කි‍්‍රකට් මණ්ඩලෙත් අවුල්-කණ්ඩායමත් අවුල්

SL Cricket Logoලංකාවේ ජාතික කී‍්‍රඩාව නොවූවද කි‍්‍රකට් යනු ජනපි‍්‍රයම කී‍්‍රඩාවයි. ලොව ටෙස්ට් වරම් දිනූ 8 වැනි රට වන ලංකාව 1996 ලෝක කුසලානය දිනාගැනීම මෙරට කි‍්‍රකට් ජනපි‍්‍රයත්වයේ කූටප‍්‍රාප්තිය විය. එතැන් පටන් මහා ධනස්කන්ධයකට හිමිකම් කියන කි‍්‍රකට් පාලක මණ්ඩලය තුළ බලය සඳහා වන බලූ පොරද බහුල විය. මූල්‍යමය වශයෙන් මෙන්ම දේශපාලන වශයෙන්ද අතිශය වැදගත් කි‍්‍රකට් පාලක මණ්්ඩලයේ බලය ලබා ගැනීමට රටේ ප‍්‍රධාන පුරවැසියා ප‍්‍රමුඛ දේශපාලන බලධාරීන් මැදිහත් විය. ජනවාරි 3 වැනිදා පැවැති කි‍්‍රකට් නිලවරණයේ ජයග‍්‍රාහකයෙක් වූ තිලංග සුමතිපාල පාර්ශ්වයේ දේශපාලන පසුබිම ගියවර ජනරළ කී‍්‍රඩා පිටුවෙන් අපි කතා කළෙමු. නිලවරණය අවසන් වෙතත් එය අරබයා මතු වූ ගැටුම අවසන් වී නොමැත.

පරාජිත රණතුංග පාර්ශ්වය පරාජයේ අවමානයත් සමඟම තිලංග පාර්ශ්වය වෙත දැඩි වාග් ප‍්‍රහාරයක් එල්ල කරමින් සිටී. ඇමැති අර්ජුන රණතුංග තිලංග සුමතිපාලව හැඳින්වූයේ කි‍්‍රකට් මාෆියාවේ ගෝඞ් ෆාදර් ලෙසය. වරක් ලෝක කුසලානය නැරඹීමට තිලංග කුප‍්‍රකට පාතාල නායකයකු කැටුව ගිය බවත් ඒ පිළිබඳව ඔහුව අත්අඩංගුවට පත් වූ පසු පෝ දිනක් වුවද අධිකරණය කි‍්‍රයාත්මක වී ඇප ලබාදුන් බවත් මෙම චෝදනාව විමර්ශනය කළ පොලිස් නිලධාරියාට ස්ථාන මාරුවීම් ලැබුණු බවත් එවන් ඉතිහාසයක් ඇති තිලංගට තමා බියක් දක්වන බවත් අර්ජුන චෝදනා කරයි.

අර්ජුන පුණ්‍ය කටයුත්තකට යැයි කියා තොප්පි විකුණා එම මුදල් පිල්ලි ගැසු බවට තිලංග පෙරළා චෝදනා කරයි. මේ අතර තේරී පත් වූ කි‍්‍රකට් පාලක මණ්ඩලයට ඉහළින් පස් දෙනකුගෙන් යුත් උපදේශක මණ්ඩලයක් පත් කිරීමට අගමැතිවරයා කටයුතු කිරීමත් සමඟම අගමැති හා කී‍්‍රඩා ඇමැති අතර බල අරගලයක්ද කරළියට පැමිණ තිබේ. තමාටත් ඉහළින් මෙවන් උපදේශක සභාවක් පත් කිරීම කී‍්‍රඩා ඇමැතිට දිරවන්නේ නැත. එවැන්නක් ඵල රහිත බව කී‍්‍රඩා ඇමැති පවසයි. තිලංගට වාග් ප‍්‍රහාර එල්ල කළද අර්ජුන තිලංග පිටුපස සිටින කී‍්‍රඩා ඇමැතිවරයා හා ජනාධිපතිවරයාට ඍජුව විවේචන නොකරයි.

කෙසේ වෙතත් ජනාධිපතිවරයා තිලංග හා කී‍්‍රඩා ඇමැති දයාසිරි සමඟ එක් වී කි‍්‍රකට් පාලක මණ්ඩලය තුළ තම බලය තහවුරු කරගෙන තිබේ. අගමැතිවරයා ප‍්‍රමුඛ එජාපය රණතුංගලාට සහාය දක්වන පිළිවෙතක් අනුගමනය කළද ඔවුන් පරාජය වීමත් සමඟ කි‍්‍රකට් පරිපාලනය සිරිසේනලාට සින්නක්කරව භාරදීම වෙනුවට උපදේශක සභාවක් හරහා යම් මැදිහත් වීමක් කිරීමට උත්සාහ කරමින් සිටී. අගමැතිවරයා සමඟ යම් ආරවුලක සිටින කි‍්‍රකට් අභ්‍යන්තරය ගැන නිරන්තරයෙන් කතා කරන රූපවාහිනී නාලිකාවක්ද පසුගිය නිලවරණයේදී තිලංග පාර්ශ්වයට අනියම් සහයක් ලබාදීමද කැපීපෙනුණි. මේ කි‍්‍රකට් හරහා පොලාපැන ඇත්තේ සිරිසේනලා හා වික‍්‍රමසිංහලා අතර ගොඩනැෙඟන සීතල යුද්ධයේ එක්තරා පැතිකඩකි.

මේ පාර්ශ්ව දෙකම තම දේශපාලන බලය සඳහා පැරණි ¥ෂිත චරිත දෙපැත්තෙන්ම නිලවරණයට ඉදිරිපත් කර සැබවින්ම කි‍්‍රකට් ගොඩනැඟීමට දායක කරගත හැකි පුද්ගලයන් අමතක කර දමා තිබේ. ක‍්‍රිකට් පාලක මණ්ඩලය මෙලෙස පරණ පුරුදු ගමනේම යද්දී රටේ කි‍්‍රකට් ගොඩනැඟීම සඳහා වන යථාර්ථවාදී වැඩපිළිවෙළක් තියා කී‍්‍රඩකයන් තේරීමේ සාධාරණ ක‍්‍රමවේදයක්වත් බලාපොරොත්තු විය නොහැකිය.

කි‍්‍රකට් නිලවරණය මෙලෙස මඩ ගොහොරුවක් වෙද්දී නවසීලන්ත සංචාරය අවසන් කළ ලංකා පිල යළිත් මෙරටට පැමිණියේ තුන් වැනි එක්දින තරගය හැර සියලූම තරග පරාජයට පත් වූ තත්වයක් තුළය. සංචාරය තුළ එක් ශතකයක්වත් ලැබීමට කිසිදු පිතිකරුවකු සමත් නොවූ අතර ඉනිමක කඩුළු පහක් දවාගත්තෙත් දුෂ්මන්ත චමීර පමණි. දෙවැනි එක්දින තරගය පන්දුවාර 8කින් අවසන් කරමින් ජයගත් නවසීලන්තය අවසන් 20-20 තරගය පන්දුවාර 10කින් අවසන් කළේ පාසල් කණ්ඩායමක පන්දු යවන්නන්ට මුහුණ දෙන අයුරිනි.

ලංකාවේ පිතිකරුවන් දුර්වල වීම කාලයක් තිස්සේ මතු වූ ගැටලූවක් ලෙස හඳුනා ගත යුතුය. ලෝක පූජිත කී‍්‍රඩකයන් ලෙස ගෞරවයට පාත‍්‍ර වුවද මහේල හා සංගක්කාරද මීට වගකිව යුතුය. ඔවුන් දෙදෙනා විශ‍්‍රාම ගන්නා තෙක් අංක තුන හා හතර ස්ථාන අත්හැරියේ නැත. එම ස්ථානවලට ආදේශක කී‍්‍රඩකයන් ඔවුන් කණ්ඩායමේ සිටියදීම ගොඩනැඟීම කළ යුතු වුවත් එය සිදු නොවිණි. කපුගෙදර වැනි හැකියාවන්ගෙන් අනූන පිතිකරුවකු නිදහසේ ඉදිරිපෙළ කී‍්‍රඩා කිරීමට ඉඩනොදී පීඩනයක් යටතේ කී‍්‍රඩා කිරීමට සලස්වා නැති නාස්ති කරගෙන තිබේ. කිත්රුවන් විතානගේට ඒ ඉරණමම අත්වේ දැයි දැනටමත් සැක මතු වී තිබේ. පරාජිත සංචාරයක් තුළ වුවද මිලින්ද සිරිවර්ධන, ධනුෂ්ක ගුණතිලක හා කුසල් මෙන්ඩිස් ලද අවස්ථාවෙන් ප‍්‍රයෝජන ගෙන දැක්වූ දක්ෂතා අගය කළ යුතුය.

20-20 අංක එකේ සිටි ලංකාව අංක තුන දක්වා ඇද වැටුණේ 20-20 ලෝක කුසලානයට මාස දෙකකටත් අඩු කාලයක් තිබියදීය. උපායශීලී පන්දු යවන්නන් නොමැතිව 20-20 ලෝක කුසලානයේ බලාපොරොත්තුවක්වත් තබා ගැනීම අසීරුය. පළපුරුදු ලසිත් මාලිංග එක්දින හා 20-20 තරගාවලීන් සඳහා සහභාගී වීමට නියමිතව සිටියද අවසානයේ ආබාධයක් මතු කරමින් කණ්ඩායමට එක් නොවීය. ඔහු සහභාගී නොවූයේ පරාජිත කරුමයකට අතනොගැසීමේ වුවමනාව නිසාද? කණ්ඩායමේ ඇතැම් කී‍්‍රඩකයන් සමඟ වන අමනාපකම් නිසාද? නොඑසේනම් ඇත්තටම ආබාධයක් නිසාද? ඇතැම් තරගවලට කලින් දින මධ්‍යම රාති‍්‍රය පසුවන තෙක් ලංකා පිලේ ඇතැම් කී‍්‍රඩකයන් සාදවල රැුඳී සිටි බවටද චෝදනා මතුවේ.

කෙසේ වෙතත් කණ්ඩායමක් ලෙස ඔවුන් කී‍්‍රඩා නොකළ බව කිව යුතුය. දක්ෂතා හුදකලාව කොතරම් තිබුණද සාමූහික කී‍්‍රඩාවක් වන කි‍්‍රකට් තුළ සාර්ථකත්වය පවතින්නේ කණ්ඩායමක් ලෙස එකට කී‍්‍රඩා කරන තත්වයක් තුළ පමණි.

සොහාන් ප‍්‍රනාන්දු