ගෝලීය උණුසුම, ප‍්‍රාග්ධනයෙහි තර්කණයද…?

cop21

පැරිසියේ පැවැති කාලගුණ වෙනස්වීම් පිළිබඳ එක්සත් ජාතීන්ගේ සමුළුව (COP21) තීරණාත්මක සම්මුතියකට එළඹ ගත් බව ජාත්‍යන්තර ජනමාධ්‍ය වාර්තා කර සිටියි. මෙම ශත වර්ෂය තුළ ගෝලීය උණුසුම ඉහළ යාම 20C (3.60F) සීමාවෙහි පවත්වා ගත යුතු බව සමුළුවට ඉදිරිපත් කළ අවසාන කෙටුම්පත මගින් යෝජනා කර තිබිණි. එමෙන්ම ඉහළ යන ගෝලීය උණුසුම පාලනයට සහ එහි බලපෑමෙන් අර්බුදයට ලක්වන දූපත් රාජ්‍යවලට වර්ෂ 2020 සිට වාර්ෂිකව ඩොලර් බිලියන 100 බැගින් අරමුදල් සැපයීම තවත් යෝජනාවකි. අවසානයේදී එනම් පසුගිය සෙනසුරාදා සන්ධ්‍යාවේදී සියල්ලන්ගේම අත්පොළසන් සහ සතුටු කදුළු මැද සමුළුවට සහභාගි වූ රාජ්‍ය 195 අදාළ කෙටුම්පතට එකඟතාව පළ කළ බව ඊඊක්‍ ඇතුළු පුවත් සේවා ප‍්‍රමුදිතව වාර්තා කළහ. එමතුද නොව එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහ ලේකම් බැන් කී මූන් කියා සිටියේ මෙය ඓතිහාසික මොහොතක් බවයි.

ඔහුට අනුව, ප‍්‍රථම වරට මිහිතලයේ ප‍්‍රධාන ගැටලූවක් වන කාලගුණ වෙනස්වීම් සම්බන්ධව විශ්වීය එකඟතාවකට එළඹීමට හැකිව තිබේ. ප‍්‍රංශ ජනාධිපති හොලාන්ඬේද එකී සර්ව සුභවාදීත්වය තවත් ලෙසකින් ප‍්‍රතිරාවය කළේය. ඔහු කියා සිටියේ වර්ෂ 2015 දෙසැම්බර් 12 වැනි දින මිහිතලයෙහි වැදගත් දිනයක් ලෙස පවතිනු ඇත යන්නය. එක්සත් ජනපද ජනාධිපති ඔබාමාට අනුව, ඔවුන් (සමුළු නියෝජිතයන්) මෙම අභියෝගය භාර ගැනීමට ඇති අවශ්‍යතාව සහ හැකියාව පෙන්වා තිබේ. දිගු කලකට පසු පළමු වතාවට තම හඬට සවන් දෙනු ලැබ ඇති බව තර්ජිත සාන්ත ලූසියා දූපත් රාජ්‍යයේ චිරස්ථායී සංවර්ධනය පිළිබඳ ඇමැති ආචාර්ය ජේම්ස් ෆ්ලෙෂර් කියා සිටියේය.
මෙම ‘තුටු පහටු’ කතාවලින් පැහැදිලි වනුයේ සියල්ල හොඳින් සිදු වනු ඇති බවයි.

නමුත් සම්මුතියට අදාළ කේන්ද්‍රීය සාධකය, එනම් එය බල ගැන්වීම පිළිබඳව කිසිවෙක් බැ?රුම්ව කථා නොකරති. පරහ ඇත්තේ එතැනය. පළමුවරට කාබන් විමෝචනය සහ ගෝලීය උණුසුම පිළිබඳව ලොවට අනාවරණය කළ විද්‍යාඥයා වන මහාචාර්ය ජේම්ස් හැන්සන් කියා සිටිනුයේ එම සම්මුතිය වැදගැම්මක් නැති විකාරයක් බවයි (It’s just bullshit). ඊට කිසිවෙක් නෛතිකව බැඳී නොසිටිති. ඇත්තේ හුදු පොරොන්දු පමණි. හැන්සන්ගේ චෝදනාව කවර අතකින් බැලූවත් පදනම් සහගතය. නිදසුනක් ලෙස, කාබන් විමෝචනය සම්බන්ධව ඉතාම ඉහළ දායකත්වයක් සපයන චීනය (24%), එ.ජනපදය (12%), යුරෝපය (9%), ඉන්දියාව (6%), බ‍්‍රසීලය (6%) සහ රුසියාව (5%* ආදී රාජ්‍යවල නායකයෝ තමන් කවර ප‍්‍රතිශතයකින් එය කපා හරින්නේද යන්න පිළිබඳව බරපතළ ලෙස මුනිවත රකිති. සමුළුව ආරම්භයේදීම එය මනා සේ පැහැදිලි විය. ගෝලීය උණුසුම 1.50ක්‍ සීමාවෙහි නවත්වා ගත යුතු බව, පැසිෆික් කලාපීය දූපත් රාජ්‍ය 20ක නියෝජිතයෝ යෝජනා කළහ. එය එසේ තිබියදීම දැනට පවතින තත්වය පවා සැලකිය යුතු ලෙස තර්ජනාත්මක බව අවිවාදිතය. එබැවින් ගෝලීය උණුසුම තවත් 20ක්‍කින් ඉහළ ගිය හොත් තමන්ට බරපතළ ව්‍යසනයන්ට මුහුණ දීමට සිදු වනු ඇති බව ඔවුන්ගේ පුරෝකථනය විය. නමුත් සමුළුව අදාළ පැසිෆික් කලාපීය නියෝජිතයන්ගේ ඉල්ලීම ගණනකට නොගෙනම ඉවත දැමීය. ඒ වෙනුවට ඔවුනට ‘බලාපොරොත්තු’ සහ ‘ආධාර’ යන කැරට් අල දිගු කරනු ලැබ තිබේ.

ඒ අතරම, ක්ෂේත‍්‍රය පිළිබඳ විශ්ලේෂණ ආයතනයක් වන ක්‍කසප්එැ ්ජඑසදබ ඔර්ජනැර කියා සිටිනුයේ කිසියම් ආකාරයකින් පැරිස් සම්මුතිය ක‍්‍රියාත්මක වුවද වසර 2100 වන විට ගෝලීය උණුසුම තවත් 2.70ක්‍කින් ඉහළ යාමට නියමිත බවය. තවද, පවතින ප‍්‍රවණතාව එලෙසින්ම පැවතියහොත් අදාළ අගය 4.50ක්‍ වනු ඇත යන්න ඔවුනගේ දෙවන පුරෝකථනයයි. පරිසරවේදීන් සහ පාරිසරික විද්‍යාඥයන්ට අනුව වර්ෂ 2050 තෙක් වායුගෝලයට මුදා හැරෙන කාබන්ඩෙයාක්සයිඞ් ප‍්‍රමාණය ටොන් බිලියන 15කින් සහ එතැන් සිට වර්ෂ 2100 දක්වා ටොන් 17කින් අඩු කළ හැකි නම් ඉහළ යන ගෝලීය උණුසුම 1.50ක්‍ සීමාව තුළ රදවා ගත හැකිය. ඒ සදහා පුනර්ජනනීය බල ශක්තිය මෙන්ම බල ශක්ති සංරක්ෂණය ආදී විකල්ප වෙත යොමු විය යුතුය. දැනටමත් මනුෂ්‍ය සංහතිය ඊට අදාළ තාක්ෂණය වර්ධනය කර ගෙන තිබේ. නමුත් අප ඉදිරියෙහි ඇත්තේ බරපතළ පරස්පරයකි. එක් පැත්කින් අසීමිත පරිභෝජනවාදී ඉලක්කයන් නිර්මාණය කරමින්, අනෙක් පසින් ඒවා ඉටු කර ගනු පිණිස ලාභ ශ‍්‍රමය සහ පරිසරය කොල්ලකෑමෙහි යෙදෙන ප‍්‍රාග්ධන අවශ්‍යතා ඊට එරෙහිව නැඟී සිටියි. එහි හිලව්ව කුමක්ද? මිලියන ගණන් ජනයා මෙන්ම සත්වයින් සහ තදාශ‍්‍රිත පරිසර පද්ධතීන්ය.

ප‍්‍රාග්ධනයෙහි රුදුරු තර්කනය පරදුවට තබමින් සහ බිලි ගනිමින් සිටිනුයේ අපද ඇතුළත් සමස්ත පෘථිවි ගෝලයයි.

ගාමිණී හෙට්ටිපතිරගේ