අය-වැයත් සමඟ මර්දන පනත් සංශෝධනයට!

06-11දෙසැම්බර් 19 වැනිදායින් පසු රටේ සිරස්තල බිහිවන්නේ එසේය. අයවැය සම්මත වනු ඇත. විරෝධතාකරුවන්ගේ උද්ඝෝෂණ අත්හැර දැමූ බැවින් බැලූ බැල්මට පෙනෙනුයේ එය ජනතා කැමැත්තෙන්ද සම්මත වන බවය. 15වැනිදා වැඩවර්ජනය ඊට පෙරදා ආණ්ඩුව සමඟ සාකච්ඡුාවෙන් පසු අත්හැර දැමීය. එවිට සමන් රත්නප‍්‍රිය ප‍්‍රමුඛ රනිල් සමඟ සාකච්ඡුාවේදී සම්මුතිය තෝරා ගත් අයවලූන් කීවේ ප‍්‍රශ්න විසඳුනු බවය. එවිට අපට නැගෙන ප‍්‍රශ්නය වනුයේ තිබූ ප‍්‍රශ්න මොනවාද යන්නය.

අදටද තිබෙන එමෙන්ම හෙටද පවතින එකම ප‍්‍රශ්නය මොවුන් මගහැර තිබේ. එය නොවැම්බර් 05 වැනිදා රනිල් වික‍්‍රමසිංහ නිශ්චිතව පැවැසීය. මධ්‍යකාලීන වැඩපිළිවෙළක් නමින් ඔහු එදා දිගහැරියේ නව ලිබරල් ප‍්‍රතිසංස්කරණයන්ය. මෙකී ප‍්‍රතිසංස්කරණ ආපසු හැරවීමේ කිසිදු සාකච්ඡුාවක් වෘත්තිය සමිති අතර සිදුවූයේ නැත. ඔවුන් ගෙන ආ මූලික ප‍්‍රශ්න අතර පැවැතියේ විශ‍්‍රාම වැටුප් කප්පාදුවයි. එය කම්කරුවන්ගෙන් අයකරගෙන නැවත ලබා දෙන දායකත්ව විශ‍්‍රාම වැටුපකට හරවන බවට යමක් රනිල් පැවසුවද එහිද පැහැදිළි පිළිතුරක් කම්කරුවන්ට ලැබුණේ නැත. එනිසා බැංකු සේවකයෝ තම අරගලය තවදුරටත් ඉදිරියට ගෙන ගියේය. එහෙත් ඉතා පැහැදිලි ලෙසම මූලික ප‍්‍රශ්නය තවමත් එතැනය.

රනිල් නොවැම්බර් 05 වැනිදා මේ සාකච්ඡුාව ගෙන එන විට අද සටන් කරන වෘත්තිය සමිතිද විපක්ෂයේ කොටස්ද ටීඑන්ඒ මෙන්ම ජවිපෙද ආණ්ඩුවේ නව ලිබරල් සාකච්ඡුාව ප‍්‍රශ්න කිරීමට ඉදිරිපත්වූයේ නැත. බොහෝ දෙනා සිටියේ වගේවගක් නැතිවය. ශ‍්‍රීලනිපය ටීඑන්ඒ ඇතුළු බොහෝ දෙනා සිටින්නේ එය කරපින්නාගෙනය. එකී ප‍්‍රතිසංස්කරණවල එක් දිශාවක් වූයේ කප්පාදුවයි. අනෙක් සියල්ල වෙළෙඳපොළ සඳහා විකිණීමයි. තුන්වැන්න ගෝලීය
ප‍්‍රාග්ධනය වෙනුවෙන් මුල්‍ය වෙළෙඳපොළ හැකිතරම් පුළුල් කිරීමයි. ඒ සඳහා ආණ්ඩුවේ තුරුම්පුව වූයේ ඊපීඑෆ් ඇතුළු සියලූ අරමුදල් මෙම ගොඩනගන මුල්‍ය වෙළෙඳපොළේ සූදුව සඳහා මුදා හැරීමයි. විරෝධය ඇවිල ආවේ එවිටය. එහෙත් ඇත්ත දිශානතිය පළමුව පළකළේ නොවැම්බර් 05 වැනිදා රනිල් වික‍්‍රමසිංහය.

කප්පාදුව කරන හැටි අයවැයෙන් කී විට මේ අය කලබල විය. ඇත්තෙන්ම කලබල වූවා නොවේ. ජනතාව ඒ ගැන විරෝධය පළ කරන විට මේ බොහෝ දෙනා කළේ පැවැත්ම වෙනුවෙන් විරෝධයේ පිළට මාරුවීමය. තවත් අය කළේ තමන්ගේ දිශාවට කප්පාදුව එන විට විරෝධය දැක්වීමය. කුමන හෝ ආකාරයකින් සටන් ක‍්‍රියාමාර්ග දිගුවෙමින් තිබේ. දශක දෙකකටත් වැඩි කාලයකට පසු තමන් මත පැටවෙන අවනීතියට එරෙහිව බැංකු සේවකයෝ පළල් උද්ඝෝෂණයකට එක්වූයේ සෙසු අය පලායද්දී ඔවුන් පළ කළ විරෝධය මෑත කාලීන අරගලයට ගෙන ආවේ සාධනීය ප‍්‍රවේශයකි. පන්තිය සටනට කැඳවීමට නොහැකියැයි කියන අයට මින් කියා දුන්නේද පාඩමකි. මෙතැන් සිට ඇත්තේ මෙසේ ඇවිලෙන සටන් පළමුව පොදු වේදිකාවට කැඳවීමය. දෙවනුව ස්වාධීන වමේ බලයක් වෙනුවෙන් මේ අරගල ක‍්‍රමානුකූලව සංවිධානය කිරීමය. දුෂ්කර වුවත් දිගුකාලීනව නව ලිබරල් ප‍්‍රතිසංස්කරණයන්ට එරෙහි පුළුල් අරගලයක් දක්වා පැනනැගෙන අරගල සීරු මාරු කිරීම අත්‍යාවශ්‍ය කටයුත්තකි.

හදිසියේ දණ්ඩනීති සංග‍්‍රහයට සංශෝධන

වෛරී අදහස් ප‍්‍රකාශනය අපරාධයක් ලෙසට නම් කරමින් දණ්ඩනීති සංග‍්‍රහයට සංශෝධනයක් ගෙන එන කෙටුම්පතක් පාර්ලිමේන්තුවට ගෙන එනු ලැබීය. ආගමික, දේශපාලනික කුමන ආකාරයකින් හෝ කෙරෙන වෛරී අදහස් පළ කිරීම සමාජයක් හැටියටම අපද ඉවසන්නේ නැත. එහෙත් ඒ සඳහා දැනටමත් අපරාධ පනතේ විධිවිධාන සඳහන් කොට ඇත. මේ අතර ආණ්ඩුව වෛරී අදහස් ප‍්‍රකාශනය යන්න පදනම් කරගනිමින් ත‍්‍රස්තවාදය වැළැක්වීමේ පනතේම දිගුවක් හැටියට නව සංශෝධනය කෙටුම්පත් කොට ඇත.
අද එක් පැත්තකින් ඉල්ලා සිටින ප‍්‍රජාතන්ත‍්‍රවාදයට අදාළ සාකච්ඡුාවක්ව ඇත්තේ ත‍්‍රස්තවාදය වැළැක්වීමේ පනත නමින් ඇති මර්දන පනත අහෝසි කරන ලෙසය. 1979 සිට මේ පනත මඟින් දිගින් දිගට සිදු කළේ පාලකයන්ට එරෙහි කොටස් දින නියමයක් නොමැතිව රඳවා තබා ගැනීම, ඔවුන්ගෙන් බලහත්කාරයෙන් ලබා ගන්නා ප‍්‍රකාශ චූදිතයන්ට එරෙහි සාක්ෂි බවට හරවා ගනිමින් හිතු හැටියට දඬුවම් ලබාදීමය. එනිසාම අද එය මුළු මහත් සමාජයක් බැටකෑ මර්දන පනතක් බව පැහැදිලිය.

යුද කාලීන වටපිටාව තුළ සියල්ලෝම ගිලී වුන් නිද්‍රාවෙන් පසුව නිදහස පිළිබඳ සාකච්ඡුාව යළි මතු වූ අතර එහිදී මූලික ලෙසම වාමාංශිකයන් අතර දිගු වූ ප‍්‍රජාතන්ත‍්‍රවාදයට අයත් සටන් පාඨයක් වූයේ ත‍්‍රස්තවාදය වැළැක්වීමේ මර්දන පනත අහෝසි කළ යුතු බවය. දැන් ආණ්ඩුව සැරසෙන්නේ මෙකී මර්දන පනත් තව තවත් දැඩි කිරීමට බව ඉතා පැහැදිළිය. පුරවැසියෙකු අත්අඩංගුවට ගත් විට පොලිස් කූඩුවේ රඳවා තබා ගත හැකි උපරිම කාලය පැය 24 නොව පැය 48 දක්වා දිගු කර ගත්තේද ඒ අනුවය. දැන් නව සංශෝධනය හරහා ඔවුන් සැරසෙන්නේ මාධ්‍යවේදීන් මත පළකරන්නන් වීදි සටන්වල නියැලෙන්නන් ඇතුළු සියලූ දෙනාට එරෙහිව දණ්ඩනය පැනවීමටය.

පරණ යකඩ එකතු කරන්නන්ගේ උද්ඝෝෂණය

ඉතිහාසයේ පළමු වතාවට පරණ යකඩ එකතුකරන්නන් වීදි සටනකට එක්වුණා. කොළඹ කොටුවේ සිදුකෙරුණු උද්ඝෝෂණ අතරට අලූත් අරගලයක් එකතුවීම මාධ්‍ය වාර්තා කළේත් අපූරු ලෙසය.
පරණ යකඩ එකතුකරන්නන් පාරට බැස්සාම අපට කරත්තකරුවන් පාරට බැස්ස හැටි සිහියට එනවා. එය ශතවර්ෂයකටත් එහා අත්දැකීමක්. කරත්තකරුවන් කියන්නේ එදා ප‍්‍රවාහනයේ මූලික පුරුකක්. ධනවාදයේ වර්ධනයත් එක්ක ක‍්‍රමානුකූලව මෝටර් රථ නගරයට එක්වූණා. ඒ වෙද්දී අලූත් නීති එකතු වුණා. බෝන් ලීය උඩ වාඩිවෙලා යාම තහනම් කිරීම තමයි අලූත් නීතිය. හැතැප්ම ගණනක් පයින් යාමට බල කිරීමට එරෙහිව මේ කම්කරුවන් අරගල කළා. ඒ 1906 දී. ඒ වගේම තමයි කොළඹ ලොන්ඩරිකරුවන් වීදියට ආවේ. ඔවුන්ට බලකළේ නගර සභාවේ ලියාපදිංචිය. නව බදු රටාවට එරෙහිව ඔවුන් සංවිධානය වී අරගල කළා.

මේ ආකාරයෙන් සංවිධානයවූ සටන් වැදුණු කම්කරු අරගල පසුව සංවිධානාත්මක කම්කරු අරගල ව්‍යාපාරයක් දක්වා ඉදිරියට ආවා. ලෝක පරිමාණව නැගී ආ විමුක්ති අරගල අධිරාජ්‍ය විරෝධී අරගල සමඟ ලංකාවේ කම්කරු අරගලද වර්ධනය වුණා. එහෙත් ඒ අරගල වාම විකල්පයක් දක්වා කැඳවීමට කම්කරු අරගල නායකත්වය අසමත් වුණා. මේ නිසා ලංකාවේ කම්කරු අරගල ව්‍යාපාරයේ නැඟීම වෘත්තිය සමිති අරගල ආර්ථික ඉල්ලීම් වලට සීමා කෙරුණා.

පරණ යකඩ එකතුකරන්නන්ට බලපෑ නීතිය අලූත් එකක් වගේ පෙනුනාට එය පරණ එකක්. 77 පටන් ගත් නව ලිබරල් ධනවාදය ඉල්ලා සිටියේ ගෝලීය ප‍්‍රාග්ධනයේ නිදහස. මුල්‍ය නීති සීමා මායිම් අහෝසි කිරීම. ඒවා පටන්ගත්තේ 77 ඉඳලා. දැන් නැවත වාරයක් රනිල් වික‍්‍රමසිංහලා මේ කතාවට අත ගහලා තියෙනවා. මේ එන්නේ ඊට අදාළ වෙනස්කම්. උද්ඝෝෂණ ඇතුළේ තාවකාලිකව සමහර වෙනස්කම් සිදුවුනත් රනිල්ලාගේ නව ලිබරල් ප‍්‍රතිසංස්කරණ හකුළගන්නේ නෑ. ගෝලීය ප‍්‍රාග්ධනය ඇතුළේ පරණ යකඩ එකතු කිරීම මඟින් සුළු ව්‍යාපාර නිෂ්පාදන අහෝසි කිරීමට බලකරනවා. මේ පාලකයෝ පෙනී හිටින්නේ ගෝලීය ප‍්‍රාග්ධනයේ නිදහස වෙනුවෙන්. තමන්ගේ නිදහස ඒවගේම ආර්ථික නිදහස. ජීවත්වීමේ අයිතිය. මේවා ගැන අපි හිතනවානම් දිගු කාලීන වුනත් ගෝලීය
ප‍්‍රාග්ධනයට එරෙහි අරගලයක් අත්‍යවශ්‍ය වෙනවා.

කුමන ආකාරයෙන් වුනත් හුදකලාව මේ ආරම්භ කෙරෙන අරගල ඉදිරි දේශපාලනය පිළිබඳ නව බලාපොරොත්තුවක් කැඳවා අවසන්. මේ සියලූ අරගල ඒකාබද්ධ පොදු අරගලයක් දක්වා කැඳවීම අද ඇති හදිසි කර්තව්‍යයක්.