අලූත් ව්‍යවස්ථාව – තිරය පිටුපස කතා

art_community

නව ව්‍යවස්ථාවක් සකස් කිරීම සඳහා වන මූලික ආරම්භය පසුගිය සෙනසුරාදා පාර්ලිමේන්තුවේදී ගන්නා ලදී. එය පාර්ලිමේන්තුවට ගෙන ඒමට පෙර ඇතිවූ විරෝධතා නිසා සැලසුම් කරගෙන සිටි වැඩපිළිවෙළ සංශෝධනය කිරීමට සාකච්ඡුා ගණනාවක් පැවැත්වීමටද ආණ්ඩුවට සිදුවිය.  ඒකාබද්ධ විපක්ෂය ලෙස පෙනී සිටින මහින්ද රාජපක්ෂට හිතවත් කණ්ඩායම් ඇතුලූ දේශපාලන පක්ෂ ගණනාවක අදහස් විමසමින් සංශෝධන යෝජනා කරන ලදී. මෙසේ සිදු කෙරුණු වෙනස්කම්වල ප‍‍්‍රධානතම සංශෝධනය වූයේ පාර්ලිමේන්තුව ව්‍යවස්ථා සම්පාදක මණ්ඩලයක් බවට පත්කිරීමට කලින් ගෙන තිබූ තීරණය වෙනස් කර මුළු පාර්ලිමේන්තුවම තේරීම් කාරක සභාවක් බවට පත් කිරීමයි. එම යෝජනාවේ පූර්විකාව ඉවත් කළ යුතු බවටත් යෝජනාවේ ව්‍යවස්ථාව ‘‍නව ව්‍යවස්ථාව’‍ ලෙස හැඳින්වීම ඉවත් කළ යුතු බවටත් එක්සත් ජනතා නිදහස් සන්ධානය ඉල්ලා සිටින ලදී. එම සංශෝධන ජනවාරි 12 වැනිදා පැවැත්වූ  පාර්ලිමේන්තු සභාවාරයේදී සම්මත වූයේ දෙමළ ජාතික සන්ධානයේ විරෝධය මධ්‍යයේය. ජනතා විමුක්ති පෙරමුණට මේ ක‍්‍රියාවලිය පිළිබඳව තිබූ එකම විවේචනය මෙය පාර්ලිමේන්තු ස්ථාවර නියෝගවලට අනුකූල නොවීමයි. ඔවුන් පවසන්නේ මෙම යෝජනාව ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ 75 වැනි වගන්තිය යටතේ කිරීම නුසුදුසු බවයි. මේ සියල්ල පසුපස අනාවරණය නොවූ ක‍්‍රියාවලියක් තිබේ. මේ ඒ ගැන තොරතුරු කිහිපයකි.

සෙනසුරාදා (09( පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට සැලසුම් කර තිබූ යෝජනාවලියට වෙනස්කම් සිදු කළ යුතුව ඇතැයි ඉල්ලීම් ඉදිරිපත් වන්නට ගත්තේ බ‍‍්‍රහස්පතින්දා (08) උදෑසන සිටය. එදින කථානායක කරූ ජයසූරියගේ ප‍‍්‍රධානත්වයෙන් දේශපාලන පක්ෂ නායකයන්ගේ රැුස්වීමක් පැවැත්වුණු අතර යෝජනාවලියට වෙනස්කම් සිදු කළ යුතුව ඇතැයි මුල්ම වරට අදහස් පළවුණේ එහිදීය. මෙම දේශපාලන නායකයෝ සවස්වරුවේ අගමැතිවරයාවද එදිනම රාති‍‍්‍රයේ ජනාධිපතිවරයාවද මුණ ගැසුනහ. සිදු කළ යුතු සංශෝධනයන් ලිඛිතව ඉදිරිපත් කරන ලෙස ඔවුන්ට දැනුම් දෙනු ලැබිණ. ඒ අනුව ලේඛනයක් සකස් කළ අතර එහි පහත කරුණු අඩංගු විය. සන්ධානයේ මහින්ද හිතවාදී යැයි සැළකෙන මන්ත‍්‍රීවරු මෙම ලියැවිල්ලට අත්සන් තබා තිබුණහ.

නව ව්‍යවස්ථාවක් සකස් කිරීම සඳහා පාර්ලිමේන්තුවේ අවධානයට ඉදිරිපත් කර ඇති යෝජනාවලියට මෙම සංශෝධනයන් සිදුවිය යුතු බවට ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්තී‍‍්‍රවරුන් වන අප එකඟවී තිබේ.

ස්ථාවර නියෝග 81 (1) හි දැක්වෙන පරිදි මෙම පාර්ලිමේන්තුව කමිටුවක් බවට පත් කළ යුතුය. නව ව්‍යවස්ථාවක් සකස් කිරීමට අදාළ විවාද පැවැත්වීමට, ජනතාවගෙන් ලැබෙන අදහස් හා උපදෙස් විමසා බැලීමට එමඟින් අවස්ථාව සැළසේ.

ස්ථාවර නියෝග 130 (4)හි දැක්වෙන පරිදි මෙම කමිටුවට බලතල හිමිවනු ඇත.

ස්ථාවර නියෝග 130 (2* පරිදි කමිටු වාර්තාව සම්පූර්ණ කළ පසු එය පිළිගැනීම, ප‍‍්‍රතික්ෂේප කිරීම හෝ කොටසකට අනුමැතිය ලබාදීම පාර්ලිමේන්තුවට පැවරෙනු ඇත. මෙසේ එළැඹෙන තීරණය අනුව ඉදිරි පියවර ගැනෙනු ඇත.

ඉදිරිපත් කළ ඉල්ලීම් ආණ්ඩුව බැහැර කරන්නේ නම් හවුල් ආණ්ඩුව හා දෙමළ සන්ධානය එක්ව නව ව්‍යවස්ථාව පිළියෙළ කිරීමේ කටයුතුවල නිරතව සිටින බවත් ඒ සඳහා පාර්ලිමේන්තුවේම කොටසක් වන තම සහය ලබා නොගන්නා බවත් කියා සිටීමට ඒකාබද්ධ විපක්ෂය තීරණය කරන ලදී. හදිසියේවත් ආණ්ඩුව  එසේ කටයුතු කළේ නම් ඉදිරියට ගත යුතු පියවර ගැන සාකච්ඡුා කිරීමට විශේෂ රැුස්වීමක් පැවැත්වීමටද ඒකාබද්ධ විපක්ෂයේ දේශපාලන නායකයෝ සැලසුම් කර තිබුණහ. නමුත් ඉල්ලීම්වලට ආණ්ඩුව එකඟතාවය පළ කළ නිසා එම සැලසුම කි‍‍්‍රයාත්මක කිරීමට ඔවුනට නොහැකි විය. ඒකාබද්ධ විපක්ෂය ඉදිරිපත් කර තිබූ යෝජනා සැලකිල්ලට ගැනීමට හා ඒ අනුව රජයේ යෝජනාවලිය සංශෝධනය කිරීමට දේශපාලන පක්ෂ නායකයෝ බ‍‍්‍රහස්පතින්දා රැුයේ පාර්ලිමේන්තු පාරේ පිහිටි කථානායක නිල නිවසේදී හමුවූහ. අගමැති වික‍්‍රමසිංහ, සභානායක ලක්ෂමන් කිරිඇල්ල, රවි කරුණානායක, අජිත් පෙරේරා සහ මලික් සමරවික‍්‍රම එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරමින් ඊට සහභාගීව සිටියහ. දුමින්ද දිසානායක, නිමල් සිරිපාල ද සිල්වා, මහින්ද සමරසිංහ ශී‍‍්‍ර ලංකා නිදහස් පක්ෂය නියෝජනය කළෝය. දෙමළ සන්ධානය නියෝජනය කරමින් එම්.ඒ. සුමන්තිරන් පැමිණ සිටියේය. ඔහුද සංශෝධන ඉදිරිපත් කර තිබුණි.

මෙම රැස්වීම ඉතා උණුසුම් මුහුණුවරක් ගත්තේය. කෝපයෙන් අදහස් පළ කළ අගමැතිවරයා දැන් පෙනෙනා ලෙසට විධායක ජනපති ධුරය ඉදිරියටත් තිබිය යුතු යැයි යන මතය දරන්නේ තමන් පමණක් බව කීවේය. සමානුපාතික ඡුන්ද ක‍්‍රමය දිගටම කි‍‍්‍රයාත්මක කිරීමටද තමන් පාර්ලිමේන්තුවේදී ඡුන්දය ලබාදුන් බවද හෙතෙම පැවසුවේය. ‘ඒත් මගේ අකමැත්තක් නැහැ.  ඕනේ මොනවාද කියලා තීරණයකට එන්න   ඕනේ ඔයගොල්ලන්’ ඔහු කියා සිටියේය. ඉදිරිපත් කර තිබෙන යෝජනාවලියට කිසිදු සංශෝධනයක් සිදු කළ යුතු නැතැයි එක්සත් ජාතික පක්ෂය නැවත නැවතත් කියා සිටියේය. නමුත් සියලූ දෙනා මවිතයට පත්කරමින් නිමල් සිරිපාල ද සිල්වා හා මහින්ද සමරවීර සංශෝධන සිදු කළ යුතුව ඇති බවත් විශේෂයෙන් පාර්ලිමේන්තුව ව්‍යවස්ථා සම්පාදක සභාවක් නොව තේරීම් කමිටුවක් බවට පත් කළ යුතු බවට ඇති යෝජනාව සැලකිල්ලට ගත යුතුව ඇති බවත් අවධාරණය කළහ. පාර්ලිමේන්තුවේ මහින්ද රාජපක්ෂ හිතවාදීන්ගේ අදහස වන්නේද මෙයයි. සුමන්තිරන් මෙයට විරෝධය පළ කලත් කෙසේ හෝ අවසානයේ සියලූ දෙනා යම් එකඟතාවකට පැමිණුනහ.

අවසන් තීරණයකට පැමිණීමට ශී‍‍්‍ර ලංකා නිදහස් පක්ෂ හා එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්තී‍‍්‍රවරුන්ගේ හමුවක් සිකුරාදා උදෑසන පැවැත්වීමට නියමිතව තිබිණ. යෝජනාවට සංශෝධන ඉල්ලා සිටින දේශපාලන පක්ෂ නායකයෝ කතානායක කරූ ජයසූරිය සමඟද විශේෂ හමුවක් පැවැත්වූහ. එහිදී ඔවුන්ට දැන ගැනීමට ලැබුණේ එදින රැුයේ අගමැතිවරයා හා ජනපතිවරයා අතරද හමුවක් පැවැත්වෙන බවය. ජනාධිපති ලෙස පත්වී පළමු වසර පදවි ප‍‍්‍රාප්තිය නිමිත්තෙන් ජනාධිපති නිල නිවසේ පිරිත් දේශනාවක් සංවිධානය කර තිබූ නිසා මෙම හමුව ප‍‍්‍රමාද කිරීමට සිදුවිය. කතානායක සමඟ හමුව අවසානයට ළඟාවෙමින් තිබියදී ආණ්ඩුවේ පාර්ශ්වයෙන් සෙනසුරාදා දින ඉදිරිපත් කිරීමට යන යෝජනාවලියට සංශෝධන ඉදිරිපත් කර තිබෙන බව දැනගැනීමට

මෙම දේශපාලන නායකයන්ගේ කණ්ඩායමට හැකිවිය. මෙම සංශෝධන පදනම් වී තිබුණේ වෙනස්කම් සිදුවිය යුතුව ඇතැයි මුල සිටම කියා සිටි දේශපාලන පක්ෂවල අදහස් මතය. ඇතැම් ෙඡ්දයන් සම්පූර්ණයෙන්ම පාහේ ඉවත් කර තිබිණ. අවසානයේ අගමැතිවරයා එකඟව තිබූ සංශෝධන මෙසේය.

‘මුළු පාර්ලිමේන්තුවම නියෝජනය කෙරෙන කමිටුවක් ඇතිකිරීම’ යන වාක්‍යය යොදා තිබීම.

‘ස්ථාවර නියෝග මත නොව යෝජනාවලියෙන්ම ඉදිරිපත් කෙරෙන නීති හා කි‍‍්‍රයාවලීන් මත ව්‍යවස්ථා කවුන්සිලය කි‍‍්‍රයාත්මක වනු ඇත’‍ යන කොටස ඉවත් කර ඒ වෙනුවට ‘ව්‍යවස්ථා කවුන්සිලයේ කටයුතු පාර්ලිමේන්තු ස්ථාවර නියෝග ප‍‍්‍රකාරව සිදුවනු ඇතැ’‍යි යොදා තිබීම.

යෝජනාවලියට හා ව්‍යවස්ථා කෙටුම්පතට ව්‍යවස්ථා කවුන්සිලයේ බහුතර මනාපය හිමිවේ නම් එය පාර්ලිමේන්තුව වෙත යොමුකෙරෙනු ඇත. එතැන් සිට මසක් ඇතුළත පාර්ලිමේන්තු සාමාජිකයන්ගේ තුනෙන් දෙකක බහුතරය දිනාගැනීමට යෝජනාවලිය හා ව්‍යවස්ථා කෙටුම්පත සමත් වන්නේ නම් අනතුරුව එය කැබිනට් මණ්ඩලය වෙත යොමුකෙරෙනු ඇත. යෝජනාවලියෙන් බලාත්මක කළ ව්‍යවස්ථා කවුන්සිලය හා කමිටු මෙයින් පසු විසිරුවා හැරෙනු ඇත.

කෙටුම්පත ව්‍යවස්ථාවක් ලෙස බලාත්මක කිරීමට සුදුසු යැයි කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමිවූවායින් පසු ව්‍යවස්ථාවේ 83 වගන්තියට අනුව ජනමත විචාරණයකට කෙටුම්පත යොමුකෙරෙනු ඇත. එයින් පසු ව්‍යවස්ථානුකූලව කෙටුම්පත බලාත්මක කිරීමට අවැසි පියවර ගැනෙනු ඇත.

මේ අතර ජනවාරි 8 සිකුරාදා රාත‍්‍රී අගමැතිවරයා හමුවූ ජනාධිපති මෛතී‍‍්‍රපාල සිරිසේන විපක්ෂය ඉදිරිපත් කර ඇති යෝජනා හා අදහස් අනුව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට යන යෝජනාවලිය සංශෝධනය කරන ලෙස ඉල්ලා සිටියේය. අතීතයේ සිට මේ දක්වා බෞද්ධ රටක් ලෙස හැඳින්වුණු ශී‍‍්‍ර ලංකාව නව ව්‍යවස්ථාවෙන් පසුව වෙනස්ම ගමනක යනු ඇතැයි සන්ධානයේ මන්ත‍්‍රීවරු ජනාපතිවරයාට පවසා තිබුණි. ඊට පසුදා එනම් 9 වැනිදා බෞද්ධ භික්ෂුන් පිරිසක් පිටකොටුවේ රැුස්වී නව ව්‍යවස්ථාවෙන් බුදු දහම විනාශ වන්නේ යැයි උද්ඝෝෂණයක් කරන බවද ජනාධිපතිට වාර්තා වී තිබිණි. උද්ඝෝෂණය නොපවත්වන්නැයි කළ ඉල්ලීම්ද ඔවුහු ගණනකට නොගත් බව ඔහුට වාර්තා විය. මෙවන් කරුණු නිසා ජනාධිපති සිරිසේන නව ව්‍යවස්ථාව සකස් කිරීමේ සෑම පියවරකටම විපක්ෂයද ඈඳා ගත යුතු බවත් නව ව්‍යවස්ථාවක් සකස් කිරීමේ කටයුතු පාර්ලිමේන්තුවේ සියලූ දේශපාලන පක්ෂවල එකඟතාව අනුව හා සිවිල් සමාජයේ අදහස්වලට අනුව සිදුවිය යුතු බවත් ඔහු එම සාකච්ඡුාවේදී අගමැතිවරයාට පවසා තිබේ. අවසන් එකඟතාවට අනුව සෙනසුරාදා දිනයේදී (09 වැනිදා* මෛත‍්‍රි හා රනිල් අදාළ යෝජනාව සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවට විශේෂ ප‍්‍රකාශයන් දෙකක් සිදු කිරීමටත් පූර්විකාව ඉවත් කිරීමටත් ආණ්ඩුවෙන් ඉදිරිපත් කරන යෝජනාවට ඡුන්දයක් නොපැවැත්වීමටත් තීරණය වූ අතර මහින්ද පිලද එයට එකඟ විය.

කෙසේ වුවත් සෙනසුරාදා සංශෝධන කිසිත් සිදු නොකළ යෝජනාව එය කලින් පැවැති ස්වරූපයෙන්ම අගමැති රනිල් වික‍්‍රමසිංහ විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේය. එම අවස්ථාව සජීවීව රූපවාහිනිය ඔස්සේ විකාශය කෙරිණ. එක්සත් ජාතික පක්ෂය මෙම යෝජනාවලිය සම්බන්ධයෙන් සෑහීමකට පත්ව සිටිතත් නව ව්‍යවස්ථාවක් සකස් කිරීමේ කර්තව්‍යය සෑම දෙනාගේම සහයෝගය මත සිදුවිය යුත්තක් හෙයින් අනෙක් දේශපාලන පක්ෂවල අදහස් අනුව මෙම යෝජනාවලියට ඉදිරියේදී සංශෝධනයන් සිදු කෙරෙන බවද අගමැතිවරයා කීවේය. එක්සත් ජාතික පක්ෂයම ඊට සංශෝධන සිදු කර තිබූ අතර ඒවා සම්බන්ධයෙන් අනෙක් දේශපාලන පක්ෂ නායකයන් දැනුවත් කිරීම පාර්ලිමේන්තු සැසිය ආරම්භ කිරීමට පෙර සිදුවිය. මහජන එක්සත් පෙරමුණු නායක දිනේෂ් ගුණවර්ධන, ජනතා විමුක්ති පෙරමුණු නායක අනුර දිසානායක හා ශී‍‍්‍ර ලංකා නිදහස් පක්ෂය ඉදිරිපත් කර තිබෙන අදහස් අනුව යෝජනාව පසුව සංශෝධනය කෙරෙන බව අගමැතිවරයා එහිදී පැවසුවේය. පාර්ලිමේන්තු සැසිය අතරතුරදී අනුර දිසානායක හා රනිල් වික‍්‍රමසිංහ අතර වචන හුවමාරුවක්ද සිදු වූයේ මේ නිසාය. අගමැතිවරයා බෙල්ලට තුවක්කුව තබා කටයුතු සිදු කර ගැනීමේ පිළිවෙතක් අනුගමනය කරමින් සිටින බව අනුර කියන විට හැරෙන තැපෑලෙන් ඔහුට පිළිතුරු දුන් අගමැතිවරයා අනුර දිසානායක වැනි පුද්ගලයන් පාර්ලිමේන්තුවේ තබා ගැනීම සඳහා තමන් නම්‍යශීලී ප‍‍්‍රතිපත්තියක් අනුගමනය කරමින් සිටින බව කීවේය.

සෙනසුරාදා ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේනද පාර්ලිමේන්තුව ඇමතුවේය. බොරු ප‍‍්‍රචාර ගෙන යන, ජනතාව අවුස්සාලන අයුරින් හැසිරෙන කණ්ඩායම්වලට හෙතෙම අනතුරු ඇඟවූයේය. එවන් කි‍‍්‍රයාකාරකම් සිදු වෙමින් පවතින බව තමන් දන්නේ යැයිද ඔහු කීවේය. අන්තවාදීහු සෑම පාර්ශ්වයකම සිටින බවද ජනපතිවරයා පැවසුවේය. රජය විදේශයන්ගේ පදයට නටන්නේ යැයිද මේ නිසාම බුදු දහමට හා බෞද්ධ නායකයන්ට හිමි තැන අහිමි වනු ඇතැයිද පෙර අවස්ථාවක කෙනෙක් පළ කර තිබූ අදහසක් ගෙන හැර දැක්වූ ඔහු එය දැඩිව බැහැර කළේය. මෙවන් අදහස් පළකරන්නේ ව්‍යවස්ථා බිල්ලන් යැයි ජනාධිපතිවරයා කියා සිටියේය.

ජනාධිපතිවරයාගේ කතාව අවසාන වීමත් සමඟ කතානායක කරූ ජයසූරිය පාර්ලිමේන්තු සැසිය නිමා කළේය. මේ නිසා බොහෝ දෙනා අපේක්ෂාවෙන් සිටි පරිදි විවාදයක් පැවැත්වීමට අවස්ථාව හිමි නොවුණි. පාර්ලිමේන්තු සැසිවාරයෙන් පසුව බොරැුල්ලේ එන්.එම්. පෙරේරා සමරු ශාලාවට එක්වූ මහින්ද හිතවාදී මන්තී‍‍්‍රවරුන් නව ව්‍යවස්ථාව සකස් කිරීමේ කටයුතු සම්බන්ධයෙන් සාකච්ඡුා කළ අතර මෙය සිදු කෙරුණේ මහාචාර්ය ජී.එල්. පීරිස්, ජනාධිපති නීතිඥ මනෝහර ද සිල්වා ඇතුළු නීතීඥ සහ ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා විශාරද කණ්ඩායමක ප‍‍්‍රධානත්වයෙනි.

(තොරතුරු සඳහා අනුග‍්‍රහය – ද සන්ඬේ ටයිම්ස් )

සුධීර ප්‍රභාෂ්වර