හොර වෙද්දු සහ පවුල් පාලනය :: කතා දෙකක්

Untitled-1

අධ්‍යාපනයත් සෞඛ්‍ය සේවයත් මුදලාලිකරණය කර විකුණාගෙන කෑම මේ හැම ආණ්ඩුවේම ප‍්‍රතිපත්තියයි. ඒ ප‍්‍රතිපත්තියට කියන්නේ නවලිබරල් ප‍්‍රතිපත්තිය කියායි. ඒ ප‍්‍රතිපත්තිය ක‍්‍රියාත්මක කිරීමට මරාගෙන මැරෙන ඇමැතිවරු මේ හැම ආණ්ඩුවකම සිටියා. ඔවුන්ට මුදලාලිකරණය වෙනුවෙන් මරාගෙන මැරෙන්න හිතෙන්නේ ප‍්‍රතිපත්තිමය කරුණු නිසා පමණක් නෙවෙයි. ඔවුන්ට ලැබෙන අල්ලස් මුදල් කුට්ටි වගේම තමන්ගේ පවුල්වල ඥාතීන් වෙනුවෙනුත් ඔවුන් ඒ මැදිහත්වීම කරනවා. පසුගිය කාලේ කිව්වේ ඥාති සංග‍්‍රහය හෙවත් පවුල්වාදය මහින්ද රාජපක්ෂගේ ලක්ෂණයක් කියලා. ඒත් පවුල්වාදය ලංකාවේ පාලක පන්තියේම අඩු වැඩි වශයෙන් පවතින ගුණයක්. මහින්ද රාජපක්ෂ කියන්නේ ඒක මොන තරම් ජුගුප්සාජනකද කියලා සමාජයේ ඇහැට ඇඟිල්ලෙන් ඇනලා පෙන්නපු කෙනා. මේකට වාමාංශිකයන් කියන්නේ පසුගාමී ධනවාදය කියලා. පවුල්වාදය පරාජය කළා කියලා සතුටු වෙලා අවුරුද්දක් යන්නත් කලින් අපට ආපහු පවුල්වාදය ගැන අලූ‍ත් උදාහරණ සාකච්ඡුා කරන්න වෙලා තියෙන්නේ ඒ නිසයි. අද අපට මේ ගැන කියන්න කතා දෙකක් තියෙනවා. කතා දෙක, දෙකක්ද එකක්ද කියලා ඔබම තීරණය කරන්න.

පළමු වැනි කතාව

ලංකාවේ නීතියට අනුව ලංකාවේ රෝගීන්ට ප‍්‍රතිකාර කරන වෛද්‍යවරු අනිවාර්යයෙන්ම ශ‍්‍රී ලංකා වෛද්‍ය සභාවේ ලියාපදිංචි විය යුතුයි. එලෙස ලියාපදිංචි නොවී ප‍්‍රතිකාර කරන වෛද්‍යවරු සම්බන්ධයෙන් නීතිමය පියවර ගැනෙනවා. රජයේ රෝහල්වල සේවය කරන වෛද්‍යවරුන් සියලූ‍ දෙනාම එලෙස ලියාපදිංචි වූ සුදුසුකම් සහිත වෛද්‍යවරුන් බවට
රෝගීන්ට සහතිකයක් තිබෙනවා. ඒ සම්බන්ධයෙන් රාජ්‍ය වගකීමක් තිබෙනවා. නමුත් පෞද්ගලික රෝහල්වලින් ප‍්‍රතිකාර ගැනීමේදී අපට තිබෙන සහතිකය කුමක්ද? පෞද්ගලික රෝහල්වල ප‍්‍රධාන අරමුණ සේවයක් සැපයීම නොව වැඩි වැඩියෙන් ලාභ ඉපයීම නිසා මේ ගැන සහතිකයක් නෑ. නමුත් වැඩි වැඩියෙන් ලාභ උපයන්න නම්  රෝගීන්ගේ විශ්වාසය දිනා ගත යුතු නිසා පෞද්ගලික රෝහල් මේ දක්වා යම් ප‍්‍රමිතියක් පවත්වා ගත්තා. මේ තත්වය වෙනස් වුණේ දේශපාලන හිතවත්කම මත රජයේ බැංකුවල මුදල්ම ණයට ගෙන පෞද්ගලික රෝහල් සහ පෞද්ගලික විශ්වවිද්‍යාල ආරම්භ කරන ‘‍පාදඩ මුදලාලි පැලැන්තියක්’‍ මතු වීමත් සමඟ. ඒ සඳහා හොඳම නිදසුන මාලඹේ සයිටම් පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය සහ මාලඹේ නෙවිල් ප‍්‍රනාන්දු පෞද්ගලික රෝහල පවත්වාගෙන යන සමාගම. ලංකාව වගේ පසුගාමී ධනවාදයක් සහිත රටක පෞද්ගලිකකරණය ගමන් කරන්නේ මේ දිශාවට තමයි කියන වාමාංශිකයන් නම් කියන්නේ මේක අහම්බයක් නෙවෙයි, අනිවාර්යක් කියලා.
පසුගියදා අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලය පොලිස් මුලස්ථානයට සහ සෞඛ්‍ය අමාත්‍යාංශයට පැමිණිල්ලක් කළා. ඔවුන් ඒ පැමිණිල්ල ශ‍්‍රී ලංකා වෛද්‍ය සභාවටත් යොමු කළා. ඒ පැමිණිල්ලට අනුව මාලඹේ නෙවිල් ප‍්‍රනාන්දු රෝහලේ සේවය කරන වෛද්‍යවරුන් අතර ශ‍්‍රී ලංකා වෛද්‍ය සභාවේ ලියාපදිංචි නොවූ වෛද්‍යවරුන් වගේම අදාළ විෂයයන් සඳහා සුදුසුකම් සපුරා නැති වෛද්‍යවරුන් සිටිනවා. ශ‍්‍රී ලංකා වෛද්‍ය සභාවේ ලියාපදිංචිය වසර පහකට වරක් අලූ‍ත් කළ යුතුයි. මේ වෛද්‍යවරුන් එලෙස ලියාපදිංචිය යාවත්කාලීන කරගෙන නැහැ. මේ පැමිණිල්ල සඳහා ශිෂ්‍ය ව්‍යාපාරය පාදක කර ගෙන තිබුණේ නෙවිල් ප‍්‍රනාන්දු රෝහලේ වෛද්‍යවරුන්ගේ නම් ලැයිස්තුව සහ වෛද්‍ය සභාවේ යඑඑචථරැුරැුඅඅඅගිරසක්බන්පැාසජ්කජදමබජසකගදරටරැුරුටසිඑරහගචයච නිල වෙබ් අඩවියේ සඳහන් ලියාපදිංචි වෛද්‍යවරුන්ගේ නාම ලේඛනය.

එම නාම ලේඛනයට අනුව දීපාල් සේනක වීරසේකර, ටී.බී. දිසානායක, පී.ඒ.එස්.ආර්. පතිරණ, රසික මුතුකුඩ, රන්දුල සමරසිංහ, එස්. සිවකුමාර්, කුලසිරි බුද්ධකෝරාළ, කරු නානායක්කාර, හිරාන් විමල් අමරසේකර, චමින්ද අල්ගම, ඒෂණ ද සිල්වා, සවීන්ද්‍ර සමරසේකර, රන්ජිත් ජයවර්ධන යන වෛද්‍යවරුන්ගේ නම් ශ‍්‍රී ලංකා වෛද්‍ය සභාවේ වෛද්‍ය ලියාපදිංචි නාම ලේඛනයේ සඳහන් වන්නේ නෑ. ඒ අතරින් ඇතැම් අය සේවය කරන්නේ විශේෂඥ වෛද්‍යවරුන් ලෙස නිසා අවදානම තවත් බරපතලයි. මෙසේ වෛද්‍ය සභාවේ ලියාපදිංචි නොවූ වෛද්‍යවරු අතර මාදුළුවාවේ සෝභිත හිමිට ප‍්‍රතිකාර කළ වෛද්‍යවරයාත් සිටින බව වාර්තා වෙනවා. සෝභිත හිමි අපවත් වුණේ මාලඹේ නෙවිල් ප‍්‍රනාන්දු රෝහලේ ප‍්‍රතිකාර වැරදීමෙන් බවට බෞද්ධ භික්ෂූන් වහන්සේනමක් කළ පැමිණිල්ලක් මේ වන විට වෛද්‍ය සභාවේ  විභාගයට ගැනෙමින් පවතිනවා. මේ වෛද්‍යවරුන් නීත්‍යානුකූලව ලියාපදිංචි නොවූ වෛද්‍යවරුන් බව හෙළිදරව් වුණේ ඒ අතර. මේ තරම් බරපතළ ප‍්‍රශ්නයක් වෙලත් පැමිණිල්ලක් ලැබී තිබියදීත් පොලිසිය, සෞඛ්‍ය අමාත්‍යාංශය ඇතුළු රාජ්‍ය ආයතන ක‍්‍රියාත්මක නොවෙන්නේ ඇයි? දෙවැනි කතාවේ තියෙන්නේ ඒ අබිරහස.

දෙවැනි කතාව

මේ ප‍්‍රශ්නයට රාජ්‍ය මැදිහත්වීම නැති වීම පසුපස පැහැදිලිවම දේශපාලන බලපෑමක් තිබෙනවා. ඉස්සර නෙවිල් ප‍්‍රනාන්දු බේර ගන්න, පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය නීත්‍යානුකූල කරන්න මැදිහත් වුණේ එස්.බී. දිසානායක. ඒ සඳහා ඔහුට බලපෑවේ ප‍්‍රතිපත්තිමය කරුණු පමණක් නෙවෙයි. එස්.බී. සියලූ‍ සමාජ ආරක්ෂණ සේවාවන් වෙළෙඳ භාණ්ඩ බවට පත් කරලා, අධ්‍යාපනය, සෞඛ්‍ය සේවය ආදී සේවාවන් පෞද්ගලිකකරණය විය යුතුයි කියන නවලිබරල් ප‍්‍රතිපත්තියේ සිටින කෙනෙක්. නමුත් අධ්‍යාපනයයි, සෞඛ්‍ය සේවයයි මුදලාලිකරණය කරන්න නෙවිල් ප‍්‍රනාන්දු එක්ක එස්.බී. අත්වැල් බැඳ ගත්තේ පවතින නීති පවා උල්ලංඝනය කරමින්. (රාජපක්ෂ පාලන කාලය තුළ තිබුණු ඒ තත්වය යහපාලනයට ආවැඩූ වෘත්තිකයන් හැඳින් වූයේ ‘‍අවනීතිය’‍ ලෙස. එයට පිළිතුර ලෙස ඔවුන් ඉදිරිපත් කළේ ‘‍නීතියේ ආධිපත්‍යය’‍.* මේ යාළුකම පිටුපස අල්ලස් ගනුදෙනුවක් තිබෙනවාද කියලාත් ඒ දිනවල සැකයක් මතු වුණා. ඒක ඔප්පු කරන්න බැරි වුණත් සැකය දිගටම පවතිනවා.
ඒ අතර රාජපක්ෂ පාලනය බිඳ වැටුණා. ඒ සඳහා පවුල් පාලනයට එරෙහිව සහ අවනීතියට එරෙහිව ඉදිරිපත් කළ සටන් පාඨ විශාල කාර්ය කොටසක් කළා. ඒත් අලූ‍ත් ආණ්ඩුව යටතේ මොකද වෙන්නේ? නෙවිල් ප‍්‍රනාන්දු රෝහල පැහැදිලි ලෙසම ලංකාවේ නීතිය, වෛද්‍ය ආඥා පනත උල්ලංඝනය කර තිබියදීත් නීතිය ක‍්‍රියාවේ යෙදවෙන්නේ නෑ. ඒ ගැන පැමිණිලි කරලා සතියකට වැඩි කාලයක් ඉක්ම ගොස් තිබුණත් විමර්ශන කටයුතු ආරම්භ වෙලාත් නෑ. මේ විදියටනම් විමර්ශන ඉදිරියේදී කරන පාටකුත් නෑ. කෝ එතකොට අවනීතියට එරෙහිව ගෙනෙනවා කිව්ව නීතියේ ආධිපත්‍යය? නීතිය භාවිත කරන්නේ ජනතාවට එරෙහිව විතරයි. පාලකයන්ට සහ ඔවුන්ගේ මිතුරන්ට, ඥාතීන්ට ඒ නීති එකක්වත් බලපාන්නේ නෑ. ඒ විතරක් නෙවෙයි, එලෙස නීතිය ක‍්‍රියාවේ යෙදවෙන්නේ නැත්තේ මේකට පවුල්වාදයත් සම්බන්ධ නිසා. එතකොට පරාජය කරනවා කිව්ව පවුල්වාදය පරාජය වෙලාත් නෑ. නෙවිල් ප‍්‍රනාන්දු පෞද්ගලික රෝහල සහ ඔහුට අයත් පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය ගැන ආණ්ඩුවේ මැති ඇමැතිවරුන්ට මේ තරම් ලැදියාවක් හැදෙන්න හේතුව මොකක්ද කියලා අපට පැහැදිලි සාක්ෂි තියෙනවා.
ද්ගලික වෛද්‍ය විද්‍යාලයට නීතිමය අනුමැතිය දෙන්න, ඒකට රජයේ රෝහල්වල සායනික පුහුණුව දෙන්න මේ දවස්වල ලොකු ශ‍්‍රමයක් වැය කරන්නේ සෞඛ්‍ය ඇමැති රාජිත සේනාරත්න. ඔහු පසුගිය සතියේ මේ වෙනුවෙන් තමන්ටම එරෙහි නඩුවකුත් දා ගත්තා. අධිකරණ නියෝගයක් කඩ කළා කියලා රාජිතගේ අනුකූලතාවය සහ අනුග‍්‍රහය යටතේම සෞඛ්‍ය අමාත්‍යාංශයට එරෙහිව පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය නඩුවක් ගොනු කළා. තමන්ට එරෙහිව තමන්ම නඩු පවරාගෙන ඒ නඩුවේදී රජයේ රෝහල්වල සායනික පුහුණුව දෙන්නම් කියලා තමන්ම එකඟතාවකට ඇවිල්ලා මේක නීත්‍යානුකූල කරන්නයි සෞඛ්‍ය ඇමැතිවරයා සූදානම් වුණේ. ඒත් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය නඩුවට මැදිහත් වුණ නිසා සැලැස්ම අසාර්ථක වුණා. නඩුව ඉල්ලා අස්කර ගන්න සිදු වුණා. රාජිතට නෙවිල් ප‍්‍රනාන්දු රෝහල සහ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය ගැන මේ තරම් තිබෙන ‘‍ලව් එක’‍ මොකක්ද? සෞඛ්‍ය ඇමැති රාජිත සේනාරත්නගේ ලේලි, පුතා වන චතුර සේනාරත්නගේ බිරිඳ අධ්‍යාපනය ලබන්නේ මාලඹේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයේ. ඇයගේ නම සරූපා සමන්ගි මනතුංග. ශිෂ්‍ය අංකය ඵත්‍ 121 ත්‍ 006 ඵෘ 77. ඕක තමයි හොරේ. රාජිතගේ මේ ආදරය කැස්ස වගේම හංගන්න බෑ. ඒක මුළු රටම දන්නවා. රාජිත පවුල් පාලනය, අවනීතිය ගැන ගොඩක් දේවල් කියලා බලයට ඇවිත් අන්තිමට තමන්ගේ ලේලිය වෙනුවෙන්, පවතින නීතියත් උල්ලංඝනය කරමින් හොර වෙද කඩයකට අනුග‍්‍රහය දෙනවා. මේ හොර වැඬේට සම්බන්ධ රාජිත විතරක් නෙවෙයි. උසස් අධ්‍යාපන රාජ්‍ය ඇමැති මොහාන් ලාල් ගේ‍්‍රරුගේ ඥාති දියණියන්, සොහොයුරන්ගේ දියණියන් වන
ගොඩගමගේ විනු බිසේකා ගේ‍්‍රරු සහ සෙනුරි යසාරා ගේ‍්‍රරු මේ වෙද කඩයේ ශිෂ්‍යාවන්. දැනට මෛත‍්‍රී පිලේ සමීපතමයකු වී සිටින හිටපු අගමැති දී.මු. ජයරත්නගේ ලේලි, ඔහුගේ පුතා වන මන්ත‍්‍රී අනුරාධ ජයරත්නගේ බිරිඳ, දිලිනි හේරත් ජයරත්න අධ්‍යාපනය ලබන්නේත් මේ මාලඹේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයේ. මේ ආණ්ඩුවේ වගේම පසුගිය ආණ්ඩුවේත් ප‍්‍රබලයන් රැුසකගේ ඥාති සංග‍්‍රහය ගැන උදාහරණ වෙද කඩයෙන්ම දෙන්න පුළුවන්. විජිත් විජිතමුණි සොයිසාගේ පුතකු වන ගගිඳු විජිතමුණි සොයිසා මේ සඳහා එක උදාහරණයක්.

ඒ අනුව පළමු කතාව වන මේ සුදුසුකම් නැති පෞද්ගලික රෝහලට නීතිය ක‍්‍රියාත්මක නොවීමයි, දෙවැනි කතාව වන මැති ඇමැතිවරුන්ගේ ඥාතීන් එයට අනුබද්ධ වෛද්‍ය විද්‍යාලයේ ඉගෙනුම ලැබීමයි යන කතා දෙක අතර සම්බන්ධය ඔබට තේරෙනවා ඇති. ඔන්න ඔහොමයි ‘‍යහ’‍පාලකයෝ අවනීතිය සහ පවුල් පාලනය පරාජය කළේ.

සුධීර ප‍්‍රභාෂ්වර