ගෝත‍්‍රවාදී නොවී, කොල්ලකාරී අය වැයට එරෙහි වෙමු

IMG_0502

මෙවර අයවැය සඳහා නව ආණ්ඩුව පත්වී හා හා පුරා තම මංගල අයවැය ඉදිරිපත් කර ඇත. ‘පුදපු ගමන් කාපි යකා’ යැයි කීවා සේ අයවැයට සැලකිය යුතු ජනතා විරෝධයක් පැනනැෙඟමින් තිබේ. අයවැයකට එරෙහිව මෙතරම් වැඩවර්ජන හා උද්ඝෝෂණ රැුල්ලක් ඇතිවූ අවස්ථාවක් මෑත ඉතිහාසයේ නම් නොමැති තරම්ය. ඒ වගේම කම්කරු පන්තිය ප‍්‍රමුඛ වැඩකරන ජනතාවට එකවරම මෙතරම් බඬේ පාර වැදුණු අයවැයක් නම් මා අසා නැත.

බදු බර වැඩි වීම සහනාධාර කප්පාදු කිරීම බඩු මිල වැඩි කිරීම ඉතිහාසයේ සෑම අයවැයකින්ම පාහේ සිදු වී ඇත. නමුත් මෙවර අයවැය එම සම්ප‍්‍රදායික සීමාවෙන් ඔබ්බට ගමන් කර ඇත. මෙවර අයවැය කම්කරු පන්තිය කකුල් දෙකෙන් අල්ලා පොළොවේ ගැසුවා සේය. මේ ආණ්ඩුව දෙමුහුන් ආණ්ඩුවක් නිසා එසේ කිරීමට හයිය හත්තිය ලැබී ඇත. ඉතිහාසයේ ප‍්‍රථම වතාවට එක්සත් ජාතික පක්ෂයත් ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයත් එක්වී හවුල් ආණ්ඩුවක් ගොඩනැඟී ඇත. එම ස්වර්ණමය අවස්ථාවෙන් ප‍්‍රයෝජන ගෙන ජනතා අයිතීන් උදුරා ගැනීම ආණ්ඩුවේ අරමුණ වී ඇත. දැන් මෙම අභියෝගයට මුහුණදීමට කම්කරු පන්තිය කුමක් කළ යුතුද? යුගයේ වැදගත්ම ප‍්‍රශ්නය බවට පත්වී ඇත්තේ එයයි.

නමුත් මෙවැනි අභියෝගාත්මක අවස්ථා හමුවේ කම්කරු පන්තිය ඉතිහාසය පුරාම මුහුණ දෙන උපන්ගෙයි දෝෂයක් ඇත. ඒ වෙන කිසිවක් නොව වෘත්තීය සමිති අතර ඇති ගෝත‍්‍රවාදයයි. මෙවරත් එය ලබා ගත හැකි ජයග‍්‍රහණයන්ට හරස් වන ලකුණු දැනටමත් ප‍්‍රකාශයට පත් වී ඇත.
අපායට උනත් වේලාසනින් යන්න ඕනෑ යැයි කියමනක් ඇත. එහෙත් ඒ තුළ ඇත්තේ ආත්මාර්ථකාමී හැඟීමකි. මෙවර ඇයවැය යෝජනාවලට එරෙහිව ප‍්‍රථමයෙන්ව වැඩවර්ජනයක් කැඳවා තිබුණේ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සහ පරිපාලන නිලධාරීන්ගේ සංගමයයි. මූලික විරෝධතා තුනක් ඒ සඳහා ඉදිරිපත් කර තිබුණි. රාජ්‍ය සේවයේ මූලික වැටුප් වැඩි නොකිරීම, විශ‍්‍රාම වැටුප් කප්පාදුව සහ මෙතෙක් ලබා දුන් තීරුබදු සහන යටතේ රථවාහන ලබා දීම නතර කිරීම යන අයවැය යෝජනා ඒ සඳහා හේතු වී තිබුණි. නමුත් ආණ්ඩුව එහි එක් ඉල්ලීමක් ලබා දීමට පොරොන්දුවීමත් සමඟ වැඩ වර්ජනය අතහරින ලදී. රාජ්‍ය සේවයේ මූලික වැටුප් වැඩි නොකිරීමත් 2016 සිට අලූතින් එක්වන රාජ්‍ය සේවකයන්ට විශ‍්‍රාම වැටුප් ලබා නොදීමත් (ලබා දෙන්නේ දායකත්ව විශ‍්‍රාම වැටුපක් මිස පූර්ණ විශ‍්‍රාම වැටුපක් නොවේ.) පොදුවේ රාජ්‍ය සේවකයන්ට බලපාන කප්පාදු කිරීම් වේ. මෝටර් රථයක් ලබා ගැනීමේදී තීරුබදු සහනයක් ලබා දීම අදාළ වන්නේ ඉහත වෘත්තීය සමිති නියෝජනය කරන බලවේගයන්ට පමණි. ඉතාම ගෝත‍්‍රවාදී ලෙස තම වෘත්තීය සමිති වටා එම බලවේග එම ඊනියා ජයග‍්‍රහණයෙන් රඳවාගෙන එම වෘත්තීය සමිති පොදු අරගලය මඟ හැර යමින් සිටී.

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය හැරුණු විට ඒ හා සමාන බලයක් ඇති රාජ්‍ය සේවයේ වෘත්තීය සමිතියක් වන්නේ බැංකු සේවක සංගමයයි. මෙම වෘත්තීය සමිතිවලට රජයට ඉහළ බලපෑමක් කිරීමේ හැකියාවක් ඇත. නමුත් එම බලය පීඩිත බලවේගයන්ට ජයග‍්‍රහණ ගෙන දීමට භාවිත වන්නේ නැත. විශේෂයෙන්ම එම වෘත්තීය සමිති නියෝජනය කරන පිරිස් නිදහස් අධ්‍යාපනය යටතේ උසස් අධ්‍යාපනය සම්පූර්ණ කර සාපේක්ෂ වශයෙන් ඉහළ වරප‍්‍රසාද සහිත රැුකියාවල නියුතු වූවන්ය. ඔවුන් සෙසු පීඩිත ජනයාගේ අයිතීන් නොසලකා තම වෘත්තීන්ට අදාළ වරප‍්‍රසාද වෙනුවෙන් පමණක් සටන් කිරීම සදාචාරාත්මක නැත. එමෙන්ම ආණ්ඩුව ලබ්බට තැබූ අත පුහුලටත් තබනු ඇත. එනිසා තම වරප‍්‍රසාද පමණක් රැකගත හැකි වෙතැයි එම බලවේග කල්පනා කරන්නේ නම් එය මුලාවකි.

මෛත‍්‍රීපාල සිරිසේන ජනාධිපති කිරීමටත් නව ආණ්ඩුව පිහිටුවීමටත් බොහෝ වෘත්තීය සමිති නායකයන් මහත් කැපකිරීමකින් කටයුතු කළ බව නොරහසකි. සමන් රත්නප‍්‍රිය එවැනි වෘත්තීය සමිති නායකයෙකි. ඔහු ඉතිහාසයේ දිගටම පෙනී සිටීමට උත්සාහ ගත්තේ පක්ෂ දේශපාලනයෙන් තොර ස්වාධීන වෘත්තීය සමිති ව්‍යාපාරයක් වෙනුවෙනි. නමුත් එම ඊනියා ස්වාධීනත්වය පසෙක තබා, ‘සාධාරණ සමාජයක් සඳහා වූ වෘත්තීය සමිති එකතුව’ ගොඩනඟමින් පසුගිය ආණ්ඩු පෙරළියට දායක විය. එහිදී රාජ්‍ය සේවකයන්ගේ මූලික වැටුප් වැඩි කිරීමේ පොරොන්දුව ලබා දෙන ලදී.

එම පොරොන්දුව කෙසේ වෙතත් දැන් රජයේ සේවකයන් මෙතෙක් භුක්තිවිඳි විශ‍්‍රාම වැටුපත් 2016 සිට අහෝසි කර ඇත. දැන් එම වෘත්තීය සමිති පෙරමුණ දෙසැම්බර් 15 වැනි දිනට වැඩවර්ජනයක් කැඳවා ඇත. එය එසේ විය යුතුය. නමුත් ආණ්ඩුව ආරක්ෂා කරමින් සටන් කිරීමට යාමෙන් පූර්ණ ජයග‍්‍රහණ ලබා ගැනීමට නොහැක. ඒ නිසා කොන්දේසි විරහිතව කොල්ලකාරී අයවැයට එරෙහිව සටන් කළ යුතුය. නැත්නම් සිදු වන්නේ අයවැයට එරෙහිව ගොඩනැෙඟන ජනතා විරෝධය දිය කර හැරීම පමණි.

අර්ධ රාජ්‍ය අංශය සහ පෞද්ගලික අංශයේ සේවකයන්ට බලපාන ලද බරපතළම ප‍්‍රශ්නය ඊටීඑෆ් සහ ඊපීඑෆ් අරමුදල් එක් කිරීම සහ ඒවා මහ බැංකුවේ පාලනයෙන් ඉවත් කිරීමයි. එය ගිය ආණ්ඩුව විසින්ද වරක් උත්සාහ කර කම්කරු විරෝධය හමුවේ අතහැර දැමීමට සිදු වූ යෝජනාවකි. පෞද්ගලික අංශයේ වෘත්තීය සමිති බොහොමයක ස්ථාවරය වී ඇත්තේ රාජ්‍ය අංශයේ වෘත්තීය සමිති සමඟ එක්ව සටන් කළ නොහැකි බවයි. එවැනි ඒකාබද්ධ අරගලයකදී වුව ආණ්ඩුව ප‍්‍රථමයෙන් සලකා බලන්නේ රාජ්‍ය අංශයේ වෘත්තීය සමිති ඉල්ලීම්ය. එවැනි භාග ජයග‍්‍රහණයකින් රාජ්‍ය අංශයේ වෘත්තීය සමිති ඒකාබද්ධ අරගලයෙන් ඉවත්වීමේ අවදානමක් තිබෙන බව පෞද්ගලික අංශයේ වෘත්තීය සමිති කල්පනා කරයි.

මේ අතර තවත් වෘත්තීය සමිති ඊනියා ස්වාධීන වෘත්තීය සමිති යන කඩතුරාවට මුවා වෙමින් පොදු අරගලය මඟහරිමින් සිටී. මේ නිසා දේශපාලන පක්ෂවලට සම්බන්ධ වෘත්තීය සමිති සමඟ එක්ව සටන් කිරීමට එම වෘත්තීය සමිති එකඟ නැත. මෙවැනි අනන්තවත් වාද බේද වෘත්තීය සමිති අතර ඇත. මේ සියලූ ප‍්‍රතිවිරෝධතා ආණ්ඩුවේ කොල්ලකාරී අයවැය යෝජනා පහසුවෙන් ක‍්‍රියාවට නැඟීමට මිස ඒවා පරාජයට පත් කිරීමට ඉවහල් නොවන බව නම් පැහැදිළිය.

මෙවර අයවැය බලපා ඇත්තේ කම්කරුවන්ට පමණක් නොවේ. එය ගොවියන්ගේ පොහොර සහනාධාරයත් ශිෂ්‍යයන්ගේ නිදහස් අධ්‍යාපන අයිතියත් පමණක් නොව මෙතෙක් පාසල් සිසුන්ට නොමිලේ ලබා දුන් නිළ ඇඳුමත් උදුරාගෙන ඇත. පොදුවේ ජනතාවට බලපාන පරිදි බදු බරද වැඩි කර ඇත. මෙය ආණ්ඩුවේ ආර්ථික ප‍්‍රතිපත්තිය මිස අත්වැරදීමක් නම් නොවේ. එනිසා ඒවා පරාජයට පත් කිරීම යනු නිසැක වශයෙන්ම දිග්ගැස්සුනු අරගලයකි. එසේ නොමැතිව අයවැය පාර්ලිමේන්තුවේ සම්මත වීමට නියමිත දෙසැම්බර් 19 වැනි දිනට පෙර කරන වැඩවර්ජන හා උද්ඝෝෂණවලින් පමණක් එය කළ හැකි යැයි විශ්වාස කිරීම අමනකමකි. ඒ සඳහා අවශ්‍ය වන්නේ ගෝත‍්‍රවාදී නොවී කම්කරු පන්තිය ප‍්‍රමුඛ වැඩකරන ජනතාව සමගි වීමයි. ඒ සඳහා දේශපාලන මතවාදයක්ද අවශ්‍ය බව කිව යුතුය. ඒ අන් කිසිවක් නොව නවලිබරල් ධනවාදයට එරෙහි මෛත‍්‍රී රනිල් මහින්ද විරෝධී වාමාංශික කම්කරු පෙරමුණකි. මෙම කොල්ලකාරී අයවැය පරාජයට පත් කළ හැකි එකම මාවත එවැනි කම්කරු පෙරමුණක් ගොඩනැඟීමයි.

චන්ද්‍රසිරි ලන්දගේ