වර්ගවාදයට එරෙහි වූ මහාචාර්යවරයා

2බුද්ධිමතා යන අරුත දීම සඳහා  දෙමළ භාෂාවෙහි භාවිත වන වදන් අතර ‘පුත්තිජීවි’ යන වදන වඩාත් ප‍්‍රකටය. බුද්ධිමත් ජීවියා යන අරුත සහිත මෙම වචනය කෙරෙහි මහාචාර්ය ගම්ලත් දැක්වූවේ මහත් ඇල්මකි. මිනිස් ජීවියා බුද්ධිමත් ජීවියකු බවට පරිනාමය වීමේ වැදගත්කම ඔහු ඒ වදන අනුසාරයෙන් අවධාරණය කළ අන්දම තවමත් මගේ මතකයෙහි නොනැසී පවතී.

යාපනය විශ්වවිද්‍යාලයෙහි කලා පීඨ කාර්යාලයෙහි  මෙතුවක්  කල් පීඨාධිපති තනතුර දැරූවන්ගේ නම් ඓතිහාසික පිළිවෙළ අනුව ලියා සටහන් කර ඇති පුවරුවක් වෙයි. එහි 1976 ජුනි මස සිට 1978 දෙසැම්බර් මස දක්වා සම පීඨාධිපති සුචරිත ගම්ලත් යැයි සටහනකි. ඊයේ සවස මහාචාර්ය සුචරිත ගම්ලතුන්ගේ අවමංගල්‍ය කටයුතුවලට සහභාගීව රාත‍්‍රියෙහි කොළඹින් පිටත්ව යාපනයට පැමිණි මම අද සවස නැවතත් පීඨ කාර්යාලයෙහි එකී පුවරුව දෙස මොහොතක් බලා උන්නෙමි. කාර්යාලයෙහි සේවය කරන තරුණයෙක් මම එම පුවරුව දෙස බලා සිටීමට හේතුව විමසා සිටියේය. මම ඔහුට හේතුව පැහැදිලි කළෙමි. ඔහු, යුද්ධය විසින් තාරුණ්‍යය පැහැර ගැනීමට ලක් වූ තවත් එක් තරුණයෙකි. ඔහු දත් ඉතිහාසය තුළ සුචරිත ගම්ලතුන් ඔහුට ආගන්තුක වුව ද මා පැවසූ කරුණුවලට සවන් දුන් ඔහු අන්තර් ජාලයෙහි සෙවුම් යන්ත‍්‍රයෙන් කළ සෝදියෙන් ලැබුණු ක්ෂණික තොරතුරු අතර වූ ටැමිල් නෙට් වෙබ් අඩවියෙහි ලිපියක් ඔහු විස්මිත කිරීමට හේතු විය.

මහාචාර්ය සුචරිත ගම්ලතුන් පිළිබඳ කෙරෙන කතාබහක දී ඔහු යාපනය විශ්වවිද්‍යාලයෙහි සේවය කළේය යන පුවතට වැඩි වැදගත් කමක් හිමි වන බව සත්‍යයකි. නමුත් ඔහු සම`ග ජීවමාන ඇසුරක භාග්‍ය ලැබූවෝ මේ වන විට යාපනයෙහි විරලයහ. යුද්ධයෙන් මිය ගොස් ද රට හැර ගොස් ද සිටින බහුතරයක් අතර එම කාල වකවානුවට අයත් මතකයන් සහිතව තවමත් ජීවත්ව සිටින ස්වල්ප දෙනෙක් මා සම`ග එම කාල වකවානුව පිළිබඳ මතකය අවදි කළහ. සංස්කෘත භාෂාව පිළිබඳව මහාචාර්ය ධුරය දරා දැන් විශ‍්‍රාම සුවයෙන් කල් ගෙවන මහාචාර්ය සිවසාමි සම`ග මම දොඩමලූවන හැම විටකම සුචරිත ගම්ලතුන් පිළිබඳ මතකය එතුමා  මා සම`ග මහත් අභිරුචියෙන් වර්ණනා කරයි. මහාචාර්ය සුචරිත ගම්ලතුන් රෝගාතුරව රෝහල්ගත වූ දින සිට ලැබෙන තොරතුරු මම එතුමා සම`ග හුවමාරු කර ගත්තෙමි. ක‍්‍රිෂ්ණකුමාර් සහෘදයා සාහිත්‍ය කලා සංවාද හැම එකකදීම මුණ ගැසෙන්නෙකි. යාපනය මණ්ඩපය ලෙසින් යාපනය විශ්වවිද්‍යාලයෙහි අධ්‍යයන කටයුතු ආරම්භ වූ කාලයෙහි පළමු ශිෂ්‍ය කණ්ඩායමට අයත් ඔහු මහාචාර්ය සුචරිත ගම්ලතුන් මහා ප‍්‍රාඥයකු ලෙසින් හඳුන්වා සිංහල, දෙමළ සහ ඉස්ලාම් වශයෙන් බහුවිධ අනන්‍යතාවක් සහිත ශිෂ්‍ය සහ ගුරු සමූහයක් යටතේ දේශන ශාලාවෙහිදීත් එයටත් වඩා එයින් බැහැරවත් තමන්ට දැනුම ලැබීමට හැකි වීම ගැන ප‍්‍රමෝදයෙන් යුතුව අදහස් දැක්වූවේය. ඒ එකී පරම්පරාවට අයත් දැනට සිටින සහ ජීවතුන් අතර නොමැති දැනුම් සම්පාදනයෙහි සහ සම්ප‍්‍රදානයෙහි නිපුණයන්ව ගෞරවයෙන් යුතුව සිහිපත් කරමිනි.

යාපනය විශ්වවිද්‍යාලයෙහි ආරම්භය වනාහි ලාංකේය වාමාංශික ව්‍යාපාරයට ප‍්‍රබල බුද්ධිමය දායකත්වයක් දැක්වූවන්ගේ දායකත්වයෙන් යුතුව සිදු වූවකි. ලංකා විශ්වවිද්‍යාලයෙහි යාපනය මණ්ඩපයෙහි ප‍්‍රථම මණ්ඩපාධිපති තනතුරට පත් මහාචාර්ය කෛලාසපති වනාහි ලාංකේය මතුනොව සමස්ත දෙමළ භාෂක සමාජය තුළම අතිමහත් ප‍්‍රශංසාවට පත් වන්නේ මාක්ස්වාදී සාහිත්‍ය විචාරය, දෙමළ සාහිත්‍ය විචාරය විෂයෙහි භාවිත කිරීම පිළිබඳව ප‍්‍රමුඛයා වශයෙනි. එය තවත් ඉදිරියට ගෙන යෑමේ ප‍්‍රබල මෙහෙවර මහාචාර්ය ශිවතම්බි විසින් ඉටු කරන ලදී.

බුද්ධිමතා යන අරුත දීම සඳහා  දෙමළ භාෂාවෙහි භාවිත වන වදන් අතර පුත්තිජීවි යන වදන වඩාත් ප‍්‍රකටය. බුද්ධිමත් ජීවියා යන අරුත සහිත මෙම වචනය කෙරෙහි මහාචාර්ය ගම්ලත් දැක්වූවේ මහත් ඇල්මකි. මිනිස් ජීවියා බුද්ධිමත් ජීවියකු බවට පරිනාමය වීමේ වැදගත්කම ඔහු ඒ වදන අනුසාරයෙන් අවධාරණය කළ අන්දම තවමත් මගේ මතකයෙහි නොනැසී පවතී. විෂයයන් ගවේෂණය කෙරෙහි නොසිඳෙන පිපාසයකින් යුතු වූ එතුමා යාපනය සම`ග සම්බන්ධතා රැුහැන් සහිත දුරකථනයට සහ පැක්ස් යන්ත‍්‍රයට පමණක් සීමාව තිබුණු අවධියෙහි දෙමළ නව කවියෙහි පුරෝගාමියකු ලෙස සැලකෙන සුබ‍්‍රමනියම් භාරතියාර්ගේ පැදියක කොටසක් මගෙන් ඉල්ලා සිටි අන්දමත් එය ඉටු කරදීමෙන් මා ලද සතුටත් මම තවමත් අභිරුචියෙන් වර්ණනා කරමි. එමෙන්ම මා මිත‍්‍ර නිමලරාජන් සහෝදරයාව මරා දැමූ අවස්ථාවෙහි එය හෙළා දකිමින් ලියූ සටහන මා තුළ ඇති කළේ අසමසම සටන්් සගයකුගෙන් ලැබෙන උත්තේජනයක මිහිරකි. පොංගු තමිල් උළෙල නමින් හඳුන්වා දෙමින් කඩාකප්පල් කර පහර දුන් හිරු සිංහල, දෙමළ සාහිත්‍යය උළෙලෙහි දී වර්ගවාදීන්ට එරෙහිව තම අභීත හ`ඩ නැ`ගූ සුචරිත ගම්ලතුන් දැක්වූ අදීන බව සහ නිර්භීත බව අප තුළ එතුමා පිළිබඳව ගෞරවය පමණක් නොව විප්ලවකාරී ජීවගුණය ද ජනනය කරවීමට සමත් විය.

මහාචාර්ය සුචරිත ගම්ලතුන් දෙමළ ජනයාට එරෙහිව දියත් කරන ලද වර්ගවාදී යුද්ධයට දැඩි ලෙස එරෙහි වෙමින් තම ජීවිතයෙහි අවසානය දක්වා එම ස්ථාවරයෙහි හිඳීමට හේතුව වනාහි එතුමා යාපනය විශ්වවිද්‍යාලයෙහි වසර කිහිපයක් සේවය කිරීම යන කාරණය අවතක්සේරු කිරීමේ ප‍්‍රවණතාවක් පවතින බවක් ද හැෙ`ගයි. නමුත් එය සැබෑවක් නොවෙයි. එකී කාල සීමාව තුළ ද එයින් පසුව ද එතුමා දෙමළ සමාජයෙහි පිරිස් සම`ග පැවැත්වූ සම්බන්ධතා එතුමාගේ දැනුම් සම්පාදනයට මහෝපාකාරී වූ බවට සැකයක් නොමැත. නමුත් වර්ගවාදී යුද්ධයට එරෙහිව පෙනී සිටිමින් දැක්වූ දේශපාලන ස්ථාවරයට මූලික පදනම වන්නේ එතුමා දැරූ ට්‍රොස්කිවාදී දේශපාලන ස්ථාවරයම වන බව දෙමළ වදනකුදු නොදන්නා වූත් දෙමළ සමාජය සම`ග ළ`ග ආශ‍්‍රයක් නොපවත්නා වූත් නමුත් වර්ගවාදයට එරෙහිව දේශපාලනමය වශයෙන් ක‍්‍රියාත්මක සහෘදයන්ට කරන ගෞරවයක් වශයෙන් සටහන් කර තැබීම වැදගත් යැයි සිතමි.

අවමංගල්‍ය සභාවෙහි දී අදහස් දැක්වූ ආචාර්ය වික‍්‍රමබාහු කරුණාරත්න සහෝදරයා සඳහන් කළා සේම මහාචාර්ය සුචරිත ගම්ලත් යනු සිංහල භාෂාවට අනූපමේය සේවයක් කළ සිංහල භාෂාවෙහි වීරයෙකි. එමෙන්ම බුද්ධිමතකු යනු හුදු දැනුම සම්පාදනය කරන්නකු පමණක් නොව එම දැනුම තුළින් ලබා දෙන ප‍්‍රඥාව සමාජයෙහි යහපත උදෙසාම යෙදවීමට අරගල කරන්නකු බව එතුමා ජීවිතයෙන් කියා දුන්නේය. නිල විශ්වවිද්‍යාලය විසින් මහපාරට ඇද දැමූ පසුව මහපාර විශ්වවිද්‍යාලයක් බවට පත් කළ සුචරිත ගම්ලත් නම් වූ සුධීමතාට හිස නමා ආචාර කරමි.

සාමිනාදන් විමල්