1971 අපේ‍්‍රල් සමරුව

1971Struggle1971 අපේ‍්‍රල් අරගලයෙන් වසර 42කට පසුව ඒ පිළිබඳ විවිධ සාකච්ඡුා සිදුවන අතර පාර්ශ්ව දෙකකින් ඒ ගැන කෙරුණු මත දැක්වීම් අප විසින් තෝරා ගන්නා ලදී.

——

71 ශ්‍රේෂ්ඨ පරාජය ගැන නැවත කියවමු

71-c

1971 අපේ‍්‍රල් අරගලයට මේ මස 5 වැනිදාට වසර 42ක් සපිරේ. අප අපේ‍්‍රල් අරගලය ගැන ලියන්නේ නැවත වරක් අපේ‍්‍රල් 5 වැනිදාවක් අප ඉදිරියට පැමිණ සිටින නිසා නොවේ. මෙය කැලැන්ඩර් දේශපාලනයේ එන මඟ හැරිය නොහැකි වතාවතක්, යාතුකර්මයක් නිසා නොවේ. 1971 අපේ‍්‍රල් අරගලය ඉතිහාසයට පාඩම් රැුසක් කියා දුන් මහා විශ්වකෝෂයක් වන හෙයිනි. 1905 රුසියානු විප්ලවය පරාජයට පත් වුවත් ලෙනින් එය හැඳින්වූයේ ‘ශ්‍රේෂ්ඨ පරාජය’ ලෙසිනි. සමාජවාදය ගැනත් වැඩපිළිවෙළ හා උපක‍්‍රම ගැනත් පවතින අදහස් සහ සිහින, පොදු ජනතාවගේ ක‍්‍රියාකාරීත්වය හා අරගලය තුළ පරීක්ෂණයට භාජනය කෙරෙන මෙබඳු මොහොතවල් නිසැකවම ඉතිහාසයේ මහා විශ්වකෝෂයන්ය. ලෙනින් පවසන්නේ විප්ලවීය අරගලවල කාලපරිච්ෙඡ්දයේ එක් මාසයක් වුව සාමාන්‍ය කාලවල දී වසරක කාලයකට වඩා පාඩම් උගන්වන බවයි.

‘‘දේශපාලන විiාවේ මූලධර්මයන් ගැන උගැන්වීම හා සම්බන්ධයෙන් වූ කල පොදු ජනතාවට හා නායකයන්ට ද පන්තිවලට හා පක්ෂවලට ද යන මේ සියල්ලන්ටම එක සේම, මෙම කාලපරිච්ෙඡ්දයේ එක් මාසයක් ‘සාමකාමී’ හා ‘ව්‍යවස්ථානුකූල’ සංවර්ධනයේ මුළු අවුරුද්දකටම සමාන වූයේය. 1905 වර්ෂයේ මෙම ‘පුරුදු වීම’ නොමැති වූයේ නම්, 1917 ඔක්තෝබර් විප්ලවයේ ජයග‍්‍රහණය කිසිසේත් නොලැබෙන්නට තිබිණි.’’

‘‘විප්ලවවාදී පක්ෂවලට හා විප්ලවවාදී පන්තියට නියම හා ඉතා ප‍්‍රයෝජනවත් පාඩමක්, ඉතිහාසයේ දයලෙක්තික ක‍්‍රමය ගැන පාඩමක්, දේශපාලන අරගලය වටහා ගැනීම හා අරගලය කිරීමේ කලාව හා විiාව ගැන පාඩමක් උගන්වන ලද්දේ මෙම ශ්‍රේෂ්ඨ පරාජය විසිනි.’’

(ලෙනින්, තෝරාගත් කෘති, වෙළුම 6, පිටු 137/138)

1971 අරගලය මෙතෙක් කල් කියවනු ලැබුවේ එක්කෝ ‘කඩාකප්පල්කාරීත්වය’, ‘ත‍්‍රස්තවාදය’, ‘සුළු ධනේශ්වර උමතුව’, ‘තරුණ අසහනය’ ආදී වචනවලින් අලංකෘත කර අපහාසාත්මක දෘෂ්ටි කෝණයකින් නිෂේධනාත්මක අදහසකිනි. එසේත් නැතිනම් වීරත්වය, කැප කිරීම හා පරිත්‍යාගයන් පිළිබඳ උදාහරණ සහිතව තරමක් අනුරාගික දෘෂ්ටිකෝණයකිනි. පළමු වැන්න අරගලයේ සියලූ සාධනීය අත්දැකීම් හා ආදර්ශයන් බැහැර කරන අතර දෙවැන්න අරගලයේ අඩු පාඩු හඳුනා ගැනීමට බාධා කරයි. විසිදහසකගේ පමණ ජීවිත අහිමි කළ, තවත් දසදහස් ගණනක් සිර කඳවුරු තුළ ගාල් කරන ලද අරගලයේ පරාජය ‘ශ්‍රේෂ්ඨ පරාජයක්’ ලෙස අප අර්ථ දක්වන්නේ නම් එම ශ්‍රේෂ්ඨ පරාජය පිළිබඳව ඉතිහාසයට පාඩම් උගත හැක්කේ එම අන්ත දෙකම බැහැර කර, නිවැරැුදි දේශපාලන කියවීමක් සිදු කර ගැනීමෙනි. එම දේශපාලන කියවීම දැනටමත් වසර 42ක් ප‍්‍රමාද වී ඇත. නමුදු ප‍්‍රමාද වී හෝ එම ශ්‍රේෂ්ඨ පරාජය පිළිබඳව කියවීමක් කළ යුතුය. මන්දයත් අනාගත ජයග‍්‍රහණයන් රඳාපවතින්නේ අතීතයේ පාඩම්

නිවැරැුදිව හා නිරවුල්ව උකහා ගතහොත් පමණි. 1917 ජයග‍්‍රහණය දක්නට හැකි වූයේ 1905 පරාජයේ අධ්‍යාපනය නිසා යැයි ලෙනින් පවසන්නේ එහෙයිනි.

1971 අරගලය වැනි ඉතිහාසමය සංසිද්ධියක් පිළිබඳව මෙවැනි කෙටි ලිපියකින් සමාලෝචනයක් සිදු කර ගැනීම පහසු නොවේ. එය අතිශය සංකීර්ණ කටයුත්තකි. නමුත් කෙටියෙන් හෝ අත්‍යවශ්‍ය කරුණු පිළිබඳව දළ සංවාදයක් කරගත යුතුව තිබේ. සමාජවාදය පිළිබඳව එතෙක් කල් ලංකාවේ තිබුණේ සිහිනයක් හා න්‍යායික සංවාදයකි. අදහසකි. 71 අරගලය සමාජවාදී විප්ලවය සමාජයීය අත්දැකීමක් බවට පත් කළේය. ලංකාව තුළ රාජ්‍යය ස්ථාපිත වී වසර දෙදහස් පන්සියයක් පමණ ගෙවී ගොස් තිබුණ ද කෙදිනකවත් රාජ්‍යය විරහිත සමාජයක් බිහි කිරීමේ අදිටනින් අරගලයක් පැනනැඟී නොතිබිණි. එම ඉතිහාසය තුළ බොහෝ කැරැුලි ගසා නැඟිටීම් තිබුණ ද ඒ සියල්ල එක් පාලකයකු වෙනුවට තවත් පාලකයකු කැඳවන, එක් රජකු වෙනුවට තවත් රජකුට ඔටුනු පලඳවන ‘මාලිගාවේ කුමන්ත‍්‍රණ’ සමඟ බැඳුණු අරගල විය. 71 අරගලය ඊට වෙනස්ව පීඩිත ජනතාවට රාජ්‍ය බලය හිමි කරදීම වෙනුවෙන් පැනනැඟුණු ප‍්‍රථම ජනතා අරගලයයි. ලෝක කොමියුනිස්ට් ව්‍යාපාරයට 1871 පැරිස් කොමියුනය විසින් එකතු කර දුන් අත්දැකීම් සම්භාරයට කිසිසේත් අඩු නොවන පාඩම් සමූහයක් ඊට සියවසකට පසු පැනනැඟුණු 1971 අරගලය ලංකාවේ වමේ ව්‍යාපාරයට එක් කළේය.

1971 අරගලයේ සටන්කරුවන් කඩා වැටෙන ධනවාදයටත් රදල වලව්වල පසුගාමීත්වයටත් පිළිතුරු සෙව්වේ එක් පාර්ශ්වයක් වෙනුවට තවත් පාර්ශ්වයක් සමඟ සම්මුතිවලට එළඹීමෙන් නොවේ. ඇති එකම පිළිතුර සමාජවාදය බවත් කුමන මිලක් ගෙවා හෝ එය අත්පත් කරගත යුතු බවත් ඔවුහු කල්පනා කළහ. ඒ නිසා එතෙක් වමේ ව්‍යාපාරය වසා පිළිලයක් සේ වැඞී තිබුණු ලිබරල් සම්ප‍්‍රදාය, සභාගවාදය හා සම්මුතිකාමීත්වය ඔවුන් විසින් බැහැර කරන ලදී. කවර අඩු ලූහුඬුකම් තිබුණ ද අරගලයේ ඇති අතිශය සාධනීය අත්දැකීම එයයි. අනෙක් අතට අරගලය සඳහා මඟ පෙන්වූ න්‍යායක් තිබිණි. අරගලය විසින්ම පෙන්වා දුන්නේ ක‍්‍රමික වර්ධනය වෙනුවට තත්වයන් වර්ධනය වීම තුළ විප්ලවීය වෙනස්කම් හරහා ඉතිහාසය ඉදිරියට යන බව ඔවුන් විශ්වාස කළ බවයි. එහිදී ඔවුන් තත්වයන් වෙනස් කිරීම පිළිබඳ නියතිවාදයකට වැටුණේ නැත. ඔවුන් විශ්වාසය තැබුවේ මිනිස් මැදිහත් වීම පිළිබඳවය. ධෛර්යසම්පන්න මිනිසුන්ගේ මැදිහත් වීම හරහා සමාජය වෙනස් කිරීම පිළිබඳ ඔවුන්ගේ විශ්වාසය අදත් නියතිවාදීන්ගේ මනෝරාජික සිහින ඉදිරියේ දිදුලන ආලෝකයකි. එංගල්ස් සොබාදහමේ දයලෙක්තිකය පොතේ පවසන ආකාරයට සතුන් ඉතිහාසයට සම්බන්ධ වන අතර මිනිසා ඉතිහාසය නිර්මාණය කරයි. දැන් ධනවාදය මිනිස් සංහතියට බාර දී තිබෙන්නේ ඉතිහාසයට නිරීක්ෂකයන් ලෙස, අවිඥානික අතකොලූ ලෙස සහභාගි වීමේ සතාගේ භූමිකාවයි. අපේ භූමිකාව එය නොව, ඉතිහාසය වෙනස් කිරීමේ සවිඥානික මිනිස් භූමිකාවක් බව 1971 අත්දැකීම අපට පෙන්වා දුන්නේ දැවැන්ත මිලක් ද ගෙවමිනි.

1971 අරගලයේ විශේෂතම ලක්ෂණය වනුයේ රාජ්‍ය බලය පිළිබඳ ප‍්‍රශ්නය විප්ලවයේ මූලික ප‍්‍රශ්නය ලෙස ගැනීමයි. අරගලයේ ඉලක්කය වූයේ රාජ්‍යයට පහරදීමයි. පන්තියට රාජ්‍ය බලය අත්පත් කරගැනීමයි. රාජ්‍යයට පහර දීම, පොලිස් ස්ථානවලට පහරදීම දක්වා ලඝු වීම පිළිබඳ විවේචනය තිබිය දී වුව රාජ්‍ය බලය පිළිබඳ ප‍්‍රශ්නය අංක එකේ ප‍්‍රශ්නය බවට පත් කරගත් එම පරම්පරාව පිළිබඳ වඩාත් ගැඹුරු කියවීමක් සිදු කරගත යුතුය. අනෙක් අතට ඔවුහු විප්ලවය යනු සමාජ ව්‍යුහයන්, පාලන තන්ත‍්‍ර හා රාජ්‍ය ආයතන පරිවර්තනය කිරීමක් පමණක් නොව සමාජ ඇගයුම් පද්ධති, සමාජ සබඳතා, චින්තනය හා ආකල්ප ලෙස මිනිසාව ද පරිවර්තනය කර ගැනීමේ ව්‍යවහාරයක් ලෙස වටහා ගෙන සිටියහ. මුට්ට කර ගසා පක්ෂ අරමුදල් තර කිරීම, පූර්ණකාලීන විප්ලවවාදියාගේ ආදර්ශය, අරගලයේ දී රකින ලද ආචාර ධර්මයන් ආදී සියල්ල අපට පෙන්වා දෙන්නේ වෙනස් විප්ලවීය ව්‍යවහාරයක් කෙරෙහි ඔවුන්ට තිබූ බැඳීමයි. එය අනාගත විප්ලවීය ක‍්‍රියාකාරීත්වයන් කෙරෙහි පිරිනැමෙන අංග සම්පූර්ණ දායාදයක් නොවූවත් එහි වර්ධනය කරගත යුතු බොහෝ අංග තිබුණත් එය අනගිතම දායාදයක් බවට විවාදයක් නැත.

අපේ‍්‍රල් අරගලය එහි ආසන්නතම හේතුව ලෙස ධනපති ආණ්ඩුවේ මර්දනයට මුහුණ දීම තුළ පමණක් සංයුක්ත ගත කළ නොහැක. ඒ තුළ ලංකාවේ සමාජවාදය ගොඩනැඟීම පිළිබඳ අපේක්ෂාවක් ද තිබිණි. නමුත් ඒ සඳහා එම අරගලය තුළ තිබූ අරගල මාදිලිය විචාරයට බඳුන් කළ යුතුය. පුළුල් පොදු ජනතා ක‍්‍රියාකාරීත්වයකින් තොරව, බහුජන ව්‍යාපාරයක සහභාගීත්වයෙන් තොරව, කුඩා කණ්ඩායමක් රහසිගතව කරන අවි ගත් නැඟිටීමක් හරහා රාජ්‍ය බලය අත්පත් කරගැනීමේ මාදිලියක් ඒ තුළ අඩංගුව තිබිණි. ඇතැම් විට එයට කියුබානු විප්ලවයේ අත්දැකීම ඇතුළු ජාත්‍යන්තර අත්දැකීම් ද බලපාන්නට ඇත. කෙසේ වෙතත් විප්ලවීය නැඟිටීමක් සඳහා අවශ්‍ය පූර්ව තත්වයන් ගොඩනැඟී නොතිබූ තත්වයක් තුළ, පන්තිය තුළ ගැඹුරු සක‍්‍රීයභාවයක් අවුළුවාලීමේ වැඩපිළිවෙළක් ද නැතිව ක්ෂණික පහරදීමකට යාමේ පරාජයේ අත්දැකීම අප හොඳින්ම උකහා ගත යුතුය. ඒ වන විටත් සංවිධිත පක්ෂයක් ගොඩනැඟී නොතිබීමත් ව්‍යාපාරය පවා ඉතාම  ළදරු අවස්ථාවේ පැවතීමත් සංවිධානය තුළ පැනනැඟුණු කණ්ඩායම්වාදය ඇතුළු දුබලතාත් ඒ සියලූ අවාසිසහගත තත්වයන් තුළ ධනේශ්වර මර්දනය කෲර ලෙස කඩා පැනීමත් විසින් එවැනි පහරදීමක් උත්තේජනය කළ බව අපට පිළිගත හැකිනම් එහි දේශපාලන වරද ස්වයං විවේචනාත්මකව දැකිය යුතුය.

ක්ෂණික පහරදීමක් හරහා රාජ්‍ය බලය ඉලක්ක කරනු ලබන අරගලයක දී වුව එය පොලිස් ස්ථානවලට පහරදීම දක්වා පටු වීම යම් ආකාරයක ළාමක ස්වභාවයක් පෙන්නුම් කරයි. එමෙන්ම එය දේශපාලන අපරිණතභාවයක ලක්ෂණ පිළිබඳ නිදසුන් සපයයි. ඔවුන් ඒ මුහුණ දුන්නේ සුළු ධනේශ්වර අතිධාවනකාරීත්වයකටය. එසේ සිදුවීම ව්‍යාපාරය වැඩිපුර සුළු ධනේශ්වර තීරුවලට මැදිහත් වීමේ තාර්කික ප‍්‍රතිඵලයකි. එහෙත් 71 පරම්පරාව සුළු ධනේශ්වර සමාජ තීරුවලට මැදිහත් වූයේ එහි පසුකාලීන අනුප‍්‍රාප්තිකයන් මෙන් සුළු ධනේ්ශ්වර අභිලාෂයන් වෙනුවෙන් ධනපතියන් සමඟ සම්මුති ගැහීමේ අරමුණෙන් නොවන බව, එම පරම්පරාවට සාධාරණය ඉටු කිරීම පිණිස ලියා තැබිය යුතුය. මේ සියලූ අසම්පූර්ණතා අරගලයේ පරාජයට බලපෑ අතරම, ඒ සියලූ අඩු ලූහුඬුකම් අනාගත අරගලයන්ගේ පරිපූර්ණත්වය උදෙසා ආලෝකයක් එල්ල කරයි.

මෙවැනි කෙටි ලිපියකින් සම්පූර්ණ කළ නොහැකි තරමට 71 අරගලයේ සමාලෝචනය ගැඹුරුය. අරගලයෙන් වසර 42ක් ඉක්ම ගිය වත්මන් මොහොතේදීවත් ඒ ගැඹුරු සමාලෝචනය කරගත යුතුව තිබේ. ඒ 71 පරම්පරාවේ අරගලය පරාජයට පත් වුවත් එය මේ ම්ලේච්ඡුත්වයට එරෙහිව හා විනාශකාරීත්වයට එරෙහිව, මනුෂ්‍යත්වය අත්පත් කරගැනීම සඳහා සමාජයට ඇති අනුරාගය වෙනුවෙන් මාර්ගෝපදේශන සකස් කරන බැවිනි. අගති විරහිතව  හා පටු පාර්ශ්වීයත්වයෙන් තොරව 1971 අපේ‍්‍රල් ශ්‍රේෂ්ඨ පරාජය පිළිබඳව පුළුල් දේශපාලන කියවීමක් අවශ්‍ය වන්නේ එබැවිනි. මෙවර අපේ‍්‍රල් සමරුව ඒ සඳහා වන මූලාරම්භයක් කර ගත යුතුය. එය හුදු සමරුවකින් ඔබ්බට වර්ධනය කරගත යුතුය.

චමීර කොස්වත්ත – පෙරටුගාමී සමාජවාදී පක්ෂය