වරාය නගරයේ ප‍්‍රමාද ගාස්තුවත් ගෙවන්න වෙයිද?

Colombo_Port_2016

පෝට් සිටි හෙවත් වරාය නගර ව්‍යාපෘතිය මෑත කාලයේ මාධ්‍ය කතිකාවන් තුළ දක්නට නොතිබුණි. ඒ එම ව්‍යාපෘතිය පිළිබ`ද ප‍්‍රශ්නය විස`දුන නිසා නම් නොවේ. එයටත් වඩා රටේ ජනතාවට තදින් බලපාන, ජනතා අවධානයට දැඩිව බ`දුන් වූ ප‍්‍රශ්න ගැටලූ එක පෙළට කරළියට ආ බැවිනි.
අය වැය, ඇවන්ට්ගාඞ් හා ඇමැතිවරු සමහරකගේ සබ`දතා, වාහන බදු, දුම් පරීක්ෂණ ගාස්තු, වැටුප් ඉන් ප‍්‍රධාන සමහරකි. මෙම ගැටලූ කරලියට එන වේගය බැලූ විට එකදු ගැටලූවක් වත් අවසානය දක්වා නිරීක්ෂණය කිරීමට මාධ්‍යයටවත් නොහැකිය. කළ හැක්කේ එක් එක් ගැටලූව යන්තමින් අතපත ගා පැත්තකින් තැබීමය. ප‍්‍රශ්න විස`දීමට සිටින බලධාරීන් අතින්ද සිදුවන්නේ එම ප‍්‍රශ්න ඔඩු දිවීමට ඉඩහැර ඒවා මගහැර සිටීමයි. මේ හැම ගැටලූවකින්ම පීඩා වි`දින ජනතාවට ද වඩ වඩා පීඩාවට බ`දුන් වෙමින් අසරණව බලා හි`දීමට සිදුව ඇත. සැබෑ විස`දුම් පේන තෙක් මානයකවත් නැත. ඒ අපේ රටේ හැටිය.

වකුගඩු රෝගය, වන අලි තර්ජන, විල්පත්තු වන විනාශය, ඩෙංගු වසංගතය, කඩොලාන විනාශය, පස් කැපීම, වැලි ගොඩ දැමීමේ විනාශය මේ ස`දහා වන ගැටලූ කීපයකි. මේ ලිපිය තුළ ඉහත සියලූ ගැටලූ ගැන කථා කෙරෙන්නේ නොවේ. මෑතදී තරමක් සංවාද කරලියෙන් ඈත් වූ නමුත් ගැටලූව අඛණ්ඩව වර්ධනය වෙමින් නැවත සමාජය තුළ ආන්දෝලනයක් ඇතිවීමේ ලකුණු පෙනෙන වරාය නගර ව්‍යාපෘතිය ගැන කථා කිරීමටය.

මෙම ප‍්‍රශ්නය වැදගත් වන්නේ එය මෙරට පරිසරයට පමණක් නොව සාමාජීය දේශපාලනික පැවැත්මට මෙන්ම රටේ ස්වෛරීභාවයට ද බලපෑ හැකි ප‍්‍රශ්නයක් බැවිනි.
ඩොලර් බිලියන 1.5 ක පිරිවැයක් දරා හෙක්ටයාර් 233 ක භූමි භාගයක් නිර්මාණය කිරීම චීන සමාගම මගින් කරනු ලැබේ. ඉන් හෙක්ටයාර් 125 ක් ලක් රජයට හිමිවීමටද ඉතිරි හෙක්ටයාර් 108 ක් චීන රජයට 99 අවුරුදු බදු ක‍්‍රමයට, හිමි කරදීමට ද ගිවිසුම්ගතව ඇති බව පැවසේ. අක්කර 50ක වපසරියක් චීන සමාගමට සින්නක්කර පැවරීමට ද යෝජිතය. දැන් පැන නැගී ඇති අලූත්ම තත්වය නම් එම අක්කර 50 ද අනූ නව අවුරුදු බදු ක‍්‍රමයට චීන සමාගම බාරගත යුතු බව රජය පැවසීමයි. ඊට මෙතෙක් චීන සමාගම එක`ගතාවය පළකර නැත. වර්තමාන රජය බලයට ඒමේදී වරාය නගරය ඉදිකිරීමත් ඉන් කොටසක් චීන රජයට හිමිකර දීමත් තදින් විවේචනය කිරීම නිසා දැන් ජනතාවට මුහුණ පෑමට අසීරුවීම මෙයට හේතු වන්නට ඇත.

චීන සමාගම ගිවිසුමෙන් බැහැර කිසිදු සහනයක් දේ යයි අපට සිතිය නොහැක. රජය බලයට පත් වූ වහා ව්‍යාපෘතිය නවතා දැමූ පසු මෙරටට පැමිණි චීන උප අගමැති පැවසුවේ ලංකා රජය ගිවිසුම ඒ අයුරින්ම අනුගමනය කරනු ඇතැයි තමන් විශ්වාස කරන බවයි. එසේම පසුගිය දිනක චීන සමාගමේ අදහසක් උපුටා දක්වා මාධ්‍යවල පළවූයේ ව්‍යාපෘතිය නවතා දමා ගත වූ මාස නවයක කාලය තුළ සමාගමට සිදු වූ පාඩුව පියවීමට රජයට විශාල පිරිවැයක් දැරීමට සිදු වීම විශාල අපහසුවක් වනු ඇති බවයි. මේ සියල්ලෙන් ඇ`ගවෙන්නේ කුමක්ද? ප‍්‍රාග්ධනය අතින් ලෝක දැවැන්තයකු වූ චීනයට අභියෝග කිරීමට ලිලිපුට්ටන් කෙනෙකු වූ අප රටට නොහැකි බවයි. එසේ නම් නගර ව්‍යාපෘතිය අප අල්වා ගත් කොටි වලිගයක් නොවේද යන්න ජනතාව තුළ ඇතිවන අදහසයි.

ව්‍යාපෘතිය එලෙසම ක‍්‍රියාත්මක වුවහොත් බිම් කොටසක් අනූ නව අවුරුදු බදු යටතේත් තව කොටසක් ඍජු අයිතිය යටතේත් චීනයට පැවරේ. ගිවිසුම අනුව මුළු භූමියෙම ලංකා රජයේ අණ පණත් වලට යටත් බව ද පැවසේ. එසේ වුවත් ලංකා භූමියෙන් කෙළවරක සාගරය මායිම්ව පිහිටන භූමියක චීනය වැනි ලෝක බලවතකු අපේ නීති රීති ඒ අයුරින්ම ක‍්‍රියාත්මක කරන්නේද යන්න අපට නිරීක්ෂණය කළ හැකි නේද? යම් හෙයකින් නීති අණ පණත් උල්ලංඝනය කළ හොත් ඊට එරෙහිව අපට කටයුතු කළ හැකි වේද? එහි ප‍්‍රායෝගික ස්වරූපය කෙබ`දු වේද?
එසේම එම භූමිය හිමි චීනය අන්තර්ජාතික සබ`දතා පැවැත්වීම කෙසේ වේද? එය අපට කෙතරම් හිතකර වේද යන්න අනාගතයට භාර වන ප‍්‍රශ්න නොවේද? චීනය ප‍්‍රමුඛ පිල හා ඇමරිකානු ක`දවුර අප‍්‍රකාශිත සටනක සිටින විට ඉහත තත්වය අපට කෙසේ බලපාවිද යන්න අප සිතිය යුතුව ඇත. එසේම මේ ව්‍යාපෘතිය අවට මුහුදු හා ඛණිජ සම්පත් පිළිබද අපට නිසි අධීක්ෂණයක් පවත්වා ගත හැකි වේද?

වර්තමාන රජය මැතිවරණ සමයේ නැගූ එක් චෝදනාවක් වූයේ මෙම ව්‍යාපෘතිය ආරම්භ කිරීමට පෙර විධිමත් පාරිසරික ඇගයීම් වාර්තාවක් සකස් නොකළ බවයි. ගෙවුණු සතියේ මාධ්‍ය වාර්තා අනුව වර්තමාන රජය පරිපූරක පරිසර ඇගයීම් වාර්තාවක් සකස් කර ඇත. එය මේ වන විට මහජන අදහස් විරෝධතා සඳහා විවෘත කිරීමට සූදානම්ය. නමුත් වරාය නගර ව්‍යාපෘතිය පිළිබ`ද උනන්දු වූ පරිසර සංවිධාන පවසන්නේ එම ඇගයීම් වාර්තාව හොර පාරෙන් නගර ව්‍යාපෘතිය ක‍්‍රියාත්මක කිරීම ස`දහා අවිධිමත්ව සකස් කළ එකක් බවයි. එසේම ව්‍යාපෘතිය ස`දහා ලංකාව හා චීනය අතර ඇති කරගත් ගිවිසුම 2016 මාර්තු මාසයේදී අවසන් වීමට නියමිත අතර රජය රහසේම නැවත ගිවිසුමකට එළඹෙමින් සිටින බවයි.

මෙම පරිසර සංවිධාන පවසන්නේ චීන සමාගම පෙර ගිවිසුම්ගත ඉදිකරන ගොඩබිම් ප‍්‍රමාණය වූ හෙක්ටයාර් 233 වෙනුවට හෙක්ටයාර් 269 ක් ඉදිකිරීමට කටයුතු කරන බවයි. මේ අයුරින් නගර ව්‍යාපෘතිය අපේ රටට භූ දේශපාලනික අන්තර්ජාතික හා නෛතික ගැටලූ රාශියක් දැනටම නිර්මාණය කර ඇත. මේ හැර මෙහි ප‍්‍රධානම ගැටලූ මෙන්ම මෙතෙක් විධිමත්ව ජනතාවට හෙළිදරව් නොකළ පාරිසරික බලපෑම්ද අතිශයින් වැදගත්ය.

දැනටම මීගමුව සිට මන්නාරමට සමගාමී මුහුදු තීරයේ දැඩි මුහුදු කෑම මෙහි නිවැසි දහස් සංඛ්‍යාත ජනතාවට බරපතල ගැටලූ ගෙන දෙන මේ ව්‍යාපෘතියේ එක් බලපෑමක් ලෙස පරිසරවේදීන් පෙන්වා දේ. අනෙක් අතට ව්‍යාපෘතියේ භූමිය ගොඩ කිරීම සඳහා වැලි කියුබ් මිලියන 25 ක් පොම්ප කිරීම තවත් ගැටලූ ගෙන එන්නකි. මෙහිදී මුහුදු ජීවින්ට එන බලපෑම ධීවරයින් දසදහසකට පමණ වෘත්තියට තර්ජන එල්ල කරන බව පෙන්වා ඇත. මෙහිදී මෙම වැලි ප‍්‍රමාණය මෙරට සම්පතක් වන අතර මේ ස`දහා වටිනාකම වන රුපියල් බිලියන 154 ක පමණ මුදල සමාගමෙන් අය නොකරන බවද ඔව්හු පෙන්වා දේ.

තවද මුහුදු පත්ළේ වැලි ඉවත් කිරීමෙන් සිදුවන භූ භෞතික බලපෑම කෙබ`දුවේද? භූමිය ගොඩ කිරීමට මුහුදු වැලි වලට අමතරව කළුගල් කියුබ් මිලියන ගණනක්? අවශ්‍ය බැව් කියැවේ. මේ කළුගල් සැපයීම ගම්පහ කොළඹ දිස්ත‍්‍රික්කවල ස්ථාන 11 කින් සපයා ගැනීමට යෝජිතය. මෙම කළුගල් පිහිටා ඇත්තේ ජීව පද්ධති සම`ග වන අතර ඒවා මෙයින් මුළුමනින්ම විනාශ වේ. එසේම මේ ස`දහා පිපිරවීම්, ප‍්‍රවාහන ආදියෙන් වන පරිසර හානිය සුළු පටුද? මේවා ප‍්‍රවාහනය ස`දහා යෙදෙන බර වාහන නිසා මාර්ග පද්ධතිවලට වන හානිය කොතරම්ද? පසුගිය මැතිවරණයේදී මෙම ව්‍යාපෘතිය විවේචනය කළ වර්තමාන පාලකයන් දැන් තැටිය වාදනය කරන්නේ අනෙක් පැත්තටය.
පසුගිය දිනෙක අගමැතිවරයා පාර්ලිමේන්තුවේදී ප‍්‍රකාශ කළේ වරාය නගරය අනාගතයේදී රටේ මූල්‍ය මධ්‍යස්ථානයක් කරන බවයි. එය රටේ ආර්ථික සංවර්ධනයට පිටුබලයක් බවද පැවසීය.
නමුත් මෙම නගර ව්‍යාපෘතියේ වඩා වැදගත් තැනක් වෙන් කර ඇත්තේ ජාත්‍යන්තර තලයේ ධන කුවේරයන්්ගේ කුමාර විනෝදාස්වාදයන් ස`දහාය. ව්‍යාපෘතියට අනුව මේ නගරය තුළ මිනි ගොල්ෆ් ක‍්‍රීඩාපිටි, මෝටර් රේස් ධාවන පථ විනෝදාස්වාද ස්ථාන, ජල ක‍්‍රීඩාගාර, සුඛෝපභෝගී නාවුක යාත‍්‍රාංගන ඉදිකිරීමට යෝජිතය.

මේ අනුව මේ රටේ සාමාන්‍ය ජනතාවගෙන් සැලකිය යුතු පිරිසක් පීඩාවට පත්කර, පාරිසරික වශයෙන් විශාල හානි සිදු කරමින් ලබා ගැනීමට අපේක්ෂා කරන ආර්ථික වාසිය සැබෑ වාසියක්ද යන්න සිතා බැලිය යුතුය.

උපාලි සෙනෙවිරත්න