තෝරු මෝරු බේරා හාල්මැස්සන් අල්ලන වකුගඩු ජාවාරම





Indian Police reveal Kidney Racket

ඉන්දියානු දුප්පත් තරුණයන් ලංකාවට ගෙනවිත් ඉතා සුළු මුදලක්  ඔවුන්ට ලබා දී ඔවුන්ගේ වකුගඩු ගලවාගෙන පොහොසතුන්ට බද්ධ කිරීමේ ජාවාරමක් ලංකාවේ පෞද්ගලික රෝහල්වල සිදු වන බව පසුගියදා වාර්තා විය.

ඒ මෙම ජාවාරමට සම්බන්ධ දිලිප් චව්හාන් හා සුරේෂ් ප‍`ජාපතී යන දෙදෙනා ජනවාරි 16 වැනිදා අත්අඩංගුවට පත්වීමත් සමඟය මේ වසරේ ජනවාරි 20 දා හින්දු පුවත්පත වාර්තා කර ඇති ආකාරයට මේ වකුගඩු ජාවාරමට ලංකාවේ වෛද්‍යවරු 6දෙනෙකු සම්බන්ධ වී ඇත. මෙම නීතිවිරෝධි සැත්කම් සිදුවී ඇත්තේ ලංකාවේ පෞද්ගලික රෝහල් වලය. එම පෞද්ගලික රෝහල් අතර නවලෝක හා හේමාස් රෝහල්ද, ලංකා හොස්පිටල්ස් හා වෙස්ටර්න් හොස්පිටල් රෝහල්ද  හඳුනාගෙන තිබේ. මේ ජාවාරම පිළිබඳ මුලින්ම හෙළිදරව් කරන ලද්දේ ජනරළ පුවත්පත මඟිනි. ඒ 2014 අපේ‍්‍රල් 27 පුවත්පතෙනි. සිදුවීම ඉදිරියට ආවේ 2014 මාර්තු 22 දා දිලිප් මාරු නැමැති ඉන්දිය තරුණයෙකු ලංකාවේදී මිය යාමත් සමගය. ලංකාවේදී සිදු කරන ලද මරණ පරීක්ෂණයේදී ඔහුගේ මරණයට හේතුව හෘද රෝගයක් බව වාර්තා කර තිබුණි. නමුත් එය සැක කළ ඥාතීන් ඉන්දියාවේ හයිද්‍රාබාද් නගරයට මල සිරුර ගෙන ගොස් යළි මරණ පරීක්ෂණය සිදු කිරීමේදී ඔහුගේ වකුගඩුව ඉවත් කර ඇති බව අණාවරණය විය. එමෙන්ම ඔහුගේ ඊමේල් පරීක්ෂා කළ පොලිසියට වකුගඩු ජාවාරම පිළිබඳ තොරතුරු හෙළිදරව් විය. පවන් ශ‍්‍රී නිවාස් හා ඉන් වෙන්කටේෂ් නැමැති දෙදෙනා ඉන්දිය පොලිසිය මගින් අත්අඩංගුවට ගන්නේ ඉන් අනතුරුවය. මෙම වකුගඩු ජාවාරමට තලවතුගොඩ හේමාස් රෝහල සම්බන්ධ බවටද වෛද්‍ය මොනික් නැමැත්තෙකු මෙහි සම්බන්ධීකරණය සිදු කරන බවටද සැත්කම් සිදු කිරීම සඳහා ජයවර්ධනපුර රෝහලේ වෛද්‍යවරයෙකු සම්බන්ධ වන බවටද ජනරළ හෙළිදරව් කළ මුත් පොලිසිය කිසිදු පියවරක් ගත්තේ නැත. සෞඛ්‍ය අමාත්‍යාංශයද පියවරක් ගත්තේ නැත. නමුත් ඉන්දීය පොලිසිය මේ පිළිබඳ පරීක්ෂණ ඉදිරියට ගෙන යමින් තිබේ. ජාවාරම්කරුවන් අත්අඩංගුවට ගන්නේ ඒ අනුවය.june-1-2

april-27-2ජාවාරම්කරුවන් ඉන්දියාවේ පූනේ, මුම්බායි, අහමදාබාද්, හයිදරාබාද් උරු කෙස්ට‍රා ආදී ප්‍රදේශ වල තරුණයන් වකුගඩු විකිණීමට එකඟ කරගන්නා බවත් එක් තරුණයෙකු එලෙස ලංකාවට ගෙනත් දුන් විට වකුගඩුව ලබා ගන්නාගෙන් ඔවුන්ට ඉන්දියන් රුපියල් ලක්ෂ 30 ක් ලැබෙන බවත් ජාවාරම්කරුවන් පාපොච්චාරණයකර තිබේ. ඉන් ලක්ෂ 15ක් සැත්කම කරන ලංකාවේ වෛද්‍යවරයාට ලබාදෙන අතර තවත් ලක්ෂ 10ක් ජාවාරම්කරුවා විසින් ලබා ගනී. ඉතිරි ලක්ෂ පහෙන් කොටසක් තරුණයා ලංකාවට ගෙන ඒමේ ගුවන් ගාස්තු නවාතැන් ගාස්තු කෑම බීම ආදියට වැය වන අතර වකුගඩුව වෙනුවෙන් එම දිළිඳු තරුණයන්ට ලබා දෙනුයේ ඉන්දියානු රුපියල් ලක්ෂ තුන හමාරක පමණ සොච්චමකි. එහෙත් සිය දිළිඳුකම නිසා කුණු කොල්ලයට වකුගඩු විකිණිමට ඉන්දිය තරුණයෝ පසුබට නොවෙති. වරක් මෙසේ වකුගඩු විකිණු තරුණයකු ඉන්දිය පොලිසියට පවසා තිබුනේ වැඩිහිටි වියේ සිටින සිය දෙමාපියන්ට ජීවත්වීමට නිවසක් තනා දීම සඳහා තමන් වකුගඩුව විකිණු බවයි. මේ ජාවාරම පසුපස පවතින්නේ එතරම් විශාල ඛේදවාචකයකි.

මෙම ජාවාරමේ තවත් වංචාවක් ඇත. වකුගඩු ජාවාරමට සම්බන්ධ වෛද්‍යවරුන් ලෙස ලංකාවේ වෛද්‍යවරුන් වන මාධව, මොනික්, සාධනා, චමිලා, නිරෝශනී, හබිබා සහීබ් යන වෛද්‍යවරුන් හය දෙනාගේ තොරතුරු හෙළිදරව් වී තිබේ. සැබැවින්ම ජාවාරම්කරුවන් සමග ගනු දෙනු කර ඇත්තේ මේ වෛද්‍යවරු හයදෙනාය. නමුත් ඔවුන් කනිෂ්ඨ වෛද්‍ය නිලධාරීන් වන අතර ඔවුන්ට වකුගඩු සැත්කම් සාර්ථකව සිදු කිරීමේ හැකියාවක් නොමැත. මෙම ජාවාරමට සැබැවින්ම සම්බන්ධව ඇත්තේ වෛද්‍ය ෂෙරීෆ් සහා වෛද්‍ය නසාර් යන විශේෂඥ වෛද්‍යවරුන් දෙදෙනාය. නමුත් ආණ්ඩුව සමග ඇති දේශපාලන සබඳතා නිසා ඔවුන්ට එරෙහි පරීක්ෂණ දියත් වන්නේ නැත. මේ වන තුරු ලංකාවේ පොලිසිය වකුගඩු සැත්කම් පිළිබඳ ක‍්‍රියාත්මක වී නැති අතර එයට හේතුව දේශපාලන බලපෑම් බව විශ්වාස කෙරේ.

Dr-Kanthi-Ariyarathne

”මාස 18 කට හොර වකුගඩු සැත්කම් 200 ක්” යනුවෙන් 2014 ජුනි 01 දින ජනරළ මුල් පිටුවේ ප‍්‍රධාන සිරස්තලයෙන් කළ අනාවරණය ගැන සෞඛ්‍ය ආමාත්‍යාංශය විසින් අප පුවත්පතට පිළිතුරක් එවන ලදී. එම ප5තිචාරය යටින් අත්සන් කර තිබුනේ සෞඛ්‍ය ආමාත්‍යාංශයේ පෞද්ගලික වෛi අංශ සංවර්ධන විෂය භාර සෞඛ්‍ය අධ්‍යක්ෂ කාන්ති ආරියරත්න විසිනි. පුදුමය නම් මෙවර වකුගඩු ජාවාරම ගැන පරික්ෂණ කරන්නට පත්කළ කමිටුවේ ප‍්‍රධානියා වන්නේද ඇයම වීමයි. ඇය වසර දෙකකට පෙර අප කළ හෙළිදරව්වට හැරෙන තැපෑලෙන් ඒවා තිබුණු ප‍්‍රතිචාරයේ මෙසේ සඳහන් විය. ‘‘එම ප‍්‍රවෘත්තියෙන් දක්වා ඇති පරිදි වෛද්‍ය කාන්ති ආරියරත්න වන මමත්, වෛi ඒ.අයි. ජාගොඩ වන මෙම අංශයෙහි නියෝජ්‍ය අධ්‍යක්ෂවරයාත් අදාළ රොහල් වලට ගොස් තොරතුරු රැුස්කිරීමේ විමර්ශනයක් සිදුකර ඇති නමුත් එම පරික්ෂණ වාර්තාව මෙතෙක් ප‍්‍රකාශයට පත්කර නොමැත. එබැවින් එම වාර්තාව මත පදනම්ව යැයි සඳහන් කරමින් ඔබ පුවත්පතෙහි පලකර ඇති ප‍්‍රවෘත්තිය නිවැරදි කරන ලෙස කාරුණිකව ඉල්ලමි.’’

ඉන්දිය පොලිසිය අනාවරණය කරගෙන ඇත්තේ මේ අතරින් සැත්කම් 60කට අදාළ තොරතුරු පමණි. නමුත් අපට වාර්තා වන ආකාරයට 2015 වසරේදී පමණක් මෙවැනි සැත්කම් 1500ක් ඉහත කී පෞද්ගලික රෝහල්වල සිදු කර තිබේ. 2014 ජුනි 01 දා ජනරළ පුවත්පතේ මුල් පුවතින් අනාවරණය කළ පරිදි 2013 වසරේදී ලංකා හොස්පිටල්ස් සැත්කම් 107ක්ද වෙස්ටර්න් ඉන්ෆර්මරි රෝහල සැත්කම් 127ක්ද නවලෝක රෝහල සැත්කම් 30ක්ද හේමාස් රෝහල සැත්කම් 14ක්ද, කැන්ඩි නර්සින් හෝම් සැත්කම් 24ක්ද සිදු කර ඇත. 2014 මුල් මාස හතර තුළ මෙම රෝහල් පිළිවෙලින් සැත්කම් 51 ක් ,18ක්, 32ක්, 37ක් හා 6ක් සිදු කළබව ජනරළ අනාවරණය කරන  ලදී. එහෙත් සෞඛය අමාත්‍යාංශය පසුව ලිපියක් යොමු කරමින් එම තොරතුරු සාවද්‍ය බව ප‍්‍රකාශ කළත් තොරතුරු වල නිරවද්‍යතාවය වෙනුවෙන් පෙනී සිටි ජනරළ ප‍්‍රවෘත්තිය ඉල්ලා අස් කරගත්තේ නැත. එපරිද්දෙන්ම 2015 වසර තුළ ජාවාරම්කරවන්ගේ සම්බන්ධය ඇතිව වකුගඩු  සැත්කම් 1500ක් පමණ සිදු කර ඇතිබව  අප වගකීමෙන් ප‍්‍රකාශ කර සිටිමු. මේ ජවාරම්කරුවන්ට එරෙහිව නීතිය ක‍්‍රියාත්මක කරනු ඇතැයි රජයේ බලධාරීන් සම්බන්ධ අපට විශේෂ විශ්වාසයක් නැත. සියල්ල මිල කරනු ලබන සමාජයක

වකුගඩු ද ඇතුළු සියලූ මිනිස් අවයව වෙළෙඳ භාණ්ඩ බවට පත්වන බවත් ඒවා විකුණන දුප්පතුන් මෙන්ම මිනිස් ශරීර වෙළෙඳාමේ නිරත වන හා එයින් ලාභ උපයන ජාවාරම්කරුවන්ද බිහිවන බවත් දන්නා නිසා අපට මේ ගැන පුදුම සිතෙන්නේද නැත. වකුගඩු හොරු ඇල්ලීමේ උද්ඝෝෂණයක් ඇරඹීමේ අපේක්ෂාවක්ද අපට නැත. සියල්ල විකුණන මිනීමස් ජාවාරමෙන් හෝ පොහොසතුන් වීමට උත්සහ කරන මිනිසුන් හදන මේ සමාජය ගැන තව වරක් කල්පනා කරන්නැයි අපි ඔබෙන් ඉල්ලමු.

විශේෂ ලියුම්කරුවකු විසිනි