වැරැදි සටන් පාඨ භාවිතයට නැඟූ කැරැල්ලක්

 ‘දේශපාලන බලය වැඩෙන්නේ තුවක්කු කඳ තුළිනි’

යන වැරැදි සටන් පාඨය භාවිතයට නැඟූ කැරැල්ලක්

apr1971-1පන්ති සහිත සමාජය ආරම්භයේ සිට පන්ති අරගලවල ඉතිහාසය බව මාක්ස්වාදී ඉගැන්වීම්වල අවධාරණය කර තිබෙනවා. ඉතිහාසයේ එක් නිශ්චිත අවධියක දී සමාජය එහි ජීවත් වන එක් කොටසකගේ ශ‍්‍රමය තවත් කොටසකට සූරා කෑමට ඉඩ ලැබෙන පරිදි බෙදුණු හැටිත් එතැන් පටන් මුළු ඉතිහාසයම එසේ බෙදුණු පන්තීන් අතර (දේපළ ඇත්තවුන් සහ නැත්තවුන් අතර* සටනක් වූ හැටිත් පෙන්වා දුන්නා. එම සටන කෙළවර වන්නේ කම්කරු පන්තිය සමාජයේ ආධිපත්‍යයට පත් වීමෙන් පසුව බව පෙන්වා දී ඇති අතර සමාජය එතෙක් ඉදිරියට තල්ලූ කරන බලවේගය පන්ති සටන බවත් ඉතිහාසයේ ගමන් මඟ තුළ දකින්නට හැකි වෙනවා.

පන්ති සටනේ දී කම්කරු පන්තිය විසින් අනුගමනය කළ යුතු උපඋපායන් හා ක‍්‍රියාමාර්ගයන් ද මාක්ස්වාදී ඉගැන්වීම් තුළ පෙන්වා දී ඇත. එහෙත් මාක්ස්වාදය පොතේගුරුවාදයක් ලෙස සැලකිය යුතු බවක් එයින් අදහස් කරන්නේ නෑ. ෆෙඞ්රික් එංගල්ස් පෙන්වා දී ඇති පරිදි මාක්ස්වාදයේ ඉගැන්වීම් ක‍්‍රියාවට මඟ පෙන්වීමක් මිස අන්ධානුසාරයෙන් අනුකරණය කළ යුතු අවිද්‍යාත්මක මතවාදයක් නොවේ. මාක්ස්වාදය භාවිතය සමඟ දැඩි ලෙස සම්බන්ධ දර්ශනයක් බව එම ඉගැන්වීම් හැදෑරීමේ දී පෙනී යයි. භාවිතය නොවෙනස්ව එක තැන රැුඳෙන්නේ නෑ. එය නිතර වර්ධනය වෙයි. පෝෂණය වෙයි. ඒ නිසා මාක්ස්වාදය එක තැන රැුඳී නොසිට වර්ධනය වන්නකි. භාවිතය සමඟ ඉදිරියට යන්නකි. එය ඝනීභූත දර්ශනයක් නොව සජීව දර්ශනයකි.

කාල් මාක්ස් හා ෆෙඞ්රික් එංගල්ස්ගෙන් පසුව ලෙනින් හා ට්‍රොට්ස්කි විසින් 19 වැනි ශත වර්ෂයේ අවසාන කාර්තුවේ හා 20 වැනි ශත වර්ෂයේ ආරම්භයේ ධනපති ක‍්‍රමයේ ඇති වූ නව වර්ධනයන් විග‍්‍රහ කිරීමට යොමු වුණා. ප‍්‍රකෘති හා සමාජ විද්‍යාවන් හි වැදගත් සොයා ගැනීම් ද සැලකිල්ලට ගනිමින් ලෙනින් ධනපති ක‍්‍රමයේ ඉහළම අවධිය වූ අධිරාජ්‍යවාදයේ ස්වභාවය ගැන එහි ත‍්‍රිවිධ සංයුක්තයන්ට ගැනෙන පරිදි සාරවත් එකතු කිරීම් කරනු ලැබුවා. ඒ නිසාම අද මාක්ස්වාදය හැදෑරීමේ දී ලෙනින් සහ ට්‍රොට්ස්කි කරනු ලැබූ සංවර්ධනය ගැඹුරින් සැලකිල්ලට ගත යුතුය. මෙම එකතු කිරීම් මාක්ස්වාදයේ මූලධර්ම ආරක්ෂා කරමින් මාක්ස්වාදයේ ආරක්ෂාව වෙනුවෙන් කළ ශක්තිමත් සංවර්ධනයක් බව විසි වැනි සියවසේ ඉතිහාසය විසින් ද ඔප්පු කර තිබෙනවා.

ගරිල්ලාවාදය

ලංකාව වැනි අර්ධ යටත්විජිත රටවල විප්ලවයේ දිගහැරීම් ගැන නිවැරැුදි මැනීමක් නොතිබූ සෑම සංවිධානයක්ම ජනයාට අත්කර දුන්නේ පරාජය පමණයි. ශ්‍රේෂ්ඨ ඔක්තෝබර් විප්ලවයට නායකත්වය දුන් ලෙනින් හා ට්‍රොට්ස්කි යන නායකයන්ට යටත්විජිත හා අර්ධ යටත්විජිත රටවල විප්ලවයේ දිගහැරීමේ ස්වභාවය තේරුම් ගැනීමට හැකි වූ නිසා එය සාර්ථක කිරීමට හැකි වුණා. ඔක්තෝබර් විප්ලවයට පසුව රටවල් ගණනාවකම විප්ලවයට අවශ්‍ය විෂයබද්ධ තත්වය නිර්මාණය වී තිබුණත් ස්ටැලින්වාදීන් හා මා ඕවාදීන්ගේ වැරැුදි නිසා විප්ලවීය අවස්ථාවන් විශාල මිනිස් ලේ ගංගාවල් මඟින් විනාශ වී ගියා.

ජාත්‍යන්තර පරිමාණව සුළු ධනේශ්වර ගරිල්ලාවාදීන්ට පන්ති අරගලයේ දිගහැරීම් ගැන නිවැරැුදි මැනීමක් තිබුණේ නෑ. ඔවුනට කම්කරු පන්තිය, දුගී ජනයා ගැන ද විශ්වාසයක් තිබුණේ නෑ. මේ නිසාම ඔවුන් ප‍්‍රතිවිප්ලවයට අවශ්‍ය වූ තත්වය නිර්මාණය කර දුන්නා. මෙම පෞද්ගලික ත‍්‍රස්තවාදය හා ගරිල්ලාවාදී දේශපාලන විධික‍්‍රමය අනුගමනය කරනු ලැබූ සෑම දෙනෙක්ම ස්ටැලින්වාදයේ හා මා ඕවාදයේ අභාසයෙන් උපත ලැබූවන්ය. මෙම විධික‍්‍රමයේ නිස්සාරභාවය ගැන ලෙනින් හා ට්‍රොට්ස්කි යන නායකයන් ඉතිහාසය තුළ වටිනා ඇගයීම් කළා. ට්‍රොට්ස්කි සහෝදරයා ත‍්‍රස්තවාදය ගැන මෙසේ පෙන්වා දුන්නා. පාලක පන්තියේ ත‍්‍රස්තවාදයට විරුද්ධව පීඩිත පන්තිය විසින් නිරන්තරයෙන් සාමූහික අරගලයක් ඇති බව ඉතිහාසය පිරික්සීමේ දී පෙනී ගොස් ඇත. සමහර අවස්ථාවල පාලකයන්ට විරුද්ධව කිණිසි ගත් පීඩිතයෝ එකෙක් හෝ දෙදෙනෙක් ඉදිරිපත්ව පාලකයන් ඝාතනය කරන ලද අවස්ථා එම ඉතිහාසයේ දකින්නට හැක. ඒ නිසාම යම් අවස්ථාවල ඔවුහු පොදු ජනතාවගේ වීරයෝ බවට ද පත් වූහ. රාජ්‍ය මර්දනයෙන් නිදහස් වීම සඳහා පෞද්ගලිකව කරන ලද එවැනි ක‍්‍රියාවන් තුළින් රජු හෝ ඇමැතිවරුන් ඝාතනය කිරීම, පැහැර ගෙන යාම, හමුදා නිලධාරීන් මරා දැමීම හෝ පැහැර ගෙන යාම, ෆැක්ටරි විනාශ කරදැමීම සංවිධානාත්මකව සිදු කිරීම තුළින් ජනතාව නිදහස් කරගත හැකිය යන අදහස පුද්ගල ත‍්‍රස්තවාදයයි. (ලියොන් ට්‍රොට්ස්කි 1909 මැයි මාසයේ දී ත‍්‍රස්තවාදයේ බංකොලොත්කම ගැන ලියා ඇති ලිපිය.*

ධනපති ක‍්‍රමය පෙරළා දැමීමේ නියමුවා ලෙස කම්කරු පන්තියට ගොවිජන සහයෝගය අත්‍යවශ්‍ය බව අවධාරණය කරන ලද්දේ ඒ නිසයි. ට්‍රොට්ස්කි විසින් ලියන ලද නොනවතින විප්ලවය තුළ මෙය පැහැදිලි කර තිබුණා. එමෙන්ම යටත්විජිත හා අර්ධ යටත්විජිත රටවල ඉටු කිරීමට තිබෙන ධනපති ප‍්‍රජාතන්ත‍්‍රීය කර්තව්‍යයන් ද කම්කරු පන්තියේ නායකත්වය මඟින් ඉටු කිරීමට හැකි බව පෙන්වා දුන්නා. මේ තුළ ජාත්‍යන්තරව මතු වන පන්ති අරගලයේ දී දිගහැරීම් ගැන ද සනිටුහන් කරනු ලැබුවා.

ධනපති ප‍්‍රජාතන්ත‍්‍රීය විප්ලවය සම්පූර්ණ නොවූ මෙම රටවල පීඩිත ජනතාවට මතු වී තිබූ ඉඩම් හිඟය, ජාතික ගැටලූව හා ප‍්‍රජාතන්ත‍්‍රවාදය තහවුරු නොවීම හා අධිරාජ්‍යවාදයේ බලපෑම මූලික වුණා. ඉතිහාසය තුළ ඉහත අර්බුදය ගරිල්ලාවාදය බිහි වීමට මූලික වුණා. දෙවැනි ලෝක යුද්ධයෙන් පසු ඇති වූ ආර්ථික උත්පාතය තුළ මෙම රටවල ජනයාගේ ජීවන මට්ටම්වල යම් වෙනසක් ඇති වීම ද මේ තුළ සැලකිල්ලට ගත යුතු වෙනවා. ඒ මඟින් දියුණු ධනපති රටවල හා යටත්විජිත රටවල ස්වභාවයේ යම් වෙනස් වීම් ඇති විය. යටත්විජිත රටවල කර්මාන්ත ඇති වීම ද නිෂ්පාදනයේ වර්ධනයට ද මෙම උත්පාතය බලපෑවා. ඒ තත්වය තුළ සූරා කෑමේ නව වර්ධනයන් ඇති වූ බව ලෙනින් පෙන්වා දුන්නා. යටත්විජිත ලෝකයට ධනය අපනයනය කිරීම හරහා මෙම සූරා කෑම වඩාත් ඉදිරියට පැමිණියා. මේ මඟින් දියුණු ලෝකය විසින් යටත්විජිත ලෝකයේ සම්පත් කොල්ල කෑමට යොමු වුණා. අධිරාජ්‍යවාදයේ නව මුහුණුවර ඉදිරියට පැමිණ තිබෙන ගෝලීය ධනවාදය මෙය තවත් උග‍්‍ර කර තිබෙනවා. මේ තුළ තියුණු ආර්ථික අර්බුදය, මන්දපෝෂණය හා විරැුකියාව ශීඝ‍්‍රයෙන් ඉහළ යමින් පවතින අතර විප්ලවීය විෂයබද්ධ තත්වය ද මෝරා එළියට එමින් ඇත. මෙම තත්වය තුළ ස්වයංබද්ධ සාධකය (විප්ලවවාදී පක්ෂය) ගොඩනැඟීමට නොහැකි නම් තත්වය වඩාත් සංකීර්ණ වන බව ට්‍රොට්ස්කි පෙන්වා දුන්නා.

ලෝකය පුරා මතු වන මෙම ක‍්‍රියාකාරීත්වය සැකෙවින් සලකා බලන්නේ නම් රුසියානු විප්ලවයට පෙර 1860 ගණන්වල නැරොඞ්නික් ව්‍යාපාරය ලෙස ද 1960 ගණන්වල අප‍්‍රිකාවේ හා ආසියාවේ ද මෙම ගරිල්ලා ව්‍යාපාරය අනුගමනය කරනු ලැබූ වැරැුදි විධික‍්‍රමය නිසා තරුණ ජීවිත දහස් ගණනාවක් විනාශ වී ගිය බව දකින්නට හැක. නැරොඞ්නික්වාදය ලෙස රුසියාව තුළ බිහි වූ මෙම තරුණ ව්‍යාපාරය න්‍යායික ලෙස අන්ධයන් ලෙස ක‍්‍රියා කළ අතර එම ඓතිහාසික අවධි තුළ සාපේක්ෂ ප‍්‍රගතිශීලී ලක්ෂණ ද දකින්නට හැකි වුණා. ඔවුන් සමාජ විප්ලවයට මාර්ගය සෙවීමේ දී ලිබරල්වාදයෙන් කැඞී වෙන් වීමට මහත් පරිශ‍්‍රමයක් ගන්නා ලදී. මෙය වඩාත් පැහැදිලිව දකින්නට හැකි වන්නේ සමාජය වෙනස් කිරීම සඳහා සටන් කිරීම බොහෝ කලකට පෙර අත්හැර දමන ලද වර්තමාන බොරුකාර ප‍්‍රතිසංස්කරණවාදීන් සමඟ සසඳන විට මෙම තරුණයන්ගේ ධෛර්යවන්ත උත්සාහය අගය කළ යුතු බවය. ට්‍රොට්ස්කි සහෝදරයා මෙම නැරොඞ්නික්වාදී තරුණ නියාමකයන් ගැන කරනු ලැබූ පහත සඳහන් කරුණු සිතට කාවදින විස්තරයෙන් ද එය පෙනී යයි. සංඛ්‍යාවෙන් දහසක් තරම් වූ බොහෝ දෙනා ශිෂ්‍යයන් ලෙස සිටි තරුණයන් හා තරුණියන් සමාජවාදී ප‍්‍රචාරකයන් රටේ අස්සක් මුල්ලක් නෑර පතුරුවන ලදී. විශේෂයෙන් 1670 දීත් 1773 දීත් ගොවීන්ගේ සහ වහලූන්ගේ කැරැුලි මෙහෙයවූ නායකයන්ගේ උරුමයන් සෙවූ වෝලා ප‍්‍රදේශයේ පහළම තට්ටුවේ මෙම ප‍්‍රචාරයන් ගෙන යන ලදී. මෙම තරුණයන්ගේ තරුණ විඥානවාදී අභිප‍්‍රායයන් පැත්තෙන් මෙම ව්‍යාපාරය අරුම පුදුම විය. රුසියන් විප්ලවයේ තොටිල්ල හැටියට එය ගරුකටයුතුය. අතිශය ළද බොළඳ බවින් එය නියම තොටිල්ල විය. ඇත්තෙන්ම මෙම ප‍්‍රචාරකයන්ට පැහැදිලි වැඩපිළිවෙළක් හෝ නියාමක සංවිධානයක් නොවීය. තමුන්ගේ පවුල්වලින් සහ පාසල්වලින් කැඞී වෙන්් වූ, පෞද්ගලික බැඳීම් තනතුරු වගකීම් කිසිවක් නැති, මිහිපිට හෝ දෙව්ලොව කිසියම් බලයක් ගැන බියක් නැති මොවුනට තමන්වම පෙනුණේ ජනතා නැගිටීමක ජීවමාන කැටිගැසීම් පරිද්දෙනි. ව්‍යවස්ථා දේශපාලන නිදහස ඔවුන් මෙම බටහිර

රැුවටිලි වැරැුදි මඟ ගොස් නැත. ඔවුන්ට අවශ්‍ය වූයේ සංක්ෂිප්ත කිරීමකින් තොර අතරතුර අවධීන් නැති පූර්ණ විප්ලවයකි. (1861 විමුක්තියේ වසර ලෙනින් උපුටා ගන්නා ලදී)

රුසියානු විප්ලවයට පෙර මතු වූ මෙම ගරිල්ලාවාදයේ විධි ක‍්‍රමයේ අසාර්ථකභාවය ගැන ඔප්පු කිරීමේ ප‍්‍රතිඵලයක් ලෙස බොල්ෂෙවික් පක්ෂය බිහි වුණා. මෙම නැරොඞ්නික් ව්‍යාපාරයට පන්ති අරගලයේ අපෝහක ක‍්‍රියාව තේරුම් ගැනීමට නොහැකි වීම නිසා විනාශ වී ගියා. සමාජවාදය යනු ධනවාදයට වඩා ලස්සන වචනයක් නොව ප‍්‍රතිමාක්ස්වාදයට එරෙහිව ගොඩනැඟුණු දෙයකි. මාක්ස්වාදීන් අපෝහක භෞතිකවාදීන් වීම නිසා ධනේශ්වර සමාජය වෙනස් කිරීමට කම්කරු පන්තියට හා සෙසු පීඩිත ජනයාට මඟ පෙන්වන නියමුවන් වනු ඇත. මෙහිදී නිෂ්පාදන බලවේගවල අලූත් වර්ධනයන් ගැඹුරින් තේරුම් ගනිමින් පන්ති සටන පෝෂණය කිරීම සඳහා ගත යුතු සංයුක්ත පියවර සඳහා ක‍්‍රියා කළ යුතු වෙනවා.

චීනය හා කියුබාව

චීනය හා කියුබාව වැනි රටවල එම සමාජයේ වෙනස් කිරීමට මූලික වූයේ ගොවි කම්කරු තරුණ බලවේග විසින් මෙහෙයවනු ලැබූ කැරැුලිකාරීත්වයයි. නමුත් මෙම ගොවිජන නැගිටීම් තුළින් ධනේශ්වර සමාජය පූර්ණ ලෙස වෙනස් කිරීමට නොහැකි වුණා. එම රාජ්‍ය තුළ සමාජ, ආර්ථික, දේශපාලන ප‍්‍රශ්නවලට විසඳුම් ලැබුණේ විකෘති ලෙසයි. එම නිසා විකෘති කම්කරු රාජ්‍ය ලෙස ඒවා බිහි වුණා. ඉතිහාසයේ විවිධ අවස්ථාවල කුමන්ත‍්‍රණ මඟින් බලයට පත් වීම සඳහා ද ගරිල්ලාවාදීන් ක‍්‍රියා කළා. එම කුමන්ත‍්‍රණ මඟින් ද විකෘති කම්කරු රාජ්‍යයන් හැදීමට යොමු වුණා.

JVP-suspect1960 ගණන්වල ස්ටැලින්වාදී කොමියුනිස්ට් පක්ෂවල ඇති වූ බෙදීම් නිසා ද එයින් ඉවත් වූ කොටස් ගරිල්ලාවාදයට යොමු වන්නට තීරණය කළා. ස්ටැලින්වාදයේ සහ මා ඕවාදයේ අවධි දෙකේ න්‍යාය ප‍්‍රතික්ෂේප කරන්නට කොමියුනිස්ට් පක්ෂවල අලූත් තරුණ කොටස් තීරණය කළා. මෙම පක්ෂවල පරණ නායකයන් පාර්ලිමේන්තුව තුළින් සමාජවාදයට යන්නට හැකි යැයි අවධාරණය කිරීම ඉහත ගරිල්ලාවාදය බිහි වීමට මූලික වුණා. මෙම තත්වය මූලික වශයෙන් දැකින්ට ලැබුණේ පැරණි යටත්විජිත රටවලයි. ගරිල්ලාවාදය ලෙස ලතින් අමෙරිකානු රටවල දකින්නට ලැබුණේ මෙයයි. යටත්විජිත හා අර්ධ යටත්විජිත රටවල ඇති වූ විශේෂ දේශපාලන ප‍්‍රපංචයක් ලෙස එය දකින්නට ලැබුණා. උදාහරණයක් ලෙස නිකරගුවාවේ සැන්ඩිනිස්ටා ව්‍යාපාරය ද කියුබාවේ කැස්ත්‍රෝ හා චේ ගුවේරාගේ ජනතා පක්ෂ හා ජනතා හමුදා නමින් බිහි වූයේ ද එයයි. මෙම සියලූ දේශපාලන දහරාවන්වල හරය වූයේ මා ඕවාදයයි. මෙම දේශපාලන බලවේග තුළ ආයුධ සන්නද්ධ බලය ඔවුන්ගේ තීරණාත්මක ශක්තිය ලෙස තක්සේරු කළා. මේ නිසාම ඔවුන්ගේ සටන් පාඨ වුණේ දේශපාලන බලය වැඩෙන්නේ තුවක්කු කඳ තුළින් යනුවෙන් යැයි පෙන්වා දුන්නා. මෙම සටන් පාඨවලින් සටන්කාමී තරුණයන් ආකර්ෂණය කරගත හැකි වුවත් ධනේශ්වරය පෙරළා දැමීම සඳහා මෙම ක‍්‍රමය තුළ පවතින පන්ති අරගලය හා බද්ධ වීමක් එම විධික‍්‍රමය තුළ  දකින්නට නැත. උදාහරණයක් ලෙස 1971 ජවිපෙ ලංකාව තුළ ක‍්‍රියාවට නැඟීමට උත්සාහ කළේ ද මෙම වැඩපිළිවෙළයි.

 මහින්ද දේවගේ – ලේකම්, සමාජවාදී පක්ෂය

Advertisements