ගල් ගසා මැරීම, නොමරා මැරීම, මරා සැඟවීම

syria8-550x397

‘සොරායාට ගල්ගැසීම‘ සිනමා පටයෙන්

”කැට මුගුරු ගෙන පසු පසින් ආ උවැසුනේ
ඝන අඳුරු ? කව්ද ඇය හා තනිවුණේ….”

මෙසේ කියැවෙන්නේ මංජුල වෙඩිවර්ධන විසින් රචිත අමරසිරි පීරිස් විසින් ගායනා කරන ‘ගොල්ගොතාවේ කඳුළු ඇහිඳින්නී, මග්දලාවේ මරියනී’ ගීතයේය. ගීතයේ ප‍්‍රකාශවන්නේ ක‍්‍රිස්තු චරිතය තුළ එන සිදුවීමකි. කිතුනු ඉතිහාසයට අනුව, ‘මග්දලාවේ මරියා’ ගල් ගසා මැරීමට නියමවූ කාන්තාවකි. ඇය ගණිකා වෘත්තියේ නියැලීම නිසා මෙසේ ගල් ගසා මැරීමට නියම වන්නේ යුදෙව් ආගමික නීතියට අනුවය. එම නීතියේ පදනම වූයේ දතට දත ඇසට ඇස යන සංකල්පයයි. මරිය මග්දලේනා එම දණ්ඩනයට නියම කරන අවස්ථාවේ ජේසුස්ගෙන් මෙම ද`ඩුවම ගැන විමසූ විට ඔහු කියන්නේ ‘කිසිදු පවක් කර නැති අයෙක් සිටිනවානම් පළමු ගල ගසන්න යනුවෙනි.’

මෙම සිදුවීම සිදුවුණා යැයි කියන්නේ අවුරුදු දෙදහසකටත් එපිටිනි. නමුත් අදටත් මෙවැනි නීති ලෝකයේ ක‍්‍රියත්මක වන තැන් තිබේ. ලංකාවේ විශේෂයෙන් මෙම සාකච්ඡුාව මතුවූයේ ගෘහසේවය සඳහා සෞවුදිය බලා ගිය තිදරු මවක් එරටදී ගල් ගසා මරා දැමීමට නියමවීමෙනි. මෙහිදී ලංකාවේ බොහෝ දෙනෙක් මෙම ප‍්‍රශ්නය දකින්නේ ශරියා නීතිය පදනම් කරගෙනය. ඒ අනුව අදාළ සිදුවීමට එරෙහි විරෝධය ශරියා නීතිය ළඟ සිරවී ඇත. මින් වසර කීපයකට පෙර රිසානා නෆීක් නමැති ලාංකීය කාන්තාව මුහුණ දුන් ඉරණම වෙනස් කරන්නට අප සමාජයක් ලෙස සමත්ව නැත. මෙම කෲර වධයට ලක්වීමට නිශ්චිත හේතුව ශරියා නීතිය වන නමුත් ඉන් එහාට මේ ගැන වූ සාකච්ඡුාවක්
ගොඩනැගීම විවිධ හේතු නිසා වළකා තිබේ.

ලංකාවේ කාන්තා ලිංගික ශ‍්‍රමියකයන් පිළිබඳ ප‍්‍රශ්නය පසුගිය මාස කිහිපයේ සාකච්ඡුාවට ආ විට එකී මතධාරීන්ම පළ කළ අදහස් සමාජ ජාල වෙබ් අඩවි තුළ තවමත් දකින්නට ඇත. මෙම කාන්තාව සෞවුදියේ සිට නොව ලංකාවේදී මෙවැනි අනියම් සම්බන්ධයකට ගොදුරු වූවායැයි මොහොතකට සිතුවොත් එහිදී ගල් ගසා මරා නොදැමුවත් අදාළ කාන්තාව ඉලක්ක කර එල්ලවන අපවාදයේ තරම එසේ මරා දැමීමටත් වඩා බරපතල බව අප අමුතුවෙන් කිව යුතු නැත. ඒ නිසා මෙහිදී ඇති ගැටලූව ශරියා නීතියට හෝ අරාබියට පමණක් සීමා කර තමන් සුදනන් වීමට කව්රුන් හෝ උත්සහ කරනවා නම් එය උඩ බලාගෙන කෙළ ගසා ගැනීමක් බව කිව යුතුය.

ඉහත මංජුල වෙඩිවර්ධන විසින් රචිත ගීතයේ මෙය අපූරු යෙදුමකින් ගෙන හැර දක්වයි. ඒ මග්දලාවේ මරියා සහ අම්බපාලී බැමිණිය එක්ව ගෙන අපවෙත ගැටලූව ඉදිරිපත් කිරීමෙනි. ඇය මරියා හඳුන්වන්නේ වන්දනාවේ වංකගිරියේ අම්බපාලී ලෙසය. අම්බපාලී යනු බුදුන්ට පේ‍්‍රම කළ බැමිණියකි. ඇය විෂයෙහි බෞද්ධයන්ගේ ඇති කෝපය දන්නා ගී පද රචකයා මරියා හා එකට තබා ඇයව මතු කරයි. ඒ අනුව ඔහු එකවර රෝමයත්, ඉන්දියාවත්, ක‍්‍රිස්තු චරිතයත්, බුද්ධ චරිතයත් එක තලයක තබා කතා කරයි.

මෙය තවදුරටත් මනාව පැහැදිලිකරගත හැකි සිදුවීමක් පසුගියදා මාධ්‍ය තුළ වාර්තා විය. ඒ මීට වසර තුනකට පෙර සෞදි ගෘහ සේවයට ගිය එවකට 15 හැවිරිදි තරුණියක් වූ ගනේෂලිංගම් ක‍්‍රිෂාන්ති සම්බන්ධ සිදුවීමයි. ක‍්‍රිශාන්ති සෞදියේදී සිය දිවි හානි කරගෙන තිබූ අතර ඇයගේ දේහය
පසුගිය 10 වෙනිදා ලංකාවට ගෙන එන ලදී. ක‍්‍රිශාන්තිගේ දෙමාපියන් සිය දියණිය මේසේ සියදිවි නසා ගැනීම පිළිබඳ සැක පළ කරමින් මාධ්‍යට අදහස් දැක්වූහ. ඔවුන් පැවසුවේ තමන්ගේ දියණියට එසේ සිය දිවි නසා ගැනීමට උවමනාවක් නොතිබූ බවත් එවැනි උවමනාවක් තිබුණා නම් ඇය ලංකාවේදී එසේ කරගන්නා බවත්ය.

”අපි දුප්පත් හින්දද දන්නේ නෑ අපිට එහෙන් බොඩිය දුන්නා අපි කිසිම දෙයක් දන්නේ නෑ.” යනුවෙන් මාධ්‍යට ප‍්‍රකාශ කළේ ක‍්‍රිෂාන්තිගේ අම්මාය.

දෙමාපියන් හා ඥාතීන් මතු කළ මෙම විරෝධය සමඟ මාධ්‍ය මේ පිළිබඳ විදේශ රැුකියා කටයුතු භාර ඇමැති තලතා අතුකෝරාලගෙන් විමසා තිබුණි. එවිට ඇය පළ කර තිබුණේ මෙවැනි අදහසක්.
”මේ ළමයට අවුරුදු 15 කාලේ ඒ ළමයට වෙච්ච අසාධාරණයක් නිසා අසාධාරණය කරපු මිනිස්සු තමයි මේ අම්මටයි තාත්තටයි සල්ලි දීල ළමයව පිටරට ඇරියේ. අවුරුදු පහළොවෙන් මෙහෙම අරින්න බැරි විත්තිය දන්නවා. එයා 2012 ගියේ. 2012 ගිහිල්ලා අවුරුදු දෙක අවසන් වුණායින් පස්සේ එයා ඉල්ලීමක් කරල තියෙනවා. ගෙදරට කතා කරලා තියෙනවා. අවුරුදු දෙක ඉවරයි මාව ගෙන්නගන්න කියලා. එතකොට ඒ ළමයට අවුරුදු 17යි. ඒත් යන්න බෑ. නමුත් මේ ගොල්ලෝ තවත් ඉන්න කියලා කිව්ව නිසා එයා සිය දිවි නසා ගත්තා. ඉතින් අපේ වියදමින් මිනිය මෙහාට ගෙනත් දුන්නයින් පස්සේ අම්මලා තාත්තලා ඔක්කොම බොරු කියන්න පටන් අරන් තියෙනවා. මේ සිද්ධිය වෙලා මාස පහකට වැඩියි මේ වෙලාවෙදි සම්පූර්ණයෙන්ම ඒ නියෝජිත ආයතනය තහනම් කළා. ඒ සබ් ඒජන්ට්ව සිරගත කළා. අපෙන් කෙරෙන්න තියෙන සියලූ දේවල් කරල තියෙන්නේ.”
මෙහිදී අප ඉහත කී ලෙස සෞදියේ නීතියත් ලංකාවේ නීතියත් ඊට අදාළ ද`ඩුවමුත් කි‍්‍රයාත්මක වී තිබේ. නමුත් ක‍්‍රිෂාන්තිට යුක්තිය ඉටුවී තිබේද?

ලංකාවේ ඇයට සිදුවුණා කියන අසාධාරණයක් ගැන ඇමැතිනිය කියයි. සිය දිවි හානි කර ගැනීමට මෙම තරුණියට හේතුවූයේ එම කාරණය නම් ඒගැන සොයා බැලිය යුතු නොවේද? නමුත් මෙහිදී ඉතා සියුම් ලෙස ඇමැතිනිය ඒ ප‍්‍රශ්නයෙන් මග හරී. එයින් කියැවෙන්නේ කුමක්ද? ‘ඒ ළමය කොර ගත්ත දේවලට අපිට කරන්න දෙයක් නෑ. අපිට අදාළ ප‍්‍රශ්නෙ අපි විසඳුවා.’ කියන එක නොවේද?
ඇමැතිනිය මෙන්ම දෙමාපියන්ද ඒ ප‍්‍රශ්නය මගහරී.

ලංකාවෙන් විදේශ ගත වන්නන්ගෙන් බොහෝ දෙනෙකු එසේ යෑමට තීරණය කරන්නේ ආර්ථික ප‍්‍රශ්න මූලික කරගත් ඉහත ආකාරයේ සමාජ සංස්කෘතික අවකාශයේ මතු වූ ගැටලූ නිසාය යන්න කව්රුත් කතා කරන්නේ නැත. විදේශ ගත වන ශ‍්‍රමිකයන් පවා මෙය වසන් කරති.

බොහෝ දෙනෙක් එදිනෙදා මතුවන ප‍්‍රශ්නවලදී කල්පනා කරන්නේ අදාළ ප‍්‍රශ්නයෙන් පලායාමටය. ගම්වල සිටින තරුණයන් සිතන්නේ ‘ගමේ තමයි අවුල තියෙන්නේ ඒ නිසා නගරෙට ගියාම හරි’ කියාය. ‘නගරෙට ගිය අය සිතන්නේ නගරෙත් අවුල් රට ගියොත් නම් අවුලක් නෑ’ කියාය.
පසුගිය කාලයේ ලංකාවේ ප‍්‍රදර්ශනය කළ ‘මචං’ චිත‍්‍රපටයේ මෙකී සිතීමට අදාළ උදාහරණ බොහෝ ඇත.

negombo

කැකිරාවෙ ජයවතී ඉලංගසිංහ කුවේටයේදී මියගියාය

බොහෝ විට විදෙස් ගත වූ ශ‍්‍රමිකයන් කරන්නේ එකවර මුදලක් සොයාගෙනවිත් ගෙයක් දොරක් සදා ගෙන යාන වාහන රැුගෙන සාපේක්ෂ ජීවන තත්වයක් අත් පත් කර ගැනීමය. බොහෝ විට ධනේශ්වර පරිභෝජනවාදී ජීවන විලාසිතාව තුළ මේ සඳහා ලැබෙන්නේ අපමණ තල්ලූවකි. මෙය දකින අය සිතන්නේ රට ගියොත් සියලූ සැප සම්පත් පහළ කර ගත හැක කියාය.

පිටරට ගොස් වාහනයක් රැුගෙන ගෙයක් දොරක් හදා ගත්තාම අදාළ ශ‍්‍රමිකයන් සිතන්නේ තමන් මැද පන්තිකයන් ලෙසය. (සමහර වාමංශිකයන්ද එසේ සිතයි – නමුත් සැබැවින්ම මොහු ගෝලීය ශ‍්‍රම වෙළෙඳපොළ තුළ කම්කරුවෙකි. ලංකාවේ සාමාන්‍ය මෑන් පවර් කම්කරුවෙක් හා මොවුන් අතර බොහෝ සමානකම් පෙන්විය හැක.) නමුත් මේ ජීවිත වල සැබැවින්ම ඇති කටුකත්වය ගැන කවුරුත් කතා කරන්නේ නැත. අද වන විට ලංකාවේ වාර්තා අනුව පසුගිය කාලයේ අපචාරයට ලක්වූ දරුවන්ගෙන් 70%ක් පමණ මෙසේ විදෙස්ගත වූවන්ගේ දරුවන්ය.

ඒ නිසා අප ශරියා නීතිය ගැන කතා කරනවා වගේම ශරියා නීති නොමැතිව මුත් ලංකාව වැනි තැන්වල ඇති මනුෂ්‍යත්වයට එරෙහි සාම්ප‍්‍රදායික ජන ජීවිත තුළ සිදු වන පීඩාකිරීම් පහත් කොට සැලකීම් ගැන කතා කරනවා මෙන්ම ඉහත සියල්ලේ සංයුක්තයක් ලෙස මෙවැනි ඛේදවාචකයන් හමුවේ ලාංකේය සමාජය පමණක් නොව පොදුවේ මිනිස් සමාජයක් ලෙස අද අප මුහුණදී සිටින සමාජ අර්බුදය පිළිබඳ සාකච්ඡුාවත් ගත යුතුය.

එසේ නොමැතිවුවහොත් තවත් චිරාත් කාලයක් රිසානාලා, ක‍්‍රිෂාන්තිලා, ෆාතිමාලා මිය යනු ඇත. නීතියේ හා ආගමේ නාමයෙන් ඇමැතිවරුත්, ශ‍්‍රම වෙළෙන්දනුත්, අත පිහදා ගනු ඇත. ටික කලකට පසු ඒ සෑම දෙයක්ම සෑම කෙනෙකුටම අමතකවී සියල්ල නැවතත් පෙර ලෙසම සිදු වනු ඇත.

නිශාන්ත බණ්ඩාර