වටිනාකම නොදන්න නරුමයනි, හඳගිරි ඇල්ලට අත නොතබව්!

 

sandagiriya falls

රත්නපුර, වැලිගෙපොළ ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ, 249 ග‍්‍රාමනිලධාරි වසමේ හඳගිරිඇල්ල, දිය ඇලි පද්ධතිය පිහිටා ඇත. ඊට තදාසන්න භූමිය පාරිසරික හා භූ විද්‍යාත්මක වටිනාකම්වලින් අනූනය. විශේෂයෙන් බළන්ගොඩ මානවයා පිළිබඳ සිදු කෙරුණු පුරාවිiාත්මක හෙළිකරගැනීම් තුළ හඳගිරිය යනු ලංකාවේ ආදිතම මානව ජනාවාසයක් ලෙස සැලකිය හැකිය. කෙසේවෙතත් හඳගිරිය ඇල්ල ආශ‍්‍රිතව කුඩා විදුලි බලාගාරයක් ආරම්භ කිරීමට සබරගමුව පළාත් සභාවේ අනුමැතිය ලැබී ඇත.

හඳගිරිය මිනි හයිඩ්‍රො (ප‍්‍රයිවට්* ලිමිටඞ් අංක 30 දරණ පොල්ලමුර, වැලිගෙපොළ, බළන්ගොඩ, දරණ ලිපිනයැති මෙම ව්‍යාපෘතියේ විධායක නිලධාරි වශයෙන් කටයුතු කරන්නේ සබරගමුව පළාත් සභා මන්තී‍්‍ර ප‍්‍රභාත් මහේෂ්ද අල්විස්ය. මීට පෙර අවස්ථා කිහිපයකදීම ගම්වැසියන් විසින් විරෝධය පළ කරමින් මෙම ව්‍යාපෘතිය නවතා දමන ලෙස ඉල්ලීම් කර ඇත. එම ඉල්ලීම් නොසලකා හරිමින් වියිමත් පාරිසරික සඛ්‍යතා අධ්‍යයනයක් නොකර, නීතිය මඟ හැර කරන ඉදිකිරීමට එරෙහිව ප‍්‍රදේශවාශීන්ගෙන් සැදුම්ලත් ‘හඳගිරිය සුරැුකීමේ ජනතා ව්‍යාපාරය’ සබරගමුව පළාත් සභාව ඉදිරිපිට පසුගිය 26 වැනිදා උදෑසන 10.00ට පමණ  උද්ඝෝෂණයක නිරතවිය. පහත පළවන්නේ එම අවස්ථාවට සම්බන්ධ වූ කිහිප දෙනකුගේ් අදහස් දැක්වීම්ය.

සටහන සහ සේයා රූ – ජගත් කිත්සිරි