන් කිරීම් චෝදනාවලට වගකිව යුතුව ඇත.

මෙම හෙළිදරව් කිරීම් හමුවේ වත්මන් ආරක්ෂක ඇමැති වශයෙන් වගකීම දරන ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේනගේත් අගමැති රනිල් වික‍්‍රමසිංහගේත් තීරණය කුමක්ද? පසුගිය කාලයේ සිදුව ඇති වංචා දූෂණ පිළිබඳව පමණක් ජනමාධ්‍ය ඔස්සේ විවිධ ප‍්‍රකාශ නිකුත් කරන ආණ්ඩුව සාක්ෂි ඇතිව හෙළිදරව් කළ ඉහත පැහැරගෙන යාමේ සිදුවීම පිළිබඳ වගකීමෙන් කටයුතු කරනවාද නැද්ද? අප හමුවේ ඇති ප‍්‍රශ්නය එයයි.

චන්දන සිරිමල්වත්ත