නිල් චිත‍්‍රපට නරඹන්නා වෙළෙඳපොළ ධනවාදයේ ගොදුරකි

08DISRUPTIOINS-master675

2015.12.06 දින ජනරළ-පියාපත් අතිරේකයේ ‘මා නිල් සිනමාව නැරඹීම අත් හැරියේ ඇයි?’ යන හිසින් යුතු ලිපිය පළ වූයේ රන් ගව්රිල්ගේ දේශනයක් ඇසුරිනි. ‘ලිංගික ප‍්‍රබන්ධ කර්මාන්තය’ හා මානවයා වෙත කෙරෙන නිෂේධනීය බලපෑම පිළිබඳ වූ ඒ ලිපියේ අදහස්වලට ඌන පුරණයක් එක්කිරීමට ලියුම්කරු උත්සාහ ගනී.

‘ඕනෑම සමාජයක රජයන මතය යනු බලයේ සිටින පන්තියේ මතය වේ’ යන මාක්ස්ගේ ප‍්‍රවාදයට අනුව වත්මන් නව ලිබරල් ධනේශ්වරයේ රජයන අදහස් මතවාද යනු ධනේශ්වරය විසින් උත්කර්ෂයට නන්වන ලද මතවාද හා සංකල්පයන්ය. එය අධිපති දෘෂ්ටිවාදය ලෙසින් අප හඳුනා ගනිමු. මාක්ස්ගේ ඉහත ප‍්‍රවාදය විසින් ප‍්‍රතිදෘෂ්ටිවාදයක පැවැත්ම ප‍්‍රතික්ෂේප නොකරයි. අධිපති දෘෂ්ටිවාදය සෑම සියලූ ප‍්‍රපංචයක් තුළටම දියවී ගොස් අදාළ ප‍්‍රපංචයම දෘෂ්ටිවාදයේ ප‍්‍රකාශනයක් ලෙසින් පෙනී සිටියි.

නව ලිබරල් ධනේශ්වරය සෑම විටකම තම දෘෂ්ටිමය අවිය තුළින් තහවුරු කරන දෙය වන්නේ කේවල පුද්ගල පරිපුර්ණත්වය පිළිබඳ මිථ්‍යාවයි. කේවල පුද්ගලයාගේ නිදහස, විනෝදය, පරිපුර්ණත්වය පිළිබද අතථ්‍ය යථාර්ථයක් පිළිබඳවු දෘෂ්ටිමය හීිලෑකර ගැනීමක් සිදු කරයි. මෙම දෘෂ්ටියම පෙරළා කේවල පුද්ගලයා තුළින් ප‍්‍රකාශ වන්නට පටන්ගනී. එනම් ධනේශ්වර දෘෂ්ටිවාදය පිඞීතයා තුළින් ප‍්‍රකාශ වන්නට පටන් ගනී. සරල අරුතින් ප‍්‍රකාශ කරන්නේ නම් ක‍්‍රමය පුද්ගලයාට පිටතින් ඇති දෙයක් ලෙසින් නොව පුද්ගලයා තුළ ද පවතින දෙයක් ලෙසින් ප‍්‍රකාශ වීමට පටන් ගැනීමයි. ඒ අනුව පුද්ගලයා යනු ක‍්‍රමයේ රෝග ලක්ෂණය ලෙසින් මෙන්ම රෝග නිධානය ලෙසින් යන ආකාර දෙකෙන්ම ප‍්‍රකාශ වීමයි. (ලංකාවේ බොහෝ (ප‍්‍රති)විප්ලවවාදීන්ට මග හැරි ඇති යථාර්ථයද මෙය වේ.) දාෂ්ටිවාදි හීලෑවීමට ලක්වූ පීඩිතයා තම ජීවිතයේ පරම අභිප‍්‍රාය ලෙසින් මායාමය යථාර්ථයක් පරමාදර්ශ කොට ගනී. එය අන් කිසිවක් නොව ධනේශ්වර දෘෂ්ටිවාදය විසින් උත්කර්ෂයට නංවන ලද අධිපති මතවාදයයි.

තමා අබිමුව ඇති එම අතථ්‍ය යථාර්ථය ස්වකීය ආත්මීය ප‍්‍රකාශනයක් ලෙසින් අත්විඳියි. එහිදි පීඩිතයා තවදුරටත් ධනේශ්වරයේ පැවැත්ම අපේක්ෂා කරනවා පමණක් නොව එහි පැවැත්ම වෙනුවෙන් සටන් කරයි. පීඩිතයා පිඩකයාගේ පැවැත්ම වෙනුවෙන් ශරිරය දෙනවා පමණක් නොව තමාගේම ශ‍්‍රමය සුරාකෑමට ලක්කිරිමත්, පීඩනයට ලක්කිරිමත් වෙනුවෙන් ද පෙනී සිටිති. ධනේශ්වරයේ අවශ්‍යතාව ද එයම වේ. ධනේශ්වර ක‍්‍රමයට එරෙහි අරගලයට රාජ්‍යයේ සෘජු ප‍්‍රහාර වලටත් වඩා ප‍්‍රබල අයුරින් උක්ත දෘෂ්ටිවාදී අවියෙන් හීලෑකිරීම් හා පහරදීම්වලට ලක්වීමට මුහුණ දීමට සිදුවේ. ධනේශ්වරය සෑම විටම අපේක්ෂා කරන්නේ ක‍්‍රමයේ පැවැත්ම වෙනුවෙන් පීඩිතයා සක‍්‍රීය කරගැනීමටය. එහිදී ශ‍්‍රම සුරාකෑම මෙන්ම ක‍්‍රමය යාවත්කාලීන කරගැනීම යන කරුණු දෙක කෙරෙහිම අවධානය යොමු කරයි. ඒ සදහා ව්‍යාජය සැබෑවක් ලෙසින් තහවුරු කිරීම සිදු කරයි.
ලිංගිකත්වය වැනි කරුණු අරභයාද මැදිහත්වීම මේ අයුරින් සිදු කරයි.

ව්‍යාජ කතිකාවක් තුළ ලිංගිකත්වය ගොනු කිරීම මගින් ධනේශ්වරය ලාභය ලැබීම මෙන්ම ක‍්‍රමය යාවත්කාලින කිරීම යන අරමුණු දෙකම මුදුන් පමුණුවාගැනීම සිදු කරමින් සිටිති. ලිංගිකත්වය අරබයා දෘෂ්ටිවාදි හීලෑ කරගැනීමට හා සුරාකෑමට අදාළව නව ලිබරල් ධනේශ්වරය ප‍්‍රමුඛ වාහකයකු ලෙසින් (ජායාරූප, සිනමාව, රූපවාහිනිය හා අන්තර්ජාලය ආදී) රූපමය මාධ්‍ය ප‍්‍රකට ලෙස යොදා ගනී. එය ප‍්‍රබල වන්නේ වචනවලට වඩා ඒ හා මුසුවුණු රූපය ඉතා තදින් මානව විඥානය තුළ සටහන් තබන බැවිනි. එය සෘජුවම ලිංගික ප‍්‍රබන්ධ/නිල් සිනමාව (Pornography) හරහා මෙන්ම සාමාන්‍ය රූපමය ප‍්‍රබන්ධ හරහා සිදු කරයි. සෘජු ලිංගික ප‍්‍රබන්ධවලට සාපේක්ෂව ගත්කල රූපවාහිනිය, වෙළෙඳ දැන්වීම්, ගීතමය රූප රචනා ආදි දේ තුළින් සිදුවන්නේ සෘජුවම ලිංගික ගණුදෙනු පිළිබඳ කතිකාවන් ගොඩ නංවනවා වෙනුවට ලිංගික උත්තේජනයන් ඇති කිරිම සඳහා වක‍්‍රව සම්බන්ධවීමකි. සෘජු ලිංගික ප‍්‍රබන්ධ පිළිබඳව සලකා බැලීමේදී පුද්ගලයා වෙත සෘජුවම ලිංගිකත්ව සබඳතා පිළිබඳ දෘෂ්ටිමය මායාවක් නිර්මාණය කිරීම මගින් ලාභ රැුස් කිරීම සිදු කරයි. ලිංගික ප‍්‍රබන්ධ ධන උපයන ව්‍යාපාරයකි. එහිදි අනෙක් සෑම නිෂ්පාදන ක්ෂේත‍්‍රකයකදී පරිදිම අසීමාන්තික ශ‍්‍රම සුරාකෑමක් සිදු කරති. ඒ හා සමගාමීවම පුද්ගලයා තුළ ව්‍යාජ ලිංගිකත්වය පිළිබඳව විඥානයක් ගොඩනංවයි.

ලිංගික ප‍්‍රබන්ධ නිෂ්පාදනය හා ඒවා පරිභෝජනය යන කරුණු සම්බන්ධව ලෝකයේ විශාල වශයෙන් අධ්‍යයනය කොට ඇත. ඒ බොහෝ පර්යේෂණයන්ට අනුව ලිංගික ප‍්‍රබන්ධ මගින් ගොඩනංවන ව්‍යාජය අන් කවර ප‍්‍රබන්ධයකටත් වඩා පේ‍්‍රක්ෂකයාට අභ්‍යාස කිරීමේ හැකියාව වැඩි බව පෙන්වයි. එබැවින් සමහර පර්යේෂකයන් පවසන්නේ ලිංගික ප‍්‍රබන්ධ අපයෝජනකයන් සඳහා පුහුණු අත්පොත් (Abuser’s Manual) ලෙස ක‍්‍රියා කරන බවයි. එමෙන්ම පුද්ගලයා තමා හා සමාන පීඩිතයා අරභයා ආක‍්‍රමණශීලීවීම, නිෂේධනීය චිත්තවේගික තත්වයන් සමඟ ජිවත්වීම සිදු කරන බව පෙන්වයි. එම අභ්‍යාසය විසින් පුද්ගලයා ලිංගිකත්වය පිළිබඳ විකෘතියක් ප‍්‍රකෘතියක ස්වරූපයෙන් ආත්මීයකරණය කරගනී. එහි ප‍්‍රතිඵලය වන්නේ ලිංගිකත්වයට අදාළ කුසලතාවය නැතහොත් පෞරුෂය විකෘති ස්වරූපයෙන් ගොඩනැංවීමයි. එමගින් මානවීය සබඳතාවන් බරපතල ලෙස විනාශකර දමයි. (‘ලෝකයේ සියලූ පර්යේෂණ මෙම කරුණ තහවුරු කර ඇත්තේය’ යන්න එයින් නොකියවේ. මත්ද්‍රව්‍ය භාවිතය මගින් සෞඛ්‍යයට කිසිදු හානියක් නොවන බව ඔප්පු කිරීමට ඕනෑතරම් පර්යේෂණ සිදුකර ඇති බව හඳුනා ගත හැකිවා මෙන්ම ලිංගික ප‍්‍රබන්ධ මගින් ද කිසිදු හානියක් නොවන බවට ද ඕනෑ තරම් පර්යේෂණ සිදු කර ඇත.) විශේෂයෙන්ම පුරුෂෝත්තමවාදී අධිපති මතය තවදුරටත් තහවුරු කිරීම මගින් කාන්තාව බරපතල පීඩනයකට ලක් කිරීමේ දෘෂ්ටියක් ගොඩනංවයි. ‘කාන්තාව සෑමවිටම පුරුෂයාගේ අභිලාෂයන් තෘප්තකරන ලිංගික උපකරණයක් ලෙසින් යොදවාගත හැකිය’ යන්නත්, ඒ සඳහා සෑමවිටම කාන්තාවන් සුදානමින් සිටින්නේය යන්නත් පුරුෂයා තුළ ගොඩනැංවීමක් සිදුකරයි.

අනෙක් අතට එවැනි සබඳතාවක් සඳහා ආරම්භය ගන්නා පුරුෂයාට විරුද්ධත්වය ප‍්‍රකාශ කරන කාන්තාවගේ සැබෑම අවශ්‍යතාව විරුද්ධවීම නොව ලිංගික සබඳතාව සිදු කරගැනීම බවත් එහෙයින් විරෝධය යන්නම එකඟතාව පළ කිරීමක්ය යන්නත් ලෙසින් ප‍්‍රබන්ධමය ගොඩනැංවීමක් කෙරේ. තවද ‘ ඕනෑම කාන්තාවක් ඕනෑම පුරුෂයකු සමඟ ලිංගික සම්භෝගය පැවැත්වීම සදහා පෙරුම් පුරමින් සිටිති’ යන මිථ්‍යාව ගොඩනංවයි. එබැවින් ලිංගික ප‍්‍රබන්ධ නරඹන්නා තම දෛනික ජීවිතයේදි හමුවන සියලූ ගැහැණු හා මිනිසුන්ගේ සබඳතා ලිංගිකමය ගණුදෙනු පමණක්ය යන පටු අර්ථයෙන් කියවා ගනිති. නව ලිබරල් දෘෂ්ටිය විසින් එම අදහස සෑම ගැහැනියක් හා පිරිමියෙකුගේ ජීවිත තුළට එන්නත් කරයි.

මානව ඉතිහාසයේදි මානව සබඳතා ඇතිවීම සිදු වුයේ යහන්ගතවීමේ එකම අභිප‍්‍රාය පමණක් සහිතව නම් මාක්ස්වාදි ආදි කතෘන් පන්තිමය ගැටුම් වෙනුවට ලිංගික ගැටුම් පිළිබඳ ප‍්‍රවාද ගොඩනගනු ඇත. මුලික මිනිස් ස්වභාවය ආර්ථිකමය පදනමක තබනවා වෙනුවට ලිංගිකමය පදනමක තබනවා ඇත. මානව ඉතිහාසය ලිංගික ආශ‍්‍රය මත පදනම්ව සිදුවුවායැයි යන ව්‍යාජ න්‍යාය ගොඩනැංවීම නව ලිබරල් ධනේශ්වරය තම දෘෂ්ටිවාදි මෙහෙයුම තුළ සිදු කරති. එහිම තවත් නිර්මිතයක් ලෙස
ලිංගික ප‍්‍රබන්ධ තුළදී ද අදාළ කරුණ ගොඩනංවයි. එවැනි ලිංගික ප‍්‍රබන්ධ තුළ ශ‍්‍රම සූරාකෑමට ලක්වන ලිංගික ශ‍්‍රමික කාන්තාවන් තමාට හමුවන ඕනෑම පුරුෂයකු සමඟ ලිංගික ගනුදෙනු සිදු කරයි. එය යුවල ලෙස හෝ සමූහ ලෙසින් සිදු කරනු දැකිය හැකිය. සැබෑ භාවිතයේදී පුරුෂයාට තම ලිංගික අවශ්‍යතාව තෘප්ත කරගැනීම සඳහා එකඟතාවකින් තොරව කාන්තාවක් යොදවාගැනීමට පෙලඹවීම හා එසේ සිදුකිරීම යනු ‘ස්ත‍්‍රී දුෂණයකි’. එහිදී සිදුවන්නේ මනුෂ්‍යත්වයට එරෙහි භාවිතයකි. පීඩකයා තම අභිමතය පරිදි පීඩිතයාගේ ජීවිත සමඟ කටයුතු කරන්නේ කෙසේද, එවැනිම ලෙස පුරුෂයා විසින් තම අභිමතය පරිදි කාන්තාවගේ ශරිරය ලිංගිකව යොදාගැනීම සුදුසුය යන දෘෂ්ටිවාදය තහවුරු කරයි.

ලිංගිකත්වය යනු තම අභිමතය පරිදි කාන්තා ශරීරයක් සමඟ සදාතනික සෘජුවීමක් සහිත යෝධ ශිෂ්ණයකින් කෙරෙන පීඩනයක් එල්ල කිරීමක් නොවේ. එය ඊට වඩා හෘදයංගම වූත් එකිනෙකා සමඟ ඇති බැදීම් තීව‍්‍ර කරන්නාවූත් ශාරිරික මෙන්ම අධ්‍යාත්මික සම්බන්ධය සහිතවූත් අනෙකා කෙරෙහි පරිත්‍යාගශීලිවුත් ගනුදෙනුවකි. එසේ නොවන හුදු මාංශමය ස්පර්ශය පමණක් සිදුකිරීම තුළින් පීඩිත පීඩක යාන්ත‍්‍රණය ක‍්‍රියාත්මක කිරීමක් සිදුවේ. ලිංගික ප‍්‍රබන්ධ නරඹන්නා තුළ පීඩක පීඩිත ගණුදෙනුව පිළිබද අදහස තහවුරු කරයි. මෙම ව්‍යාජය තම ජීවන විලාශය බවට පත්කරගත් පීඩිතයකු තමාගේ ජිවන දර්ශනය ලෙස ඕනෑම ගැහැනියක් හෝ පිරිමියකු සමග නිදි වැදීමට වෙහෙසෙයි. ඔවුනට එයින් පිටත කිසිදු ගනුදෙනුවක් නොමැත. අව්‍යාජ මානවීය ගනුදෙනුවක් ඇතැයි පෙන්වීමට උත්සාහ ගත්තද ඔහුගේ ස්වයං සාකච්ඡුාව සෑම විටම තමා අභිමුව සිටින්නා හෝ සිටින්නිය නිරුවත් කරයි. එසේ කරන අතරෙදි ව්‍යාජ අයුරින් ස්ත‍්‍රී ගරුත්වයක්, මානව පේ‍්‍රමයක් ඇත්තකු ලෙස රඟදක්වයි. ව්‍යාජය සැබෑව ලෙස රූපාන්තරණය වූ විට සැබෑව ව්‍යාජය ලෙසින් පෙනී සිටියි. එය මානව විරෝධී ධනේශ්වර දෘෂ්ටිවාදය විසින් ඉල්ලා සිටින භාවිතාවකි.

බරපතළ ගණයේ ස්ත‍්‍රීවාදියෙකු වන අතරේම බරපතළ ගණයේ නිල් චිත‍්‍රපට නරඹන්නකු වීම කිසිවිටක එකවර පැවතිය නොහැක. එසේ පැවතීම ඔප්පු කිරිමට යාම පුරුෂෝත්තමවාදියකුගේ භාවිතාව ඔප්පුවීමකි.

ලිංගික ප‍්‍රබන්ධ නරඹන්නකු ලිංගිකත්වය පිළිබඳව කරුණු ඉගෙන ගන්නේ ව්‍යාජ සැබැවක් ලෙසිනි. ඉන් අනතුරුව ඔහුගේ ලිංගික පෞරුෂය අපගාමී එකක් බවට පත්වේ. මන්ද ඔහු තුළ ගොඩනංවා ඇති ලිංගිකත්වය පිළිබඳ ව්‍යාජ දෘෂ්ටිවාදය විසින් ඔහු මෙහෙයවන බැවිනි. සදාතනික සෘජුවීමක් සහිත යෝධ ශිෂ්නයක් පිළිබඳ මායාවෙන් දෑස් නිලංකාර වු පුරුෂයකු යථාර්ථයේදි එවැන්නක් නොමැති වීමේ පීඩනයෙන් මුසපත් වේ. එම අහිමිවීම නැතහොත් අඩුව පුරවා ගැනීම සඳහා ඔහු නැවත ධනේශ්වර ඖෂධ වෙළෙඳපොළ වෙතටම හැරෙයි. ලංකාවේ කවර ඔසුසලක් සලකා බැලූවද වැඩිවශයෙන් විකිනෙන ඖෂධ වර්ග අතර ලිංගික උත්තේජක ඖෂධ තිබීම හා පුවත්පත්වල පළවන ලිංගික උත්තේජනය සපයන ඖෂධ පිළිබද දැන්වීම් මෙය කෙතරම් ලාංකික සන්දර්භයට බලපෑම් කොට තිබේද යන්නට උදාහරණයකි.

ලිංගික ප‍්‍රබන්ධ විසින් ජන විඥානයට සිදු කරන අනෙක් බලපෑම නම් සෑම විටම අසාමාන්‍ය ලෙස ලිංගික උත්තේජනයක් ඇති කිරීමයි. එය ලිංගික ප‍්‍රබන්ධ නොවන රූපමය නිර්මාණ තුළින්ද සිදු වන්නකි.

ලිංගික උත්තේජනය ලබා ගැනීමේ ප‍්‍රබල මාධ්‍යයක් ලෙස රූපමය නිර්මාණ යොදාගත හැකිය.
ලිංගික ලැදියාව අඩු පිරිස් යොදා ගනිමින් කරන ලද පර්යේෂණ වලින් තහවුරු වී ඇති කරුණක් වන්නේ ලිංගික ප‍්‍රබන්ධ නිතර නැරඹීම මගින් ලිංගික වශයෙන් උත්තේජනය වන බවයි. ලිංගික උත්තේජනය සාමාන්‍ය මට්ටමකින් යුක්ත වූවකු ලිංගික ප‍්‍රබන්ධ නැරඹීම මගින් සිදු වන්නේ වඩාත් වැඩියෙන් ලිංගික වශයෙන් උත්තේජනය වීමකි. එය විසින් ලිංගික ගනුදෙනුවක් සිදු කිරිම සදහා පොලඹවාලයි. ඒ සඳහා අවශ්‍ය වන්නේ ලිංගිකමය භාණ්ඩයක් වන ගැහැනු හෝ පිරිමි ශරිරයක් පමණි. යෞවන යෞවනියන් අතර ගොඩ නැගෙන පෙම් සබඳතාව ඉතා කෙටි කාලයක් ඇතුළත සෘජු ලිංගික ගනුදෙනුවක් බවට පත්වීම සාමාන්‍යයක් වී ඇත්තේය. බොහෝ විට ඔවුන්ගේ ලෝකය තුළ ආදරය යනුම ලිංගික ගනුදෙනුවක් පමණකි. ගැටලූව ඇත්තේ යෞවන යෞවනියන්
ලිංගික ගනුදෙනු පැවැත්වීම නොව ඒවා ස්ත‍්‍රී දුෂණයන් වීම හා පීඩිතයන්ගේ ජීවිත ධනේශ්වර අගතීන්ට ගොදුරු වීමයි. යෞවන හා වැඩිහිටි බොහෝ ලිංගික ගනුදෙනු ස්ත‍්‍රී දුෂණයේ සිට අපගමනය වු ලිංගික චර්යාවන් (ලිංගික රෝග) දක්වා විවිධ මට්ටම්වලදි සිදුකරන
ලිංගික භාවිතාවන් වේ.

කාන්තාවන්ගේ යට ඇඳුම් ආදිය සොරකම් කිරිම් (fetishism), කාන්තාවන් නාන තැන්වලට වී බලා සිටිම් හෝ දෙදෙනකුගේ ලිංගික සම්භයෝගය නැරඹීම(voyeurism), තදබද ස්ථාන වලදී ශරිරයට හේත්තුවීම (frotteurism), තම ලිංගික අවයවය ප‍්‍රදර්ශනය කිරිම (exhibitionism), ලිංගික සහකරුවා හෝ තමාටම වේදනා දැනෙන හෝ තුවාල වන අයුරින් ලිංගික ගණුදෙනු සිදු කිරිම (sexual sadism & masochism), දරුවන් සමඟ ලිංගික සංසර්ගයේ යෙදිම (pedophilia), මළ සිරුරු සමඟ, සතුන් සමඟ, මළපහ හා මුත‍්‍රා සමඟ හෝ තුන්වන පාර්ශවයක් ඉදිරියේ ලිංගික එකතුවීම, ගුද සංසර්ගයේ යෙදීම, ආදි ලෙස ලිංගික තෘප්තිය ලබා ගැනිම (paraphilia), ලිංගික අපගමනයන් ලෙස මානසික රෝග වර්ගීකරණයේ හඳුනා ගනී. මෙම රෝගී තත්වයන් ඇති වීමට බලපානු ලබන හේතු අතර ලිංගික ප‍්‍රබන්ධ නැරඹීම ප‍්‍රමුඛ ස්ථානයක් ගන්නා බව ඒ පිළිබදව සිදු කරන සායනික හා පර්යේෂණ ප‍්‍රතිඵල සාක්ෂි දරයි. ඉහත සඳහන් අපගාමී ලිංගික චර්යාවන් කේන්ද්‍ර කරගනිමින් නිර්මාණය කරන ලද ලිංගික ප‍්‍රබන්ධ ඇත. එය නරඹන රෝගියකු තම රෝගය සදහා ප‍්‍රතිකාර ගන්නවා වෙනුවට එය සාමාන්‍යකරණය කරගැනීම සිදු කරයි. එවැනි ආකාරයේ පරපීඩිත ලිංගික ආබාධයෙන් (sexual sadism disorder) පෙළුණු අය සඳහා ප‍්‍රතිකාර කිරීමේ පුද්ගලික සායනික අත්දැකිම් ලියුම්කරු සතුව ඇත.

එක් අවස්ථාවක අසාමාන්‍ය ගුදලිංගික සංසර්ගයකට ගොදුරු වූ කාන්තාවක් රෝහල් ගත කර තිබිණි. වසර දහතුනක විවාහ දිවිය තුළ ඇය එම පීඩනය අත්විඳ සිටි අතර එම චර්යාව සාමාන්‍ය
ලිංගික චර්යාවක් බවට අදහසක් ඔවුන් දෙදෙනාම පිළිගෙන තිබුණි. ඒ සඳහා බලපෑ හේතු වුයේ පුරුෂයාගේ ලිංගික චර්යාව හා ඔවුන් දෙදෙනා නිතර නරඹා තිබුණු ඒ හා සමාන ලිංගික ප‍්‍රබන්ධයන්ය.
ලිංගික රෝග වර්ගිකරණයේදී අදාළ ලිංගික චර්යාව පුද්ගලයාට හෝ සමාජයට හානිදායක වන්නේය යන සීමාවේ ඇත්නම් ප‍්‍රතිකාර කළ යුතු ලිංගික අක‍්‍රමතාවයක් ලෙසින් හඳුනා ගනී. මෙවැනි විශාල පිරිසක් ලංකාවේ සායනවලදී අපට මුණගැසෙමින් සිටියි. ඔවුන් ලිංගික ප‍්‍රබන්ධ නැරඹීමට ඇබ්බැහිවූවන් හෝ නිතර පරිහරණය කරන්නන් ලෙස පුද්ගලිකවද ලද සායනික අත් දැකිම් විසින් තහවුරු වී ඇත. පෙර සඳහන් කළ පරිදි කාන්තාවන් ලිංගිකව කවර අවස්ථාවකදි උවද යොදාගැනීමට හැකිය හෝ යුතුය යන දෘෂ්ටිවාදය විසින් හෝ ලිංගික අපගමනයවීමක් විසින් පිඩිතයා තම සහෝදර පීඩිතයෙකුම ගොදුරු කරගනිති. සැබැ ලෙසම සටහන් කරන්නේ නම් දෙදෙනාම ගොදුරු බවට පත්වෙති. ධනේශ්වරය ගොඩනැංවු වෙළදපළ තර්කයක ගොදුරු බවට පත්වෙති. ලාභය රැුස්කරදීම හා ක‍්‍රමයේ් පැවැත්ම යාවත්කාලීන කරන දෘෂ්ටිවාදි මෙහෙයුමේ උපකරණයක් වීම මගින් යන ආකාර දෙකින්ම එකවර ගොදුරුබවට පත්ව ඇත.(එසේ වන අතරේ අවශ්‍ය නම් සුළු ධනේශ්වර දෘෂ්ටියෙන් පිළිපන් කවර හෝ න්‍යායකින් එම ගොදුරුවීම රැුඩිකල් භාවිතාවක් ලෙසට නාමකරණය කළ හැකිය.)

මෙලෙසින් නව ලිබරල් ධනේශ්වරය විසින් වඩාත් උනන්දු සහගතව පවත්වාගෙන යනු ලබන ලිංගික ප‍්‍රබන්ධ වෙළෙඳපොළ විසින් පීඩිතයා සුරාකෑම මෙන්ම දෘෂ්ටිවාදි හීලෑකිරීමේ මෙහෙයුම යන දෙකම මැනවින් සිදු කරමින් සිටී. එය විසින් පිඩිතයා වෙත ව්‍යාජ විනෝදයක් ඉදිරිපත් කරයි. නමුත් සැබෑ අර්ථයේදි පීඩිතයෝ පීඩා විඳිති. පීඩිතයාගේ පරාරෝපිතභාවය තවදුරටත් තීව‍්‍ර කරමින් තිබේ. මානව සබඳතා, වෙළෙඳපොළ තර්කය තුළ විනාශයට ගොදුරු වේ. පන්තිය තුළ ප‍්‍රතිවිරෝධතා හා ගැටුම් උත්සන්න කිරීම සඳහා ලිංගික ප‍්‍රබන්ධ යොදාගනු ලබයි. ඒ මතු නොව, තවදුරටත් වෙළෙඳපොළ පුළුල් කිරීමත් හා එයින් පිටත වු වෙනත් වෙළෙඳපොළවල් පුළුල් කිරීම සඳහාත්
(ලිංගික උත්තේජක ඖෂධ හා රෝග ප‍්‍රතිකාරාත්මක ඖෂධ වැනි) කටයුතු කරමින් සිටිති. එබැවින් නව ලිබරල් ධනේශ්වරයට එරෙහි අරගලය ලිප්ටන් වටරවුමේ පමණක් නොව අප නොදකින බොහෝ පරාසයන් තුළ ද, ආත්මීයවද සිදු කළ යුතු අරගලයක් බව වටහා ගතයුතුය. එපමණක් නොව, එක් ආකාරයක සූරාකෑමක් හා දෘෂ්ටිවාදි මෙහෙයුමකට විරුද්ධ වන අතරේ තවත් එවැනිම සූරාකෑමක් හා දෘෂ්ටිවාදි මෙහෙයුමක් යාවත්කාලීන නොකිරීමද අරගලයේම කොටසක් බව සිහිතබා ගතයුතුය.

ඩබ්. එම්. ප‍්‍රදීප් කොස්වත්ත