ජනරළ – පියාපත් හේතුපාඨය

gamlathinඔහුගේ නික්ම යාම අප වෙත යමක් පවසයි

සුචරිත ගම්ලත් නමැති මිනිසා ගැන අපමණ වියත් සටහන් ලියැවෙන මොහොතක මේ කෙටි සටහනේ දුප්පත්කමක් ඇතොත් කමත්වා. ප‍්‍රතිපත්ති නම් මොනවාදැයි අසන සමාජ නිමේෂයක් හරහා ගම්ලතුන් ද  ගම්ලතුන් හරහා එකී වර්තමාන සමාජ නිමේෂය ද සැකෙවින්වත් කියවන්නට මේ මොහොත උචිතය.
මිනිසුන්ගේ අදහස් ඒ ඒ අදහස් වලටම සාපේක්ෂය. හොඳ සහ නරක පිළිබඳ බෙදුම් රේඛා ඇඳෙන්නේ ඒ සාපේක්ෂ අදහස් මතිනි. එකී බෙදුම් රේඛා නිරන්තරයෙන් අනන්‍ය දෘෂ්ටිවාදී හුයවල්වලින් බැඳී පවතී. බොහෝ මිනිසුන් මේ අදහස් පද්ධති ගැන අවිඥානිකය. එහෙත් ලෝකයේ ඇතැම් මිනිස්සු ඒවා කෙරෙහි සවිඥානික වෙති.

ලෝකයේ  මිනිස්සු කොටසක් සිටිති. ඔවුහු නම් එකී අදහස් පද්ධති මත පිහිටමින් ඒවායේ සමාජමය ඉලක්ක වෙනුවෙන් වෙහෙසී වැඩ කරන්නෝය. වඩාත් නිවැරැුදි කරතොත්, අවංකව වැඩ කරන්නෝය.
අන්න ඒ මිනිසුන්ගේ කුලකයේ ක‍්‍රියාකාරකම් ලෝකයට බලපෑම්සහගතය. අනෙක් අතට ඒ බලපෑම් ධනාත්මක මෙන්ම ඍණාත්මක ද විය හැකිය. පුද්ගලයන්ගේ පන්ති පදනම් මෙන්ම පෙර කී අදහස් පද්ධතිවල හරය අනුව එය තීරණය වනු ඇත.

තමන් පිහිටන ලද  මතය වෙනුවෙන් අවංකව වෙහෙසෙන මිනිසුන්ගේ ජීවන පැවැත්මේ කොන්දේසීන්ට, අපි ප‍්‍රතිපත්ති යැයි  කියමු. එවැනි කිසිදු කොන්දේසියක් තබා එවැන්නක් ගැන අදහසක්වත් නැති සමාජ නිමේෂයක, සුචරිත ගම්ලත් නමැති විශිෂ්ටයාගේ ජීවිතය එහි අවසානය සලකුණු කළේය.
එකී නික්මයාම අපෙන් යමක් ඉල්ලයි.

ප‍්‍රතිපත්ති මත පිහිටන්න!
මානව සමාජයේ ප‍්‍රගමනය උදෙසා පෙළ ගැසුණු ප‍්‍රතිපත්ති මත පිහිටන්න!!