මෙගා පොලිස්


megapolis

පසුගිය 2016 ජනවාරි 29 වැනි දින පෙ.ව. 10.30ට නිදහස් චතුරශ‍්‍රයේදී ජනාධිපතිවරයා විසින් මෙගා පොලිස් හෙවත් ‘බස්නාහිර මහ නගර සංවර්ධන ව්‍යාපෘතිය’ නිල වශයෙන් ආරම්භ කරන ලදී. මෙගා පොලිස් යන ග‍්‍රීක වචනවල අරුත මහ නගර යන්නයි. මේ නගර සංවර්ධන ව්‍යාපෘතිය රජය පැත්තෙන් ප‍්‍රධාන රංගනය ලෙස කරළියේ ඔසොවා තබන විට අපට නිතැතින්ම නැෙඟන ප‍්‍රශ්නයක් ඇත. එනම් ගෝත‍්‍රවාදී අත්තනෝමතික ¥ෂිත මහින්ද රාජපක්ෂ රෙජීමය පෙරලන සටනේදී රනිල් මෛත‍්‍රී සංධානයේ මේ ව්‍යාපෘති ගැන සඳහනකුදු නොවීමයි. ඒ වෙනුවට එහිදී ප‍්‍රධාන සටන්පාඨ වූයේ මෙගා ඞීල් නැවතීම, ¥ෂිතයන්ට දඬුවම් දීම, ප‍්‍රජාතන්ත‍්‍රවාදය ස්ථාපිත කිරීම, එතනෝල් කුඩු පිටුදැකීම, ඥාති සංග‍්‍රහය පිටුදැකීම ආදියයි. එනිසාම දැන් මහජනතාව වික්ෂිප්ත වී සිටී. ඒ බලාපොරොත්තුවූ දේ ඉටුනොවීම හා බලාපොරොත්තු නොවූ දෑ මුල්තැනට ගෙන ඒම නිසාය.

මෙම මෙගා පොලිස් ව්‍යාපෘතිය පිළිබඳව මුලින්ම සඳහනක් වූයේ 2015 අගෝස්තු මැතිවරණයෙන් පසු පිහිටවූ කැබිනට්ටුවේ විෂය වෙන්කිරීමේදීය. එතෙක් මෙතෙක් නොවූ බස්නාහිර හා මහනගර සංවර්ධන අමාත්‍යාංශය නමින් අමාත්‍යාංශයක් වෙන් විය. එහිදී ප‍්‍රශ්නාර්ථයක් හැර වෙනත් අදහසක් මහජනයාට නොවීය. තල්ගහ පොල්ගහක් ලෙස ඔප්පු කිරීමට සමත් පාඨලී චම්පික රණවක එහි ඇමැති ලෙස පත් කළද එයද මහජන අවධානයට යොමු නොවීය. නමුත් අදාළ ව්‍යාපෘතිය කි‍්‍රයාත්මක කිරීමට අදාළ නිලධාරීන් පත් කර එම අය විසින් ව්‍යාපෘතිය පිළිබඳ විස්තර ප‍්‍රචාරය කිරීම නිසා දැන් එයට යම් අවසානයක් යොමු වී ඇති බව පෙනේ.

මේ තොරතුරු එළිදැක්වීමට අනුව මෙය ඇ.ඩොලර් බිලියන 45ක් වැය වන දැවැන්ත ව්‍යාපෘතියකි.

මෙම ව්‍යාපෘතිය මඟින් අවස්ථා කිහිපයකදී කෝට්ටේ මහ නගරය බවට පත් කිරීමට උත්සාහ දරා අසාර්ථක වූ කාර්යය වඩා පුළුල්ව සිදුකෙරේ. දකුණින් කළුතර සිට උතුරටත් රට ඇතුළතින් හොරන මීරිගම සිට බටහිරටත් උතුරින් කටුනායක සිට දකුණටත් විහිදුණු විශාල කලාපය මහා නගරයක් ලෙස සංවර්ධනය කිරීමට අදහස් කර ඇතැයි පැවසේ. මේ විශාල කලාපය යම් යම් විශේෂත්වයක් සහිත උපකලාප පහකට බෙදා වෙන් කෙරේ.

ඒ අනුව පළමු කලාපය කටුනායක සිට කොළඹ දක්වා ‘එයරෝ සිටි’ හෙවත් ගුවන් නගර කලාපය වේ. එහි සංචාරක හෝටල්, ගුවන්යානා සේවා සැපයීම් ආයතන, ගුවන් නියමු පුහුණු පාසල් හා ඒ ආශ‍්‍රිත ආයෝජනයන් සඳහා වෙන් කෙරේ.

දෙවැන්න මෝදර මට්ටක්කුලිය ඇතුළු සමුද්‍රාසන්න කලාපය ඇතුළත් පෝර්ට්සිටි හෙවත් වරාය නගර සංකල්පය යටතේ ඒ ආශ‍්‍රිත කර්මාන්ත සේවා සැපයීම් ආයතන, පුහුණු ආයතන සඳහා ආයෝජන අවස්ථාවන් ලබාදේ.

තුන්වැනි කලාපය මාලඹේ සිට හෝමාගම දක්වා කලාපය දැනුමේ කේන්ද්‍රස්ථානය හෙවත් ණබදකැටැ යමඉ ලෙස අධ්‍යාපන ආයතන සඳහා වෙන් කෙරේ. තොරතුරු තාක්ෂණය/ ව්‍යාපාර අධ්‍යයන ආයතන සඳහා ආයෝජනවලට වැඩි අවධානයක් යොමු කෙරේ.

සිව්වැන්න කළුතර දිස්ත‍්‍රික්කයේ බුලත්සිංහල, මතුගම, ඉංගිරිය ඇතුළු පස්දුන් කෝරළය ඇතුළත් කලාපය හරිත නගර සංකල්පය හෙවත් ඨරුැබ ජසඑහ සංකල්පය ලෙස වෙන් කෙරේ. (සංචාරක ආකර්ෂණය සඳහා*

පස්වැන්න කළුතර, කඩවත, කොට්ටාව ඇතුළත් ඔයරුැ .න. ජසඑසැි කලාපය වාහන තදබදය රහිත නාගරික කලාපයක් ලෙස පරිපාලන නගර සංකල්පය යටතේ ප‍්‍රතිසංස්කරණය කෙරේ.

පසුගිය 2016 ජනවාරි 22 වැනි දින අදාළ ව්‍යාපෘතියේ සැලසුම් සියල්ල (අප දැනගත යුතු යැයි බලධාරීන් අදහස් කරන කරුණු* එහි නිලධාරීන් ඉතා සිත්ගන්නා සුළු ලෙස ඉදිරිපත් කරන ලදී.

ඒ අනුව අනාගතයේ පරිසර හානි සිදුවීම අවම වේ. මුතුරාජවෙළ තෙත්බිම් ආදිය කිසිදාක නොවූ පරිදි ආරක්ෂිත වේ. බොල්ගොඩ

ගඟ, වේරැුස් ගඟ අත්තිඩිය තෙත්බිම් යළි කවදාවත් හානි නොවන ලෙස සුරක්ෂිත කෙරේ. කළුතර දිස්ත‍්‍රික්කයේ හරිත වන ගහනයන් උපරිම ලෙස ආරක්ෂා කෙරේ.

එසේම බස්නාහිර නගර කලාපය තුළ කුණු කැලිකසල ප‍්‍රශ්නය, වාහන තදබදය යළි ඇති නොවන ලෙස සැලසුම් කෙරේ. වනාන්තර දියඇලි (කළුතර කලාපයේ පිහිටි* ආරක්ෂා කෙරේ. නාගරික ජල වහනයට ඇති බාධක යථාවත් කෙරේ. මුළු බස්නාහිර පළාත සැලසුම් සහගත නාගරික කලාපයක් කෙරේ.

මේ අනුව නම් බැලූ බැල්මට මෙම බස්නාහිර මහනගර ව්‍යාපෘතිය යටතේ මේ කලාපයට සෞභාග්‍ය සම්පන්න යුගයක් උදාවේ. නමුත් මෙම ව්‍යාපෘති සැලසුම් තවදුරටත් අධ්‍යයනය කරන විට හා පසුගිය

දිනවල ස්විට්සර්ලන්තයේ ඩාවෝස් නුවර පැවති ලෝක ආර්ථික සමුළුවේදී අගමැති රනිල් විසින් විස්තරාත්මකව කළ ප‍්‍රකාශය සත්‍ය හෙළිකරයි. එසේම සමුළුවෙන් පසු ඉන්දියානු එන්.ඞී.ටී.වී. ආයතනයේ මාධ්‍ය තරු වික‍්‍රමචන්ද්‍ර හා කළ සම්මුඛ සාකච්ඡුාවකදීද ජර්මන් රූපවාහිනී චැනලයක්වූ ඩොයිස්වෙලා  හා කළ සාකච්ඡුාවේදීද සමුළුවෙන් පසු ඩාවෝස්හි මොරසානි පෝස්ට් ශාලාවේදී පැවැති මහා පරිමාණ ආයෝජක සමුළුවේදීද රනිල් සිය සැලසුම ඍජුව ප‍්‍රකාශ කර ඇත.

මෙම සැලසුමට අනුව ආයෝජන මණ්ඩලය හා ආර්ථික සංවර්ධන මණ්ඩලය වෙනුවට සංවර්ධන ඒජන්සියක් ස්ථාපිත කෙරේ. මෙගා පොලිස් ව්‍යාපෘති කලාපයට (මුලදී* අවශ්‍ය සියලූ භෞතික කරුණු පිළිබඳ බලධාරීත්වය එයට හිමිවේ. ව්‍යාපෘති තෝරාදීම, අනෙක් පහසුකම් සැලසීම, ඉඩම් පවරාදීම මෙන්ම, ආයෝජකයන් සඳහා ලබාදිය හැකි සියලූ ඉඩම් සඳහා සියලූ යටිතල පහසුකම් ලබාදී සූදානම් කර තැබීම ආදිය මෙයට පැවරේ. මෙහිදී සැලකිය යුතු කරුණක් වන්නේ ආර්ථික සමුළුවේදී රනිල් කර තිබූ ප‍්‍රකාශයෙනි. එනම් ආයෝජකයන් අමතා ”අපේ අරමුණ ඔබ සඳහා ලිහිල් රෙගුලාසිවලින් යුතු මිත‍්‍රශීලී ආයෝජන පරිසරයක් සැකසීමයි” යනුවෙන් කළ ප‍්‍රකාශයයි. ආයෝජකයන්ට ලිහිල් රෙගුලාසි යනු අනිවාර්්‍යයෙන්ම ශ‍්‍රමිකයන්ට එතෙක් දිවිපුදා සටන් කොට ලබාගත් කම්කරු අයිතීන් පැහැර ගන්නා අණ පනත් ය. ඉහත කී සංවර්ධන ඒජන්සියට පැවරෙන්නේ එසේනම් එම කම්කරු අයිති මර්දන අනපනත් සක‍්‍රීය කිරීමයි.

එසේම එම කලාපය තුළ ආයෝජකයන්ට මෙන්ම සිවිල් වැසියන්ටද එම සංවර්ධන එජන්සි පාලනය විවිධ අයුරින් බලපැවැත්වෙන බැව් හෙළිවේ. එනම් අලූතින් පදිංචි වීම් පදිංචි සඳහා ඉඩම් මිලදී ගැනීම් ආදිය ඍජුව මේ යටතට පත්වන බැව් පෙනේ. අනෙක් අතට ක‍්‍රියාත්මක ස්වරූපය කෙබඳුදැයි තවමත් නොදන්නා මෙහි අනිටු බලපෑම් සියල්ල කුමක්දැයි තවම කිව නොහැක. 1978 නවලිබරල් ධනවාදයේ මුල් ඉනිමේදී බිහිකළ ආයෝජන මණ්ඩලය හා එහි බලතල යටතේ කටුනායක බියගම ඇතුළු නිදහස් වෙළෙඳකලාප තුළ කම්කරු අයිතීන් පාගා දමා ඇති ආකාරය අනුව මෙය එහි වඩාත් ශක්තිමත් දිගුවක් නොවේ යැයි කාට කිව හැකිද?

මෙම ව්‍යාපෘතිය ප‍්‍රධාන ව්‍යාපෘති 10ක්ද අතුරු ව්‍යාපෘති 160කින් පමණද යුක්ත වන අතර මුල් අවුරුදු 5 තුළ මූලික සැලසුම් ක‍්‍රියාත්මක වේ. ඉතිරි අවුරුදු 15කින් සියලූම ව්‍යාපෘති නිමකිරීමට සැලසුම් කර ඇත.

ඩාවොස් සමුළුවේදී හා එහි විදේශ ආයෝජක හමුවලදී අගමැති පුන පුනා ප‍්‍රකාශ කර තිබුණේ එක් දෙයකි. එනම් අපි ඔබට ලිහිල් රෙගුලාසි, ඉඩම්, යටිතල පහසුකම්, මූල්‍ය සේවා ආදී සියලූ පහසුකම් සපයන්නෙමු. ඔබ ආයෝජනය කරන්න අපි ඔබ (විදේශ* ආයෝජන කෙරේ මුලූමනින්ම බලාපොරොත්තු තබන්නෙමු යන්නයි. ඒ බව රනිල්ගේ පහත ප‍්‍රකාශයෙන් ගම්‍ය නොවේද? ”2030 වන විට ශී‍්‍ර ලංකාවේ ආර්ථික සිතියම නිර්මාණය කිරීමේ වගකීම පැවරෙන්නේ ආයෝජකයන්ටය” ”ඒ සඳහා සියලූ පහසුකම් රජය ලබාදෙනවා” යන්නයි.

මෙහිලා කිවයුතු විශේෂ කරුණක් ඇත. එනම් රනිල් මෛත‍්‍රී පාලනය මේ ගෙන යන්නේ නවලිබරල් ධනවාදයේ දෙවැනි පියවර ලෙස මහින්ද රාජපක්ෂ ඉදිරියට ගෙනයාමට තැත් කළ ආර්ථික සැලසුමම වේ. ගෝත‍්‍රවාදී පාලනය නිසා ඔහු අසාර්ථක වුවද රනිල් වඩා ඉවසිලි සහගතව හා උපක‍්‍රමිකව එය වේගයෙන් ඉදිරියට ගෙනයාමට යත්න දරනු පෙනේ. මහින්ද යුගයේ රොෂේන් චානක දිවි පුදා හෝ දහස් ගණනින් පෙරට ආ වැඩකරන මිනිසුන්ගේ අධිෂ්ඨානශීලී අරගලය නිසාවෙන් පරාජය කළ මේ ධනවාදී සැලසුම් ඉදිරියේදී තවතවත් ශක්තිමත්ව වැඩකරන මිනිසුන් හමුවට එනු ඇත.

තවද කිවයුතු කරුණක් ඇත. මහින්ද යුගයේ සැලසුම් කළ මහා භෞතික සැලසුමෙහි මෙම බස්නාහිර නගර සැලැස්ම එකක් පමණි. ඉතිරියද නොබෝ දිනකින් කරළියට එනු ඇත.

උපාලි සෙනෙවිරත්න