සුචරිත ගම්ලත්ගේ අත්සන

gg

  • සිංහල පුරාතන සාහිත්‍ය ජාත්‍යන්තරකරණය වීම ඔබ කොහොමද වටහාගන්නෙ? 

SUCHARITHA GAMLATHලංකාවේ නිෂ්පාදනය වෙච්ච කිසිම සාහිත්‍ය කෘතියක් ජාත්‍යන්තර භාෂාවකට පරිවර්තනය වෙලා නැහැ. වෙලා තියෙන වැඬේ තමයි ප‍්‍රධාන වශයෙන් ඉන්දියාවේ සාහිත්‍ය සිංහල සාහිත්‍යයට බලපාලා තියෙනවා. හුඟාක් අපේ කවි පොත්, ගද්‍ය පොත්වලට බලපාලා තියෙන්නෙ ජාතකනෙ. ජාතක පොත ඉන්දියාවේ නිෂ්පාදනයක් මිසක් ලංකාවේ නිෂ්පාදනයක් නෙවෙයිනෙ. අනිත් එක අපේ සම්භාව්‍ය කාව්‍යවල එන්නෙ ඉන්දියාවේ කාව්‍යවල ආභාසය. ඉන්දියාවේ කාව්‍යවලින් පෙරළා ගත්ත ඒවා තමයි අපේ කාව්‍යවල දක්නට ලැබෙන්නෙ. එච්චර තමා මට පේන හැටියට ඉන්දියාවෙන් අපේ සාහිත්‍යයට ලැබී තිබෙන ආභාසය. ජාත්‍යන්තරයෙන් අපි ඇදගත්තා මිසක් අපෙන් ජාත්‍යන්තරයට ගිය දෙයක් නැහැ.

  • කලාව යථාර්ථය ජයගැනීමේ භාවිතාවක් නෙවෙයිද?

නිශ්චිතවම නැහැ. කලාව යථාර්ථය ජයගැනීමේ භාවිතයක් නම් විප්ලවවාදී භාවිතය මොකක්ද? යථාර්ථය ජයගැනීමේ විකල්ප දෙකක් තියෙන්න බෑනේ. විප්ලවවාදී භාවිතය තමයි අද යථාර්ථය ජයගැනීමේ භාවිතය. කලාව යථාර්ථය ජයගැනීමේ භාවිතාවක් ලෙස කිව්වොත් අපි කොහොමද සාහිත්‍යය විචාරය කරන්නෙ. සාහිත්‍ය විචාරයේදී අපිට කියන්න වෙනවා මේ නවකතාවෙන් මෙතෙක් දුරට යථාර්ථය ජය අරගෙන තියෙනවා. මේ ප‍්‍රමාණය ජය අරගෙන නැහැ. මෙතනදි විකාරසහගත ක‍්‍රියාවකට යන්න වෙනවනෙ. මාක්ස්වාදී විකට රූප කියලා පරිච්ෙඡ්දයක්ම මම ලියලා තියෙනවා. යථාර්ථය ඥානනය කිරීමේ භාවිතයක් තමයි කලාව. දැන් එංගල්ස් කියලා තියෙනවනෙ සියලූ සංඛ්‍යාන විද්‍යාඥයන්ගේ, ආර්ථික විද්‍යාඥයන්ගේ, ඉතිහාසඥයන්ගේ ගවේෂණවලට වඩා මම මේ යුගයේ සාහිත්‍යයෙන් මගේ සමාජ දැනුම පෝෂණය කරගත්තා කියලා. ඒකේ තේරුම යථාර්ථය ඥානනය කරගත්තා කියන එකනෙ. මාක්ස් පවා ඊට සමාන ප‍්‍රකාශ කරලා තියෙනවා. ඒ වගේම ලෙනින්ගේ ප‍්‍රසිද්ධම ප‍්‍රකාශය ගත්තොත්, ‘ටෝල්ස්ටෝයි රුසියානු විප්ලවයේ කැඩපත’. කැඩපතකින් කරන්නෙ යථාර්ථය පිළිබිඹු කරනවා මිසක් යථාර්ථය බිඳින්නෑනෙ. රුසියානු විප්ලවය විසින් ජයගත යුතු ප‍්‍රතිවිරෝධතා ටෝල්ස්ටෝයිගෙ කෘතිවල පිළිබිඹු වුණැයි කියන එක තමයි ලෙනින් කියන්නෙ. ටෝල්ස්ටෝයි මැරුණට පස්සෙ ලෙනින් ලිපි පහක් ලිව්වා. ඒ ලිපි පහම මම පරිවර්තනය කරලා තියෙනවා. ‘මාක්ස්වාදය හා සාහිත්‍ය කලා’ පොතේ තියෙන්නෙ ඒ ලිපි. ලෙනින් ඒ ලිපි පහෙන්ම විවරණය කරන්නෙ ටෝල්ස්ටෝයි යථාර්ථය පිළිබිඹු කරන කැඩපතක් කියලා. රුසියානු විප්ලවයෙන් කළ යුතු කර්තව්‍යයන්, රුසියානු විප්ලයෙ ගැබ්වෙන සංකීර්ණතා, ප‍්‍රතිවිරෝධතා ටෝල්ස්ටෝයි පිළිබිඹු කෙරුවා. ඒක තමයි ලෙනින් දිගින් දිගටම කියන්නෙ. ට්‍රොට්ස්කි ඒ සේරටම වැඩිය පැහැදිලියි. ට්‍රොට්ස්කි 1924 ලියාපු ‘සාහිත්‍ය සහ විප්ලවය’ කෘතියෙ දැඩිවම රුසියාව තුළ විප්ලවයෙන් පස්සෙ සාහිත්‍යයේ යථාර්ථය පිළිබිඹු වෙන ආකාරය සහ පිළිබිඹු නොවන ආකාරය තමයි ට්‍රොට්ස්කි දිගින් දිගටම සාකච්ඡුා කරන්නෙ. අනික ට්‍රොට්ස්කිගෙ තවත් කතාවක් තියෙනවා. ‘සංස්කෘතිය සහ සමාජවාදය’ කියලා. ඒකෙත් ට්‍රොට්ස්කි යථාර්ථය පිළිබිඹු කිරීමේ ක‍්‍රමයක්ය සාහිත්‍යය කියන එක දිගින් දිගටම සාකච්ඡුා කරනවා. ඊට පස්සෙ මේ මෑත දී අමෙරිකාවේ හතරවැනි ජාත්‍යන්තර කොමිටිය තමයි වොරොන්ස්කිගෙ පොත පළ කරලා තියෙන්නෙ. ඒ පොතේ දිගටම තියෙන්නෙ යථාර්ථය පිළිබිඹු කිරීම තමයි සාහිත්‍යයේ කර්තව්‍ය කියන එක. මේකට මාතෘකාව දාලා තියෙන්නෙ කලාව යථාර්ථය ඥානනය කිරීමයි කියලමයි. ඉතින් ඒවා එහෙම තියෙද්දි යථාර්ථය ජයගැනීමේ මාර්ගයක් කියලා පීලිපැනීමක් කොහොමද ලංකාවේ කරන්නෙ. ඒක මාක්ස්වාදය වරදවා වටහා ගැනීමක්.

  • භාරතීය දර්ශනයේ භෞතිකවාදී ප‍්‍රවේශයන් සහ පසුකාලීනව මාක්ස්වාදී දර්ශනයන් ගලප්පලා බැලූවොත් මේ දෙකේ වෙනස කොහොමද දකින්නෙ? 

මෙහෙමයි භාරතයේ මුල්ම කාලේ භෞතිකවාදී ප‍්‍රවේශයක් තිබුණා. ඒක හොඳටම විස්තර කරලා තියෙනවා අමර්ත්‍ය සෙන්. අමර්ත්‍ය සෙන් පොතක් ලියලා තියෙනවා ්රටමප්බඒඑසඩැ ෂබාස්බ කියලා. ඒකේ එයා කියනවා මුල් කාලේ භෞතිකවාදී ප‍්‍රවිශ්ටයක් තිබුණා. හැබැයි ඒක සංවර්ධනය වෙච්ච එකක් නෙවෙයි. මූලාරම්භක භෞතිකවාදී ස්වරූපයක්. ඊට පස්සේ ඒක සම්පූර්ණයෙන් මැඬපවත්වලා. චාර්වාත එන්නෙ පසුකාලීනව. එතැන තියෙන්නෙ රළු භෞතිකවාදයක්. ඉන් පස්සේ එම අදහස මර්දනය වෙලා විඥානවාදය පැත්තට ගියා. ලෝකය දෙවියන්ගෙ නිර්මාණයක්ය. අපේ විඥානයත් දෙවියන්ගෙ නිර්මාණයක්ය, කියන පැත්තට භාරතීය දර්ශනවාදය ගියා. බුද්ධාගමත් ඒකට ගියා. මාක්ස්වාදය මෙහෙම එකක් නෙවෙයිනෙ. මාක්ස්වාදය ඉන්දියාවට ගියාට පස්සෙ ඉන්දියාවේ මාක්ස්වාදය තහවුරු කෙරුවේ ‘දේවී ප‍්‍රසාද් චට්ටෝපාධ්‍යාය’ කියලා කෙනෙක්. ‘ලෝකායත’ කියන පොතේ දිගටම ඔහු මාක්ස්වාදය තහවුරු කරන්න උත්සාහ කරනවා විඥානවාදයට විරුද්ධව. දැන් කොමියුනිස්ට් පක්ෂය අතුගෑවිලා ගියාට පස්සෙ ඒ විදිහෙ භෞතිකවාදයක් ‘ධර්මානන්ද කෝෂාම්භි’, ‘රාහුල් සංස්කෘත්‍යායන’, ‘දේවි ප‍්‍රසාද් චට්ටෝපාධ්‍යාය’ ඔය වගේ අය තමා භෞතිකවාදය ගේන්න හැදුවේ. ඒගොල්ලො පැරැුණි ඉන්දියානු දර්ශනවාදය තුළ තිබිච්ච භෞතිකවාදයත් ඉදිරියට ගේන්න උත්සාහ කෙරුවා. නමුත් ඒ පැවැත්ම සේරම ඉවරවෙලා ගියා සෝවියට් රුසියාව කඩාවැටිලා කොමියුනිස්ට් පක්ෂය දියවෙලා ගියාට පස්සෙ.

  • ප‍්‍රපංච විද්‍යාවේ සාකච්ඡුා කෙරෙන යථ සහ යථාර්ථය කියන්නෙ මොකක්ද? 

මෙහෙමයි, මට නම් තේරෙන්නෙ නෑ ඔය වචන පාවිච්චි කරන්නෙ මොකටද කියලා. ‘යථ’ කියල වචනයක් හදන්නත් බැහැ ඉන්දියානු ධාතුවලින්. යථාර්ථය කියලා කියන්නෙ පවතින දේ. යථාර්ථය කියන්නෙ මිනිසුන්ගේ මනසට පිටින් ලෝකයේ පවතින දේ. ඒකට භෞතිකය කියලත් කියනවා. මට තේරෙන්නෙ නෑ ඔය යථ, යථාර්ථය කියන දෙකේ වෙනස කොහොම පාවිච්චි කරනවද කියලා. යම් ප‍්‍රමාණයකට මමත් භාෂා විශේෂඥයෙක්. මේවා අහනකොට මාවත් කම්පනය වෙනවා. භාෂාව දන්නැති මිනිස්සුනෙ අද භාෂාව හදන්න යන්නෙ. මම භැඅි අහනකොට පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් පිහිටුවන්න යනවා කියනවා. මොකක්ද ඔය කියන්නෙ? මොකක් තෝරන්නද යන්නෙ? පාර්ලිමේන්තුවට මිනිස්සු තෝරන්නද? ඇත්තටම එන්නෙ ඡු්රකසපැබඑ ීැකැජඑ ක්‍දපපසඑහ කියන එකනෙ ඔය. ීැකැජඑ ක්‍දපපසඑහ කියන්නෙ විශේෂඥ කමිටුව. යම් කිසි ප‍්‍රශ්නයකට අදාළව පත්කරන විශේෂඥ කමිටුවක්. ීැකැජඑ කියන එක දැක්ක හැටියෙම මේගොල්ලො ‘තේරීම්’ කියලා දැම්මා. භාෂාව දන්නැතිව කරන විකාර තමයි ඔය.

  • පශ්චාත් නූතනවාදී සංකල්පවලින් මාක්ස්වාදය සංවර්ධනය වුණේ නැද්ද? 

නැහැ. පශ්චාත් නූතනවාදය ඇත්තටම මාක්ස්වාදයට විරුද්ධ ප‍්‍රහාරයක්. මගෙ ‘පශ්චාත් නූතනවාදය’ කියන පොතේ පැහැදිලි කරලා තියෙනවා. මහා ආඛ්‍යාන ඉවරයි කියනකොටම මාක්ස්වාදය ඉවර වෙනවා. මාක්ස්වාදය කියන්නෙ මහා ආඛ්‍යානයක්. මහා ආඛ්‍යානයක් කියන්නෙ සමාජයම වෙනස් කරන්න ඕනෑය, වෙනස් කරන්න පුළුවන්ය, මානව සංහතියට එය වෙනස් කිරීමේ හැකියාව තියෙනවාය කියන එක. මහා ආඛ්‍යානය ඉවරයි කියනකොටම මාක්ස්වාදයත් ඉවරනෙ. මං ඒක ඉතා හොඳට පැහැදිලි කරලා තියෙනවා. කවුරුත් ඒක ගණන් ගත්තෙ නෑ. ඒකට මට කරන්න දෙයක් නෑ. ජාතියක්ම වැලඳගන්නා මහා ව්‍යාපාර, දැවැන්ත ව්‍යාපාර කරන්න එපාය කියලා තැන් තැන්වල කියනවනෙ. ඒ අයට පොඩි පොඩි වැඩ තමා කරන්න පුළුවන්. පොඩි ස්ට‍්‍රයික්. ඔය විශ්වවිද්‍යාල කථිකාචාර්යවරුන්ගේ පොඩි පොඩි ස්ට‍්‍රයික් වගේ දේවල්. මාක්ස්වාදය තමා එකම මහා ආඛ්‍යානය. ඒකෙන් කිව්වේ ලෝකෙම වෙනස් කරන්න පුළුවන්. ඒක කරන්න ඕනෑය කියන එක. මේගොල්ලො ඒක නෑ කියනවනෙ. මාක්ස්වාදයට විරුද්ධව තමයි පශ්චාත් නූතනවාදය එන්නෙ.

  • යම් කිසි ප‍්‍රපංචයක ප‍්‍රතිපක්ෂයන්ගෙ ගතිකත්වය හඳුනාගන්නෙ කොහොමද? 

මෙහෙමයි. ලෝකය නිරන්තරයෙන් චලනය වෙනවා. චලනය නොවන මොහොතක් ඇත්තෙ නෑ. යම් කිසි දෙයක් තුළ තියෙන ප‍්‍රතිපක්ෂය, අපි කියමු ලංකාවේ දේශපාලනය තුළ ධනපති පංතිය ඉන්නවා. දෙගොල්ලොම චලනය වෙනවා. චලනය වෙනවා කියන්නෙ වෙනස් වෙනවා, විපර්යාසයට පත්වෙනවා. ඉතින් ඒක අල්ලගන්න
ඕන. ලෙනින් රුසියාවට ඇවිල්ලා ඒකනෙ ඉස්සෙල්ලම අල්ලගත්තෙ. දැන් අපි කියන්නෙ ප‍්‍රතිපක්ෂයක එකමුතුවක්. මේ සුචරිත ගම්ලත් කියන්නෙ ප‍්‍රතිපක්ෂයක එකමුතුවක්. මොකක්ද ප‍්‍රතිපක්ෂ දෙක, ජීවිතයත් මරණයත්. මරණය සටනක් දෙනවා මේ ජීවිතය නැති කරන්න. අපි අනිත් පැත්තෙන් බෙහෙත් බීලා, එක්සසයිස් කරලා ජීවිතය පවත්වගන්න සටන් කරනවා. මේ දෙකම ගතිකයිනෙ. ගතිකයි කියන්නෙ එක තැනක තියෙන් නෑ කියන එක.

  • දෙමළ ඊළාම් අරගලයට විසඳුම කුමක් කියලද හිතන්නෙ? 

දෙමළ ඊළාම් අරගලය විතරක් නෙමෙයි ඕනෑම පීඩිත සුළු ජාතික අරගලයකට විසඳුම තමයි ජාතික ස්වයං නිර්ණ අයිතිය ඒගොල්ලන්ට ලබාදෙන එක. සිංහල ආණ්ඩුවක් එක්ක ඉන්න හෝ වෙනම රාජ්‍යයක් පිහිටුවා ගන්න හෝ ගන්නා ප‍්‍රධාන තීන්දුව තමයි ජාතීන්ගෙ ස්වයං නිර්ණ අයිතිය කියලා කියන්නෙ. මං රැුඳී සිටින්නෙ ලෙනින්ගෙ ආස්ථානය මත. ලෙනින් 1913 ලියපු ලිපිවල පැහැදිලිවම කියනවා ජාතීන්ගෙ ස්වයං නිර්ණය, දෙවැනි රාජ්‍යයක් පිහිටුවා ගැනීමට තියෙන අයිතිය ගැන. අපි දෙමළ ජනතාවගෙ ස්වයං නිර්ණ අයිතිය වෙනුවෙන් පෙනී හිටියෙ නැත්නම් දෙමළ ජාතිය දිනාගන්න බෑනේ. ඉතින් ඕනම කෙනෙක් දන්නවා ජාතීන්ගේ ස්වයං නිර්ණ අයිතිය සඳහා පෙනී සිටින බව. නිකං දෙමළ මිනිස්සු ගාවට ගිහිල්ලා යාප්පු වෙලා, මළගෙවල්වලට ගිහිල්ලා මිනිස්සු දිනාගන්න බැහැ. මේ ආණ්ඩුව ගෙනියන්නෙ බොරුවනෙ. ීැකැජඑ ක්‍දපපසඑහ දානවා, සාකච්ඡුාවලට එන්න කියනවා, අපි 13න් එහාට යනවා කියනවා, ආයේ කතා කළාම කියනවා එහෙම කිව්වෙ නෑ කියලා. ඉතින් මේ ප‍්‍රශ්නෙ දිගට අදින වැඩක්නෙ යන්නෙ. මොකද ධනපති පංතියට කිසිම දවසක ජාතීන්ගෙ ස්වයං නිර්ණ අයිතිය දෙන්න බැහැ. ඒ මොකද ශ‍්‍රී ලංකාවේ නම් පීඩිත දෙමළ ජනතාව පීඩිත තත්වයේම තියාගන්න ඕන. ඕනවෙලාවට ගහලා සිංහල මිනිස්සු අවුස්සලා කලකෝලාහල අවුස්සන්න පුළුවන්නෙ. ඒක තමයි ආණ්ඩුවේ අරමුණ. ඕකනෙ කරන්න ඕනවෙලා තියෙන්නෙ.

 කැලූම් නවරත්න – ආශිකා බ‍්‍රාහ්මණ

———————————————————-

bks

නිමැවුම් මග

සාහිත්‍ය විචාර
ගුත්තිල විනිස
උම්මග්ග ජාතක ප‍්‍රවේශය
කව්සිළුමිණි විනිස
සාහිත්‍ය විචාර හා මාක්ස්වාදී විකටරූප
කව්සේකර විනිස
මෙ මියුරු පදැති සැළලිහිණිය
වාදප‍්‍රතිවාද
විචාර ප‍්‍රතිවිචාර
සුබස් මිණි ආර
මහගම සේකර හා සමාජ යථාර්ථය
ගී මිණි ආර 1-3
සම්භාව්‍ය සිංහල කාව්‍යයේ විකාසනය
සති සිතු මිණි 1-3

සාහිත්‍ය කලා න්‍යාය
ශෝකයත් රසයක්ද?
මාක්ස්වාදය හා සාහිත්‍යකලා
කලාව හා විඤ්ඤාණවාදය
ඓතිහාසික භෞතිකවාදය හා කලාව
සෞන්දර්ය විද්‍යා ඉතිහාසය
කල්පනාලෝකවාදය, සාහිත්‍යකලා හා මාක්ස්වාදය (කීර්ති බාලසූරිය සමග)
සාහිත්‍ය කලා ආදිය ගැන
රසවාද විවරණය
සාහිත්‍ය න්‍යාය: ඇතැම් ප‍්‍රශ්න
ප‍්‍රතිගාමී පශ්චාත් නූතනවාදය

Indian Aesthetics and Dramatic Wmotions (Forth coming)

චරිතාපදාන
බුද්ධ චරිතය
ගුරු ගුණ සමර

නාට්‍ය කලාව
රත්නාවලී නාටකය සමග නාට්‍ය ප‍්‍රවේශය
රත්නාවලී නාටකයේ දුෂ්කර පද
ශකුන්තලා නාට්‍ය සේවනය
බටහිර නාට්‍ය හා රංග කලාව
මනමේ නාට්‍ය සේවනය

සංශෝධන හා විවරණ
සිංහල ථූපවංසය
වෙස්සන්තර ජාතක කාව්‍යය
සැළලිහිණි සන්දේශය
කාව්‍යශේඛරය
යසෝදරාවත
මූලික පිරිවෙන් පොත්
දෙවැනි පැරකුම්බාවන්ගේ කව්සිළුමිණ
(මහාචාර්ය ඇම්.බී. ආරියපාල සමග*
නිකාය සංග‍්‍රහය
ප‍්‍රත්‍ය ශතකය
ගුත්තිල කාව්‍ය විවරණය
නාමාෂ්ට ශතකය ආදිය
සුභාෂිතය
සංඝරාජ සාධුචරියාව
සමන්තපාසාදිකා (සිංහල)
සමන්තපාසාදිකා (පාළි)
උම්මග්ග ජාතකය
සිංහල බෝධිවංසය
සංස්කෘත වරනැගිල්ල
පාළි වරනැගිල්ල
සීගිරි කුරුටු ලිපි 1
සීගිරි කුරුටු ලිපි 2

පරිවර්තන
මහාභාරතය
නාට්‍ය ශාස්ත‍්‍රයේ රසවාදය
සිංගප්පූරු දරුවා
මැලේසියා තරුණයා
ලොව වටා
ලූඞ්විග් ෆොයබාක් හා සම්භාව්‍ය ජර්මානු දර්ශනවාදයේ අවසානය
මගේ පරෙයි කූඩුව හා වෙනත් ශ්‍රේෂ්ඨ කෙටිකතා
ශී‍්‍ර ජයදේවයන්ගේ ගීත ගෝවින්දය
ට්‍රොට්ස්කිවාදය
දාස්දල සුගන්ධය හා වෙනත් ජාත්‍යන්තර කෙටිකතා
මොස්කව් නුවර අවනඩු
බෞද්ධ ධර්ම සංගායනා
මහා පරිනිර්වාණ සූත‍්‍රය
පලස්තීන විමුක්ති කවි
අශ්වඝෝෂයන්ගේ බුද්ධ චරිතය
ලෝමාලිකා
ස්ව්‍යාෂ්ක් වීර වෘත්තාන්තය

වෙනත්
පශ්චාත් නූතනවාදය

අ.පො.ස. (උ.පෙ.) විභාගයට නියමිත
සද්ධර්මරත්නාවලිය
ජාතක පොත
ජාතක පොත (විචාරාත්මක නිරීක්ෂණ)
යුගාන්තය නවකතා සේවනය
සද්ධර්මාලංකාරය
ගිරා සන්දේශය
මළගිය ඇත්තෝ සමග නවකතා කලාව
රත්නාවලී නාටකය සමග නාට්‍ය ප‍්‍රවේශය

ව්‍යාකරණ
නව සිංහල ව්‍යාකරණය – 1 (සිංහල භාෂාවේ ඉතිහාසය)
නව සිංහල ව්‍යාකරණය – 2 (සිංහල හෝඩිය)

ළමා සාහිත්‍ය
ළමා රාමායණය

ඉංගී‍්‍රසි ඉගෙනීමට පොත්
ප‍්‍රායෝගික ඉංග‍්‍රීසි – 1-5
කතාබහට ඉංග‍්‍රීසි

Simple English Grammar and Composition

ශබ්දකෝෂ
ඉංග‍්‍රීසි – සිංහල ආධුනික ශබ්දකෝෂය
ඉංගී‍්‍රසි – සිංහල මහා ශබ්දකෝෂය
සංහිඳ පාරිභාෂික ශබ්දමාලාව

Advertisements