පෙරටුගාමීන් තේරුම් ගැනීමට කවුළුවක්

fsp may day 2013(‘පෙරටුගාමී සමාජවාදී පක්ෂයට මොකද වෙන්නේ’ සංවාදයට එකතු කිරීමක්)

‘පෙරටුගාමී සමාජවාදී පක්ෂයට මොකද වෙන්නේ’ මැයෙන් වූ පළමුවැනි ලිපිය පළ වූයේ මේ ලියන මමත් ඇතුළුව පිරිසක් පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ මොකද වෙන්නේ යන ප‍්‍රශ්නය තතු දත් මාර්ග මඟින් ජනමාධ්‍ය මඟින් වෙබ් අඩවි මඟින් ආදී තව තව හැකි තොරතුරු මූලාශ‍්‍රයන් මඟින් ලද විවිධාකාර තොරතුරු මතින් විවිධාකාර නිගමනයන් කරා එළඹෙමින් තිබූ මොහොතකයි. එකී පළමුවැනි ලිපිය කියවූ කල විශේෂයෙන්ම එහි අවසන් උපුටනය වූ ‘පක්ෂය ශුද්ධ වීම’ පිළිබඳ උපුටනය මා තුළ ඇති කරනු ලැබූයේ අතෘප්තිමත් හැඟීමකි. එයට වෙනස්ව මා දුටුවේ දේශපාලනයට සම්බන්ධ මගේ ඥාතීන් හා මිතුරන් එම ලිපිය කියවා ‘‘යන්තං ඇති ඔය වැඬේ දැන්වත් ඇරඹෙනවා’’ (සංවාද ක‍්‍රියාවලිය) ලෙස පවසා තම තමන්ගේ එදිනෙදා ජීවිත ක‍්‍රියාවලීන් තුළ ගිලී ගිය බවකි.

  • නිසල්ගේ ප‍්‍රවේශය

ඉන්පසු සති අන්තයේ ආවේ නිසල් ජයතිලකගේ ‘මෙතැන රෝස මල පෙසප නටන්න’ මැයෙන් වූ දෙවැනි ලිපියයි. එහි වන අතිසරලකරණයටත් පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ මා දන්නා දේශපාලන ක‍්‍රියාවලිය අවඥාවට ලක්කොට තිබීමත් සිදුවීම් අරබයා වන නොගැඹුරු මාධ්‍යවේදී ප‍්‍රවේශය බඳු ප‍්‍රවේශය පිළිබඳවත් අතෘප්තියක් හට ගත් නමුත් ලංකාවේ පුරවැසි ජීවිතය තුළ දක්නට ලැබෙන දහසකුත් එකක් විපරීත කාලකණ්ණි දසුන් අතර එය මගේ මතකයේ පසුපසට තල්ලූ විය. ඉන්පසු එම නිසල් ජයතිලකගේ ලිපිය කියවන ලෙස සඳහන් කර එන එස්.එම්.එස්. පණිවුඩ සේම පෙරටුගාමී සමාජවාදී පක්ෂයට එරෙහි ප‍්‍රචාරක ව්‍යාපෘතිවල එම ලිපිය ගැන පණිවුඩත් සමඟ ලිපියක් හුවමාරු වන බව විදේශගත සහෝදරයෙක් තොරතුරු කතාබහක දී පවසන ලද අතර ඉන්පසු ‘මෙතැන රෝස මල පෙසප නටන්න ලිපියට මාගේ අවධානය නැවත ඇති වූ අතර මා මේ ලිපිය තුළින් උත්සාහ දරන්නේ එම ලිපියෙන් ආවරණය කිරීමට තැත් දරා ඇති තේමාවන් අරබයා මගේ අදහස් පෙළගැස්වීමටයි.

පෙරටුගාමීන්ගේ ආගමනය ජවිපෙ ඛණ්ඩනය ගැන මූලික අදහසකින් ඇරඹිය යුතු යැයි යන්නට කිසිවකු අභියෝග නොකරනු ඇතැයි යන්න මාගේ විශ්වාසයයි.

ජවිපෙ ඛණ්ඩනය සිදු වීමෙන් පසුව එය විවිධ ආකාරයෙන් විවිධ දෘෂ්ටිකෝණයන්ට අනුව විවිධාකාර පුද්ගලයන් විසින් විවිධාකාරයෙන් අර්ථකථනය කෙරී ඇති අතර එය ඉදිරියටත් සිදු වීමට නියමිත සහ සිදු විය යුතු ක‍්‍රියාවලියක් වන අතර එය පිළිබඳ මගේ ප‍්‍රථම නිරීක්ෂණය වන්නේ එය ජවිපෙ හැර පැමිණි පුද්ගලයන් 5,000ක් නම් මේ පන්දහසට එය අත හැර යෑමට හේතු දසදහස් ගණනක් තිබූ බවයි. ව්‍යුහයක් ලෙස එය එහි අභ්‍යන්තර වර්ධනයේ දයලෙක්තිකය තුළින්ම පැවැත්ම තෝරා ගත යුතු මංසන්ධියකට පැමිණ තිබූ අතර එය අතිදැවැන්ත ලෙස ක‍්‍රමය තුළ ගිලී යමින් පැවතුණේය. එය තුළ වූ, විප්ලවීය හෝ ප‍්‍රගතිශීලී හෝ ලෙනින්වාදී හෝ නූතනවාදී හෝ ලෙස පසුව නම් කරන ලද ක‍්‍රියාවලියට (පුද්ගලයන්ට) එරෙහිව ස්ථාපිත නායකත්වය සැලැසුම්සහගතව මැදිහත් වීම පෙරටුගාමීන්ගේ ආරම්භය වීය යන්න ගැන අපට දැනට එකඟතාවකට ආ හැකිය.

එය නිසැකයෙන්ම කැරැුල්ල වන අතර කුප‍්‍රකට ස්ථාපිතයකට එරෙහිව ගසන කැරැුල්ලක් ප‍්‍රගතිශීලී වන්නා සේම ‘ ඕනෑම කැරැුල්ලකට එහිම සීමාවක් ද ඇත්තේය’ යන්න ද තේරුම් ගැනීම මෙහි පසුකාලීන වර්ධනයන් වටහා ගැනීමේ එක් පදනම් කරුණක් වන්නේය. ඕනෑම කැරැුල්ලක් ස්ථාපිතයක් බවට පත් වන්නේ නම් තියුණු අරගල මාලාවකින් තියුණු වටහා ගැනීම් මාලාවක් හරහා යා යුතු වූ අතර එයට කැරැුලිකාර පාර්ශ්වයේ සියල්ලන් අඩු වැඩි වශයෙන් සහභාගී විය යුතු අතර එය සංකීර්ණ ක‍්‍රියාවලියකි. කැරැුල්ලකට සහභාගී වන්නෝ වනාහී ‘සියල්ල’ ඉල්ලා සිටින්නෝ වන අතර කැරැුල්ලකට දිය හැකි වන්නේ ඓතිහාසික සන්දර්භයකට සාපේක්ෂව වන අතර එවිට අති දැවැන්ත අතෘප්තියක් ජනනය කෙරෙන අතර එය ද පෙරටුගාමීන් මුහුණ දුන් යථාර්ථයකි.

මෙහි දී සැලකිල්ලට ගත යුතු තවත් වැදගත් කරුණක් වන්නේ පෙරටුගාමීන්ගේ කැරැුල්ල සාමාජීයව කෙසේ සලකා බැලූණිද යන්නයි. ජවිපෙ නායකයන් තමනට එරෙහි කැරැුල්ල රාජ්‍යයට, රෙජීමයට එරෙහි කැරැුල්ලක් සහ එබඳු නායකත්වයක් ලෙස ඒත්තු ගැන්වීමටත් කුමාර් ගුණරත්නම්ට අදාළ පුරාවෘත්තගත ඉතිහාසය තුළ එය සාධාරණිකකරණය කරගැනීමටත් උපාමාරු යොදා ගත්තේය. එය ජාත්‍යන්තරවත් අරාබි වසන්තය බඳු දේශපාලන ක‍්‍රියාදාමයන්ගේ මොහොත වූ අතර විමල් වීරවංශලා බඳු පුද්ගලයන් පෙරටුගාමීන් දෙමළ ඩයස්පෝරාව, බටහිර තානාපති කාර්යාල ආදිය සම්බන්ධ බියජනක පින්තූරයක් රෙජීමය ඉදිරියෙහි පින්තාරු කළේය. ආරක්ෂක ලේකම්වරයා වෘත්තිකයකුට වඩා දේශපාලකයකු වග සනාථ කෙරුණු ඒ මොහොතේ කුමාර් ගුණරත්නම් නොව ඔහුගේ දරු පවුල පවා ගැලවී යන්නේ අහම්බයන් ගණනාවක් නිසාය. පෙරටුගාමීන් උදෙසා හුස්මක් කටක් නොගෙන ක‍්‍රියාවාදයකට තල්ලූ වී යාමේ සන්දර්භය සලකුණු කරගැනීමේදී ඉහත තත්වය අප සැලකිල්ලට ගත යුතුය යන්න මාගේ වැටහීමයි.

පෙරටුගාමීන්ගේ ක‍්‍රියාවාදයට ‘ඇත්ත ජවිපෙ තමන්ය’ යන මතය සේම ඉහතින් මා සඳහන් කළ සාධකත් සමාජමය වශයෙන් ඒ මොහොතේ ඒ අරබයා ඇතිව තිබූ උනන්දු සහගත බවත් බලපෑවේය. පෙරටුගාමීන් අරබයා තවත් සලකා බැලිය යුතු සංකීර්ණ කාරණාවක් වන්නේ ඔවුන්ගේ උපත සිදු වන්නේ එහි තර්කය, වාග්කෝපය, අනුරාගය සමන්විත වන්නේ හා ප‍්‍රකාශ වන්නේ පසුගිය සියවස මුල හා සෝවියට් අත්දැකීමට සාපේක්ෂව වන අතර ඔවුන්ට ජීවත් වීමට සහ මුහුණ දීමට සිදු වන්නේ 21 වැනි සියවසේ දෙවැනි දශකයේ මුල වන අතර පසුගාමී ධනවාදී ආසියාතික පරිධියේ යථාර්ථයකය යන පෙනුමින් විසුළුසහගත යැයි කෙනෙක් වටහා ගත හැකි ඇත්ත යථාර්ථයටයි. පසුගිය සියවස මුල රුසියානු තියුණුතර පන්ති සටන්වලින් හා තියුණුතර දේශපාලන අරගලවලින් චිත්තාවේගයන් සේම වාග් පාඨයන් ද උපුටා ගනු ලැබූ අතර ඔවුන් එම භූමිකාවට අනුරාගිකව ආවේශ වූවාක් බඳු වූ අතර ඔවුන්ගේ පොළොව වූයේ 21 වැනි සියවසේ ඇතුළතින් කඩා වැටුණු ලාංකේය සමාජයයි.

පෙරටුගාමීන් අරබයා සලකා බැලිය යුතු හා ඔවුන්ගේ විවේචනයන් නොසලකා හරින තවත් වැදගත් සාධකයක් වන්නේ ඔවුන්ගේ සමාජ පදනම් තවමත් ජවිපෙ සමාජ පදනම් ම බවයි. සිංහල භාෂී ග‍්‍රාමීය මූලයන් සහිත සමාජ පදනම් තුළ බහුජන පදනම් රැුක ගනිමින් ක‍්‍රම විරෝධී දේශපාලනයක් කිරීමේ අභිලාෂය ඔවුන් ගෙන යමින් සිටින දේශපාලන අන්තයත් වතුකරය, වන්නිය, නාගරික කම්කරුවන්, ග‍්‍රාමීය කම්කරුවන් වැනි ආර්ථිකව සූරා කෑමට ලක්වන හා අධිපති දේශපාලනයෙන් සංස්කෘතියෙන් ආන්තිකකරණය වූ බලවේගයන් කරා මාරු වීමෙන් විනා වෙනස් වනු ඇතැයි සිතීම උගහටය. මගේ වැටහීම වන්නේ ජවිපෙ සමාජ පදනම් රෙජීමය සිය පදනම් බවට පත් කරගන්නා අතර ඒ සඳහා වන්දිය ගෙවමින් සිටින්නේ වන්නිය, නාගරික හා ග‍්‍රාමීය සිංහල කම්කරුවන්, මැදපෙරදිග යන ගෘහ සේවිකාවන්, වතුකරය ආදීන් බවයි. මේ ලිපියේ අභිලාෂය ඉක්මවා යන්නක් වූ ඉහත අවබෝධය පෙරටුගාමීන් තේරුම් ගැනීමේ දී වැදගත් යැයි යන්න මාගේ අදහසයි.

  • පෙරටුගාමී ප‍්‍රශ්නය

පෙරටුගාමී ආගමනයට පෙර කොළඹ කෙන්ද්‍රීය රැුඩිකල් හා වාම ක‍්‍රියාධරයන් අතර සංවාද නිමිත්ත වූයේ සමාජ ප‍්‍රජාතන්ත‍්‍රවාදය වන අතර සමහරක් බටහිර තානාපති කාර්යාල හා රාජ්‍ය නොවන සංවිධාන මේ සඳහා මැදිහත් වෙමින් සිටි අතර බොහෝ වාම ක‍්‍රියාකාරී අපේක්ෂා භංගයට හා උදාසීන භාවයට පත් වෙමින් පැවතුණු අතර පෙරටුගාමීන්ගේ ආගමනය ඔවුන් හට ජීවයකින් පුබුදාලූවේය යන්න නොරහසකි.

ජවිපෙ සිට වමට හැරීම වමේ මූලධර්ම පවා අමතකව සිටි බලවේගයන්ට අනවශ්‍ය වූ අතර සමහරක් වම්මුන් පෙරටුගාමීන් සමඟ ධනාත්මක සම්බන්ධයක් ගොඩනඟා ගනිමින් වැඩෙන දේශපාලන ක‍්‍රියාදාමයක් ගොඩනැඟුණි. ඒ අතරම සමහර වාමාංශිකයන් ජාතික ප‍්‍රශ්නය මිම්මක් ලෙස ගෙන පෙරටුගාමීන් විනිශ්චය කරනු දක්නට ලැබිණි.

පෙරටුගාමීන්ගේ ජාතික ප‍්‍රශ්නය අරබයා වන සීමාවන් තීරණය කෙරෙන ප‍්‍රධාන සාධකය නායකයන්ගේ හිස් ගෙඩි තුළ නොව පක්ෂයේ සමාජ පදනම් තුළ වන බව මාගේ වැටහීමයි.

පෙරටුගාමී සමාජවාදී පක්ෂය අරබයා වඩාත් නිෂේධාත්මක ආකල්පයක් මුල සිටම දරනු ලැබූයේ ශ‍්‍රී ලංකා පෙරටුගාමී පක්ෂයයි. සමාජවාදී සමානතා පක්ෂය ද එය අරබයා විවේචක ස්ථාවරයක් දැරුවේය. ශ‍්‍රී ලංකා පෙරටුගාමී පක්ෂය, එය පෙරටුගාමී පක්ෂය නම් කිරීමටත් පෙර සිටම නිෂේධාත්මක ආකල්පයක් දැරූ බව අමතක කළ යුතු නැත. එය හුදෙක් ‘පෙරටුගාමී’ නම ඈඳාගැනීම පිළිබ`ද ප‍්‍රශ්නයට ඌනනය කිරීමට වඩා සංකීර්ණ යයි මගේ හැ`ගීමයි. නිදහසේ වේදිකාවේ දේශපාලනය හා ජන අරගල ව්‍යාපාරයේ දේශපාලන තර්කයත් අතර වෙනස හඳුනා ගතයුතු බව මතක් කරමින් ඒ කතාව එතැනින් දැනට නිමා කළ හැකිය.

පෙරටුගාමී සමාජවාදී පක්ෂය ලංකාව තුළ තියුණුතම අර්බුදයකට හා අභියෝගයකට මුහුණ දෙන පක්ෂයක් බව අවිවාදිතය. ඔවුන්ගේ සීමාවන් බොහෝ වන අතර ඔවුන්ට තරම් වෙනත් කිසිදු වාම පක්ෂයකට නොමැති විවාදයන් ද ඇත්තේය.

සිංහල ග‍්‍රාමීය සුළු ධනේශ්වරයෙන් පැමිණෙන නියෝජිතයකු මේ මොහොතේ පන්ති දේශපාලනය හෝ බහුජන පදනම් හෝ අතාර්කික යයි තර්ක කරන පරිද්දෙන්ම දේශපාලන සවිඥානත්වයක් සහිත කම්කරු පාන්තික මූලයන් සහිත සමාජ ජයග‍්‍රහණයන් විශ්වාස කරන්නකු තර්ක කරනු ඇත්තේ තමන් ස`දහා වන දේශපාලනයක් ස`දහා පවතින ඉඩකඩ ගැනය. වන්නියේ ජීවිතය, වතුකරයේ ජීවිතය දේශපාලනිකව ප‍්‍රකාශයට පත් කිරීමට ඉඩකඩක් තිබිය යුතු යයි තවත් කෙනකු තර්ක කරනු ඇත. දහසක් මත ගැටෙන දහසක් මල් පිපෙන ක‍්‍රියාදාමය මෙවැන්නකැයි මම විශ්වාස කරමි. පසුගාමී ආසියාතික රටක සිංහල භාෂීය ක‍්‍රියාකාරිකයන් පිරිසකට මෙය ජය ගනු හැකි වේද යන්න ගැන ඇති වෙන සැක සංකාවන් ජනිත විය හැකිමුත් එම`ගින් එළඹෙන නිගමනයන් පෙරටුගාමීන් වෙත බල කරනු ලබන්නේ ගෙදර යෑමට නම් ඒ පිළිබද ඇත්තේ ඔවුන් ගෙදර නොයන බවට ඇත්තේ සුබවාදයකි. එයට උත්තර දිය යුත්තේ පෙරටුගාමී පක්ෂ සාමාජිකත්වයයි.

  • විනිසුරුගේ පරිහාසය

පැය කිහිපයක් තුළ පෙළගස්වන මේ හදිසි ලිපිය තුළ මට අවධාරණය කිරීමට අවශ්‍ය පෙරටුගාමීන් විනිශ්චයට හදිසියේ කැසකවන අය විසින් අමතක කරනු ලබන හා පෙරටුගාමී සාමාජිකයන් හා නායකයන්ම පවා පටලවා ගනු ලබන ප‍්‍රධානතම කරුණ නම් පෙරටුගාමීන් විනිශ්චය කළ යුතු සන්දර්භය වනාහි ජවිපෙ වන බවයි. එය ජනිත එහි සීමාවන් සලකුණු කරන සිතිජය සිංහල භාෂීය ග‍්‍රාමීය මූලයක් බවයි. එය පසුගිය මැයි දිනය තුළ ජවිපෙ සංදර්ශනාත්මකව තහවුරු වීමත් පෙරටුගාමීන් සංකේතාත්මකව ම ජවිපෙන් වෙනස්ව තම පදනම් තහවුරු කරගැනීමේ මොහොත දක්වාම වලංගු යයි සිතාවි. එසේ නොමැතිව පරිකල්පිත හෝ මනෝරාජික වමකට සාපේක්ෂව පෙරටුගාමීන් විනිශ්චයට, විවේචනයට, පරිහානියට ලක් කිරීම මා තේරුම් ගන්නේ විකාරයක් ලෙසටය. ක‍්‍රියාකාරී සජීවී ගතික දේශපාලන ව්‍යාපාරයක් අරබයා මගේ මේ දළ රළු වචන යැයි ඔබට සිතීමට ඉඩ ඇති රාමුගත කිරීම මගේ අවබෝධයයි. පෙරටුගාමීන් සිය උපතේ සිටම වමට ගමන් අරඹා තිබූ බව සත්‍යයක් වන්නා සේම එය ජවිපෙට සාපේක්ෂ වමක් යන්න මගේ වටහා ගැනීමයි.

පෙරටුගාමීන් ආරක්ෂා කරගැනීම සදහාත් පෝෂණය කරගැනීමේ අවශ්‍යතාවත් ඒ තුළ වන සීමාවන් සේම විභවයන් ද තේරුම් කරගත්තේ මෙම පැහැදිලි කරගැනීම තුළයි. පෙරටුගාමීන් දැන් වාම පක්ෂවලට උරුම සියලූ සාධනීය හා නිෂේධනීය සංඝටකවල සංකීර්ණ අභිමුඛ වීමකට මුහුණ දෙනු ලබමින් සිටී. වමේ සිට පන්ති දේශපාලන, පන්ති දෘෂ්ටිකෝණයට මාරු වීම හා සංයුක්තව මේ මොහොත තුළ සැබෑ නිර්ධනීන් කරා, ඔවුන්ගේ දෘෂ්ටිකෝණය කරා මාරු වීම හැර පෙරටුගාමීන්ට සේම ලංකාවට ද ගැලවීමේ මාවතක් ඇතැයි මම විශ්වාස නොකරමි.

නිසල්ගේ ලිපිය ගැන අවසන් වශයෙන් කීමට ඇත්තේ එය ලිවීමට නිසල්ට ඔහුටම ආවේණික ආත්මීය හා අනුභූතික කාරණා පැවතීම මා
පිළිගන්නා අතර නිසල්ගේ ලිපිය භාවිත කර පෙරටුගාමීන් පරිහාසයට ලක් කිරීමේ කාලකණ්ණි ප‍්‍රයත්නයට මගේ ඇති විරෝධය පළ කිරීමේ අභිලාෂය තුළ පමණක් මේ ලිපිය තුළ මා මතු කරන කාරණා සැලකිල්ලට ගන්නා ලෙසයිි. පරිකල්පන ක්ෂේත‍්‍රය තුළ අපට හො`ද දේවල් අතර වඩා හොද දේවල් තේරිය හැකි මුත් යථාර්ථ ක්ෂේත‍්‍රයේ දී අපට තෝරන්නට ඇත්තේ නරක දේවල් අතර අඩුවෙන් නරක දේවල් බව මගේ වැටහීමයි.

සුගත් වික‍්‍රමසිංහ