හරියට හෙල්ල අල්ලන්නවත් දැනගෙන හිටියේ නෑ… ඇෙඟ් හයියෙන් විසිකළා! – හෙල්ල විසිකිරීමේ ශූර සුමේධ රණසිංහ

sumedha-ranasinghe

ලබන වසරේ රියෝද ජැනෙයිරෝ ඔලිම්පික් උළෙල තුළ හෙල්ල විසිකිරීමේ ඉසව්ව සඳහා සුදුසුකම් ලැබූ කී‍්‍රඩකයෙක්. ඔහු ශී‍්‍ර ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ශිෂ්‍යයෙක්. කෑගල්ල කොබ්බෑවල ප‍්‍රදේශයෙන් බිහිවූ 24 හැවිරිදි මේ යොවුන් කී‍්‍රඩකයාට අද ‘ජනරළ’ කී‍්‍රඩා පිටුවේ ඉඩක් වෙන්කරන්න අපි හිතුවා.

  • ඔලිම්පික් යන්න පුළුවන් වෙයි කියලා බලාපොරොත්තුවක් තිබුණද?

ඕනෑම කී‍්‍රඩකයෙක්ට ඔලිම්පික් යන එක හීනයක්. මටත් එහෙමයි. ඒත් මේ තරම් ඉක්මනට ඒක හැබෑවෙයි කියලා හිතුවෙ නෑ.

  • සුමේධ කියන කී‍්‍රඩකයා ගොඩනැගුණෙ කොහොමද?

තාත්තා තමයි කී‍්‍රඩාවට අපිව කුඩා කාලෙම යොමුකළේ. තාත්තා වොලිබෝල් කී‍්‍රඩා කළා. තාත්තා වැඩ කරන මහවැලි අධිකාරියේ කණ්ඩායමටත් කී‍්‍රඩා කළා. අයියලා දෙන්නත් අක්කත් කී‍්‍රඩා කළා. වොලිබෝල් කී‍්‍රඩාවට තමයි මට ආසාව තිබුණේ. ගමේ කවුරුත් මාව හඳුනන්නේ වොලිබෝල් කී‍්‍රඩාවට දක්‍ෂ ළමයෙක් විදියට. පාසල් අධ්‍යාපනයටත් මා උනන්දු වුණා. ඒ නිසා කී‍්‍රඩාව කරන්න එපා කියලා ගෙදරින් බලපෑම් ආවෙ නෑ. අම්ම තමයි කී‍්‍රඩාව හා අධ්‍යාපනය දෙකෙන්ම ඉදිරියට යන්න අපේ ගෙදර අපිට අවශ්‍ය හැමදෙයක්ම බලාකියා ගත්තෙ.

  • හෙල්ල විසිකිරීමට යොමුවුණේ කොහොමද?

කොබ්බෑවල මහා විද්‍යාලයේ කී‍්‍රඩාව භාරව හිටපු රූපා රත්නායක මිස් තමයි මාව හෙල්ල විසිකරන්න යොමු කළේ. ඒත් හරියට හෙල්ල අල්ලන්නවත් දැනගෙන හිටියේ නෑ. ඇෙඟ් හයියෙන් විසිකළා. කොහොමහරි පාසල් තරගවල ජාතික මට්ටමට ආවා. උසස් පෙළ ජීව විද්‍යා අංශයෙන් කරන්න කෑගලූ විද්‍යාලයට ආවා. එහිදී කී‍්‍රඩාවේ තාක්‍ෂණික පැත්තට යොමුවෙන්න පුළුවන් වුණා. කෑගල්ල කී‍්‍රඩා පිටියේ පුහුණුවීම් කරද්දි හමුවුණු කෑගල්ල ශාන්ත මරියා විද්‍යාලයේ පුහුණුකරු ලලිත් ලියනගේ සර් තමයි ඊට පස්සේ මගේ හැකියාව ඉස්සරහට ගත්තෙ.

  • ඇයි ආසාවෙන් කළ වොලිබෝල් අත්හැරියෙ?

වොලිබෝල් වලින් ඉදිරියට යන්න අපේ පාසල්වල පහසුකම් තිබුණෙ නෑ. කී‍්‍රඩාවේ තාක්‍ෂණික පැත්තෙ දේවල් හදාගන්න අපිට අවස්ථාවක් තිබුණෙ නෑ. හෙල්ල විසිකිරීමෙන් මම පාසල් මට්ටමෙන් ජාතික තලයට ඇවිත් තිබුණු නිසා ඒ පැත්තට බරක් දැම්මා.

  • හෙල්ල විසිකිරීමෙන් ඉදිරියට ගිහින් ආර්ථිකමය පැත්තෙන් යහපත් ජීවිතයක් ලබාගන්න පුළුවන් කියලා හිතුවද?

ඇත්තටම නෑ. මේ රස්සාව කරනවා. මෙච්චර හම්බ කරනවා කියලා දෙයක් තිබුණෙම නෑ. කී‍්‍රඩාව ගැන තිබුණු ආසාව නිසාම කී‍්‍රඩා කළා.

  • ලංකාවේ ගොඩක් ජාතික තලයේ කී‍්‍රඩකයන්ට විශ්වවිද්‍යාල අධ්‍යාපනයට තේරුණත් ඒක අත්හරින්න වෙනවා. ඔබටත් එහෙම අභියෝගයක් තිබුණද?

ඇත්තෙන්ම විශ්වවිද්‍යාල අධ්‍යාපනය අත්හරින්න හිතුණු අවස්ථා අනන්තවත් තිබුණා. බැච් එකේ යාළුවො තමයි ඒකට ඉඩදුන්නෙ නැතිව ඩිගි‍්‍ර එක කරගෙන යන්න අදත් උදව් කරන්නෙ. උසස් පෙළ ජීවවිද්‍යා කළත් පළමු පාර ප‍්‍රතිඵල මදිවුණා. ඊට පස්සේ කලා විෂයන් කළා. ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ කී‍්‍රඩා විද්‍යාව හා කළමනාකරණය පාඨමාලාවට සුදුසුකම් තිබුණා. මේ පාඨමාලාව දැනට තියෙන්නෙ ජපුරේ සහ සබරගමුවෙ විතරයි. කී‍්‍රඩාවත් එක්ක මේක ලේසි නෑ. සමහර දවස්වල නිදිමරාගෙන පාඩම් කරලා පසුවදා තරගවලට සහභාගී වෙන්න ඕනෙ. ජාතික සංචිතයට තේරුණු නිසා එහි නේවාසිකව ඉන්න ගමන් තමයි කැම්පස් යන්නෙ. කැම්පස් එකෙනුත් සහයෝගය ලැබෙනවා කී‍්‍රඩාව කරගෙන යන්න.

  • ජාතික මට්ටමට යන්න ලංකාවේ කී‍්‍රඩකයින් ගොඩනගන වැඩපිළිවෙළ ඔබ දකින්නෙ කොහොමද?

යම් වැඩපිළිවෙළක් තියෙනවා. මම දැනට ජාතික සංචිතය තුළ ප‍්‍රදීප් නිශාන්ත මහතා යටතේ විධිමත් පුහුණුවක් ලබනවා. ඒත් ලංකාව පුරා පාසල් මට්ටමේ ගොඩක් දක්‍ෂයින් ඉන්නවා කියලා මම අත්දැකීමෙන් දන්නවා. කී‍්‍රඩා පහසුකම්, තාක්‍ෂණික මගපෙන්වීම් තියෙන පාසල් ලංකාවේ හරිම අඩුයි. එහෙම තිබුණා නම් තව ගොඩදෙනෙක් ඉස්සරහට එයි. මට කලින් හෙල්ල විසිකිරීමේ ජාතික වාර්තාව තිබුණෙ සචිත් මධුරංගට. එයා අපි ජාතික සංචිතයට එන්නත් කලින් හිටපු දක්‍ෂයෙක්. ඒත් එයා කී‍්‍රඩාව අත්හැරියා. ඒ කාලෙට වඩා දැන් යම් මට්ටමක ඉදිරියක් තියෙනවා.

  • තහනම් උත්තේජක භාවිතය ගැන ඔබේ අදහස?

සමහරු අපිවත් සැක කරනවා ඇති. තමන්ගේ හැකියාව මත විශ්වාසය තියනවා නම් තහනම් උත්්තේජක ඕනෙම නෑ. මම දැනටත් ගොඩක් කැපකිරීමක් කරලා අමාරුකම් මැද්දෙ කී‍්‍රඩා කරන්නෙ. සමහරදාට පුහුණුවීම් කරලා උදේට කන්නෙත් නැතිව ලෙක්චර්ස් යන්නෙ. ජාතික වාර්තාව තිබ්බ මීට් එකට කී‍්‍රඩා කළෙත් කලින් දවසේ විභාගෙ ලියලා. තහනම් උත්තේජකවල සහාය ගන්නවා නම් එච්චර කැපකිරීමක් කරන්න ඕනෙ නෑ. අපි බෙහෙත් පෙත්තක් ගත්තත් කී‍්‍රඩා වෛද්‍ය ඒකකයේ අධීක්ෂණයක් ගන්න ඕනෙ. නොදැනුවත්ව තහනම් උත්තේජක ගත්තා කියන එක නිදහසට කරුණක් නෙමෙයි.

  • ඔබ දැන් රටේ අවධානය දිනාගත් කෙනෙක් බවට පත්වෙලා. ඔබේ බලාපොරොත්තු මොනවාද? ඔබට මොනවද ඉල්ලන්න තියෙන්නෙ.

ලබන පෙබරවාරි දකුණු ආසියානු තරගාවලියේදී ලංකාවට පළමු පදක්කම දිනාදීම. ඊට පස්සෙ තමයි ඔලිම්පික් ගැන හිතන්නෙ. අපි ලබන යම් ජයග‍්‍රහණත් එක්ක අපිට යම් ප‍්‍රතිලාභයක් ලැබෙනවා නම් එය ලැබිය යුතුයි. ඒ වගේම මං වගේම තවත් ගොඩක් දක්‍ෂතා තියෙන අඩු පහසුකම් නිසා ඉදිරියට එන්න බැරිවෙලා තියෙන අය වෙනුවෙන් වැඩපිළිවෙළක් අවශ්‍යයි. මගේ විශ්වවිද්‍යාල උපාධියෙන් ගන්න දැනුමෙනුත් කවදා හරි රටේ කී‍්‍රඩා ක්ෂේත‍්‍රයට වැඩක් කරන්න බලාපොරොත්තු වෙනවා.

සංවාද සටහන -සොහාන් ප්‍රනාන්දු